PAGE NO - 19

648 122 6
                                    


සූහී...


මට දැනුනේ මන් ආයෙත් ජීවිත් වෙනවා වගේ.. එයාගේ ආදරය මාව ජීවිත් කරවනවා. ජන්ග්කුක්-ෂීට කතා කරලා ඉවර උනාට පස්සේ අපි දෙන්නා යන්න ලෑස්ති උනා. මන් මගේ මේසේ උඩ තිබුන කොණ්ඩ කට්ට ගහන්කොට ටේහයුන්ග්-ෂි ඇවිත් මාව පිටිපස්සේන් බදාගත්තා.

"සූහී... මේ චිත්‍රය ඇන්දේ කව්ද?"

මන් ටේහයුන්ග්-ෂි සයින් ගග ගාව හිටපු විදිය මතක් කරලා ඇදපු චිත්‍රය එයා දැකලා.

"මොකෝ සද්ද නැත්තේ"

"ඇන්දේ මම .... අනේ මට සමාවෙන්න ඔයාගෙන් අහන්නේ නැතුව ඇන්දට.. මට ඔයාගේ පින්තූර ගන්න අවසර නෑනෙ. ඒ නිසයි මන් ඇන්දේ"

"මොකක් බලාගෙනද ඇන්දේ"

තාමත් මගේ උරහිසට මූණ තියාගන මාව එයාට ලන් කරගෙන එයා ප්‍රශ්න අහනවා. මන් වැරැද්දක් වත් කරලද.

"මතකෙන් ඇන්දේ"

"ඔයාට මතකෙන් මූණක් අදින්න පුළුවන් ද සූහී?? "

"අනී මට මතක ඔයාගේ මූණ විතරයි"

"කෝ මෙහෙ හැරෙන්න"
එහෙම කියලා එයා මාව එයාගේ පැත්තට හරව ගත්තා.

"මැණික ඔයා මට එච්චර ආදරෙයිද? ම්ම්ම්..."

"ගොඩක්.. මන් ගොඩක් ආදරෙයි ඔයාට.. චොන්මල් සරන්හෙයො"

"නාදු චොන්මල් සරන්හෙයො" එහෙම කියලා මගේ නලලට එයා හරිම මෘදුව හාදුවක් තියලා එයාට මාව තුරුල් කරගත්තා.

හැම මොහොතකම එයාගේ ආදරය මට දැනුනා. අම්මේ තාත්තේ ඔයාලා දන්නවද මන් අද සතුටින් ඉන්නේ.. ඒ මේ ආදරය මේ රැකවරණය නිසා. මට දැන් ජීවිත් වෙන්න ආසයි. එයාගේ වෙන්න ආසයි. හැමදාමත් එයා වෙනුවෙන් ඉන්න ආසයි. අපේ ආදරය හැමදාමත් මේ විදියට තියෙන්න අපිට ආශිර්වාද කරන්න.. එයාගේ පපුවට හේත්තු වෙලා මන් එහෙම හිතුවේ මට අපේ ආදරය ආරක්ෂා කරගන්න තිබුණ උවමනාවක්.

"පැටියෝ.. මන් ජන්ග්කුක් එක්ක අංකල් ගේ ගෙදරට යන්නම්... එහෙන් මන් හයොන්ග් බලන්න එන්නම්.. මට හයොන්ග්ට මූණ පෙන්නන්න එන්න බැරි වෙයි.. ඒත් මන් ඔයාට පොරොන්දු වෙනවා ඉක්මනට හයොන්ග්ට මන් කියනවා මන් ඔයාගේ කවුද කියලා. හොදද??"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now