PAGE NO - 08

808 153 7
                                    


ටේහයුන්ග්...

ඒ සුමුදු ස්පර්ශය මාව නිකන්ම එයාට අවනත කරගත්තා කියලා මට හිතුනා.

"ටේහයොන්ග්-ෂි"

"සූහී ඔව් කියන්න"

"මම මේක කියන්න හිතේ තියාගෙන හිටියේ ගොඩක් දවසක ඉදන්"

ඔව් එයා තාමත් මගේ අතින් අල්ලගන චූටි ලමයෙක් වගේ මම දිහා බලාගෙන කතා කලේ. ඒ හුරතලේට මට එයාට තවත් ආදරය හිතෙන එක විතරයි උනේ. ඒත් ජන්ග්කුක් ඇතුලේ ඉදන් මම එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ. එයාට සූහී ගාවට එන්න.

"ඉක්මනට කියන්න සූහී"

මම එහෙම කිව්වේ කාමරය දිහා බලන ගමන්.

"ඔව් මාත් කැමති මේ හැමදේම ඔයාට ඉක්මනට කියනවනම්"

සූහී මොකක්ද කරන්න හදන්නේ කියලා මට හිතාගන්න බැරුව හිටියේ.

"සූහී ඔයාට මොනවා හරි ඕනද?"

මම එහෙම ඇහුවේ එයාට මොනවා හරි දෙයක් ඕන නිසාද මෙහෙම අහන්නේ කියලා දැනගන්න.

"ඔව් ඕන.. මට තවත් මෙහෙම ඉන්න බෑ. මම දන්නවා ඔයා idol කෙනෙක්. ඔයාට කෙනෙක්ට ආදරය කරන එක ලේසි නෑ. ඒත් මම දන්නවා ඔයගේ ඇස් මට ඒක හැමදාම කිව්වා"

"සූහී ඔයා මොනවද මේ කියන්නේ"

"මම ඔයාට ආදරය කරනවා ටේහයුන්ග්-ෂි. ඔයා මගේ ජීවිතයට ආව දවසේ ඉදන් මගේ හිතේ ඉපදුන අලුත් බලාපොරොත්තුව ඔයා. මන් අඩන වෙලාවට ඔයාගේ අතින් මගේ කදුලු පිහදාද්දි මට දැනුනා මට ඔයා තරම් කව්රුත් ආදරය කරන්නේ නැති බව. හැම මොහොතකම මගේ හිත හෙව්වේ ඔයාව. මම දන්නවා ඔයාට යූරා මැඩම් කසාද බදින්න වෙනවා කියන්න. මට ඔයාට ආදරය කරන්න විතරක් අවසර දෙන්න. ඔයාගේ ආදරය රැකවරණය විදින්න දෙන්න.."

සූහී කියාගන කියාගන ගියපු හැම වචනයක්ම මම වෙනුවෙන් එයාගේ හිතේ තියෙන ආදරය විස්තර කලා. එත් මේ කිසිම දෙයක් මම හීනෙකින්වත් බලාපොරොත්තු උන දේවල් නෙමේ. මම හිටියේ මම ජීවිත් වෙන්නේ හීනෙකවත්ද කියලා සැකයකින්. එයා මට ආදරය කරනවා කියලා කිව්වඒ දේ අහපුවම මට ලොකු සතුටක් දැනුනත් ඒකට අවසරයක් තිබුණද කියලා මම හිටියේ දෙගිඩියාවෙන්. එයා ඉල්ලුවේ ආදරය විතරයි.. එයා සදාකාලික අවසානයක් ගැන ඒ කිසිම තැනක කිව්වේ නෑ.. ඒ මොහොතෙදිත් එයා මාව තේරුම් ගත්තා.. පුංචි ම දේටත් බය සූහී මට ආදරය දෙද්දී ඒ හැම බයක්ම අමතක කලා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now