PAGE NO - 32

555 115 14
                                    


🌸🌸🌸🌸🌸 ටේහයුන්ග් 🌸🌸🌸🌸🌸

කොහොම හරි ජිමින්වත් යන්න කැමති කරවගත්තේ ජන්ග්කුක්.. ශීනු නම් dorm එකේ ඉදන්ම මගේ අත අල්ලගන හිටියේ..

" මන් යන්නේ ටේහයුන්ග් එක්ක.."

" මායි ජිමින් හයොන්ග් එන්නම් එහෙනම්.."

එහෙම කියලා අපි වාහන වලට නැග්ගා.. ජිමින් මාත් එක්කත් කතා කලේ නෑ.. මේ යන විදියට අන්තිමට මගේ යාලුවත් නැති වෙයිද කියලා මන් බයේ හිටියේ..

" ටේහයුන්ග් හදිසියේම මොකද ඉල්සාන් යන්නේ.."
මන් drive කරද්දී ශීනු හදිසියේම එහෙම ඇහුවා..

" අහ්.. ඒකට හේතු දෙකක් තියනවා .. "

" මොකක්ද ඒ.."

" එකක් මාස ගානකින් මන් සූහී බලන්න ගියේ නෑ.. එයා තනියම හයොන්ග් ගේ වැඩත් කරගෙනනේ ඉන්නේ.. පහුගිය ටිකේ කතා කලෙත් දුකෙන් මන් ආවේ නැති එකට.. එන්න කියලා නොකිව්වට එයාට මන් නැති උනාම පාලුයි.. "

" හරි එතකොට දෙවෙනි කාරණාව.."

" ඒක තමා වැදගත්ම දේ.. මන් එයාට propose  කරනවා අද.. එයා ගොඩක් කල් මන් වෙනුවෙන් බලාගන හිටියා ශීනු.. තවත් එයාට බලාගන ඉන්න දෙන්න බෑ.. ඉක්මනට එයාව මගේ ලගට ගන්නම ඕන.."

" සූහී හරිම වාසනාවන්තයි.. ඔයා එයාට කොච්චර ආදරෙයිද.."

" මන් වාසනාවන්තයි ශීනූ.. ඒ ආදරය මහ පුදුම ආදරයක්.. කවදාවත් මගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ .. ඒත් එක දවසක් එයා මගෙන් ඉල්ලුවා එයාව දාලා යන්න එපා කියලා.. කවදාවත් එයා එහෙම කියලා නෑ.. දන්නවද එයා මට එයාව දාලා යන්න එපා කියනකන් මන් ඇඟිලි ගැන්නා.. එයා ඒ තරම් මන් ගැන හිතුවා.. "

" ඒකට ජිමින් "

" ශීනු එයා ඔයාට ආදරෙයි. ඔයා ඒක දන්නවා.."

" ඔව් මන් දන්නවා ඒත් ඔයාලා තරම් අපි අපිව තේරුම් අරන් නෑ.. එකයි මෙහෙම වෙන්නේ.. මටත් වැඩිය ජිමින්.. හැමවෙලේම එයා ඉන්නේ එයා හරි කියන මතේ.. ඒත් මට එයාව ගොඩක් මතක් වෙනවා.. "

" හැමදේම හරි යයි ශීනු "

" මෙන්න msg එකක් එවලා.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now