PAGE NO - 03

980 183 9
                                    

සූහී....

සෙනසුරාදා ඉරිදා දවස් දෙකම ගෙවුනේ ඔප්පට video call අරගෙනමයි. ඒත් මම එයාව ඒකට පුරුදු කලොත් එයා හැමදාමත් මේක බලාපොරොත්තු වෙයි කියලා අජුම්මා කිව්වට පස්සෙයි මට තේරුනේ මම ඔප්පට මම නැතුව ඉන්න පුරුදු කරන්න ඕන කියලා. සදුදා උදේ 8 වෙද්දී එන්න කියලා තිබුණා මොකද මම එක්ක අලුතින් ආපු අනිත් ලමයටයි මටයි දෙන්නටම පලවෙනි දවසේ staff එක ගැන , මේ company එක ගැන වගේම තව පොඩි training එක්කුත් දෙනවා කියලා කිව්වා. මම කිව්ව වෙලාවටම ගියා. ඒත් අනිත් ලමයා නම් ඇවිත් හිටියේ නෑ.

"හලෝ සූහී මම මින්, ඔයා එනවා කියලා මට මැඩම් කියලා තිබුණා ඒ උනාට ඔයා එක්ක අලුතින් ආපු අනිත් ලමයා තාම නෑනේ. එයත් ආපු ගමන් අපි training එක පටන් ගමු. එතකල් මම ඔයාට මෙ company එක ගැන දේවල් ඔයාට කියලා දෙන්නම්"

"අනේ මින්-ෂි ඒත් මා එක්ක අලුතින් ආපු කෙනා නැතුව මම තනියම ඒ දේවල් දැනගන්න එක හොද නෑනේ නේද?"

එතකොටම ඒයා නිකන් සමච්චලයට වගේ හිනා උනා.

"එයා මට වැඩිය දේවල් දන්නවා ඇති. අනිත් එක සූහී මට මින් විතරක් කියලා කතා කරන්න. ඒ වගේම මෙතන කාවවත් විශ්වාස කරන්න එපා. ඒක තමා මට ඔයාට දෙන්න තියෙන පලවෙනි advice එක. මේක සුන්දර පිටින් විතරයි තමන්ට පැවරෙන වැඩේ කරලා ඔයා පාඩුවේ ඉන්න. කාටවත් අවනත බව පෙන්නන්න එපා. එහෙම උනොත් ඔයාව පාවිච්චි කරයි. මේකේ ඉන්න ලොකු ලොකු මිනිස්සු එයාලගේ වැඩේ කරගන්න පාවිච්චි කරන්නේ අපි වගේ අහිංසක සේවකයෝ. හොද මිනිස්සු ඉන්නවා. ඒත් පරිස්සමෙන්"

ඒ දේවල් ගොඩක් බැරෑරුම් බව තේරුනේ එයාගෙ මූනෙන්. එතන තිබුණේ කලකිරීමෙන් පිරුනු මූනක්. මම ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.

"සූහී මම දෙයක් කියන්නද?"

"ම්ම් ඔව් කියන්න මින්-ෂි"

මම එහෙම කියලා හිනා උනා.

"මේකයි.. ඔයා මොනවා හිතයිද කියන්න මම දන්නේ නෑ. ඒත් මේක නොකියාම බෑ. ඇත්තටම ඔයා ගොඩක් ලස්සන කෙනෙක්. ඔයා හිනා වෙද්දී ඔයාව දිලිසෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඉන්න. එච්චරයි මට කියන්න ඕන උනේ. මම ගැන වැරදියට හිතන්න එපා. Please"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now