අපේ කතාවෙ පහළොස් වන කොටස​...💕

28 10 4
                                    


ජිමින් වාහනේට නගින්න යනකොටම බතලය කියවන්න ගත්තා."හහ් උබලා හිතන් ඉන්නෙ මහලොකු වැඩ කාරයො කියලනෙ මුන් ද්න්නව බේර ගත්තම ඔක්කොම හරිනෙ.ඇතුලෙ ඉන්න පොඩි එකා කන්න බොන්න නැතුව මහ රෑ කරුවලේ බයටම පර ලෝකෙට යයි."

"තමුං මොනාද කියවන්නෙ ආ බයටම පිස්සු හැදිලද​?"ජිමින් ට ටිකක් කේන්තිත් ගිහින්.

"පිස්සු තමයි.තමුං හිතුවද මං එසේ මෙසේ කිඩ්නැප් කාරයෙක් කියල​?තමුං දන්නෙ නැති උනාට මම කිඩ්නැප් කරපු පොඩි එකෙක් ඉන්නව මේක ඇතුලෙ ඌට දැන් සිහියත් නැතුව ඇති කිරිසප්පයනෙ.හහ්.අපරාදෙ ඒ සල්ලි ටික ගන්නත් බැරි උනා."

බතලය ඒ කිව්වෙ අමූලික බොරුවක්.මොකක් හරි පහත් දෙයක් හිතේ තියාගෙන තමයි බොරු කියන්නෙ.

ඒත් ජිමින් ආපහු හැරුනා.

"ජිමින ආපහු එනව ඕක අස්සෙ ඇති පොඩි එකෙක් නැතුව ඇති මේ යකා ඔයාව ඕක ඇතුලට යවාගන්න බොරු කියනව ඇත්තෙ මෙන්න මෙහෙ එනවකෝ."වී එහෙම කිව්වත් ජිමින් ආවෙ නෑ."මට හිතුන ටෙ ටේ එහෙමත්. ඒ උනාට නිකම් හිතන්න ඇත්තටම මේක ඇතුලෙ පොඩි දරුවෙක් ඉන්නවනම් එයාගෙ ජීවිතේ බේර ගන්න ඕනෙ නේද ආ...ඇත්තද බොරුද දන්නෑනෙ ගිහින්ම බලනව නොහිටියොත් ආපහු එනව හිටියොත් බේරගන්නවා."

"හරි යං මාත් එන්නම්"

ජිමින් වෙනුවෙන් වී වාහනෙන් බැහැල එන්නයි හැදුවෙ."ඒහ් පිස්සො මට මොකුත් වෙන්නෙ නෑ බය නොවී යනවකො.ඔයා ආවොත් කව්ද වාහනේ ගෙනියන්නෙ ආඅර ඩබලව අත ඇරල කුකි යන්නද ආ? ඒ ලමයව බේරන් එනකන් මෙතනට වෙලා ඉදල අර දෙන්නගෙ ජීවිත අනතුරේ දාන්න බෑනෙ යන්න ඉක්මනට​"

වී ආපහු වාහනෙන් ඉදගන කලින් කුකිය පැන්නා"අනේ ජිමී තනියෙම් යන්න එපා මන් එන්නද​"

"එපා කුකී ඔයා අවොත් හීඔ කොහොමද අර දෙන්නත් එක්ක මෙ දෙන්නව හැන්ඩ්ල් කරන්නෙ ආ ඒ නිසා යන්න ඔයා."හීඔත් හොදටම බය වෙලා හිටියෙ ජිම්න්ව තනියම යවන්න​.ඒත් මේ වෙලාවෙ අනිත් දෙන්නට කිව්ව වගේ ජිමින් තමන් ටත් එන්න එපා කියයි කියල හීඔ සද්ද නැතුව හිටිය වෙලාව එනකම්.

"කට්තියම පරිස්සමින් යන්න​. හීඔ බලාගෙන හොදද ආ..."

ජිමින් යන්න හැරුනු ගමන් වී වාහනේ ස්ටාට් කරා.ජිමින් යනකන් හිටපු හීඔ වාහනේ යන්න හදද්දිම වීට වත් නොකිය කුකියට ඇහැකුත් ගහල වාහනෙන් පැන්නා."හීඔ ඔන්නී... "කුකී එහෙම කිව්ව විතරයි.කමක් නෑ ජිමින් එක්කනෙ ඉන්නෙ දෙන්නටම හොදයිනෙ තනියම යනවට වඩා කියල හිතල නිකන් හිටියා.වී නම් ඒක දැනගත්තෙ ටික දුරක් ගියාටත් පස්සෙ හීඔ සද්ද නැත්තෙ මොකද බලනකොට​... මරු ඔප්පලා...

LOVE FOR LIFE💕💕Kde žijí příběhy. Začni objevovat