අපේ කතාවෙ සිව්වන කොටස​....💕

84 18 31
                                    


එන්න ඕන වෙලාවටත් කලින් මිනු හොස්පිට්ල් එකට ආවා.එයා ගොඩාක් බය වෙලා ඉන්නෙ හිතා ගන්න පුලුවන්නෙ ඉතින් මිනුගෙයි හීඔගෙයි බැදීම​.

මිනු ටිකක් වෙලා බලන් ඉන්නකොට අපේ කට්ටියගෙ වාහනේ ආවා. මිනු එතනට ගියෙ කෝල් කරපු වෙලාවෙ ජිමින් වාහනේ නම්බ​(ර්) එක ඔයාට කියල තිබුනු නිසා.

"ඔයාලගෙ වාහනේ ඉස්සරහටද එයා ආවෙ? එයට මොකද උනේ? ඔයාල දැක්කෙ නැද්ද​? කවුද එයාව හැප්පුවෙ? අනේ මගෙ හීඔ ට ප්‍රශ්නයක් නෑ නේද​?"

මිනු නම් තනිකරම ප්‍රශ්න පත්තරයක් අනේ.🙁

"ආ ඔයා වෙන්න ඕනෙ මිනු. මන් හිතන්නෙ දැන් නම් එයාට ප්‍රශ්නයක් නෑ. අපි දන්නෙත් නෑ මොකක්ද උනේ කියල අපිත් ගමනක් යන ගමන් හිටියෙ මේක උනට පස්සෙ අපි ගිය ගමනත් නවත්තල එයාව අරන් ආව​."

ජිමින් එහෙම කිව්වෙ තොප්පිය වත් මාස් එක වත් ගලවන්නෙ නැතුව .කට්ටියම එහෙම හිටපු නිසා මිනු එයාල ව අදුර ගත්තෙ නෑ.

"අනේ ඔයාලට මන් කොහොම ස්තූති කරන්නද මන් දා මගෙ හීඔව බේර ගත්තට​. ගොඩාක් තෑන්ක්ස් ආ.අපි යමුද එයාව බලන්න ".....

හීඔ සිහිය ආවට පස්සෙ කිසි දෙයක් හිතාගන්න බැරුව බලන් හිටියා. පස්සෙ තමයි මතක් උනේ."අයියෝ මිනු හොදටම බය වෙලා ඇති කෝල් එකක් අරන් කියන්න ඕනෙ... අනේ මගෙ ෆෝන් එක​?"

ඔයා ෆෝන් එක හොයනකොට තමයි අට දෙනත් එක්ක මේ ඔයා ලගට ආවෙ.

"අනේ මගෙ රත්තරන් ඔයා මොකද්ද මේ කරගත්තෙ පාරෙ යනකොට කල්පනාවෙන් යන්න ඕනෙනෙ. මගෙයි වරද ආපහුනම් මොනතරම් වැඩ තිබුනත් ඔයාව තනියම යවන්නෙ නෑ මං😥."මිනු එහෙම කියල හීඔ ව බදා ගත්තා.

"හරි මිනු මට අමාරුවක් දැනෙන්නෙ නෑ බය වෙන්න එපා මං හොදින්. අඩන්න එපා අනේ"එහෙම කිව්වට මෙන්න හීඔ ටත් ඇඩෙනව කාත් කවුරුත් නැති උනාට මෙච්චර ආදරේ කරන යාලුවෙක් ඉන්නව නේද කියල හිතිලා.

අම්මෝ මෙන්න කොල්ලො ටිකත් ඉමෝෂනල් වෙලා අප්පා.. බේබි කුකියත් අදන්න ලං වෙලා වගේ. කට්ටිය නිකං කේ ඩ්‍රාම එකක් වගේ බලන් ඉන්නවා.

LOVE FOR LIFE💕💕Where stories live. Discover now