අපේ කතාවෙ පස්වන කොටස​...💕💕

77 18 20
                                    


ඔහොම ඉතින් ටික දවසක් හීඔට ඉන්න උනා සනීප වෙනකන්ම. හැම වෙලාවකම මිනුයි අපේ යාලුවො ටිකයි ආවා හීඔ ව බලන්න.

දැන් නම් එදා මිනු ට තිබුනු අදහගන්න බැරි ගතිය නැති වෙලා. මොකද ඉතින් එයාල එක්ක ගොඩක් කතා කරනවනෙ.ඕනම දේක හිතාගන්න බැරි තරම් සතුටක් හරි දුකක් හරි තියන්නෙ ඒ සිද්ධිය උනු වෙලාවෙ විතරයි කාලයත් එක්ක සාමාන්‍ය වෙනව​. මිනුටත් දැන් එයාල එක්ක කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙලා.

හීඔට නම් ඉතින් ඒක කොහොමත් ලොකු දෙයක් නෙවේ. මොකද එයා ගෙවන්නෙ ටිකක් පාළු ජීවිතයක්.(හැබැයි ඉතින් ඒක ළගදිම වෙනස් වෙන්නයි යන්නෙ.🤭)

හීඔ බීටීඑස් ල ගැන අහල හරි තියන්නෙ මිනු කට ඇරියොත් බීටීඑස් නිසා. සමහර වෙලාවට මිනු බලෙන්ම එයාලගෙ වීඩියෝ පෙන්නනව හීඔට​.ආමිලගෙ හැටිනෙ ඉතින්. ඒත් දැන් නම් හීඔ එයලට ගොඩක් ලගයි. හරිම හොදින් එයාල එක්ක කතා කරනව එයාගෙ ජීවිතේ බේර ගත්තනෙ ඉතින්.

හීඔ අද තමයි ගෙදර ආවෙ ගොඩ දවසකින් පස්සෙ. මිනු හීඔ එක්කන් ගෙදර යන්නයි හැදුවෙ යාලුවො හත් දෙනාට බායි කියල එහෙම. ඒත් ජිමින්ට ඕන උනා එයාලගෙ ගෙදර තියන තැන දැනගන්න​. අනේ මංද මොනව වෙලාද කියල​.

"අනේ ප්ලීස් ජූන් යමුකො යමුකෝ"

"අනේ මේ ගෙදර යං ජිමිනො නිදා ගන්නෙ නැද්ද අපි ආ?"මේ සූගා එක්ක නම් ....

" අනේ ඉතින් එයාල අපේ හොද යාලුවො නේද අපිත් යමුකො.ඉක්මනට එමු ගිහින් හා නේ?"

ජිමින්ට ඉතින් බැරි මොනවද ඔය යන්නෙ කට්ටිය ගානට​.

"මටනම් හිතෙන්නෙ කුකියො එන පොට හොද නෑ.මට හිතෙන දේ මයි නේද ඔයාටත් හිතෙන්නෙ?"වී අහනකොට කුකී හිනා උනේ එයාව අනුමත කරල​.

"අම්මෝ ගෙදර දකිද්දිත් දැනෙන සතුට​..."හීඔ කියද්දි මිනුත් ඔලුව වැනුව ."අපෝ මං මෙච්චර දවස් මේ ගෙදර හිටියෙ අගහරු ලෝකෙ ඉන්නව කියල හිතාගෙන ඒ තරම් පාලුයි"

"දෙන්නට දෙන්න හරි ආදරෙයි නේ."හොබියටත් තියන ප්‍රශ්න තමයි

මිනුගෙ කටත් දන්නවනෙ ඉතින්"ආ අපි දන්නවනෙ ඔයාල හත් දෙනත් යාලුවො උනාට සහෝදරයො වගේ ඉන්න විදිහ අපිත් එහෙම තමා හරිද​... හීඔ තමයි මගෙ හැම දේම​"

LOVE FOR LIFE💕💕Where stories live. Discover now