අපේ කතාවෙ තුන්වෙනි කොටස​...💕💕

89 19 15
                                    


"බලන් ඉදල බෑ.අපි යමු"

මෙන්න ජිමින්‍ෂි හීඔ වත් උස්සගෙන වාහනේට නැග්ගා."ඉක්මන් කරන්න පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් යමු"

අනේ පව් කට්ටිය කොච්චර දවසකට පස්සෙද නිදහසේ ඉන්න හිතාගෙන ආවෙ ඒත් ඉතින් මේ ඔයාට වෙච්ච දේ නිසා ඒකත් නැති උනා එයාලට​. එයාලගෙ කිසිම වරදක් නැති උනත් කරදරයක් උනු කෙනෙක් වෙනුවෙන් මෙහෙම කැප කරන්න තරම් එයාලට තියන්නෙ කොච්චර හොද හදවත් ද කියල හිතන්නකො.

හත් දෙනාම ගොඩක් කලබල වෙලා. ඒ උනට ජිමින් නම් ටිකක් වැඩිපුර කලබල වෙලා වගේ."අනේ මන්ද මොකද්ද උනේ කියල අපි ගොඩක් හිමින් නෙ ගියෙ නේද? "වී එහෙම ඇහුවෙ මේ අනතුර එයාල නිසා උනා කියල හිතලද කොහෙද​.

"ඔව් අපි නම් හිමින් තමයි ගියෙ ඒ ග(ර්)ල් කොහෙන් ආවද දන්නෙ නෑ මොනව උනත් එයා කොහෙ හරි ඉදන් ඇවිත් අපේ වාහනේ ඉස්සරහට වැටුනා."ජූන් එහෙම කිව්වෙ අනිත් අයගෙ බය අඩු කරන්නත් එක්ක​.

"හැබැයි එයා වැටෙන්න කලින් ලොකු ඇක්සිඩන්ට් එකක් නම් වෙලා තියනවා.නේද​?"හොබී කිව්ව දේට කුකීත් එකතු උනා"හ්ම්ම් පේනවනෙ ඩැමේජ් වෙලා තියන විදිහ හුගක් තුවාලයි"

"කවුරුහරි හප්පල දාල දැක්කෙ නෑ වගේ ගිහින් ද කොහෙද අපි ආවෙ නැත්තම් ඉතින් අර මිනිස්සු ටික තාම වටේට වෙලා බලන් ඉදියි. කාටවත් හිතුනෙ නෑනෙ මෙයාව බේර ගන්න​.මාර මිනිස්සු තමයි."

අම්මෝ සූගට කෙන්තිත් ගිහින් ඒ පාර.

"එයාට ගොඩක් අමාරුයි වගේ අපි ඉක්මන් කලොත් හොදයි."ජින් ඉතින් හැමෝගැනම හිතනවනෙ.

කට්ටියම මේවගේ දේවල් කිය කිය ආවත් ජිමින් නම් ඉස්පිරිතාලෙට එනකම්ම මොකුත් කතා කලේ නෑ.හීඔගෙ මූන දිහාම බලාගෙන හිටියා.

___ __ ___ ___ ___ ____ ____ __**

හීඔ ව ඩොක්ටස් ලට බාරදීල අපේ කට්ටිය බලන් හිටියා. හීඔ ව අදුරන්නෙ වත් නැති උනාට ජිමින් කී පාරක් නම් ප්‍රාර්තනා කලාද හීඔ වෙනුවෙන්."අනේ ඒ ග(ර්)ල් ට කිසිම දෙයක් වෙන්න එපා!"

LOVE FOR LIFE💕💕Where stories live. Discover now