අපේ කතාවෙ පළමු කොටස​... 💕

221 26 35
                                    


        "ඇත්තටම දකුණු කොරියාව හරිම ලස්සනයි තමයි." ඔයා මෙහෙම හිතන්නෙ උදේ පාන්දර ම ගෙදරින් එලියට ඇවිත් වට පිට බලන ගමන්. ඔයා කොරියාවට ඇවිල්ලා තාම සතියයි. ඒත් ඔයා මෙහෙට ගොඩාක් කැමතියි. මොකද මෙහෙ එන්න කලින් ඔයා ගෙවපු ජීවිතේතට ඔයා චුට්ටක් වත් කැමති නෑ. ඒනිසා මයි ඔයා මිනු එක්ක මෙහෙ ආවෙ. මිනු කියන්නෙ ඔයාගෙ හැම දේටම ඉන්න හොදම එකම යාලුවා. මෙහෙ එන්න ඔයාට උදව් කලෙත් මිනු ගෙ දෙමව්පියොම තමයි.

ඔයා ආපහු ගේ ඇතුලට ගියා. මිනු තාම නිදි . එයා දිහා බලාගෙන ඔයා කල්පනා කරන්න ගත්තා.' ඔයාගෙ අම්මයි තාත්තායි ඒ නපුරු සුනාමි රළ එක්කම ඈතට ගියාට පස්සෙ ඔයාගෙ නපුරු නැන්දයි මාමයි ඔයාගෙ දේපළ අයිති කරගෙන ඔයාගෙන් වහළෙක් ගෙන් වගේ වැඩ ගත්ත විදිහ​, අන්තිමට ඔයාගෙ අතින් මාමගෙ ෆොටෝ එකක් බිඳුනා කියලා කාත් කවුරුත් නොහිටපු ඔයාව හිතක් පපුවක් නැතුව ගෙයින් එලියට දාපු විදිහ 'ඒ ඔක්කොම අතරෙ ඔයා හිර වෙලා . "හොඳ වෙලවට ඒ දෙන්නට ළමයි නැත්තෙ. හිටියනම් එයාලටත් ඔහොම කරයි" ඔයාට එහෙමත් හිතෙනවා . ඒත් එහෙම නම් වෙන එකක් නෑ නේද​, මාමලාට ළමයි හිටියනම් හොදට සලකයි එයාලගෙ ළමයි නිසා ඉතිම්.

මේ හීනයක් වගේ අතීතයක ඔයා අතරමන් වෙලා ඉන්නකොට නිදාගෙන හිටපු මිනු නැගිටලා ඔයාව දැකල බය වෙලා.

"ඒයි හීඔ ගුඩ් මෝනින්. කොහෙද මේ උදේ පාන්දර හිතින් ට්‍රිප් එකක් ගියාද වෙන ලෝකෙක හිටියෙ"

ඔයා බය වෙලා කල්පනා ලෝකෙන් එලියට ආවෙ මිනුගෙ සද්දෙට​.ඔයා අද මෙහෙම හරි සතුටින් ඉන්නෙ මේ මිනු නිසයි. මේ ලොකෙ තනි උනු ඔයට ඉන්නෙ එයා විතරයි ඔයාගෙම සහෝදරියක් එයා නම් ගිය ආත්මෙක හරි.

"ආ මිනු ගුඩ් මෝනින් මන් මේ නිකන්......"

"නිකන්? ආපහු පරණ දේවල් මතක් කලා නේ? මන් ඔයාට කියල තියනවනෙ ඔය ගිය දේවල් හිත හිතා මේ මොහොත නාස්ති කරලා අනාගතෙත් හිස් කරගන්න එපා කියල ආ? ගිය දේවල් ගියාවෙ හීඔ අපි මේ මොහොතවල් හරියට ගෙවමු එතකොට අපිට ලස්සන හෙටක් හරි හම්බවෙයි ඕකේ?"

මිනු කියන ඒව ඇත්ත තමයි ඉතිම්.

"හරි හරි ඔයා ගිහින් ලෑස්ති වෙලා එන්න්කො අද අපි ටිකක් උදෙන්ම යමු කඩේට.අද ගොඩක් වැඩ තියනවනෙ"

LOVE FOR LIFE💕💕Where stories live. Discover now