අපේ කතාවෙ දෙවෙනි කොටස...💕​

125 21 38
                                    


           ඔන්න ඔයයි මිනුයි උදෙන්ම ලෑස්ති වෙලා ශොප් එකට ආවා.ඔයාල දෙන්නා එකතු වෙලා හරිම ආසාවෙන් තමයි මේක කරගෙන යන්නෙ.ඔයාලට තියන්නෙ ස්වීට් ශොප් එකක්. ඔයාල සල්ලි දීල අරන් විකුණන රස රස කෑම ජාති වගේම ඔයාල දෙන්නම හදපු කේක්,පැණිරස කෑම​,බීම වර්ග වගේ දේවල් තමයි මෙතන තියන්නෙ.

හැමදාම වගේ ශොප් එක පිරිසිදු කරල හැම දේකම සෞඛ‍‍යාරක්ශිත බව තහවුරු කරගෙන තමයි ඔයාල රස කැවිලි හදන්න පටන් ගන්නෙ.මොකද ඔයාල කස්ටමස් ලා ගැන හුගක් හිතනව.ආවට ගියාට වැඩ කරන්නෙ නෑ.

"ඔන්න හීඔ අපි අද වැඩ ටික දැන් පටන් ගමු"

"ඔව් ඔව් ඉන්න අර ඕඩර් එකෙන්ම පටන් ගමු නේ"

**********

මෙයල මෙහෙම සාමන්‍ය විදිහට දවස පටන් ගන්න යනකොට මේ සෝල් වලම තවත් පැත්තක තවත් දේවල් සිද්ද වෙනවා.

"අනේ කුකී තාම ඉවර නැද්ද අප්පා පරක්කු වෙනවා..."

"හරි හරි ජිමිනො ඉතින් වෙලා යනව තමයි. හරි දැන් යමු"

ඔන්න අපේ හත් දෙනා මේ දවස් වල මහන්සි වෙලා වැඩ කරල අද නිවාඩු දවසක් එයාලට . ඒ නිසා කට්ටියත් එක්කම ඇවිදින්න යන්නයි හදන්නෙ ඔය​.

"ආ අද එතකොට දවසම එළියෙන් නේද කන්න වෙන්නෙ. අනේ මන්ද ඔය කඩ කෑම නම්" ජින් එහෙම කියනකොට ජූන් ට නම් හිනාත් ගියා.

"හරි හරි ඒව පස්සෙ නෙ ඉක්මනට වාහනේට නගින්නකො කට්ටිය​"

බලන්න එපෑ වී ට තියන හදිස්සිය​.

"ඕ හෝ ඉන්න. මන් නගිනකන් ඉන්න මට නිදාගන්න පුලුවන් තැනක් ඕනෙ"

"මොකද්ද යුංගියො ඔයානම්..."හොබීට එහෙම කියවුනා එකපාරටම​.

"හරි හරි කොහෙද දැන් යන්නෙ අපී..."වීගෙ ප්‍රශ්නෙට කුකී නම් හොද උත්තරයක් දුන්නා "කොහෙ හරි කමක් නෑ හොදට විනෝද වෙන්න ඕනෙ හැබැයි."

මෙයාල මෙහෙම කියව කියව යනකොට අපේ හීඔ හදිස්සි වැඩකට කඩෙන් එලියට එනව​.ඕඩර් ගොඩක් තියන නිසා මිනු ශොප් එකෙම ඉන්නව . හීඔ තනියම තමයි එන්නෙ . හීඔ කියල කියන්නෙ ගොඩක් වෙලාවට කල්පනාවෙන් ඉන්න කෙනෙක් ඒත්මේ වැඩ අස්සෙ එයත් ටිකක් කලබල වෙලා .

"අයියෝ........."

එක පාරටම වැරදි විදිහට ආපු වාහනයක හීඔ ව හැප්පුනා.හීඔ කොච්චර කලබල වෙලා හිටියත් මේ අනතුරේ තනිකරම වරද අර වාහනේ ආපු කෙනාගෙ .එයත් හදිස්සියකට යන ගමන් ද කොහෙද හීඔට උනුදේ ගනන් ගන්නෙ වත් නැතුව ගියා. මොන හදිස්සිය තිබුනත් තමන් නිසා මේ වගේ දෙයක් උනාම ඔහොම යනවද නේද​?

කොච්චර හයියෙන් වැදුනද කියනව නම් හීඔ විසි වෙලා ගියා.

ගිහින් වැටුනෙ කොහෙටද කියල දන්නවද ? අපේ හත් දෙනා ආපු වාහනේ ඉස්සරහට.

හොද වෙලාවට ඒ වාහනේ නම් ගොඩක් හිමින් ගියෙ නැත්තම් ඉතින්......

"අම්මෝ........"

බ්‍රේක් ගහපු පාර නිදාගෙන හිටපු සුගාගෙ ඔලුවත් හොබියගෙ ඔලුවෙ වැදුනා.බනින්න ඉස්සරහට උනු සුග එතකොතයි වෙලා තියන දේ දැක්කෙ. කට්ටිය හොදටම බය උනා.

"මෙතෙන්ට වෙලා මොකද කරන්නෙ ඒ ළමයට මොනාවෙලාද දන්නෙ නෑ"

එහෙම කියල ජිමින් විදිල්ලක් වගේ එළියට පැන්න​. ඊට පස්සෙ තමයි අනිත් අයත් ආවෙ.

හීඔට නම් හොඳටම අමාරුයි. ලේත් ගොඩක් යනව.එතන වටේ මිනිස්සුත් බලන් ඉන්නව කවුරුත් උදව් කරන්නෙ නෑ.පරක්කු උනොත් අහිංසක හීඔ.....?

LOVE FOR LIFE💕💕Where stories live. Discover now