සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
152
153
පසුවදන

151

52 7 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
151

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"Your Honor, අධිකරණ වෛද්‍යවාර්ථාව අපිට ලැබිලා තියෙනවා. වාර්ථාව තහවුරු කිරීමේ සාක්ෂි ලබාදෙන්න ඩොක්ටර් ජෝර්ජ් සෙබස්තියන්ව කැඳවන්න මම අවසර ඉල්ලනවා" නිමේෂ් අවසර ඉල්ලුවේ විනිසුරුවරයාගෙනි. ඒ දෙවන නඩු දිනය විය.

"අවසර ලැබෙනවා"

ඒ අවසරයෙන් සාක්ෂී කූඩුවට නැගුණේ අධිකරණ වෛද්‍ය ජෝර්ජ් සෙබස්තියනුයි.

"සත්‍යය පමණක් පවසමි"

දිව්රුමෙන් අනතුරුව නිමේෂ් තම අසුනින් නැගී සිටියේ තම අවස්ථාව වෙනුවෙනි.

"ඩොක්ටර් ජෝර්ජ්, අපිට කියන්න පුළුවන් ද මේ විත්තිකාර මහත්මයා ගැන විස්තර ටිකක්? සති දෙකක කාලය තුළ මොනාද ඔබතුමන්ලට පුළුවන් වුණේ හොයාගන්න?" නිමේෂ්ගේ පැනයෙන් අනතුරුව තම උඟුර පෑදූ වෛද්‍යවරයා සූදානම් වූයේ දිගු විස්තරයක් ලබා දීමටයි.

“මිස්ටර් රදීෂ්ව අපි බොහෝම පරීස්සමට පරීක්ෂා කරලා බැලුවා ස්වාමීනි. ලබාගත්ත දත්තවලින් අපිට රෝග විනිශ්චය විදිහට Dissociative Identity Disorder එක අපි නම් කරනවා!” වෛද්‍යවරයා බැරෑරුම් හඩින් පවසද්දී නිමේෂ් බර සුසුමක් හෙළූවේ ඊළඟ ප්‍රශ්නය ඇසීමටයි.

“ඩොක්ටර්, මොකක්ද මේ Dissociative Identity Disorder කියන්නේ? කරුණාකරලා ඒ පිළිබඳව සරල පහසු විස්තරයක් ගරු උසාවියට ලබාදෙන්න” නිමේෂ්ගේ පැනයෙන් අනතුරුව වෛද්‍යවරයා නැවත වතාවක් කතාව ආරම්භ කළා.

“Basically මේ ලෙඩේදී සිද්ධවෙන්නේ ඔයාගේ ඇඟ ඇතුළේ ඔයා නොදන්න තවත් මනුස්සයෙක් ජීවත්වෙන එක. හැබැයි, තවත් මනුස්සයෙක් කිව්වට ඒ කොයි මොහොතක හරි ඔයාගේ හැඟීම් පුපුරලා ගියපු මොහොතක බිහිවුණු තවත් චරිතයක්. මේ ලෙඩේ හැදෙන්නේ බොහෝවිට දරුවෙක් කුඩා කාලයේ දි මයි. කුඩා කාලයේ ෆිසිකල් සහ සෙක්ෂුඅලි හැරේස්මන්ට් වුණ දරුවන්ට එහෙමත් නැත්නම් ගොඩක් කම්පනකාරී සිදුවීම්වලට මුහුණදෙන්න සිද්ධවුණ දරුවන්ට මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. කොහොමවුණත් ජනගහනයෙන් සීයට එකක් (1%) තරම් ගොඩක් අඩු ප්‍රතිශතයකට තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ”

“ඩොක්ටර් අපිට කියන්න මොකක්ද මේ ඇඟ ඇතුළේ නොදන්න මනුස්සයෙක් ඉන්නවා කියන එක කියන්නේ කියලා” නිමේෂ් විමසුවේ සියලුදෙනාටම මේ තත්ත්වය පහදා දීමේ අරමුණිනි.

“මෙහෙමයි ස්වාමීනී, මේක විස්තර කරන්න ගොඩක් ගැඹුරු මාතෘකාවක්. මම මෙහෙම කියන්නම්.. හිතන්න මිස්ටර් කුලසිංහ ඔබතුමා අද ගෙදර ගිහින් වයිෆ් එක්ක ඩිනර් එකකට යන්න ප්ලෑන් කරනවා කියලා. හැබැයි ඔබතුමාට හදිසියේම නින්ද ගිහින් ඇහැරෙන්නේ ඊළඟ දවසේ උදේ. ඒ වෙද්දී ඔබතුමා ඉන්නේ පොලීසියේ හිර කුඩුවක නම්, කලින් දවසේ රෑ ඔබතුමා යන්න හිතාගෙන හිටිය ඩිනර් එකට ගිහින් රෙස්ටුරන්ට් එකේ හිටිය මනුස්සයෙක්ට ගහලා. ඒත් ඔබතුමාට කිසිම දෙයක් මතක නැහැ”

“ඒ කියන්නේ හොල්මනක් වැහෙනවා වගේ?”

“හොල්මක් වැහෙනවා වගේ කියලා සාමාන්‍ය කටවහරට කියන්න පුළුවන් අපිට. ඒත් මේක ඊටවඩා වෙනස්. මොකද මේ කියන පෞරුෂයන්ට වෙනස්ම අතීතයක් තියෙනවා, පුරුදු තියෙනවා, කැමති අකැමැති දේවල් තියෙනවා… වෙනස්ම මනුස්සයෙක් කියලා කියන්නත් පුළුවන්… කොහොම නමුත් මේ කියන අනික් පෞරුෂ නිසාවෙන් ප්‍රධාන පෞරුෂයට එයාගේ මතකයෙ ගොඩක් අඩුලුහුඬුකම් දැනෙන්න පුළුවන්…”

“එතකොට මිස්ටර් රදීෂ්ගේ තියෙන්නෙත් ඒ වගේ ලෙඩක්? එතකොට මිනීමරලා තියෙන්නේ අනික් පෞරුෂය?”

“ඔව්, පැහැදිලිවම. වෙන රටවල් වලදී ස්වාමීනි අපිට හම්බෙලා තියෙනවා පෞරුෂ සීයකට ආසන්නව තියෙන පේෂන්ට්ස් ලත්. ඉතිං රදීෂ් වාසනාවන්තයි ඒ අතින්. එයාගේ ප්‍රධාන පෞරුෂය හැරුණාම එයාට තියෙන්නේ තව එක පෞරුෂයයි කියලා අපි දැනට අදුරගෙන තියෙනවා. කොහොමවුණත් නදීෂ් ගැන කතා කරද්දී, අපි ළඟ විඩියෝ දර්ශනත් තියෙනවා අපි පරීක්ෂා කරද්දී නදීෂ්ගේ සහ රදීෂ්ගේ හැසිරීම්වල වෙනස. ඉතිං පැහැදිලිවම මේක Dissociative Identity Disorderමයි කියලා අපි එහෙමයි නිගමනය කරන්නේ. මේක ඖෂධ නැති රෝගී තත්ත්වයක් හැබැයි දැන් අපි රෝගියා සමඟ සාකාච්ඡා කිරීම් ක්‍රම මගින් මේක සුව කරගන්න තරම් දියුණු වෙලා තියෙනවා”

“ඩොක්ටර්, මට හරියටම කියන්න එතකොට රදීෂ්.. මේ මිනීමැරුම් ගැන කිසිවක්ම දන්නේ නැද්ද?” නිමේෂ් විමසුවේ පෙර පැනයට නිවැරදිම තොරතුරු වෛද්‍යවරයාගේ මුවින් පිට නොවූ නිසයි.

“නැහැ, රදීෂ් කියන්නේ මම කලින් කිව්වා වගේම ප්‍රධාන පෞරුෂය. ප්‍රධාන පෞරුෂයේ මතකය අමතක වීම සාමාන්‍යයි. රදීෂ් සමඟ සාකච්ඡා කිරීමේ දී තේරුණේ මේ දේවල් ඔහු තමන් විසින් ම කළා කියලා දැනගත්තාම කොයි තරම් නම් පසුතැවිලි වෙනවද, කලකිරෙනවද කියන එක විතරයි. ඒ වගේම තමයි ප්‍රධාන පෞරුෂයට තවත් ඇතිවිය හැකි සංකූලතාවයක් තමයි හිසරදය, විශාදය, අධික තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ. ඒත් එක්කම සත්‍යය නොවන දේවල් මවා ගැනීමත් සිදුවෙන්න පුළුවන්. ඉතිං රදීෂ්ගේ සහෝදරිය මරණයට පත්වුණු අවස්ථාවේදී, නිවසට මිනීමරුවෙක් විත් තමන්ට පහර දුන් බව රදීෂ් සාක්ෂි වශයෙන් දී තිබෙන්නේ, ඒක බොරුවක් නොවේ, ඔහුගේ මවා ගැනීමක් විය හැකියි” වෛද්‍යවරයාගේ වදන් අසා සිටී නුරායාගේ කල්පනාවට ආවේ උරේෂා තමන්ට ආදරය කරන බවත් එසේ නම් රදීෂ්ගේ මවා ගැනීමක් බවයි. ඈ කඳුළු පිරි දෙනෙතින්ම ඔහු දෙස බැලුවේ ඔහු ගැන දැනුනු වේදනාව නිසාවෙනි. දෙවන නඩු විභාගයට සාගර විජේසිංහගේ නොපැමිණීම නුරායාව තවත් කෝපගන්වා තිබුණා.

නිමේෂ්ගේ සාක්ෂි අසා අවසන් වීමත් සමඟ වෛද්‍යවරයා නැවත පිටත්විය. නීතීඥ ගජේන්ද්‍ර අද දින තම තටු අකුලාගෙන සිටියේ අධිකරණ වෛද්‍ය වාර්තාවට පිටින් යාමට ඔහුට නොහැකි නිසයි.

“මෙම ගරු උසාවියෙහි ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ විශේෂයෙන්ම අධිකරණ වෛද්‍යවාර්ථාව සලකා බලා අවසානයේදී මෙම ගරු උසාවිය විසින් තීන්දුවකට පැමිණ තිබෙනවා…”

විනිසුරුවරයා තම නඬු තීන්දුව ලබාදුන්නෙ නුරායාව නම් නැවත වතාවක් හඬවමිනි. ඈ රදීෂ් පසුපසම පිටව යන්නට සැරසුණත් නිමේෂ් නුරායාව වළක්වා ඇයගේ අතකින් අල්ලාගෙනම ඇයව තම සිරුරට බරකරගත්තේ නුරායා නිමේෂ්ගෙන් ගැලවී රදීෂ් වෙතට යාමට දැගලූ නිසාවෙනි.

මධුමිතා මේ සියල්ල කෝපයෙන්ම බලා හිද උසාවි ශාලාවෙන් පිටතට පැමිණියේ කෝපයෙනි. ඒ සමඟම උසාවි ශාලාවෙන් සමාධි සහ ගෞරව් ද පිටතට පැමිණියෙන් මධුමිතාට ඔවුන්ව හමුවිය. සමාධිගෙන් ද සාක්ෂි ලබා ගැනීම අවශ්‍ය වූ බැවින් ඈ ලංකාවට පැමිණියේ නඩුව වෙනුවෙන්මය. නඩුව ආරම්භයේ දීම ඈ බියෙන් බියෙන් සාක්ෂි ලබාදුන් අතර, ගෞරව් ඇයව සැනසුවේ, රදීෂ් වෙනුවෙන් තවමත් සිතෙහි පැවතී හැඟීම් නිසාවෙන් ඈ ඔහු පිළිබඳව වඳවෙන බව දන්නා බැවිනි.

“මධූ අක්කේ...” සමාධි මධුමිතාව වැළඳගත්තෙ සෙනෙහසිනි. ඉතිං එදා ඇයගේ වදන් නිසා නොවේද තමන් වෙනස් වූයේ. නැතිනම් නුරායාගේ සහ රදීෂ්ගේ ආදර කතාවේ නපුරිය වන්නේ තමා නොවේද?

“සමාධි… කොහොමද ඉතිං? ඔයා සතුටින් නේද දැන්?” මධුමිතා විමසුවෙන් සමාධි හිස සැලුවේ සිනාසෙමිනි.

“ඒත්.. රදීෂ්ට කොහොමද අක්කේ ඒ වගේ දෙයක් වුණේ?” සමාධි විමසුවේ සිත්තැවුලෙනි. ගෞරව් නම් ඔවුන් දෙදෙනා දෙස බලාසිටියේ භාෂාව වටහාගත නොහැකිවයි.

“මටත් හිතාගන්න බෑ නංගි.. රදීෂ්ට ඉස්සර ඉදන්ම ඒ ලෙඩේ තිබිලානේ ඩොක්ටර් කියන විදිහට.. මටත් හරි දුකයි නුරායායි රදීෂ් ගැනයි. වැඩිපුරම නුරායා ගැන. එයා ගෑණු ලමයෙක් වෙලා මේ දේවල් දරාගන්න විදිහට.. ඒත්.." මධුමිතාගේ කල්පනාව ගියේ නිමේෂ් වෙතටයි. ඉතිං නුරායා මේ දින කීපයේම නැවතී සිටියේ මධුමිතාගේ නිවසේය. මධුමිතාගේ කෝපය තවමත් ඇත්තේ නිමේෂ් හා පමණී. නුරායාගේ තත්ත්වය දැන් ඇයට වටහාගැනීම අපහසු නොවේ. නමුත් නිමේෂ්ගේ ක්‍රියා කලාපය නම් මධුමිතාගේ සිතට ගෙනාවේ කලකිරීමකි. ඉතිං ඔහුට තිබුණා නොවේද තමන්ටත් කියන්න මේ සිදුවූ දේවල්. එවිට තමා උදව් නොකර සිටිවී යැයි ඔහු සිතුවේ කෙලෙසින්ද? කෙදිනකවත් ඔහු තමාගෙන් රහස් රැක නැත. නමුත් ප්‍රථම වතාවට වෙනත් කාන්තාවක් නිසාවෙන් ඔහු රහසක් රකින්නට විය.  "හරි ඒක නෙවෙයි දැන් කියන්නකෝ ඔයාලා දෙන්නා ගැන.. ඉතිං… දැන් මොකද වෙන්නේ ඉස්සරහට?” මධුමිතා තම කල්පනාවෙන් පිටතට විත් විමසුවෙන් සමාධි සිනාසුනේ ගෞරව් දෙස බලානයි.

“අපි මැරි කරන්න ඉන්නේ.. මෙයාගේ පපා නම් මට කැමති නැහැ.. මෙයාව ඉක්මනටම බන්දන්න කෙල්ලෝ හොයනවා මේ දවස්වල. ඒ නිසා අපි ලංකාවෙන් යන්න කලින් මැරි කරන්න ඉන්නේ…” සමාධි සිනාසෙමින්ම පවසද්දී මධුමිතා ඈ දෙස බලා සිටියේ පුදුමයෙනි.

“Oo…. You will be a great husband to her Gaurav” ගෞරව්ගේ කොපුලක් මිරිකා මධුමිතා පැවසුවෙන් ගෞරව් පුදුමයෙන් බැලුවේ සමාධි දෙසයි. ඈ නම් සිනාසුනා මිස කිසිවක් පැවසුවේ නැත.

“Yeah.. sure” ඔහු එපමණක් පැවසුවෙන් කතාව් එතනින් අවසන් විය.

“අපේ ගෙදර යං? කෑම ටිකක් කාලා යන්න මගේ අතින්. කොහොමත් දැන් ඔයාලා හොටෙල් එකටනේ යන්නේ” මධුමිතාගේ වදනට සමාධිත් හිස සැලුවේ විරුද්ධ නොවීයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

“මොකක්ද ඔයා අර ලේඩිට කිව්වේ සිංහලෙන්?” ගෞරව් විමසුවේ තම රථය මධුමිතාගේ නිවසට පදවන අතරතුරයි.

සමාධි ඔහු දෙස බැලුවේ අවධානයෙනි.

“ඒ මධු අක්කා” ඈ පැවසුවේ ඔහුට ඇයගේ නාමය අමතක නිසාවෙන් නොරිස්සුමෙනි.

“හරි.. මධු අක්කාට මොනාද කිව්වේ?”

“මම කිව්වේ ඔයාගේ තාත්තා මේ දවස්වල ඔයාට මැරි කරන්න කෙනෙක්ව හොයන නිසා අපි ශ්‍රී ලංකාවෙන් යන්න කලින් මැරි කරන්න ඉන්නේ කියලා” ගෞරව් ඈ දෙස බැලුවේ තරමක් අමනාපයෙනි.

“ඇයි ඉතිං බොරු කිව්වේ? එහෙම බොරු කියන්න තරම් වුවමනාවක් නෑනේ”

“කවුද ඉතිං බොරු කිව්වේ?” සමාධි නැවත වතාවක් ඇසුවේ මුවඟ වූ සිනාව සිරකරගෙනයි.

“මොකක්ද බොරු කිව්වේ නෑ කියන්නේ? මෙතන තියෙන ඇත්ත පපා ඔයාට කැමති නෑ කියන එකයි, මාව වෙන කෙනෙක්ට බන්දන්න යන එක විතරයිනේ.. වෙන මොන ඇත්තක්ද?” ඔහුගේ හඬ නොරිස්සුම් විය. සමාධි රථයේ වීදුරුවෙන් පිටත බලාගෙන සිනාසුනේ ගෞරව් ඇයට බැනවදිද්දීයි. අනේ ඉතිං අසරණ ගෞරව් තව කොපමණ වේලාවක් ගනීද එහි අර්ථය වටහාගැනීමට.

“ඒක නෙවෙයි ගවී.. ඇයි රදීෂ් ඔයා එක්ක එකට ඉදලත් ඔයාට කරදරයක් කළේ නැත්තේ?” සමාධිට හදිසියේම මතක්වුයේ වැදගත් පැනයකි.

“මෙහෙමයි ඉතිං… අපි දෙන්නා හෙනට ගහගෙන නම් තියෙනවා.. රණ්ඩු කරලත් තියෙනවා.. හැබැයි එහෙම ප’සනලි දේවල් වගේ නම් කතා කරලා නෑ.. ගර්ල්ස්ලාව චෙකවුට් කරනවා වගේ ඒවා තමයි ගොඩක්ම කරලා තියෙන්නේ එකට එකතුවෙලා” සමාධිගෙන් එල්ලවුණේ දරුණු රැවුමකි. නමුත් ගෞරව් මාර්ගයට අවධානය දී සිටී නිසා එය නොදුටුවා.

“ඒත්.. මෙහෙම සීන් එකක් තියෙනවනේ.. එයා මරන්නේ සාගර චාචා කැමති අයව විතරයි ලු නේ. ඉතිං සාගර චාචා මට ඇත්තටම එහෙම කැමති නෑ… බිස්නස් නිසා විතරයි මාව ආශ්‍රය කරන්නේ… ඒ නිසා වෙන්නැති මගේ ජීවිතේ බේරුණේ.. නැත්නම් ඉතිං මං මැරුණු තැන්වල ගසුත් පැලවෙලා ඇති..” ඔහුගේ ඒ වදනට සමාධි ඔහුගේ අතකට පහරක් ගැසුවත්, ගෞරව් සිනාසී රථය අදාල මාර්ගයට හැරවූයේ මාර්ග සංඥා කොළ පැහැති වූ නිසාවෙනි.

🖤⚡🌙⚡♥️
හායි ළමයි, මම ඔයාලාගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරද්දී මම මේ එකම එක චරිතයක්වත් සාධාරණීකරණය කරන්න යන්නේ නෑ හොඳද. මම එයාලාට දැනුන ඒ  Feeling එක ඔයාලාට පැහැදිලි කරනවා විතරයි. මොකද මගේ කතාවේ ඉන්න හැමෝම එක කෝණයකින් බලද්දී වැරදි මිනිස්සු වගේම, එක කෝණයකින් බලද්දී හරි මිනිස්සු. ඉතිං.., සර්වසම්පූර්ණ මිනිස්සු මගේ කතන්දර වල නැහැ.. මම එයාලා වැරදි තැන්වල අනිවා පිළිගන්නවා. මට ගොඩක් සතුටුයි ඔයාලාගේ ලස්සන බුද්ධිමත් කමෙන්ට්ස් ගැන. ඔයාලා හැමෝම එක එක විදිහට එක එක චරිත ගැන හිතන එක ගොඩක් ලස්සනයි. මම හරිම කැමතියි ඔයාලාගේ කමෙන්ට්ස් කියවන්න. ගොඩක් ස්තූතියි ලස්සනට තමන්ගේ අදහස් කමෙන්ට් කරන හැමෝටම!

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

2.7K 272 19
This is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this...
1.2K 280 19
මරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️
4.4K 69 19
One Fall After The Events of Heros of Olympus, Piper and Annabeth are at CHB. They have an argument, but they realize that it's because of an unspoke...
565 125 10
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා