සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.7K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

141

48 8 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
141

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"අයියේ.... ඔයාට ලොකූ කෝල් කළාද? නැත්නම් අඩු තරමේ මැසේජ් එකක්වත්?" ජනිත් විමසුවේ අරවින්ද හමුවට පැමිණයි. තම දුරකතනය පරීක්ෂා කර, තරමක් කල්පනා කළ අරවින්ද හිස සැලුවේ 'නැහැ' කීමටයි. "මොකක්හරි අවුලක් ද ජනිත්?" අරවින්දගේ හඬෙහි පැවතියේ කලබලයකි.

"නෑ.. මේ මාව හම්බවෙන්න ඕනේ කියලා කියනවා.. දැන්ම එන්නලු.." ජනිත් පැවසුවේ හිසත් කසන ගමන් ය. "එහෙනම් ඉතිං ගිහින් බලපන්" අරවින්ද පැවසුවේ තරමක් සැහැල්ලුවෙනි. "එහෙම කමක් නැද්ද අයියේ?" ජනිත් නැවත වතාවක් විමසුවේ තරමක චකිතයකිනි. "මට උඹව විශ්වාස කරන්න පුළුවන්නේ?" අරවින්ද තම රාජකාරිය පසෙකලා ජනිත් දෙස බලා විමසුවෙන් ජනිත් හිස සැලුවේ, යාන්තමට සිනාසෙමිනි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මොකෝ මේ හදිසියේම එන්න කිව්වෙ?" ජනිත් විමසුවේ සේපාලිකාගේ නිවසට ඇතුළුවද්දීම දොරකඩ සිටී ඇයගෙනි. නමුත් ඔහුගේ අතකින් ඇදගත් සේපාලිකා ජනිත්ව ඇදගෙන ගියේ තම කුටිය තුළටය.

"ලොකූ.. මොකද මේ?"

ජනිත් ඇසුවත් එක්වරම ඔහුගේ කොපුලකට වැදුනේ සේපාලිකාගේ හස්ත ප්‍රහායකි. ජනිත්ගේ දෙනෙත් පුදුමයෙන් විසල් වද්දී ඔහු තම කම්මුල අල්ලාගෙනම සේපාලිකා වෙතට හැරුණේ පුදුමයෙනි. ඈ මෙවන් දෙයක් කරයි යැයි ඔහු හීනෙකින්වත් සිතුවේ නැත.

"ලො..කූ... ඇයි මේ? මගේ.. අතින් මොනාහරි වැරැද්දක්වත් වුණා..ද?" ජනිත් විමසුවේ මොහොතකට පසුව තරමක් සන්සුන් වූ හඬකිනි.

"වැරැද්දක්?" ඔහුගේ අනෙක් කම්මුලට ද පහරක් ඈ එල්ලකළේ එවිටමයි.

ඒ මොහොතේම එක්වරම ජනිත්ගේ කමිසයේ කොලරයෙන් අල්ලා තමා වෙතට ඔහුව ඇදගත් සේපාලිකා ඔහුගේ දෙතොල් සිපගන්නට වූයේ ජනිත් හට කිසිවක්ම නොවැටහෙද්දීයි. ඔහු විසල් කරගත් දෑස්වලින්ම හාදුවට මුහුණදෙද්දී, එක්වරම සේපාලිකා ඔහුගේ කොලරය අතහැර හාදුව අවසන් කළා.

"තව මොනාද ඔයාට ඕනේ? ආ? තව මොනාද ඕනේ?" සේපාලිකා එක්වරම යමක් සිහිවූවා මෙන් තම දෙඅත් ගෙනගියේ තමා හැඳ සිටී ගවුමේ සිපරය වෙතටයි. ඈ එය විවර කරද්දීම එක්වරම සේපාලිකාගේ කොපුලට ද ලැබුණේ කොපුල පැලෙන තරමේ තද පහරකි. සේපාලිකා බිම ඇදගෙන වැටුනේ ඒ පහරේ සැරටයි.

“උඹට මොකද වෙලා තියෙන්නේ ආහ්?” ජනිත්ගේ හඬ අන් කවදාකටත් වඩා දරුණු විය. ඔහු සිටියේ පුපුරනා තරමේ කෝපයකයි. කෝපය කොතරම් ද කිවහොත් ඔහුගේ කොපුල් පවා වෙව්ලුවේ දත් මිටි කෑ නිසයි.

“අයියේ...” සේපාලිකා හඬමින්ම සිහින් හඬින් මිමිණුවේ තම රිදුම් දුන් කොපුලත් අල්ලාගෙනයි.

“කතා කරන්න එපා උඹ! අරූ මාව අච්චර විශ්වාස කරලා උඹ කතා කළා කියලා එව්වාම උඹ එනවා මගුල් නටන්න… මට ඕනේ මොනාද ඇහුවා නේද? ආහ්.! මට ඕනේ ඕක නම් මම දන්නවා ඕක කරගන්නේ කොහොමද කියලා යකෝ… ආවා මෙතන රෙදි ගලවන්න මං ඉස්සරහා.. ඇත්තටම ලොකූ තමුසෙගෙ මොළේ හොඳ නැද්ද ආහ්? මම තමුසෙට ආදරෙයි තමයි.. ඒත් තමුසෙගේ අයියා කියන්නේ මට මගේම සහෝදරයා වගේ… ඒ මනුස්සයාට මාව කොච්චර විශ්වාසයි ද කියලා තමුසේ දන්නවද?” ජනිත් කෑ ගැහුවේ අරවින්දව සිහි කරමිනි. ඔහු කෙතරම් නම් තමාව විශ්වාස කරනවාද. නමුත් සේපාලිකා කවදාවත් හැසිරෙන ආකාරයකට නොවෙයි අද හැසිරුණේ. ඉතිං ජනිත්ගේ සිතට දැනුනු කෝපය පිටවූයේ ඔහු සිතන්නටත් පෙරය. කෝපයෙන් අත මිට මොළවා ගත් ජනිත් කීපවරක්ම තම පාදයකට පහරවල් කීපයක්ම ගහගත්තේ කෝපය පාලනය කරන්නට මෙනි.

සේපාලිකා නිහඬවම හඬා වැටෙද්දී ජනිත් තම නළලත අතකින් තෙරපුවේ තම කෝපය පහ කර ගැනීමේ අටියෙනි. ඇයට අත ඉස්සීම වැරදිය. මුළු හදවතම එයින් තැවේ. කෙදිනකවත් ඇයට අත ඉස්සීමට ඔහු සිතුවෙ නැත.

“ලොකූ…” ජනිත් සේපාලිකා වෙතට පහත් වී ඇයගේ හිසට අතක් තැබුවේ එබැවිනි. ඔහුගේ හෘද සාක්ෂිය එකග නැත තමාගෙන් සිදුවූ ඒ දරුණු ක්‍රියාවට. “ඇයි එහෙම කළේ? ඔයා එහෙම එහෙම ළමේක් නෙවෙයිනේ.. මොකක්ද වුණේ කියන්න මට..” ඈ අසලින්ම බිමින් එරමිණියා ගොතාගෙන වාඩිවූ ජනිත් තරමක් නිවී විමසුවේ සේපාලිකා හා කතා කිරීම අනිවාර්‍ය යැයි සිතුණු නිසාවෙනි.

“එහෙනම් ඇයි ඔයා කිව්වේ අනුත්තර අයියාට මා එක්ක යාළුවෙන්න කියලා?” සේපාලිකා විමසුවේ හඬන ගමන්මය. ජනිත් ඈ දෙස බැලුවේ පුදුමයෙන්‍ ය. එවැන්නක් කී දිනයක් ද එතරම් මතකයේ නැත. නමුත් තමා ඊට සමාන යමක් කී බව නම් මතකය. “ලොකූ.. ඌ.. මේ.. ඌ තමුසෙට මොකද කිව්වේ කියනවකෝ.. මොකක්ද වුණේ?” ජනිත් විමසුවේ නැවතත් හදිසි වීමට පෙර සේපාලිකාට සවන්දිය යුතුම යන්න තමාගේ මොළයටම දමා ගනිමිනි.

“එයා… මගෙන් යාළුවෙන්න ඇහුවා...” සේපාලිකා මිමිණුවේ කෝපයෙන් දෙතොල් තද කරගනිමිනි.

“ඉතිං..?” ජනිත් විමසුවේ සේපාලිකා දෙසම බලාගෙනයි.

“මම ඒ මිනිහට කැමතිම නෑ.. ඉතිං… මම බැන්නා...” ඈ පැවසුවේ බිම බලාගෙනයි.

“තව මොනාද කළේ?” ජනිත් විමසුවේ සැලකිල්ලෙන් ඒ ඇයගේ අංගචලන වලින්ම හොඳින්ම ඇයව කියවමිනි.එනිසයි සේපාලිකා දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බැලුවේ.

“මුකුත් නෑ...” නෑහෙන තරම් හඬකින් සේපාලිකා මිමිණුවේ තම දෙඅත් එකට අතුල්ලා නියපොතු සූරමිනි.

“මට බොරු කියන්න තමුසෙට බෑ ලොකූ.. කියනවා.. ඌට මොනාද කළේ?” ඉතිං ඈ ගැන හොඳින්ම දන්නා අය අතරේ ජනිත් ද කෙනෙකි. ඔහු ඇයව හොඳින්ම දනී.

“ගැහුවා.. මම” සේපාලිකා මිමිණුවේ වරදක් කර හසුවූවෙකු ලෙසිනි. ජනිත්ගේ මුවෙන් සිනාවක් එක්වරම පිටවූයේ එසේනම් අද දින සේපාලිකාගෙන් ගුටි කෑ එකම පුද්ගලයා තමන් පමණක් නොවන නිසයි.

“මොකද හිනාවෙන්නේ?” සේපාලිකාගෙන් නැවත වතාවක් ජනිත්ගේ බාහුවකට එල්ලවුණේ පහරකි.

“තමුසේ ඉතිං මට කැමතියි කිව්වේ නෑනේ… ඌටවත් කැමතිවෙයි කියලා හිතුනා මට…”

“ඔයා.. කොහොමද මං ගැන එහෙම හිතුවේ අයියේ…?” සේපාලිකා නැවත වතාවක් සිහින් ඉකියක් සමඟම විමසුවේ ජනිත් ඈ දෙස තිගැස්සී බලද්දීයි. ඈ සාමාන්‍යයෙන් හඬන තරුණියක් නොවේය. ගැහුවොත් ගහන තරුණියකි. ඉතිං ඇය තමා ඉදිරියේ මෙලෙස හඬා වැටීම ඔහුව තැවුවා.. ඒ වගේම තමන් ඇයට පහර දීමත් ඔහුගේ සිතට ගෙනාවේ හොඳ හැඟීමක් නොවේ.

“මොනාද කියවන්නේ ලොකූ.. මම තමුසේ ගැන කොහොමද හිතුවේ?” නැවත වතාවක් ඇයගේ හිස පිරිමදිමින් ජනිත් විමසුවේ සුසුමක් හෙළමිනි. දැන් ඔහුට වැටහේ අරවින්දගේ හැඟීම්. ඔහු තරුණියන්ගේ හිත නොරිදවා සිටීමට කෙතරම් නම් උත්සාහ දරනවා ඇත්ද… ඔහු යුවතියන් තිදෙනෙක් සමඟම විවිධ බැඳීම්වලින් බැඳී ඇත. නමුත් තමාට තමා ජීවිතයේ බැඳීමක් නිර්මාණය කරගැනීමට උත්සාහ කරනා යුවතියගේම සිත නොරිදවා සිටීමට නොහැකි විය.

“ඔයා එක්ක මෙහෙම කතා කරන්නේ… ඔයා එක්ක පන්සල් ගියේ.. එක්සෑම්එකට, එකට පාඩම් කළේ… කොටින්ම ඔයා දිහා මම බැලුවෙත් ඔයාට කැමති නිසා තමයි.. ඔයා හිතුවේ මම මොන වගේ කෙල්ලෙක් කියලාද? ඔයා එක්ක මේ ඔක්කොම කරලා, වෙන කොල්ලෙක්ට කැමතිවෙයි කියලා ඔයා කොහොමද හිතුවේ? මම දන්නවා ඔයාට ඕනේ තරම් කෙල්ලෝ ඉදලා ඇති.. අනික නිශා අක්කා එක්කත් ඔයා ඉන්න විදිහට දකින අය හිතන්නේ ඔය දෙන්නා කපල් එකක් කියලා.. ඔයාලාට ඒ මම කිව්ව හැමදේම පොඩි පොඩි සාමාන්‍ය දේවල් වෙන්නැති.. ඒත් මට එහෙම නෑ.. මට.. ඔයා දිහා බැලුවත් ඒක ලොකු දෙයක් අයියේ… මම ඒ දේවල් කරන්නේ මම ඇත්තටම ආදරේ අයට විතරයි.. නැත්නම් මම කොල්ලෙක් දිහා වැරදිලාවත් ඔළුව උස්සලා බලන කෙනෙක් නෙවෙයි.. ඔයා දන්නවා ඒක.. එහෙම දැන දැනත් ඔයා කොහොමද හිතුවේ...” ජනිත් සේපාලිකාගේ අතකින් ඇද ඇයව තම පපුවට තද කරගත්තේ තවත් වචනයක්වත් කීමට ඉඩ නොතබමිනි.

ඉතිං සේපාලිකා යනු අතිශය සංවේදී යුවතියක් බව තමාට කෙසේද අමතක වූයේ?

ඈ මේ දින ගණනාව ඇතුළත සාමාන්‍යය ආකාරයෙන් හැසිරුණත්, තවමත් ඇයගේ අභ්‍යන්තරයේ සිටින්නේ ඒ යුවතියමයි. ඕනෑවට වඩා සෑම දේ ගැනම දුක්වන, සිතන ඇයයි මේ.

ඉතිං තමා දැන සිටියා නොවේද ඈ කිසිදු පුද්ගලයෙක්ට ළං වන ආකාරයේ අයෙක් නොවන බව. එනිසාම නොවේද ඈ තමාට ළං වීමට ඉඩ දෙද්දී සිතට සතුටක් ඇතිවූයේ?

ඉතිං ඒ යුවතියම තම හදවතෙහි දොරටු තමාට විවර කර ඇති මොහොතේ,තමා සිදුකළේ වැරැද්දකි.

ජනිත් සිතුවේ තමා මීට පෙර සම්බන්ධතා පවත්වා ඇති තරුණියන් මෙන් සේපාලිකා ද සෑම මොහොතකම තම ආදරය ප්‍රකාශ කරමින් තම අතෙහි එල්ලේවි යැයි කියායි. නමුත් ඔහුට වැරදුනේ එතනය. ඇය වෙනස් ය. පුංචි ඇස් පිය ගැසීමකින් වුවද ඇය ආදරය ප්‍රකාශ කරනවා ඇති. ඉතිං තමාට ඇයව වටහාගත නොහැකි විය. ඈ දිනෙක තමන්ට මුවින්ම ආලය ප්‍රකාශ කරයි යැ යි බලා සිටියා. එනිසයි අනුත්තරට වුවද එලෙස පැවසුවේ, ඈ තමාට ආදරය නොකරනවා යැයි තම සිතෙහි වූ සැකය නිසයි. නමුත් තමා වැරදිය. ඈ මුළු හදින්ම තමාට පමණක් ආලය කර ඇත.

ජනිත් ඈව තම ගතටම තවත් තුරුළු කරගෙන ඒ හිස සිම්බේ, හීන්සැරේ ඇයගේ ගවුමේ විවර ව තිබූ සිපරය ද නිවැරදිව සකසමිනි.

“ලොකූ… මම… මම.. ඔයා දන්නවනේ ලොකූ… මම මහා මෝඩයෙක්… මම ඔයා ගැන වැරදියට හිතුවා නෙවෙයි ළමයෝ… මම හිතුවේ නෑ… මම කිසිම දෙයක් හිතුවේ නෑ… ඔයා මට දීපු චූටි චූටි සයින්ස් මම තේරුම්ගත්තේ නෑ.. සොරි ලොකූ.. හැමදේටම සොරි… අයි ලව් යූ ලොකූ… මම ගොඩක් ආදරෙයි.. ඒක මට කියන්න තේරෙන්නේ නෑ… මම මීට කලින් කෙල්ලො ඉදලා නැති එකෙක් නෙවෙයි කියලා ඔයා දන්නවනේ… මට ඕනේ තරම් කෙල්ලෝ ඉදලා තියෙනවා. සතියේ දෙකේ එෆෙයාස් ඕනේ තරම්.. ඒත් ඔයා එහෙම නෙවෙයි ලොකූ.. සමහරවිට.. ඒකට අරවින්ද අයියාත් හේතුවක් වෙන්න ඇති.. ඔයාලාගේ පවුල දැක්කාම… මට තවත් ඔයාට ආදරේ හිතෙනවා ලොකූ.. ඔයාලා මගේම අය වගේ දැනෙනවා.. අයියා ඔයාලාව බලාගන්න විදිහට මටත් ඔයාව, පොඩීව බලාගන්න ආසයි.. ඔයාලාගෙම කෙනෙක් වෙන්න මට ගොඩක් ආසයි.. එදා පූසෙක් නිසා මට හොඳටම බැනලා මාව පිස්සු වට්ටපු කෙල්ල අරවින්ද අයියාගේ නංගි වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ ලොකූ.. ඒත් එහෙම වුණ එකෙන් වුණේ මම තවත් ඔයාට ළංවෙන්න හිතුව එක… ඔයාගේ හිතට ළඟ කෙනෙක් වෙන්න ආස වුණ එක” ජනිත් පැවසුවේ මෙතරම් කාලයක් තම හදවතෙහි පතුලෙහි තිබූ ඒ කතාවයි.

“ඔයා දන්නවනේ මම ගෙදර යන්නැති හේතුව… අම්මා ළඟ දැනෙනවා වගේ ෆීලින්ග් එකක් මට දැනෙන්නේ ඔයාලා ළඟ ඉද්දී… මට ඔයාලා මගේම අය වගේ දැනෙනවා ලොකූ… මාව ඔයාලාගෙම කෙනෙක් කරගන්නවා නේද?” ජනිත් විමසුවේ දෙනෙතට කඳුළක් මෝදුවද්දීයි. සේපාලිකා හුස්මක් ගන්නවත් වෙහෙස නොවී ජනිත්ගේ කතාව අසා සිටියේ අමුතුම පිබිදීමකිනි. ඉතිං ඔහු ආදරය කර ඇත්තේ තමාට පමණක් නොව, තම මුළු පවුලටමය.

“ඔයා දැනටමත් අපේ පවුල වෙලා ඉවරයි අයියේ.. ඔයා හිතනවද එහෙම නැත්නම් අපේ අයියා මෙච්චර ළඟින් ඔයාට මාත් එක්ක ඉන්න දෙයි කියලා?” සේපාලිකා විමසුවේ තවත් ජනිත් හට තුරුළුව, ඔහුගේ ඉණ වටා දෑත් ද යවමිනි. ජනිත් සුසුමක් හෙළූවේ සිහින් සිනාවක් ද සමඟිනි.

“දවසක අපි මැරි කළාමත් අපි මෙහෙ ඉමුද?” ජනිත්ගේ මීළඟ පැනයත් සමඟම සේපාලිකා හිස ඔසවා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

“ඇත්තටමද?” දෑස් බෝල කරමින් ඈ විමසුවෙන් ජනිත් හිස සලන්නට වූවා.

“බින්න බැස්සා කියලා අයියා කොස්සෙන් ගහලා පන්නයි ද?” ජනිත් කට ඇද කරමින් විමසද්දී සේපාලිකා හිනැහී නැවතත් හිස ගසාගත්තේ ජනිත්ගේ පපුවේයි.

“ඔයාට නම් හැමදේම විහිළු අප්පා...”

“ඒ… විහිළුවක් නෙවෙයි බං.. ඇත්තට ම කිව්වේ…”

“අපේ අයියා එහෙම නෑ හරිද… අපි මෙහෙ ඉමු.. ඔයාට ඕනේ වෙලාවක අපේ පුංචි ගෙදර ඉඩ තියෙනවා අයියේ…” ඉතිං සේපාලිකාගේ පිළිතුරට තිළිණයක් ලෙස නැවත වතාවක් ඈට ලැබුණේ හිස මතට හාදුවකි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

අරවින්ද සයනයෙහි පෙරලෙමින් සිටියේ ඇයගෙන් වට්ස්ඇප් පණිවිඩයක් ලැබෙනකම් ය. ඔහු කීපවරක්ම වේලාව පරීක්ෂා කළේ නොඉවසිල්ලෙනි. දවස පුරාම දකින කෙල්ලගෙන් දවස අවසානයේදීත් පණිවිඩයක් ලැබීම ඔහුව උද්‍යෝගිමත් කර තිබුණා. ඔහුවත් දැන සිටියේ නැහැ මේ බටු ඇට කෙල්ලට ඔහු මෙතරම් ඇබ්බැහි වී ඇත්තේ ඇයි යන වග.

තවමත් වේලාව රාත්‍රී නවයයි තිහ වූවා පමණි. ඉතිං නිරාශා නිදා  සිටිනවා විය නොහැකිය.

එක්වරම ඔහුගේ දුරකතනය නාද වූවේන් අරවින්ද උඩ ගොස් දුරකතනය මූණ උඩට ද වට්ටා ගත්තේ කලබලය නිසාය.

නහයත් අතගාගන්නා ගමන්ම ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ ඒ ඈ බව දන්නා නිසාය.

“සුදූ...” අරවින්ද ‘හෙලෝ’ ආමන්ත්‍රණයත් පසෙකලා ඇයව අමතන්නට වූවා.

“අයියේ… මේ… මාර වැඩේනේ වෙලා තියෙන්නේ අද…” නිරාශා රහසින් කුනු කුනු ගෑවෙන් අරවින්ද දුරකතනය තවත් කනට තද කරගත්තේ ඇය පවසන දේ කෙසේ හෝ අසා ගැනීමටයි.

“ඇයි.. මොකද වෙලා තියෙන්නේ? සුදූ.. ඔයා හොඳින්නේ?” අරවින්ද ප්‍රථම ව ඈ පිළිබඳව විමසුවේ නිරාශාගේ අප්පච්චි ගැන ඔහුගේ සිතෙහි ද එතරම් පැහැදීමක් නොතිබුණු බැවිනි.

“මම හොඳින් අයියේ.. ඒත් අපේ නංගි…”

“ඇයි නංගිට මොකද? සුදූ… ඔයාට හරි නංගිට හරි ගෙදරින් මොනාමහරි අවුලක් නම් මට දෙපාරක් හිතන්නැතුව කියනවා හොඳද? මට වැඩි නෑ තමුසෙලාව… දෙමව්පියන් වුණත් ළමයිට ගහන එකේ සීමාවක් තියෙන්න ඕනේ.. ඔයාට ඔහොම සතෙක්ට වගේ සලකනව තවත් මම බලාගෙන ඉදියි කියලා හිතන්න එපා හරිද?” අරවින්දගේ හඩෙහි වූයේ වදවීමකි.

“එහෙම හිතුවටත් පිං අයියේ… අනේ නංගිට මුකුත් වෙලා නෑ… මේකයි… එයා මේ… එයා බිග් ගර්ල් කෙනෙක් වෙලා අනේ...” නිරාශා මිමිණුවෙන් තමයි අරවින්දට හුස්මක් කටක් ගන්න පුළුවන් වුණේ.

“ඕක කට ඇරලා කියන්න ද සුදූ ඔච්චර දැගලුවේ… මම බයවුණ තරමක්”

“මේ…” නිරාශාගේ හඬෙහි වූ අතිශය සතුට අරවින්දට දැනින. ඔහුගේ මුවෙහි සිනාවක් ඉපදෙද්දී ඔහු පැමිණියේ තම කුටියෙහි වූ ජනේලය වෙතටයි. තරු පිරි අහස දෙස බලමින්ම ඔහු නිරාශා පවසන දේ අසන්නටයි සූදානම් වූයේ.

“තව සතියකින් නාවන නැකත තියෙන්නේ” නිරාශා සිනාසෙමින්ම මුමුණන හඬ නැවතත් ඇසිණ.

“ඉතිං?”

“එදාට ඔයා එන්නකෝ...නංගිගේ පාටියට…”

“ඔයාලා පාටි ගන්නවද? පුදුමයි.. අප්පච්චිලා හැමදේටම නීති දැම්මට මේ වගේ දේවල් නම් ගමටම කියලා සමරනවා නේද? මේවා හරි නම් මෙහෙම සමරන දේවල් නෙවෙයි” අරවින්ද පැවසුවේ සුසුමක් හෙළමිනි.

“ඇයි ඉතිං.. ලොකූලාගේ ඒවාට පාටි දැම්මේ නැද්ද?” නිරාශා විමසුවේ නෝක්කාඩුවෙන් මෙනි.

“නෑ.. පවුලේ කට්ටිය එකතුවෙලා අශිර්වාද කළා.. ඊටපස්සේ හැමෝටම වගේ පොඩි සං‍ග්‍රහයක් දුන්නා.. අපේ දෙන්නාටම එහෙම කළේ..” අරවින්ද පැවසුවේ සැහැල්ලුවෙනි. “දැන් කට ඇදකරගෙන ඉන්නේ කියලා මම දන්නවා.. මේවා ඔය බේබද්දෝ එහෙම ගෙවල් ඇතුළට දාගෙන ගමටම කියන්න ඕනේ දේවල් නෙවේ ළමයෝ.. ඒක මම කියන්නේ.. තේරුම්ගන්නකෝ… ලොකු ළමයෙක් වෙනවා කියන්නේ ඒ ගෑණු ළමයාගේ ජීවිතේ ප්‍රයිවට් දෙයක්නේ.. අපි හැමෝම දන්නවනේ ඒකේ තේරුම. ඉතිං එහෙම වුණා කියලා ගමටම අඬබෙර ගහන්නේ ඇයි?” නිරාශා සුසුමක් හෙළූවේ ඔහු නිවැරදි බැවිනි. ඉතිං ඔහු ඔහුගේ නැගණියන් දෙදෙනාට හොඳ වැඩිමහල් සහෝදරයෙක් වී ඇති බව නිරාශාට පැහැදිලිය. ඔහු සෑම දෙයක් ගැනම වාගේ දැනුවත් මෙන්ම, ඒ ගැන සිතන විදිහත් අපූරුය. සෑම විටම පරිස්සම සහ පිළිවෙල ගැන අරවින්ද හොඳින් සිතයි.

“ඔයා.. හරි අයියේ… ඒත් ඉතිං අපේ ගෙවල්වල පුරුදුවෙලා තියෙන හැටිනේ මේවා.. මගේ එකත් ලොකුවටම තිබ්බ නිසා නංගිගේ එක ඊටවඩා ලොකුවට තියයි.. හරි ඉතිං මේ… එදාට මගේ යාළුවෝ හැමෝටම කියන්න කියලා අවසර ලැබුණා. ඔයා ලොකුයි, පොඩීයි දෙන්නා එක්කම එන්න හොඳේ.. මම අනික් කට්ටියට කියන්නම්.. මුලින්ම කිව්වේ ඔයාට..”

“දැන් අපි ආවට කමක් නැද්ද එහෙම?” අරවින්ද විමසුවේ නැවත වතාවක් නිරාශාගේ අප්පච්චි ගැන සිතමිනි. ඔහුව හමුවී තිබුණේ එකම එක වරක් පමණී. ඒ පොඩී අසනීප වූ වර නිරාශාව ඔහුට බාරදීමට යාමේදීයි.

“කමක් නෑ අනේ… මේ ඒක ගැන කියන්නත් එක්ක තමයි ගත්තේ මම…” නිරාශා ලැජ්ජාවෙන් මෙන් පවසද්දී අරවින්ද ඇයගේ අරුත වටහාගැනීමට උත්සාහ කළා.

“මොකක්ද? කියන්න ඉතිං..”

“එදාට… අප්පච්චි ෂේප් නේ අයියේ… එදාට අපි ගැන කතා කරන්න පුළුවන් හොඳ දවසක්… කතා කරනවද?” නිරාශාගේ හඬෙහි වූ බලාපොරොත්තු ගොන්න අරවින්දගේ හදවතෙහි කොනක තදින් වැදුනි. ඔහුගේ මුවට පැමිණියේ සිහින් සිනාවකි.

“හ්ම්ම්…” අරවින්දගේ ‘හ්ම්ම්’ හඬින් වුවත් ඇයගේ හදවතේ ගැහෙන වේගය වැඩිවූයේ සිය ගුණයකිනි.

“එච්චර ද?” නිරාශා ඇසුවේ රහසිනි.

“හ්ම්ම්.. ඇයි?” නිරාශාව අවුස්සා ගැනීමේ අරවින්දගේ වුවමනාව බලවත් වූයේ ඒ මොහොතේයි.

“ආ...පෝ… ඔයා නම් අයියේ...” ඈ පැවසුවෙන් මේ සතුටු මොහොතේ ඇයව තවත් අමනාප කිරීමට අරවින්දට නොසිතිනි.

“ප්‍රැක්ටිකලි සතුට ප්‍රකාශ කිරීම හෙට පස්වරු පහෙන් පසුව.. එතකන් ඉවසලා ඉන්න වෙයි මගේ අනාගත රැජිනට” නිරාශාගේ සිනාහඬක් අනෙක්පසින් ඇසුනෙන් ඔහු ද ඊට සිනාසෙන්නට විය.

“තියන්නම් හොඳද… ගුඩ් නයිට්, බුදු සරණයි අයියේ… මං ඔයාට හරි ආදරෙයි අනේ...” ඇයගේ හඬෙහි වෙනිදාට වඩා ආදරය ගැබ් වී තිබුණා යැයි අරවින්දට සිතුනා.

“මාත් ආදරෙයි සුදූ...”

🖤⚡🌙⚡♥️

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

10.8K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
3.1K 783 18
සොහොන් පිටියක තනි වෙලා ඉන්න පිසාචයෙක්..... එයාට හම්බෙන යාලුවෙක්... ඒ ආදරේ කොහොම වෙයිද... මනුස්සයෙක් එක්ක පිසාචයෙක්ට එකතු වෙන්න පුලුවන්ද
9K 621 17
My story is about the string of Anidita's heart and soul connected. But when Bondita ask her pathi babu to share a room with her; as he couldn't cont...
OBSESSED By BVRBIEN

Mystery / Thriller

111K 4.7K 28
obsessed