සඳට පෙම් බඳින්නම්... 🖤🌙
133
⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡
රදීෂ්ගේ කාර්‍යාලීය මේසය දෙස බලාගෙන නුරායා මොහොතක් කල්පනා කළේ හෝඩුවාවක් හොයාගන්නේ කෙසෙද කියායි. ඔව්, ඇය සිටියේ වෙන කොහෙවත් නොවෙයි කයිසරය තුළයි. සාගර මහතා සහ රදීෂ් යන දෙදෙනාම උදෑසන රැස්වීමක් සඳහා පිටත්වූ බැවින් නුරායා රැකියාවෙන් ඉවත්ව සිටියත් ඈව කැදවා තිබුණේ තවමත් ඇයගේ පුරප්පාඩුව පිරවීමට අයෙක්ව රැකියාවට බඳවාගෙන නොසිටී බැවිනි.
කෙසේනමුත් නදීෂ් ගැන ඔත්තු බැලීමට නුරායා මෙය අවස්ථාවක් කරගත්තා. එනිසයි ඈ රදීෂ්ගේ කුටියෙහි දොරටුව අඟුළු දමා හෝඩුවාවක් සොයාගැනීමට උත්සාහ කළේ. නමුත් කිසිවක් කල්පනාවට පැමිණෙන්නේ නැති තැන තමයි නුරායා ඔහුගේ කුටියෙහි වූ සෝෆාවෙහි අසුන්ගත්තේ. කෝපයෙන්ම එහි වූ විසිතුරු කොට්ටයක් ගෙන විසික් කිරීමට උත්සාහ කළත් එක්වරම නුරායාගේ කොන්දට දැනුනේ අපහසුවකි. එනිසයි ඈ අසුනෙන් නැගිට තම කොන්දෙහි ඇනුනේ කුමක්දැයි සොයා බැලුවේ. ඉතිං ඒ පෑනකි.
එය අතට ගත් නුරායා කෝපයෙන්ම එයත් පොළොවෙ ගැසීමට සූදානම් වුවත්, මොහොතකට ඇයගේ සිතට පැමිණුනේ අපූරු අදහසකි. එනිසයි නුරායා තම අත්වැසුමක් ගලවා දමා පෑනෙහි මතක බැලීමට උත්සාහ කළේ. දෙනෙත් ශ්වේතවර්ණීව යද්දී නුරායා තම දෙනෙත් වසාගෙන මුළු අවධානයම ලබාදුන්නේ පෑන වෙතටයි.
"සමාධි... මේ මොක්කද තමුසේ මට.. කලේ..." රදීෂ් එලෙස විමසනවා හොඳින්ම ඇසෙද්දී නුරායා තිගැස්සෙන්නට විය. රදීෂ් සහ සමාධි අතර තමා නොදැන සිදුවූව කුමක්ද?
"මම ඔයාට ආදරෙයි රදීෂ්... මම ඔයාට ගොඩක් කල් ඉදන්ම ආදරෙයි... අනේ අද මගේ වෙන්න... ඊටපස්සේ මේ හැමදේම හොඳින්වෙයි.. ආයේ එතකොට අපිට අතරට කවුරුත්ම එන එකක් නැහැ. අනේ අදට ඔයා මගේ වෙන්න..." සමාධි! නුරායාට ඒ වදන් විශ්වාස කළ නොහැකි විය. ඈ එවන් දෙයක් කරයි කියා නම් නුරායා හීනෙකින්වත් විශ්වාස කළේ නැත.
"අහකට යනවා ගෑනියේ... තමුන් කවුරු කියලා ද හිතන් ඉන්නේ? මොනාද මට මේ දුන්නේ කියනවා???"
"මම ඔයාට මොකුත් වැරදි දෙයක් දුන්නේ නැහැ රදීෂ් පොඩ්ඩක් මත්වෙන දෙයක් දුන්නා විතරයි... ඇයි ඔයා ඔහොම හැසිරෙන්නේ.. ඔය තරම් දෙයක් වෙන්න දෙයක් නම් දුන්නේ නැහැ මම..." එසේ නම් සමාධි විසින් රදීෂ්ව මත් කර ඇත. ඒත් මේ සියල්ල සිදුවූයේ කවදාද... කිසිවක් නුරායට නම් වටහාගත නොහැකිවිය.
"මේක අහගන්නවා.. තමුසේ... මොනා කරන්න හැදුවත්.. වැඩක් නැහැ... මම ආදරේ කරන්නේ නූර්ට විතරමයි!!! මගේ නූට විතරමයි... ආ..............හ්" නුරායාගේ හදවතට සතුටක් දැනුනේ ඒ වදන්වලටය. ඉතිං ඔහු කවදාවුවත් තමාට අවංකව හිඳ ඇත. නුරායා ඉතිරි මතකත් නැරඹූවේ හෝඩුවාවක් මේ අතර නම් ඇතැයි සිත කිව් නිසාය.
"අහකට යනවා..." නුරායා තිගැස්සුනේ ඒ හඬටයි. ඉතිං ඒ රදීෂ් නොවන බව හදුනා ගැනීමට ඇයට මහා වේලාවක් ගත නොවුනි.
"තමුසේ... තමුසේ..... මොනාද මේ කලේ ගෑණියේ?" එක්වරම සමාධිගේ උරහිස්වලින් අල්ලලා රදීෂ් ඇයව බිත්තිය දෙසට තල්ලු කලේ තරමක් වැනෙමින්මයි. ඒ තල්ලු කිරීම කොයිතරම් නම් තදින් සිදුවුණාද කිව්වොත් සමාධිගේ හිසත් තදින් බිත්තියේ වැදුනා. ඉතිං මෙතරම් දරුණුවන්නට රදීෂ්ට කෙලෙසකවත් නොහැක. විශ්වාසයි මේ නදීෂ් බව.
"තමුසේ... තමුසේ.. මේ රදීෂ්ව ද ඕයි මත් කරන්න හැදුවේ....????" ඉතිං හරිය. රදීෂ්ට කරදරයක් වූ බව දැනුන නිසායි නදීෂ් පැමිණ ඇත්තේ.
"අනේ..... රදීෂ්? තෝ වල් බැල්ලී..... තොගේ තියෙන වලත්තකමට යකෝ තෝ මේ රදීෂ් එක්කම නිදාගන්න ඇවිත් තියෙන්නේ පරට්ටි.. තෝ මොකක්ද ඒ කිව්වේ? තෝ අයිතිකරගන්නවා??? රදීෂ්ව? මේ කයිසර් ඇඩ්වටයිසින් එකේ අනාගත අයිතිකාරයාවම? තෝ වගේ පට්ට බැල්ලියෙක්ට නම් ඒක කරන්න මම ඉඩ තියන්නේ නැහැ යකෝ.... #$% ^&%$ #$%#%# %^$# #$%%$# ^%$^%#" නුරායා මතකයන්ගෙන් පිටතට පැමිණියේ වේගවත් හුස්මක් ද ගනිමිනි. එසේ නම් තමා හැර සමාධි ද එක්වරක් හෝ නදීෂ්ව හමුවී ඇත. ඒත් නුරායාට විශ්වාසයි සමාධි නදීෂ් පිළිබඳව නොදන්නා බව. එලෙස දන්නවා නම් ඈ ද මේ වනවිට අඩිහයක් පොළොව යට හුස්ම අහිමිව හිදිනු ඇත.
"එතකොට... ඌරි අක්කලාව මැරුවෙත්... දෙයියනේ.... නදීෂ් ඇයි ඔයා මෙහෙම කරන්නේ? ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ව මරලා දැම්මේ... මේ හැමෝම රදීෂ්ට ආදරේ කරපු අයනේ..." නුරායා හිසට අතක් තියාගත්තේ හිස ඇදුම්කන්නට වූ නිසාය.
"ඌරි අක්කා ගැන හෙව්වොත් සමහරවිට මේවට හේතුව හොයාගනන් පුළුවන් වෙයි... ඒත් මං කොහෙන්ද එයා ගැන හොයන්නේ? සාගර සර්ගෙන් අහන්නත් බෑ.. එයාත් එක වෙලාවකට නදීෂ් වගේනේ... ආ..! මධු අක්කා... එයා මෙහෙ ගොඩක් කල් වැඩ කළානේ.. සමහරවිට ඌරි අක්කා ගැන දන්නවා වෙන්න පුළුවන් එයා" නුරායා අවසන තීරණය කළේ මධුමිතාව කෙසේහෝ හමුවී මේ ගැන අසන්නටය. දැන් නම් දුරකතනයෙන් ඇමතීමත් බයානකය. මුළු නිවසටම කැමරා සවිකළ නදීෂ් හට තම දුරකතනයට හොරෙන් සවන්දීම එතරම් දෙයක් නොවේය.
。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。
දිනය පුරාම රදීෂ් සිටීම නුරායා හට ගෙනාවේ සැනසීමකි. ඉතිං කෙසේ හෝ තම නාහෙන් හඬා තම මායම් කීපයකුත් භාවිතා කර රදීෂ්ගේ අවසර රැගෙන නුරායා ගියේ මධුමිතාගේ නිවසටයි. නිවසෙහි විදුලි සීනුව නාදකරද්දීම රදීෂ් නුරායාගේ අතකින් තද කර අල්ලාගත්තේ ඇයට රිදෙන තරම් තදිනි.
"උඹ මොනාහරි පණ්ඩිත වැඩක් කරන්න ගියොත් මම උඹව ඉතුරුකරන්නේ නෑ හරිද? රදීෂ්ගේ ඇගේ මම ඉන්නවා කියලා මේ කාටහරි කියලා තිබ්බොත්... මම තෝව ඉවරකරනවා!" ඉතිං ඒ තර්ජනයෙන්ම නුරායා වටහාගත්තා මෙතෙක් වේලාවක් තමා සිදුකිරීමට සූදානම් ව සිටී සැලසුම උඩුයටිකුරු වූ වග. ඉතිං කෙසේද මොහුට හොරෙන් මධුමිතා හා කතා කරන්නේ?
"ආ... නුරායා නංගිලානේ මේ.. රදීෂ් මල්ලි.. එන්න එන්න ඇතුළට.." නිමේෂ් පැමිණ දොර විවර කර ඔවුන් දෙදෙනාටම නිවසට ආරාධනා කළේන් නදීෂ් එක්වරම නිවසට ඇතුළු වීමට හැදුවත් නුරායා ඉඟි කළේ සපත්තු ගලවන මෙන් ය. නදීෂ් සපත්තු ගලවන ඩිංගට නුරායා ගෙට දිව්වේ මධුමිතාව අල්ලාගැනීමේ අරමුණිනි. නදීෂ් නම් දත්මිටි කාගෙනම සපත්තු ඉක්මනින්ම ගැලවූයේ නුරායා තමාගෙන් ගැලවීමට දරන උත්සාහය ඉවෙන් මෙන් දැනීයි.
"මධු අක්කේ... ඉතිං කොහොමද?" නුරායා මධුමිතා අසලට දිවගෙන විත් හැරී බැලුවේ නදීෂ් දෙසයි. ඔහු ඇයට රවමින්ම ඔවුන් දෙසට පැමිණියත් එක්වරම නදීෂ්ට යාමට නොදී නිමේෂ් ඔහුව වැළැක්වූයේ නදීෂ් ඔහු දෙස පුදුමයෙන් මෙන් බලද්දීයි.
"දෝණිට තාම පිරිමි අයව හුරු නෑ රදීෂ් ඒ නිසා අපි මේ හරියෙන් ඉමු..." මධුමිතාගේ අතෙහි වූ වෙන්නිලාව දක්වමින් නිමේෂ් එලෙස පවසද්දී නදීෂ් සිත යටින් දැවුණේ කෝපයෙනි. නිමේෂ්ගේ කන හරහා පහරක් ගැසීමටම සිතුනත් ඔහු ඒ හැඟීම් යටපත් කරගෙන සිටියේ අපහසුවෙනි.
"මධු අක්කේ... මේ අහන්නකෝ..." නුරායා වේගයෙන් කතා කළේ හැකි ඉක්මනින් මධුමිතාගෙන් දැනගත යුතු තොරතුරු කීපයක් ම වූවෙනි.
"මොකෝ නුරායා මේ?" නුරායාගේ හදිසිය ගැන කිසිදු නිනව්වක් නොතිබුණු මධුමිතා විමසුවේ සිනාසෙමිනි.
"අක්කේ.. මට දැනගන්න ඕනේ සමාධි ගැන.. ඇයි සමාධි කයිසර් එකෙන් අයින් වුණේ?" නුරායා කෙලින්ම තම කතාව ආරම්භ කරද්දී මධුමිතා පුදුමයෙන් මෙන් නුරායා වෙතට හැරුණේ තම අතෙහි එල්ලී සිටී වෙන්නිලාව ද ඔඩොක්කුව මතට ගෙන පුටුවක අසුන්ගනිමිනි.
"නු...රායා.. ඇයි ඔයා එහෙම අහන්නේ? සමාධි..මේ..."
"අක්කේ මම හැමදේම දන්නවා... සමාධි රදීෂ්ට ඩ්‍රග්ස් දීලා ඒ කරන්න ගියපු හැමදේම මම දන්නවා.. Just tell me... ඇයි එයා ගියේ? මට ඒක විතරයි දැනගන්න ඕනේ..." නුරායාගේ දෑස්වල තිබුණු තියුණු බව නිසාම මධුමිතා කතාව ආරම්භ කළේ ඈ සියල්ලම දන්නා බව වටහාගෙනයි.
"මේකයි... සමාධි නංගි.. එයා එයාගේ වැරදි තේරුම්ගත්ත නිසයි එයා යන්න ගියේ... එයාට තේරුණා ඔයාලා දෙන්නා අතර ඉඩක් එයාට නෑ කියලා.. ඒ නිසා එයා කයිසර් එකෙන් වගේම මේ රටෙනුත් යන්න ගියේ රදීෂ් මල්ලිව අමතකම කරලා දාන්න" මධුමිතා පවසද්දී නුරායාගේ දෙබැම රැළි වූයේ යමක් වටහාගත නොහැකිවයි.
"එතකොට... එතකොට..න.. මං කියන්නේ.. රදීෂ් එයාට යන්න කියලා තර්ජනය කළේ නැද්ද?" නුරායා විමසුවෙන් මධුමිතා දෑතට හිස සැලුවා. "මං දන්න තරමින් නම් රදීෂ් මල්ලි එහෙම දෙයක් කිව්වේ නෑ නුරායා... එයාට එදා ඇල්කොහොල් ඇලජිවෙලා ගොඩක් අමාරුවෙන් හිටියේ... ඒ දේවල් කියන්න එයාට වෙලාවක් තිබුණේ නෑ" මධුමිතා පැවසුවෙන් නුරායා හිස සැලුවා. එසේ නම් එය සමාධිගේම තනි තීරණයක් වන්නට ඇති.
"අක්කේ... මට තව දෙයක් දැනගන්න ඕනේ ඔයාගෙන්... ඔයා මට කියන්න... රදීෂ්ගේ අක්කාව ඔයා හම්බවෙලා තියෙනවද කවදාහරි? උරේෂා අක්කාව" නුරායා විමසුවේ තීරණාත්මක හඩකිනි. බැරිවේලාවත් මධුමිතා ඈ පිළිබඳව නොදන්නෙහි නම් තමාට නැවත මුල ඉදන්ම සියල්ලම සොයන්නට වනවා ඇත.
"හ්ම්ම්... උරේෂා මැඩම් ගැන නම් මං දන්නවා.. ඒත් ඔයාට මොකටද කියන්නකෝ ඒවා..." මධුමිතා සිහින් සිනාවකින් ම නුරායා ඇමතුවේ සුහද කතාවක් ආරම්භ කිරීමට උවත් නුරායාට නැත ඊට වේලාවක්. නිමේෂ් සමඟ බොරු කතාවක් කරමින් සිටිනා නදීෂ්ගේ දෙනෙත් විටින් විට නුරායාට වැටී ඇත. තවත් මොහොතකින් ඔහු යාමට අවැසි බව කියනා බව නුරායා ඉවෙන් මෙන් වටහාගෙනයි හිටියේ.
"නෑ අක්කේ... එහෙම විශේෂයක් නෑ.. ඒත් මට එයා ගැන දැනගන්න ඕනේ.. ප්ලීස්... ඔයා දන්න දෙයක් තියෙනවා නම් කියන්න. මට ඒක ගොඩක් වැදගත්"
නුරායාගේ පෙරැත්ත කිරීමෙන් අවසන මධුමිතා සුසුමක් හෙළා තම කතාව ආරම්භ කළා.
"උරේෂා මැඩම් කියන්නේ රදීෂ් මල්ලි වගේ කෙනෙක් නෙවේ. ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.. එයා සල්ලිවලින් ඔළුව උදුම්මවා ගත්ත කෙනෙක් කියලාත් කියන්න පුළුවන්. හැබැයි.. මෙහෙමයි.. එයා කැමතියි නැති බැරි අයට උදව් කරන්න. හැබැයි එයාගේ යටතේ ඉන්න අපිට සැලකුවේ සත්තුන්ට වගේ.. ඒක පුදුම නපුරුකමක්. හැබැයි උරේෂා මැඩම් ගැන දන්න හැමෝම කියන්නේ එයාගේ හොඳ විතරයි. එයා කොච්චර නපුරුද කියලා හැමෝම හරියට දන්නේ නෑ. ඒත් මම සහ ඒ කාලේ ඉදන් කයිසර් එකෙ වැඩ කරපු හැමෝම දන්නවා එයාගේ හැටි. රදීෂ් මල්ලිට වුණත් එයාගේ කියලා සහෝදර බැඳීමක් තිබුණේ නෑ.. එයා පුදුමාකාර නපුරු ගෑණියක්.. එයා හරියටම සාගර සර්ගේ කපාපු පලුවක්. මම හිතන්නේ රදීෂ් සර් එයාගේ අම්මා වගේ.. උරේෂා මැඩම් සාගර සර් වගේ.. ඒකයි එයා එච්චරටම නපුරු. රදීෂ් සර්ගෙනුත් වැඩගත්තේ සතෙක්ගෙන් වගේ එයාට කවදාවත් තමන්ගේ සහෝදරයට වගේ සලකලා නෑ.. හැබැයි සමහර වෙලාවට නැති ආදරයකුත් පෙන්නුවා. මම එයා ගැන දන්නේ එච්චරයි. හැමෝම කිව්වා එයා ගොඩක්ම හොඳ වෙන්න ගත්තේ එයා බඳින්න හිටිය කෙනා හම්බුනාට පස්සේ කියලා. ඊටපස්සේ නම් එයා රදීෂ් මල්ලිටත් හොඳින් සැලකුවාලු. ඉස්සර කයිසර් එකේ ප්‍රසිද්ධ රහස් ඉතිං ඕවා. කොච්චර නපුරු වුණත් ඉතිං තමන්ගේ කෙනා ආවාම උරේෂා මැඩමුත් හොඳ වුණා. දැන් ඉතිං පේන්නැද්ද රදීෂ් මල්ලිත්. අර ඉස්සර යකා නැග්ග මිනිහා නෙවෙයිනේ. පතාගෙන එන කෙනා හම්බුණාම අර ඔක්කොම අවුල් ගති ඔතාගෙන යනවා ඉතිං" මධුමිතා සිනාසෙමින් පැවසුවත් නුරායා හට නම් සිනාසෙන්නත් අමතක වීයි තිබුණේ. එතකොට මෙතරම් කාලයක් රදීෂ් ආදරයෙන් කතා කළ උරේෂා, නොහොත් ඔහුගේ ඌරි මෙතරම් නපුරුයිද?
ඉතිං නුරායාට රදීෂ් පිළිබඳව දැනුනේ වේදනාවකි. මෙතරම් නපුරු තම සහෝදරියට ඔහු කෙතරම් නම් ආදරෙයි ද තවමත්. ඈව මතක් නොකරනා දිනයක් නැත. එසේනම්.. නදීෂ් ඇයවත් මරා දමන්නට ඇත.. ඒ ඇයගේ මෙම හැසිරීම නිසාද?
"මේ... අපි යං ද?" නදීෂ්ගේ හඬ ඇසීයි නුරායා පියවි ලොවට පැමිණියේ. ඈ හිස සලා නිමේෂ්ගෙන් සහ මධුමිතාගෙන් සමුගත්තේ නදීෂ් ද ඇයව අනුගමනය කරද්දීයි.
"බොන්න දෙයක්වත් දෙන්න බැරිවුණා" මධුමිතා පැවසුවත් ඔවුන් දෙදෙනාම ඈට සිනාවකින් සංග්‍රහ කර නිවසින් පිටවුණා.
"මොනාද තමුසේ අර ගෑණි එක්ක අච්චර කතා කළේ ආහ්?" නුරායාගේ අත තදින් අල්ලාගෙන නදීෂ් මිමිණුවේ මුවෙන් නම් සිනාසෙමිනි.
"එයාලාගේ දුවව බේරගත්ත විදිහ කිව්වේ.. නඩුවෙන්..."
"ඒ ඕපාදූප මොකටද තමුසෙට?"
"ඕනේ නිසා! ඔයාට වැඩක් නෑනේ!" නුරායා පැවසුවේ මුරණ්ඩු හඬකිනි. ඔහුට යටත් වී සිටින්නට සිටින්නට නදීෂ් නටනවා වැඩිය.
"තමුසේ නටනවා වැඩියි හරිද? මං ගැන එක කෙළ බිඳක් එකෙක්ටවත් කියලා තිබ්බොත් එහෙම... මම තමුසෙව ඉතුරු කරන්නේ නෑ!"
"අනේ වැඩේමනේ... මම පැය විසිහතරෙම තමුසේ ගැන හිත හිත ඉන්නවා කියලා හිතනවා නම් නදීෂ් ඒක තමුසෙගෙ හිතින් අයින් කරගන්නවා. මට තමුසෙට වඩා හිතන්න ප්‍රශ්න තියෙනවා මෙතන" නුරායා නදීෂ්ගේ අත ගසා දමා ඉදිරියට ඇවිද ගියේ මහත් කෝපයෙනි.
"මේකි යකෝ! මේකිට මොන ප්‍රශ්නද තියෙන්නෙ මේ අස්සේ!?" නදීෂ් තනිවම තම අත මිට මොලවාගෙන පහරක් එල්ලකරගත්තේ තම පාදයකටමයි.
🖤⚡🌙⚡♥️
Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]