සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

129

54 4 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
129

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

පෙර දින සේපාලිකාත් සමඟ පන්සල් ගියත් මීළඟ දිනය වූ ඉරිදා දිනත් ජනිත් ඇදුනේ අරවින්දගේ නිවසටයි. ඒ අරවින්දගේ ඇමතුමකට අනුවයි.

"අවුලක් නෑ නේ ජනිත්? මං නිශා එක්ක පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්?" අරවින්ද විමසුවේ ජනිත් තම හිස්වැසුම ගලවා නිවසෙහි පුටු සැටියෙහි අසුන්ගනිද්දීයි. දැන් ඔහුට එයත් ඔහුගේ නිවසක් මෙනුයි දැනුනේ.

"අවුලක් නෑ බං... ඒත් ලොකූවයි, පොඩීවයිත් එක්කගෙන යන්න තිබ්බා නම් හොඳයි නේද අයියේ?" ජනිත් විමසුවේ නිතරම සේපාලිකා සහ අරලියා නිවසෙහිම සිටීම නිසා, ඔවුන් දෙදෙනාටත් විවිධත්වයක් අවැසි වූ බව සිතුනු නිසයි.

"හ්ම්ම්... එක්කන් නම් යන්න ඕනේ තමයි.. ඒත් සුදූ එච්චර හොඳින් නෙවෙයි ඉන්නේ ජනියා මේ දවස්වල.. ඔක්කෝටම කලින් එයාගේ හිත හදලා ඉන්න ඕනේ.. ඊටපස්සේ අපි කට්ටියම එලියට ගිහින් එමු.." ජනිත්ගේ උරහිසකටත් තට්ටුවක් දමා අරවින්ද එලෙස පැවසුවේ තම කමිසයේ අත් නවමිනි. ජනිත් ඔහු දෙස බලා සිටියේ ආඩම්බරයෙන් සිනාසෙමිනි. ඔහු නිතරම තම අවධානය අවශ්‍යම තැන කොතනදැයි දනී. මුලින්ම කළ යුත්තේ කුමක්දැයි දනී. සෑම දේම නිවැරදිව, වගකීමෙන් කරන්නට ඔහු හොඳින් දනී. ඉතිං තමාට කවදාකවත් ඔහු මෙන් විය නොහැකිය. නමුත් ඒ තරම්වත් වගකීම් සහගත වීමට උත්සාහ දැරිය යුතු බව ජනිත් තමාටම සපත කර ගත්තා.

"මං යනෝ එහෙනම් හොදේ.. අන්න ලොකූ කාමරේ පාඩම් කරනවා.. පොඩී නම් නිදි.. ඇහැරවන්න එපා එයාව.. රෑ පුරාම පාඩම් කරලා ඉන්නේ ළමයා..." අරවින්ද උපදෙස් දී පිටවයද්දී ජනිත් හට තමන් පිළිබඳව ම දැනුනේ තරමක ආඩම්බරයකි. අරවින්ද යනු කිසිවෙකු සමඟ තම නැගනියන්ව දමා යන්නෙකු නොවේ. නමුත් ඔහු තමා භාරයේ මෙලෙස තම නැගණියන්ව දමා යාමට තරම් තමාව විශ්වාස කිරීම ගැන ජනිත් හට දැනුනේ තරමක ආඩම්භරයකි. අරවින්ද ගිය සැනින් කුටියෙන් පිටතට පැමිණියේ සේපාලිකායි.

"කාලා ද ඉන්නේ අයියේ?" ඈ සියල්ලට ම ප්‍රථමයෙන් විමසුවෙන් ජනිත් හිස සලා අත පය දිග හැර අසුන්ගත්තේ පුටු සැටියේයි.

"අයියා පොඩීට ඇහැරවන්න එපා කිව්වා.. රෑ වෙනකම්ම පාඩම් කළා කියලා.." ජනිත් අරවින්ද පැවසූව නැවත කියන්නට වූවා.

"හ්ම්ම්ම්... එයා හෙනට පාඩම් කරනවා තමයි. අයියත් එහෙනම් ඇහැරිලා ඉන්න ඇත්තේ.. එයා අපි පාඩම් කරන දවස් වලට විටින් විට ඇවිත් අපිට තේ , කෝපි හදලා දෙනවා" සේපාලිකා පැවසුවේ ජනිත් හට ඉදිරිපසින් වූ පුටුවෙහි අසුන්ගනිමිනි.

"ඔයා පාඩම් කළේ නෑ?"

"නෑ අයියේ එක්සෑම් ළංවෙලා රෑවෙලා පාඩම් කරන්න එපා කියලා අපේ ක්ලාස් එකේ සර් කිව්වා.. එතකොට එක්සෑම් එක වෙලාවටත් නිදිමත එන්න බලන නිසා. ඒ නිසා මම දැන් පුළුවන් තරම් දවල්ට පාඩම් කරන්නේ" ජනිත් හිස සැලුවා පමණි. එයත් ඇත්තය. නැතිනම් ඇයට පාඩම් කරන්නට බල කර අවසානයේ විභාගයේදී නිදාගත්තොත් තවත් එකකි.

"ඒක නෙවෙයි අයියේ..." සේපාලිකා පටන් ගත්තේ අලුත් කතාවකි. ඒ ඈ බොහෝ දිනක පටන් ඔහුගෙන් අසන්නට සිටී දෙයකි. නමුත් ඊයේ පන්සල් ගිය පසු එය ඇසීමට යැයි තව තවත් සිත පැවසූවා. ජනිත් දෙනෙත්වලින්ම සන් කළ බැවින් සේපාලිකා කතාව ආරම්භ කළා.

"ඔයා ක්‍රිස්තියන් ද?" ඈ විමසුවේ තම අතක් ද කසන ගමන් හොරැහින් ඔහු දෙස බලමිනි.

"මම? නෑ.. ඇයි?" ඔහු විමසුවේ විමතියෙනි.

"නෑ.. ඉතිං.. ඊයේ ගිහින් හරියට වැන්දෙත් නෑනේ... අනික නමෙත් දිමිත්‍රි කියලා කෑල්ලක් තියෙනවා" ඈ පැවසුවේ කටකාරියක විලසිනි. ජනිත් සිනාසුනේ ඊටයි.

"මං ඉතිං.. වැඩිය පන්සල් යන කෙනෙක් නෙවේ... ඔයා එක්ක නිසා ගියේ... ඒ ගියෙත් අවුරුදු ගාණකට පස්සේ..." ජනිත් පැවසුවේ ගාණකට නොගෙනයි.

"එතකොට.. දිමිත්‍රි කියලා කෑල්ලක් ඇයි නමේ තියෙන්නේ?" තවත් පැනයකි. සැබැවින්ම ඔහුගේ නම ඇයට සෑම විටම පැනයක් වූවා.

"හ්ම්ම්ම්... ඒක නම් ටිකක් පරණ කතාවක්" ජනිත් පැවසුවේ සුසුමක් හෙළමිනි.

"අනේ.... කමක් නෑ කියන්නකෝ... මට දැනගන්න ඕනේ...." ඈ හරිබරි ගැසී තම අසුනේ ඉදගත්තේ ඔහුගේ කතාව අසනන්ට වූ ආසාව නිසයි. එය රසවත් කතාවක් වන බව නම් ඇයට සැකයක් නොවූවා.

"හරි... හ්ම්ම්... කියන්නම්කෝ.. මෙහෙමයි... ඔන්න එකෝමත් එක දවසක... එකෝමත් එක හැන්ඩ්සම් කොල්ලෙක් ඉපදෙනවලු..." එලෙස පවසා ජනිත්ම සිනාසුනේ සේපාලිකාගේ වතට වූ විපර්‍යාසය දුටු නිසාය.

"හරි හරි... ඔන්න ඉස්සර අපි ගොඩක් දුප්පත් ලු... හොඳද.. ඒ කාලේ අපේ තාත්තා වැඩ කරලා තියෙන්නේ සුද්දෙක්ට අයිතිවෙලා තිබ්බ මැණික් පතලක ලු.. ඉතිං කොහොමහරි ඒ කාලේ ඒ කියන සුද්දා නිවාඩුවක් ගත කරන්න ලංකාවට ඇවිත් ඉදලා තියෙනවා.. එතකොට අම්මාට මාව හම්බවෙන්න ඉඳලා.... ඔය කියන සුද්දාගේ වයිෆ්ටත් බබෙක් හම්බෙන්න ඉදලා තියෙනවා.. ඉතිං කොහොමහරි එකමත් එක වැස්ස දවසක... අම්මලා දෙන්නටම ගොඩක් අමාරුවෙලා තියෙනවා.. ඉතිං... මම කලින් කිව්ව සුද්දා එයාගේ වාහනෙන් එයාගේ නෝනාව හොස්පිටල් අරගෙන යන්න හදද්දීම වගේ මගේ අම්මාට මාව හම්බෙන්න අමාරුවෙලා තියෙන නිසා... එයා අම්මවත් එක්කගෙන ගිහින්... එයාලා කියන විදිහට එදා අම්මලා දෙන්නටම ගොඩක් අමාරුවෙලා. කොහොමහරි හොස්පිටල් ගියාට පස්සේ අම්මලා දෙන්නවම එකට ලේබර් රූම් එකට අරගෙන... ඒත් එතනදී සුදු අම්මාගේ බබා නැතිවෙලා තියෙනවා.. ඒත් මම විතරයි ඉතුරුවෙලා තියෙනවා... ඉතිං.. එතන හිටිය හැමෝම කිව්වලු මම ගොඩක් වාසනාවන්ත බබෙක් කියලා.. මොකද අම්මාට ඒ තරම්ම අමාරුවෙලත් මම බේරිලා තියෙන නිසා.. ඉතිං.. අර කිව්ව සුදු මහත්තයා... එයාලාගේ බබා නැතිවුනාට දුකින් හිටිය නිසා මට එයාලාගේ බබාට දාන්න හිටිය නම දාලා.. අපේ අම්මලාත්, ඒ වෙලාවේ අම්මව හොස්පිටල් එකට ගෙනල්ලා කරපු ඒ උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට හිතලා ඒකට කැමතිවෙලා. කොහොමත් ඉතිං අකැමති වෙන්න හේතුවක් නෑනේ.. අපේ සීයා තමයි මැද්දෙන් පැනලා ඇඩ් දෙක තුනක් දාලා තියෙන්නේ සිංහලයාගේ නම රැක ගමු වගේ ටෝක් දීලා..." සේපාලිකාගෙන් ඊට නම් ජනිත්ට ලැබුණේ පහරකි.

"අර බලන්න... සීයට කියන ඒවා..." ඈ ද සිනාසුණ ද එලෙස මිමිණුවා.

"ඉතිං ඇත්තනේ යකෝ කියන්නේ... කොහොමහරි මගේ නමේ තේරුම "දිමිත්‍රි ඉපදුණා" වගේ එකක්... ඉතිං... හරියටම කිව්වොත් අර මම කිව්ව සුද්දයි, සුද්දියි... එයාලා මගේ දෙවෙනි අම්මායි තාත්තායි වගේ මාව බලාගන්නවා... අදටත්..." සේපාලිකා ඔහු දෙස බලා සිටියේ විසල් දෑස්වලිනි. ඈ එවන්නක් බලාපොරොත්තු නොවූවා.

"මොකෝ? ආ... කොහොමහරි මම නිසා තමයි අපේ ගෙදරට වාසනාව ආවේ... එයාලා හැමවෙලේම මට එහෙම කිව්වා... අනික එහෙම සැලකුවා. හැබැයි ඒක නම් ඇත්ත... හා නැද්ද? මං හෙන වාසනාවන්ත කොල්ලෙක් හරිත නංගි... දැන් ගිහින් මට තේකක් හදාගෙන එන්න හොඳ ළමයා වගේ... කතන්දර කියලා කියලා උඟුරත් වේලිලා ගිහිල්ලා වගේ..." සේපාලිකා දෑතට හිස වනමින් මුළුතැන්ගෙට පිවිසුණේ ඔහු පැවසූ කිසිවක් විශ්වාස කළ නොහැකි තරමේ කතන්දරයක් වූ නිසයි.

"ෂුවර් එකට බොරු බේගලයක් වෙන්නැති.. කොයි වෙලාවෙත් විහිළුනේ ඉතිං..."

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"ආ... ඔයා ආසයිනේ?" අරවින්ද නිරාශාගේ අතින් තැබුවේ කඩදාසි මල්ලකි. කඩදාසි මල්ල පුරා වූ තෙල් පැල්ලම් වලින් මෙන්ම ඉන් හැමූ සුවදින් ද ඒ කුමක්දැයි හඳුනාගැනීමට ඈට මහා වේලාවක් ගත වූයේ නැත. "අනේ... අයියේ... මං ආසම ඒවා... " ඈ ගත් කටටම කටේ ඔබා ගත්තේ ඉස්සෝ වඩයකි.

"ඔ..ඩා..ට..ට්.. ඕ...නේඩ?" මුව පුරා වඩය පුරවගෙන ඈ විමසුවේ ඔහු දෙසට කඩදාසි මල්ල ද දිගු කරමිනි. නමුත් ඔහු හිස සලා එය ප්‍රතික්ෂේප කළෙන් නිරාශාගේ වත තවත් සතුටින් පිරිණ. ඉතිං ඒ ඉස්සෝ වඩේ මල්ලම ඇයගේ ය. කිසිදු තහනමක් නොමැතිව ඈ වඩේ මල්ලට වග කියන්නට වූවා. "ආ..." ඈ වඩේ සිරකරගනිද්දී ඔහු ඈ දෙසට දිගු කළේ ස්ප්‍රයිට් බෝතලයකි. ඈ ඔහුට සිනාසී එය බීමට ගත්තේ, එක දිගට වඩේ කෑ නිසා උගුර වේලි තිබුණ නිසාය.

"අයියේ ඔයා නිකං අර ෆිල්ම්ස් වල ඉන්න කොල්ලෙක් වගේ... මම දැක්කේ නෑනේ ඔයා ගාව බීම බෝතලයක් තියෙනවා ඔයා දෙනකම්ම.." ඈ කියවද්දී ඔහු තමා ඉදිරියේ කරණම් ගහන මුහුදු රළ දෙස බලාගෙන සිනාසුනා. "ඇත්තමයි අයියේ මම කියන්නේ..." ඈ නැවත වතාවක් පැවසුවේ ඔහු තමා විශ්වාස කළේ නැතයි සිතුනු නිසාය.

"මේ... තව කොහෙද යන්න ඕනේ?" ඔහු විමසුවේ මහා සුළඟට විසිරී ගිය ඇයගේ කොන්ඩ ගස් පිළිවෙල කරමිනි.

"තව කොහෙවත් ඕන්නෑ අනේ... මේ ඇති... මම ආසයි බීච් එකට ගොඩක්.. අපි රැල්ල පාගමු? ඊටපස්සේ අයිස්ක්‍රීම් කමු.... ඊටපස්සේ ආයෙත් අයික්‍රීම් කාලා ඔයාලාගේ ගෙදර යමු?" ඈ විටෙක කල්පනා කරමින්, විටෙක තාලකට අදිමින් පැවසුවෙන් අරවින්ද ඈ දෙසම බලාසිටියේ සිනාසෙමින්. "දෙපාරක් අයිස් කනවද ආහ්?" යාන්තමට ඇයගේ කන්පෙත්තක් මිරිකමින් ඔහු තරවටු කළෙන් ඈ සුරතල් ලෙස සිනාසුනා. "අනේ.. ඉතිං.. හැමදාම කන්නේ නෑනේ... අද විතරයිනේ..." අහිංසක අයුරින් ඈ පිළිතුරු බැන්නා.. "අද විතරක් නෙවෙයි.. ආයි දවසක එමු.."

"අනේ.. ඔය ඇත්තමද?" ඈ විමසුවේ උද්‍යෝගයෙනි. ඔහු හිස සැලුවෙන් ඈගේ සතුට දෙගුණ තෙගුණ විය.

"අනේ.. අයියේ.. රැල්ල පාගමුකෝ.." වඩේ මල්ලම කෑ නිරාශා ඇවටිලි කළෙන් අරවින්ද ඇයගේ දෙපා අසලට නැවී ඇයගේ පටි සහිත පාවහන ගැලවීමට ගත්තේ, සිදුවූ දෙයින් මවිතව නිරාශා නැවත වතාවක් ඔහු දෙසම බලාසිටිද්දීයි. ඇයගේ දිගු කලිසම ද තරමක් උඩට නමා, තම පාවහන් ද ගලවා අතකට ගත් අරවින්ද, නිදහස් අතින් නිරාශාගේ කුඩා අත තම විසල් අතට මැදි කරගත්තා.

මීළඟට ඇරඹුණේ නිරාශා සතුටින් කෑ ගසමින් විනෝද වූ පැයකටත් වැඩි කාලයයි. ඈ මුහුදු රළ සමඟ හරි හරියට සෙල්ලම් කළේ තමා වටේ සිටින්නේ කවුරුන්දැයි කියාවත් නිනව්වක් නොමැතිවය.

"ඇති නේ සුදූ... ඔය බලන්න... මහන්සියට මූණත් රතුවෙලා... අනික කොන්ඩේ ගන්න දෙයක් නෑ.. ගෙදර ගිය ගමන් හොඳට නාන්න ඕනේ හොඳද?" ඇයට තරවටු කොට අපහසුවෙන්ම නිරාශාව මුහුදෙන් ගොඩට ගත් අරවින්ද, ඇය වෙතට නැවී පාවහන් පළඳවන්නට වූයේ නිරාශා ඔහුගේ උරහිසකට අතක් තබාගෙන සමබරව ඉන්නට උත්සාහ දරද්දීයි. ඇයගේ දිගු කලිසමද පෙර පරිදිම සැකසූ ඔහු, තම පාවහන්ද පැළඳගෙන නැවත වතාවක් ඇයගේ අතක් අල්ලාගත්තේ දැන් නම් යාමට වෙලාව වූ නිසයි. උදෑසනම ඈ සමඟ චිත්‍රපටයක් නරඹා, මුහුදු වෙරළට ආ ගමන්ය මේ. ඉතිං හවස් වී ඇත.

"දැන් නම් කෙලින්ම ගෙදර හොඳද?" නිරාශාට තරවටු කරමින්ම අරවින්ද ඇවිද ගියේ තම යතුරුපැදිය නැවතූ ඉසව්ව කරායි. නමුත් එක්වරම ඔහුගේ පපුවට එල්ල වූ පා පහරකින් අරවින්ද මෙන්ම නිරාශා ද පසුපසට විසිවී ගියේ එකටමයි. එම පහරේ වේදනාවෙන් තම පපුව අල්ලාගත් අරවින්ද තමා ඉදිරියේ වූ පුද්ගලයා වෙතට අවධානය යොමු කළේ කෝපයෙන් ඇහිබැමකුත් ඔසවමිනි. නිරාශා නම් අරවින්දගේ පිටුපස සිට ඔහු දෙස බලා සිටියේ භීතියෙනි.

"කවුද තමුසේ? පාඩුවෙ යන මිනිස්සුන්ට ගහන්නේ!" ඔහු කෝපයෙන්ම විමසුවේ නිරාශාගේ අත ද තදින්ම අල්ලාගෙනය.

"අනේ.. අයියේ... මේ අර මිනිහා... මම..හ් ඔයාට.. කිව්වේඑ... අර.. මා..ව.. බලන්න.. ආවා.. කියලා..." නිරාශා මිමිණුවේ දෝතින්ම අරවින්දව අල්ලාගනිමිනි. නමුත් අරවින්දගේ කෝපය තව තවත් වැඩි වූයේ එය ඇසීමෙනි.

"උඹ!" ඔහු කෝපයෙන් දිනුක වෙත යාමට සැරසුනත්, නිරාශා ඔහුගේ අත අල්ලාගත්තේ හඬමිනි. දිනුක සිටියේ අරවින්දගේ යතුරුපැදියට හේත්තු වී අසුන්ගෙන චුවින්ගම් එකකුත් හපමිනි. ඔහුගේ මුවෙහි රැදී තිබුණේ සමච්චල් සිනාවකි. විටින් විට නිරාශා වෙතට ඇදුනු ඔහුගේ බැල්මයි අරවින්දව තව තවත් කෝප ගැන්වූයේ.

"මොකද? උඹේ කට වැහුනද?" දිනුක අරවින්දගේ යතුරු පැදියෙන් මෑත්ව අල්ලාගත්තේ අරවින්දගේ කමිස කොලරයෙනි.

"ඇයි උඹ මොකද කියන්නේ ආහ්? උඹට මොනාද වෙන්න ඕනේ?" අරවින්ද ද අතෑරියේ නැත.

"ඕහ්.. මට පේන්නේ.. බබාට අමතක වෙලා වගේ කියන්න.. ඒයි..., අමතක වුණාද කියන්න ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ට මම කිව්ව හැමදේම?" දිනුක එලෙස විමසුවේ නිරාශා දෙස බලා දෑස් ඉඟි කරමිනි. ඈ මෙතරම් වේලාවක් දෙනෙත්වල අලවාගෙන සිටී කඳුළු පොකුරු පිටින් කඩා හැලුනේ ඇයගේ කොපුල් නාවමිනි.

"අනේ.. අයියේ...." නිරාශා හඬමින්ම අරවින්දව ඇද්දේ තමා වෙතටයි.

"ආ.... ඒ කියන්නේ කියන්න අමතක වෙලා..." දිනුක නැවත වතාවක් සිනාසුනේ සමච්චලයෙන් මෙන් අරවින්ද දෙස බලමිනි.

"මොනාද සුදූ මේ මේකා කියන්නේ?" අරවින්ද විමසුවේ නිරාශාගේ සුරතින් අල්ලාගෙනයි.

"අනේ.. අයියේ... එයා... එයා..." නිරාශා ගොත ගසන්නට ගත්තේ අරවින්ද කෝපගෙන ඇති බව වැටහීයි.

"ආ... මහන්සිවෙන්න එපා බබා.. මම කියන්නම්... මොකක්ද බ්‍රෝ ඔයාගේ නම? අරවින්ද නේ? okay okay.. cool down Aravinda.. මේකයි... ඔයා දන්නවා ඇතිනේ මගේ අංකල් කවුද කියලා.. මිස්ටර් රණ්දෙනිය.. ඉතිං.. ඔයාලා දෙන්නාම එකතුවෙලා මගේ අංකල් ව කයිසර් එකෙන් පන්නපු එකේ පලිය ගන්න හොඳම ක්‍රමය මොකක්ද කියලා ඔයාලාටත් දැනටම තේරිලානේ ඇත්තේ... ඉතිං අරවින්ද... තමුසෙට මේ කරදරෙන් බේරෙන්න ඕනේ නම්, කෙල්ලව මට දීලා පැත්තකට වෙලා ඉන්නවා.. මමයි , මගේ අංකලුයි මේකිට හොඳට සලකන්නම්... ඒ අතර ඉතිං උඹටත් ඕන්නම් ඇවිත් සැපක් ගනින් බ්‍රෝ.. අවුලක් නෑ.. හැබැයි... පුරුද්ද...ක්" දිනුකට තවත් කිසිවක් කීමට ඉඩ නොලැබුණි. අරවින්දගේ තද බල මුෂ්ටි ප්‍රහාරයක් දිනුකගේ මුව හරහා වැදුනේ ඔහු විසිවී බිම වැටෙද්දීයි.

"මොකක්ද උඹ කිව්වේ.. බල්ලෝ....!!" අරවින්දගේ හඬ මුහුදේ හඬ ද පරයා ඇසෙන්නට තරම් ප්‍රබල විය.

"අනේ අයියේ..." නිරාශා ඔහුගේ අතෙහි එල්ලුන ද අරවින්ද ඈ දෙසට හැරුණේද පෙර වූ කෝපයෙන්ම ය.

"මගෙන් මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්නවා සුදූ... මට තරහ ගියාම කොහොමද කියලා තමුසේ දන්නවනේ?" අරවින්දගේ ස්වරය බියකරු විය. එනිසයි යුවතිය ඉකි ගසමින්ම ඔහුව අල්ලාගෙන සිටී අත මුදාහැරියේ.

"උඹ...හ් උඹහ් මොකක්ද කිව්වේ..." අරවින්ද බිම වැටී සිටී දිනුකට පා පහරක් ද එල්ලකරගෙන තම සුරත මිට මොලවා ඔහුගේ මුහුණට තවත් පහරක් එල්ල කළේ කෑ ගසමිනි.

අරවින්දගේ පහරවල් හමුවේ, දිනුකගේ දෙතොල් පැලී ලේ ගලන්නට විය. ඔහු ලේ ගලන දෙතොල් දිවෙන් තෙමා කෙළ ගැසුවේ සිනාසෙමිනි.

"කිව්වේ ද? කිව්වේ උඹේ ගෑණිව අපි වේ-යක් වගේ අපි ළඟ තියාගන්නවා කියලා..." දිනුක සිනාසෙමින්ම අරවින්ද දෙස බලා එලෙස පැවසුවේ උමතුවෙන් මෙනි.

අරවින්දගේ දෑස් පවා කෝපයෙන් රතු වී ගියේ ඒ මොහොතේයි.

"මොකක්ද තෝ කිව්වේ..... තෝ.....ව මං මරනවා දැනගනින්....." අරවින්දගේ අත වේගයෙන් දිනුකගේ මුහුණ පුරාම පහර පිට පහර එල්ල කළේ දිනුක නම් ලේ පෙරාගෙනත් උමතුවෙන් මෙන් සිනාසෙද්දීයි. ඔහුගෙන් ද තද බල පහරක් අරවින්දගේ මුහුණට වැදුනෙන් අරවින්දගේ කෝපය දෙගුණ තෙගුණ විය. දත්මිටි කාගත් අරවින්ද දිනුකගේ නාසයට තද බල පහරක් එල්ලකළේ මෙවර නම් දිනුකගේ දෙනෙත්වලින් කඳුළු පනිද්දීයි.

"උඹේ නංගිලා දෙන්නවත්... මම මගේ හොර ගෑණු කරගෙනයි නවතින්නේ... බල්ලා.... අන්න ඒක දැනගනින්..." දිනුක ද කෑ ගසන්නට වූයේ ප්‍රතිප්‍රහාර එල්ල කරමිනි.

"තෝ... බල්ලා.. මම මරලා දානවා තෝව අද...." අරවින්ද දිනුකට පහර පිට පහර දී අවසන ගෙල මිරිකන්නට වූයේ, තව තවත් දත් මිටි කමිනි.

"අනේ.... අයියේ... මේ මිනිහා මැරෙයි.... අනේ... අයියේ... අතාරින්න..." නිරාශා තවත් බලා නොසිට අරවින්දගේ උරෙහි එල්ලුනත් ඇයව විසිවී ගියේ අරවින්ද ඇයව ගසා දැමූ නිසයි. විසිවී ගොස් බිම වැටුනත් නිරාශා නැවත වතාවක් අරවින්දගේ කරෙහි ම එල්ලුනේ ඔහුව නවතන අටියෙනි.

"ඇයි...? උඹට මූට ගහද්දී දුකයි ද ආහ්?!" එක්වරම නිරාශාගේ අත් ගොබයකින් අල්ලා අරවින්ද සැරෙන් එලෙස ඇසුවෙන් නිරාශා ගල් වී ගියා. එවන් වදනක් ඈ අරවින්දගෙන් බලාපොරොත්තු නොවූවා. ඈ ඉකිගසමින් හඬන්නට ගත්තේ බිම වාඩිවීයි. ඔවුන් දෙස අහල පහල වූ මිනිසුන්ගේ අවධානය බොහෝ වේලාවක පටන් ලැබුණත්, තරුණයන්ගේ රණ්ඩුවට මැදිහත් වීමට කිසිවෙකුත් කැමති වූයේ නැත. නමුත් නිරාශා මහා හඬින් හඬන්නට ගත් පසුව නම් මිනිසුන් වටවී අරවින්දව දිනුකගෙන් ඉවත් කරන්නට වූවා.

"පලයන් දැන් ඉතිං!" අරවින්ද නැවතත් පා පහරක් දිනුකට ගසායි ඔහුගෙන් ඉවත් වූයේ.

"තමුසෙලාට වෙන වැඩ නැද්ද පාරේ රණ්ඩුවෙන්නේ?"

"රස්තියාදුකාරයෝ... මේ ගෑණු ලමයිටත් පිස්සුනේ මෙහෙම උන් එක්ක යාළුවෙන්නේ"

"මේ පිස්සොන්ගේ රණ්ඩුවලට අපිටත් මැදිහත් වෙන්න වුණා"

මිනිසුන්ගේ කියවිල්ල අවසන් වූයේ නැත. අරවින්ද සිටියේ ඊටත් කෝපයෙනි. ඔහු නිරාශා වෙතට එක් බැල්මක් හෝ පා නොකර තම කලිසම් සාක්කුවෙන් දුරකතනය අතට ගත්තේ පෙර කෝපයෙන්මයි.

"හෙලෝ.. ජනියා... "

"............................................."

"උඹ ගෙදර නේ?"

"............................................."

"හරි බං, මං එනකම් කෙල්ලෝ දෙන්නාව බලාගනින් පරිස්සමට... මොකෙක්හරි එකෙක් ආවොත්... කුස්සියේ කැත්ත ඇති උඹ බය නැතුව දමලා ඇරපන්.. වෙන දෙයක් මං බලාගන්නම්..."

"............................................."

"කිව්ව දේ කරපන් දැන් තියපන්.. මං එනවා"

"............................................."

"මේ ඉන්නේ.. හරි තියපන්.. මං දැන් එනවා"

අරවින්ද දුරකතන ඇමතුම අවසන් කළේ කෝපයෙනි.

"ඇවිත් නගිනවා!" නිරාශා තිගැස්සී ගියේ ඔහුගේ ස්වරයටයි. ඔහු මෙතරම්ම නපුරු ලෙසින් තමන්ට කෙදිනකවත් කතා කොට නොමැත. අරවින්ද තම යතුරුපැදියට නැග කෝපයෙන් එය රේස් කරන්නට ගත්තෙන් නිරාශා කරබාගෙන විත් ඊට නැගුණේ දෑස්වලින් හෝ හෝ ගා කඳුළු කැට වැටෙද්දීයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මූව නම් ලේසියෙන් අතෑරලා හරියන්නේ නෑ" ජනිත් කෝපයෙන් පහරක් ගැසුවේ අසුන්ගෙන සිටී සැටියටයි. ඔහු ඉදිරිපිට අසුන්ගෙන සිටියේ අරවින්දයි. නිරාශා ද අරවින්ද අසලින්ම අසුන්ගෙන, දිනුකට පහරදීම නිසා තුවාල ව තිබූ ඔහුගේ අත උණුවතුරින් තවමිනුයි සිටියේ. සේපාලිකා බිත්තියකට හේත්තු වී සිදුවන දේවල් තේරුම්ගැනීමට උත්සාහ දරමින් ඈ අසලටම වී සිටී අරලියාව ද සනසවමිනි. අරවින්ද නිවසට පැමිණ සිදුවූ දේ කියූ සැනින් යුවතියන් දෙදෙනා ම බිය වූයේ චුට්ටක් නොවෙයි. ඔවුන් දෙදෙනාට මෙලොව ඉතුරු වී සිටින එකම සහය වන සහෝදරයාට පහර දී ප්‍රශ්නයක් ඇති කිරීමට තරම් අයෙක් සිටීම ගැන තරුණියන් දෙදෙනාම වූයේ කම්පනයකිනි. දන්නා පමණින් තම සහෝදරයා කෙදිනකවත් අනෙකෙකු හට නපුරක් නම් නොකරන කෙනෙකි.

"තමුසෙට ඌත් එක්ක නටන්න ඕනේ නිසාද මට මේවා කලින් කිව්වේ නැත්තේ ආහ්?" එක්වරම අරවින්ද මහා හඬින් කෑ ගෑවේ නිරාශා හටයි. ඈ ඔහුගේ ලේ පිරුණු අතැඟිලි උණුවතුර තුවායෙන් පිහදාමින් සිට තිගැස්සුනේ අරවින්දගේ ස්වරයටයි.

"අනේ... ම...ම...."

"කටවහපන්! එනවා මෙතන තව නිදහසට කරුණු කියන්න! ඌත් එක්ක නටාගන්න ඕන්නම් , නටාගනින් ගිහින්.. පලයන් යන්න අහකට..." තම අත තවමින් සිටී ඇයව ඔහු ඒ අතින්ම තල්ලු කර දැමුවේ නිරාශාව පුටුසැටියේ කොනක වදිද්දීයි. ජනිත් සහ සේපාලිකා මුහුණින් මුහුණ බලාගත්තත් කිසිත් නොපැවසුවේ ඔවුන්ගේ ප්‍රශ්න මැද්දට පනින්නට බැරි නිසාය. එමෙන්ම ජනිත්ට අනුව සැබැවින්ම නිරාශා කළේ වරදකි. මොහොතක් අරවින්ද දෙස බලා සිටී නිරාශා, සේපාලිකාගේ සිරුරෙහි ද වැදීගෙනම දිව ගියේ මුළුතැන්ගෙහි පඩිය වෙතටයි. උළුවස්සට ඔළුව තියාගෙන ඈ හඬන්නට ගත්තේ පපුවත් අල්ලාගෙනයි.

"අයියේ.. දැන් උඹ මෙතන කලබල කළා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ... මේ අහපන්... මට මේ ප්‍රශ්නේ විසදන එක ඒ හැටි දෙයක් නෙවෙයි.. මට මේක භාරදීපන්.. ආයේ උඹට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන්න මම මේක බලාගන්නම්... ආයේ මේ ගෙදර කාගෙවත් කෙස් ගහකටවත් කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ!" ජනිත් ස්ථීර හඬින් පවසද්දී සේපාලිකා ඔහු දෙස බැලුවේ අවධානයෙනි. ඔහු පෙරදී පැවසූ දේට අනුව ඔහුට මෙය සුළු දෙයකි. ඉතිං යාන්තමට ඇයගේ සිතට දැනුනේ සැනසීමකි. ජනිත් ද සේපාලිකා වෙතට හැරී හිස සැලුවේ තමාට එය හැකි බව හඟවමිනි. ඇයද ඔහුට දෙනෙත්වලින් ඉඟි කළේ මේ ප්‍රශ්නයෙන් තම පවුල මුදවා දෙන ලෙසයි.

"මං දන්නෑ උඹ කොහොම මේක විසඳන්න යනවද කියලා.. හැබැයි මේ කෙල්ලෝ තුන්දෙනාගේ කෙස් ගහකට හරි මොනාහරි වෙලා තිබ්බොත් මාව මිනීමරුවෙක් වෙයි!" අරවින්ද පැවසුවේ තවමත් නිමා නොවුනු කෝපයෙනි. ඔහු ඇවිලී ඇත. ඉතිං ඇවිලෙන්නේ නැති ද තමන් පණ මෙන් සුරකින යුවතියන් තිදෙනාට ඒ අධම මිනිසා කී වදන් හමුවේ.

"හරි.. හෙටම මම මේක විසඳනවා.. උඹ බය නැතුව හිටපන්.. හෙටින් පස්සේ ඌ ඉවරයි..." ජනිත් තහවුරු කළේ තමාට කළ හැකි දේ පිළිබඳව හොඳින්ම දන්නා නිසයි. සේපාලිකාගේ ද සිතට ද සැනසිල්ලක් ආවේ ඈ ද එය හොඳින්ම දන්නා නිසාවෙනි.

"අයියේ... අක්කා හොඳටම අඬනවා..." සේපාලිකා සිහින් හඬින් මිමිණුවේ අරවින්ද හටයි.

"ඉතිං.. අඬපුදෙන්!" ඔහු මහ හඬින් පිළිතුරු බැන්දේ තවමත් නිමා නොවුණු කෝපයෙනි. ඒ හඬට නිරාශාගේ හැඬීම තවත් වැඩිවූවා මිස අඩුවක් නොවීය. සේපාලිකා සහ ජනිත් නැවත වතාවක් මූණෙන් මූණ බලාගත්තේ කුමක් කරන්නදැයි නොදැනයි.

"අයියේ.. පව් බං... අනික උඹට කිව්වේ නැති වුණාට.. ඒකි මට හැමදේම කිව්වා බං.. උඹව අවුල් කරන්න ඕනෙ නැති නිසයි කිව්වේ නැත්තේ උඹට" අරවින්දගේ තියුණු දෑස් පුදුමයෙන් එල්ල වූයේ ජනිත් වෙතටයි. ඔහුගේ වත තවත් කළු වූයේ කෝපයෙනි.

"ආ.... එතකොට දැන් මේකිට මට තමයි කියන්න බැරි.. මම විතරයි පිට එකා මෙතන.... හහ්! මරු! අපරාදේ උඹටමනේ හැමදේම කියන්න තියෙන්නේ.. මාව මොකටද?" අරවින්ද තම තුවාල ව තිබූ අතම පුටුවෙහි ගැසුවේ කෝපයෙනි.

"හරි බං ඉතිං.. තරහා ගන්න එපා... උඹ ඔහොම පිස්සුවක් නටයි කියලා තමයි ඒකි කිව්වේ නැත්තේ.. අනික නංගිලා දෙන්නටත් එක්ක හොඳ නෑනේ බං.. තේරුම්ගනින්කෝ... මේ.. දැන් රෑ වෙලා බං... මේකිව ගෙදර බස්සපන්කෝ ගිහින් මං කියනවට... ගෙදරින් දැන් කීපපාරක්ම කෝල් කලාත් එක්කනේ" ජනිත් සරලව පැහැදුවෙන් අරවින්ද තරමක් සන්සුන් විය. නමුත් කෝපය නම් තවත් එලෙසමය.

"ඕයි!! එනවා යන්න.... තමුසෙව ගෙදර දාලා එන්න...! නැත්නම් තව මොන මොන එකා එයිද දන්නෑ මෙතනට" අරවින්ද කෑ ගහගෙනම අසුනින් නැගී සිටියේ කෝපයෙන් තම යතුරු පැදියේ යතුරත් අතට ගනිමිනි. නමුත් නිරාශාගෙන් ප්‍රතිචාරයක් නොමැති විය.

"ලොකූ... තමුසෙලාගේ අක්කාට එන්න කියනවා ඉක්මනට... ජනිත්, මං එනකන් පොඩ්ඩක් හිටපන්... මුන් දෙන්නාව බලාගෙන" ඔහු කෝපයෙන්ම නිවසින් පිටතට විත් , යතුරුපැදිය පණ ගැන්වූයේන් නිරාශා නිහඬවම පැමිණ ඔහුට පිටුපසින් අසුන්ගත්තා. කිසිවක් නොපවසා ඔහු වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ගියේ සුළඟේ වේගයෙනි. කෙටි පාරවල්වලින් හරවමින් අරවින්ද යතුරුපැදිය පැදවූයේ, ඔහුට අවැසි වූයේ ඇයව හැකි විගසින් නිවසට ඇරලවීම නිසයි. නමුත් එක්වරම නිරාශා අඬාගෙනම අරවින්දව වැළඳගත්තේ අරවින්ද ට ද සුසුමක් අතෑරෙද්දීයි. ඔහු මොහොතක් පාළු පාරේ අද්දරට වන්නට රථය නතර කරවූයේ මහා සුසුම් කීපයක්ම අතාරිමිනි. නමුත් නිරාශාගේ හැඩීමේ නම් අඩුවක් නොවීය. ඈ ඔහුගේ පිටට හිස හේත්තු කරගෙන දිගටම හඬා වැටුනා.

අරවින්ද තවත් සුසුම් කීපයක් ම හෙළූවේ තම කෝපය පිට කිරීමට මෙනි. නමුත් එය ඉවසිය නොහැක. එනිසයි ඔහු නිරාශාව තම සිරුරෙන් ඉවත් කර, මෝටර් බයිසිකලයෙන් බිමට බැස පාරේ කොනකට ගියේ. නිරාශා හඬාගෙනම ඔහු දෙස බලා සිටියත් ඔහු නෙවෙයි ඈ දෙස බැලුවේ. අරවින්ද තම හිසකේ දෑතින්ම ඇදගත්තේ කෝපයෙනි. කෝපයට ඔහු වෙව්ලයි.

"ඇත්තමයි තමුසෙට මම පාරක් ගැහුවොත් සුදූ දැන් නම් තමුසේ මෙතන මැරිලා වැටෙයි..." අරවින්ද කෑ ගැසුවේ, ඈ දෙසට පැන අතකුත් ඉහළට ඔසවායි. නිරාශාගේ ඉකිය තවත් වැඩි වූයේ අරවින්දගේ සැරවැරකම් දරාගත නොහැකිවයි. ඔහුගේ අත ඉබේටම පහළ ගියේ ඈ දෙස බලාගෙනම, නමුත් කෝපයෙනි.

"තමුසෙට මොළයක් කියලා නාමයක් තියෙනවද ඕයි?" පාර කියාවත් බලන්නැතුව අරවින්ද කෑ ගැසුවේ හිතේ තිබූ කෝපය පිට කිරීමටය. එය මහපාරක් නොවූ අතුරුපාරක් වූ නිසාවෙන් ඒ හඩ නම් කිසිවෙකුට ඇසුනාදැයි යන්න ද සැකයකි.

"මට...හ් බය හිතුනා...හ්... අනේ... නංගිලාට... මොනාහරි වුණා.... හ් නම්.. මගේ ප්‍රශ්න... නිසා.." ඈ මිමිණුවේ යතුරුපැදියෙන් බසිමිනි.

"බය හිතුනා? ඇත්තමයි සුදූ... මම දෙන්නේ තමුසෙට...." අරවින්ද නැවත වතාවක් කෝපයෙන් තම දෑත් මිටි මොළවා ගත්තේ ඇයගෙන් තම කෝපය පිට කිරීම්ට නොහැකිවයි. "මේ අහනවා සුදූ...." අරවින්ද නිරාශා වෙතට හැරුණත්, ඈ යතුරු පැදියෙන් බැස සිටී නිසා, ඔහුට ඇයගේ දෙනෙත් දෙස බලා කතා කිරීමට ඔවුන්ගේ උස හරස් විය. එනිසයි අරවින්ද ඇයව ඔසවා නැවත වතාවක් යතුරුපැදිය මතින් තැබුවේ.. ඒ දෙනෙත් දෙසම බලා කතා කළ යුතු වූ නිසයි.

"මේ අහනවා සුදූ.... තමුසෙගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කියලා ප්‍රශ්න දෙවර්ගයක් නෑ... තමුසෙගේ ප්‍රශ්න කියන්නේ මගෙත් ප්‍රශ්න තමයි... දැන් තමුසෙ මගේ හැමදේටම පැන ගෙන එන්නේ.. එතකොට එහෙම හිතනවද ආහ්?" අරවින්ද ඇයගේ උරහිස්වලින් අල්ලාගෙන කෑ ගැසුවෙන් නිරාශාගේ දෙනෙත්වලින් භීතියටම කඳුළු ගලන්නට විය.

"ඒ වුණා..ට අයියේ...." නිරාශා මිමිණුවේ ඔහුගේ දෙනෙත් දෙස බැලීමට හයියක් නොමැතිවය.

"ආයෙත් ඒ වුණාට ගානවා... නිශා.. මට කියනවා තමුසෙට මාව ඕනේ නැද්ද කියලා..." ඔහු නැවත වතාවක් ඇයගේ දෙනෙත්වලට එබෙමින් කෑ ගැසුවෙන් නිරාශා හඬමින්ම තම හිස තියාගත්තේ ඔහුගේ පුලුල් පපු තලයටයි.

"ඕනේ... මට ඕනේ දෙයියනේ...... ඔයාව.. විතරයි ඕනේ මට..." ඈ ඔහුගේ ඉණ වටා ද දෑත් යවා ඔහුව තදින් වැළඳගත්තේ ඔහුව මොහොතකටවත් තමාගෙන් ඈත් කිරීමට ලෝබකමිනි. අරවින්දගේ කෝපය මොහොතකට නිවුනේ ඉතිං ඒ ඇයගේ ක්‍රියාවෙනි. ඔහු ඇයගේ හිස පිරිමදින්නට වූයේ කිසිවක් නොපවසමිනි. මොහොතක් දෙකක් ඈ එලෙස ඔහුගේ පපුවෙහිම හඬමින් කාලය ගත කළේ අරවින්ද ද කල්පනාවෙම නිමග්න වද්දීයි.

"සුදූ...." අරවින්ද නිරාශාව තම පපුවෙන් ඈත් කර, ඒ දෙකොපුල් දෝතට මැදි කරගත්තේ ඇයගේ දෙනෙත් දෙස ඍජුව බලමිනි.

"තමුසෙට මොනාහරි වුණානම්.... මං අරූව මරනවා මැණික... මට තමුසේ නැතුව ඉන්න බෑ... ප්ලීස් තේරුම්ගන්නවකෝ ගොන් වැඩ කරන්න කලින්..." නිරාශාගේ මුවින් නැවත වතාවක් ඉකියක් පිටවූයේ ඔහුගෙන් එවන් ආදරණීය වදනක් බලාපොරොත්තු නොවූ නිසයි.

"අඬන්න නෙවෙයි සුදූ... ප්ලීස් මීට පස්සේ මට හැමදේම කියනවා නේද?" ඈ හඬමින්ම හිස සැලුවෙන් අරවින්ද ඈව තම පපුවට තද කරගත්තේ තමන්ට අයිති එකම වස්තුව ඈ ලෙසිනි.

"මං... ආ..දරෙයි... අයියේ..." නිරාශා මුමුණන්නට වූයේ කමිසයට උඩින් ඔහුගේ පපුව සිඹිමිනි.

"දන්නවා මැණික... මාත් ආදරෙයි ගොඩක්..." ඈව තමාගෙන් ඈත් කළ අරවින්ද ඒ වත දෝතින්ම අල්ලාගෙන දෙතොල් කොන් සිපගන්නට වූයේ නිරාශා දෙනෙත් පියා ඔහුට නතුවද්දීයි. ඔහු සෙනෙහසින් ඇයගේ වතම සිපගත්තෙන් නිරාශා හට ඒ හාදුවලින් ඔහුගේ ආදරය කාන්දුවන ආකාරය හොඳින්ම දැනින.

"තමුසේ නම් පිස්සුවක් සුදූ..." ඔහු මිමිණුවේ ඇයගේ කන්පෙත්තක් සිපගනිමිනි. මීළඟට ඔහුගේ දෙතොල් ගියේ ඇයගේ තොල් පෙති වෙතටයි. ඇය ද ඔහුගේ හාදුවට සහය වූයේ අද දිනයේ සිදුවූ සියළුම හිත් වේදනා දියකර දැමීමටයි.

🖤⚡🌙⚡♥️

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

2.5K 366 17
නොසිතූ ලෙස මුණ ගැසුණු මුරණ්ඩු ඔබේ හදවතට මම ආදරය කරමි......💖 ( Coverd by Armygirl920 ) Start -2022.08.19 Finished - 2022.10.18 [ Don't copy my work ]
1.2K 280 19
මරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️
66.1K 6.1K 88
තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ...
116K 4K 41
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...