සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

De Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... Mais

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

122

71 10 6
De Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
122

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

කරදරකාරී මහා සංගීත ඝෝෂාව අතරේ නුරායා සිටියේ කඳුළු පුරවාගත් දෙනෙත් අතරින් ඔහු දෙස බලානයි. ඒ සමඟින්ම ආවර්ජනය වූයේ මීට පැය කීපයකට පමණ ප්‍රථම ඔහු පැවසූ වදන් ය.

.

.

.

*පැය කීපයකට පෙර*

"කොහෙද මේ යන්නේ? තමුසේ කොහෙද මාව එක්කගෙන යන්න හදන්නේ?" නුරායා විමසුවේ නදීෂ්ව තම සිරුරින් ඈතට තල්ලු කරමිනි. ඇයව මරන්නට තරම් කෝපයක් පැමිණියත් නදීෂ් ඉවසා සිටියේ කෙසේදැයි ඔහුවත් නොදනී.

"කිව්ව විදිහට ලෑස්ති වෙයන් බැ-ලි ප්‍රශ්න අහන්නැතුව. තොට කරන්න පුළුවන් මං කියන දේ විතරයි! අන්න ඒක මතක තියාගනින් පණ්ඩිත වෙන්නැතුව!" නුරායාගේ ගෙල මිරිකාගෙන නදීෂ් කෑ ගැසුවේ ඇයව තිගස්සවමිනි. ඒ නදීෂ් වුවත්, රදීෂ්ගේ සිරුරයි. ඉතිං ඔහු මෙලෙස සැර වැර වෙද්දී ඇයට රිදෙන බව අසන්නටත් දෙයක් ද?

"ප්ලීස් නදීෂ්... ඔයාට පිං සිද්ධ වෙයි.. අපේ ජීවිත වලින් යන්න දෙයියනේ.. අපිට සතුටින් ජීවත්වෙන්න දෙන්න නදීෂ්..." ඈ කඳුළු සලමින්ම නදීෂ්ට පැවසුවේ තම ගෙල මිරිකාගෙන සිටින ඔහුගේ දෙඅත් අල්ලාගනිමිනි.

"යන්න? මම නෙවේ.. උඹයි යන්න ඕනේ.. රදීෂ්ව දාලා.  රදීෂ් එක්ක ඉන්නේ මම විතරයි.. මේ මම විතරයි.. තෝත් එකයි , අනික් උන් ඔක්කොමත් එකයි. ඌව විනාස කරන්න ආව හැ ත් ත.. තොට මං ආයේ කියන්නෑ රායා! තෝ.. රදීෂ්ව දාලා යන්න ඕනේ!!!"

"යන්නෑ මම! යන්නෙම නෑ! කවදාවත් යන්නේ නෑ! තමුසේ මට මොන දේ කළත් මම යන්නෑ!!!" ඈ පැවසුවේ ස්ථීර වූ හඬකිනි.

"එහෙමද? එහෙනම් විදවපන්! දැන් ගිහින් ලෑස්ති වෙයන් මම කිව්ව ඇඳුමත් ඇඳගෙන ම" ඔහු ඇයව පසුපසට තල්ලු කර දැමුවේ නුරායා ගොස් බිත්තියේ වදිද්දීයි.

"බෑ! මම ඒක අඳින්නේ නෑ! තමුසේ කොහෙද මාව එක්කගෙන යන්න හදන්නේ කියනවා!!!" නුරායා නැවත වතාවක් ගිරිය කඩාගෙන කෑ ගැසුවත්, ඇයගේ කොපුලකට නදීෂ්ගේ අතක් පියාඹා ආවේ නදීෂ්ගේ කෝපය පාලනය කරගත නොහැකිවයි. "හොඳට දැනගනින් බැ-ලි උඹ දඟලන්න දඟලන්න රදීෂ්ට විඳවන්න වෙන බව.. උඹ ආවේ නැත්නම් මම මූට හොඳ වැඩක් කරනවා.. උඹ දන්නවානේ රදීෂ් කියන්නේ විඳවලා පුරුදු නැති එකෙක් කියලා.. ඌට ගොඩාආක් රිදෙයි.. ඒකත් උඹ හින්දා.. ඒ නිසා.. දැන් ගිහින් හොඳ කික්කි වගේ ලෑස්තිවෙයන්. මොකද ඊළඟ පාර මම මෙච්චර හොඳින් කියන්නේ නෑ.. මම කියන විදිහ උඹට දරාගන්න බැරිවෙයි. දැන් ඉතිං පලයන් යන්න මෙතනින්!" නුරායාගේ කොපුලකට අතින් තට්ටුවක් දමා නදීෂ් පැවසුවෙන් ඇය ඔහු දෙස බලා සිටියේ දත්මිටි කමිනි. මීළඟට වචනයකුදු නොපවසා නුරායා කාමරයට පිටවී දොරත් කැඩී යන තරම් වේගයෙන් වසා දැමුවේ නදීෂ් සිනාසෙද්දීයි.

"උඹේ ඔය ගැස්සිලි, පිප්පිලි මාත් එක්ක නම් හරියන්නේ නෑ කික්කි"

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"ආ... මට වැදගත් දෙයක් කියන්න අමතක වුණා... හහ්..."

නදීෂ් හිත යටින් පවා සිනාසුණේ අදින් පසු නම් නුරායා රදීෂ්ගේ දිවියෙන් ඈත්වන බව සක්සුදක් සේ තහවුරු නිසාවෙනි. නුරායා හිස හරවා ඔහු දෙස බැලුවේ මළානික වූ දෑසිනි. තවත් ඔහු කොපමණවත් තමන්ට තර්ජනය කරයි ද යැයි ඈ නොදනී. නමුත් ඔහුට මුහුණ දිය යුතුය. මෙම ප්‍රශ්නයෙන් තමාට පැන යා නොහැකිය. ඔහුගෙන් රදීෂ්ව බේරාගත යුතුය.

"තමුසෙට මතකද රොමේන්ව?" නදීෂ් විමසුවෙන් නුරායා විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බැලුවේ රොමේන් පිළිබඳව නදීෂ් කතා කරන්නේ ඇයි දැයි නොවැටහුණු නිසාවෙනි. එසේ නම් ඔහු රොමේන් ව දනී. එක්වරම නදීෂ් තම රථය නතර කළේ මාර්ගයේ අඳුරු කොනකට කරයි. මේ වනවිට අන්දකාරය පරිසරය වසාගෙන තිබුනි.

"මතකද තමුසේ නිසා ඒකී ඩීල් එක කැන්සල් කළා!" නදීෂ් දත්මිටි කාගෙන නුරායා වෙතට හැරෙද්දී නුරායාට එදින සිහි විය. එනිසාවෙන් රදීෂ් තමන්ට සැලකූ දරුණු අන්දම ද ඇයට සිහි විය.

"ඒත්.. අන්තිමේ ආයෙත් මම කොහොමහරි ඒකිව කැමති කරගත්තා ඩීල් එක කරන්න.. ඒ කොහොමද දන්නවද රායා?" නදීෂ් විමසුවේ නුරායා දෙස සිනාසී බලමිනි. ඒ කටකොනක ඇදී තිබූ සිනාව සැබැවින්ම කඩවසම් විය. නුරායා ඔහු දෙසම ගල් වී මෙන් බලා සිටියේ මීළඟ වචන කීපය තමන්ට දරන්නට අපහසු බව ඉවෙන් මෙන් දැනෙද්දීයි.

"We had s e x! She's really like mine..."
(අපි සෙක්ස් කළා! එයා මගේ එකට ගොඩක් කැමතියි...)

නදීෂ් පැවසුවේ සිනාසෙමිනි.

නුරායා හට දැනුනේ තම හදවත ගැලවී යනවා මෙන් වේදනාවකි. ඇයගේ දෙනෙත්වලට එකතු වූ කඳුළු එක පොදියට කොපුල් පුරා වැටෙද්දී, නදීෂ් සිනාසුණේ උමතුවෙන් මෙනි. සැබැවින්ම ඒ දෙනෙත්වල ලියවී තිබුණේ උමතුවකි.

"මොකද? උඹට එපා වුණාද ඒ ටික අහද්දීම? තව කියන්න ද? ගොඩ කාලෙක ඉදන් රොමේන් මාත් එක්ක එකට ඉන්නවා.. and, ඒකී ඒකීගේ uncle ව මැරි කළේ මගේ අදහසකට. මොකද කිව්වොත් මට ඒකිවත් රදීෂ්ගෙන් අයින් කරන්න ඕනේ වුණා. රොමේන් කියන්නේ සල්ලි වෙනුවෙන් ඕනේ දෙයක් කරන කෙනෙක්... ඉතිං.. මගේ plan එක ලේසි වුණා... අනික මටත් හොඳ සැපක් හම්බවුණා.." නැවත වතාවක් ඔහු උමතුවෙන් මෙන් සිනාසෙන්නට වූයේ තම අසුනටත් පහර දෙමිනි.

එසේ නම් රදීෂ් හට ආදරේ පැවසූ පළමු දින ඔහු පැවසූ සියල්ලක්ම බොරුවක් වී ඇත. ඒ නදීෂ් නිසාවෙනි. නදීෂ් යනු රදීෂ් නොවන නමුත්, නුරායාට ඔහුගේ මේ හැසිරීම ගෙනාවේ කම්පනයකි. හීනෙකින්වත් නොසිතූ යමක් නදීෂ් මෙලෙස පැවසුවේ මෙතෙක් කල් රදීෂ්ගේ වදන් අන්ධයෙකු මෙන් විශ්වාස කර සිටී තමන් හටයි. නමුත්, රදීෂ් නදීෂ් මෙන් නොව. නැතිනම් ඔහුට තිබුණා තමන් සමඟත් සංසර්ගයෙහි යෙදෙන්නට. නමුත් ඔහු මෙලෙස එක්ව වසන්නට ගත් පළමු දිනයේම පැවසූ යමක් නුරායාට සිටි විය.

*"නූ..ර්.. අපි එකට ඉන්නවා තමයි.. ඒත් ඒකෙ තේරුම අපි හැමදේම කරන්න ඕනේ කියන එක නෙවේ.. අපි දවසක මැරි කළාට පස්සේ අපි දෙන්නට පුළුවන් physical relationships එකක් start කරන්න. එතකන්.. මෙහෙම ඉමු.. හරිද?"*

ඉතිං ඒ රදීෂ්ගේ ඉවසීම නදීෂ්‍ටත් තිබුණා නම් කෙතරම් අගනේ ද?

"දන්නවද ඒකිට තියෙන්නේ ජිම් ගිහින් හදපු ෆිට් ඇඟක්. පට්ට කද ඒකී.. හරිද? උඹ වගේ පිටි මුට්ටයක් නෙවෙයි... ඒකිව අල්ලද්දීත් කරන්ට් එක වදිනවා වගේ. අනික බෙඩ් එකේදී මාර ඇක්ටිව්. මළමිනියට කිරි වත්කලා වගේ ඔහේ වැටිලා ඉන්නේ නෑ...." නදීෂ් තව තවත් කියවද්දී නුරායා තම දෙනෙත් වසාගෙන ඉකි ගසා හැඬුවේ, නදීෂ්ගේ මුවෙහි තව තවත් වියරු උමතු සිනාවන් පිරුණේ ඔහුට අවැසි දේ සිදුවන බව පෙනුනු නිසායි. ඉතිං නුරායාගේ හදවත කැබලි කැබලි වලට කැඩී යන අයුරු බලා සිටීමත් නදීෂ්ට ගෙනාවේ නිම්හිම් නැති ප්‍රීතියකි.

"අනික උඹට වඩා හොඳට බ්ලෝ දෙන්නත් ඒකී දන්නවා... උඹ තාම මෙලෝ දෙයක් දන්නේ නෑ..!" රථය නැවත වතාවක් ක්‍රියාකර පදවමින් නදීෂ් පැවසුවේ සිනාසෙමිනි. මේ සියලු වදනක්ම ඇයට රිදවන බව ඔහු හොඳින්ම දැන සිටියා.

"ඔ... ඔයාහ්? ඔයා... කොහොමද දන්නේ?" නුරායා මොහොතකට පසුව විමසුවේ කම්පනයෙනි. රදීෂ් සහ නුරායා අතර සිදුවූ අතිශය පෞද්ගලික දෑ නදීෂ් දැනගත්තේ කෙසේද? ඇය දන්නා තරමින්, නදීෂ් සිරුරෙහි පාලනය අතර ගනිද්දී රදීෂ් නින්දට යනවාක් මෙන්, රදීෂ් සිරුරේ පාලනය අතර ගනිද්දී නදීෂ් නින්දට යයි.. ඉතිං කෙසේද ඔහු දන්නේ?

"සප්‍රයිස් බේබි! සප්‍රයිස්! අදට ඔය කිව්ව දේවල් ඇති... උඹට තව දරාගන්න දේවල් ගොඩක් තියෙනවා... ලයිව් ශෝ එකක්ම බලන්න තියෙද්දී ඇයි ඉතිං තවත් පරක්කු වෙන්නේ නේද? ඉක්මනට යමුකෝ..." නදීෂ් රථයෙහි වේගය තවත් වැඩි කළෙන්, නුරායා තම යටිතොල් සපාගෙන හදවතට දැනුනු වේදනාව දරාගැනුමට උත්සාහ දැරුවා.

.

.

.

*වර්තමානය*

අධික ඝෝෂාකාරී ගී හඬ මධ්‍යයේ නුරායා සිටියේ රාත්‍රී සමාජ ශාලාවක් තුළයි. නදීෂ් ඇයව ගෙනාවේ මෙහීයි. කළු පැහැති කෙටි ගවුමෙන් සැරසී නුරායා සිටියේ තරමක් අපහසුවෙනි. ඒ ජනිත්ගේ උපන්දිනය සඳහා මිලදී ගත් ගවුමයි. නුරායා බලා සිටියේ dance floor හි සිට නුරායා දෙස සිනාසී බලා සිටින නදීෂ් දෙසයි. ඔහු සිටියේ තනිවම නම් නොවේ. තවත් තරුණියන් කීප දෙනෙකුම වට කරගෙන නදීෂ් සරාගී නර්ථනයක යෙදෙමින් සිටි අතර, ඔහු විටින් විට නුරායා දෙස බැලුවේ ඇයව ඇවිස්සීමට මෙනි.

එක්වරම යුවතියක් ඇද තමා වෙතට ගත් නදීෂ්, ඇයගේ දෙතොල් සිපගන්නට ගත්තේ, ඔහුගේ දෑත් ඇයගේ නිතඹ වටා එතෙද්දීයි. යාන්තටම ඇඟ වැසෙන පරිදි ඇඳුම් ඇඳ සිටී ඒ යුවතිය නදීෂ් ව සිපගත්තේ උමතු පිපාසයකින් මෙනි. ඈ කෙතරම් කෙටි කලිසමක් හැඳ සිටියාද කිවහොත්, තට්ටම් වලින් බාගෙට බාගයක්ම නදීෂ්ගේ අතට හසු විය. නදීෂ් ඇයගේ තට්ටම් මිරිකමින්, ඇයගේ දෙතොල් තදින්ම සිප ගනිමින් නුරායා දෙස බලා ඇහි බැමක් ඉහළට එසවූයේ, තමා මීට වඩා ඉදිරියට යාමට සූදානම් බව හඟවමිනි. එක්වරම ඔවුන් වෙතට ආ තවත් තරුණයෙක් නදීෂ් සිපගනිමින් සිටී යුවතියගේ පිටුපසින් හේත්තු වී ඇයගේ යාන්තමට වැසී තිබුණු පිරුණු පියයුරු මිරිකන්නට විය.

"Juicy"

එම තරුණයා යුවතියගේ කනකට කර කොඳුරද්දී, නදීෂ් එක්වරම යුවතියව තල්ලු කර දැමුවෙ අදාල තරුණයා වෙතටයි.

"එක්කෝ මේකී මගේ... නැත්නම් තොගේ... එහෙම නැතුව වටේ යන ප-රු වේ-යෝ මට ඕනේ නෑ! තියාගනින් තෝම මේකිව... මේ නදීෂ් ඔය වගේ බ-  කෑලි වලට ග-න්නේ නෑ!" කෝපයෙන් නදීෂ් ඇයගෙන් ඉවත් වී ගියේ, නුරායා ඇවිස්සීම නැවත වතාවක් පටන් ගත යුතුව තිබූ නිසයි. ඉතිං ස්වභාවයෙන් ම මෙවැනි හැසිරීම් අප්‍රිය කරන නුරායා අද දිනයේ නම් රදීෂ්ව ප්‍රතික්ෂේප කොට වෙන් වෙන බවට ඔහුගේ සිතෙහි පැවතියේ පුදුමාකාර විශ්වාසයකි.

නුරායා මේ සිදුවන සියලු දේ දෙස බලා සිටියේ පිළිස්සෙන හදවතිනි. අධික ඝෝෂාකාරී ගී රාවය නිසා නදීෂ් සහ අනෙක් අය සමඟ ඇති වූ කතාබහ නොඇසුනත් ඔහු ඒ තරුණියව ඇල්ලූ ආකාරය ඇය හොඳින්ම දුටුවා. ඉතිං, ඒ රදීෂ් නොවන බව දන්නවා වුවත්, සිත අසාමාන්‍ය පරිදි පිළිස්සී යද්දී කෙසේද ඉවසන්නේ?

"මැ'ම්, මොනාද ඕඩර් කරන්නේ?" නුරායා අසුන්ගෙන සිටී 'BAR' කොටසෙහි සේවකයෙන් විමසුවෙන් නුරායා ඔහු දෙසට හැරුණේ දෙනෙතට එකතු වූ තිබූ කඳුළු බිඳු පිසගෙනයි.

"Anything... ඔයාලා ගාව තියෙන  Strongest ම එක..." එපමණකි.

තවත් මොහොතකින් නුරායා අතට ලැබුණේ  නිල් පැහැති පානයක් පිරවූ වීදුරුවකි. ඈ මොහොතක්වත් සිතන්නේ නැතුව එකවරම සියල්ල මුව තුළට හලාගත්තේ, වේටර්වරයා මුවත් අයාගෙන බලා සිටිද්දීයි. "තව එකක්..." මුව වටා වූ බීම පිසලාගනිමින් ඈ මිමිණුවා. නැවත වතාවක් නුරායාගේ දෙනෙත් ගියේ නදීෂ් වෙතටයි. මේ වනවිට ඔහු අඩ නිරුවත් වූ තරුණියන් කීප දෙනෙක්වම අනුරාගීව පිරිමදිමින්, සිපගනිමින් නර්ථනයේ යෙදෙමින් සිටියේ ජනප්‍රිය හින්දි ගීතයකටයි. නුරායා තව තවත් ඔහු දෙසම බලාගෙන සිටිමින් මුවට හලාගත්තේ ඇයගේ ඉල්ලීමට අනුව නොනවත්වාම තැබෑරුම් සේවකයා විසින් ලබාදුන් පානයයි. නදීෂ්ට නම් මේ වනවිට නුරායාව අමතකව ගොස් තිබුණේ යුවතියන් කීප දෙනෙක්ම ඔහුව බදාගෙන සිපගනිමින් සිටී නිසයි. දෙදෙනෙක්ම ඔහුගේ සිරුර මත නැගගෙන සිටී අතර, තවත් අයෙක් ඔහු හිදගෙන සිටී සෝෆාවේ පිටුපසින් ගොස් ඔහුගේ හිස පිරිමදිමින් විටින් විට ඔහුව සිපගන්නට වූවා. නදීෂ් දෙනෙත් වසාගෙන යුවතියන්ට ඉඩ දී සිටියේ, තම අතට හසුවෙන අයුරින් යුවතියන් එකිනෙකාව ස්පර්ශ කරමිනි. විටෙක අයෙක්ගේ පියයුරුත්, විටෙක අයෙක්ගේ තට්ටම්මුත් මිරිකමින් ඔහු වේගවත් සුසුම් ඉහළ පහළ දැම්මේ යුවතියන් ඔහු හැඳ සිටී ජැකටය මේ වනවිටත් ගලවා, ටීෂර්ටයත් ගලවා දැමීමට උත්සාහ කරද්දීයි. එක්වරම තරුණියක් නදීෂ්ගේ කලිසම මතින්ම ඔහුගේ රහස් ස්ථානයට අත තැබුවෙන් නදීෂ් දෑස් පියවී උඩ ගියේ ඔහු සෝෆාවේ ඇන්ද මතටම තම හිස හේත්තු කරගත්තා. ඒ අසල සිටී යුවතිය ඔහුගේ දෙතොල් සිපගන්නට වූයෙන් නදීෂ් ඇයගේ කොන්ඩයෙන් ඇදගෙනම ඇයව සිපගත්තා.

නමුත් එක්වරම සියළු දෙනාම කලබලයකට පත් වූවාක් මෙන් හඩක් ඇසුනේ, සංගීත රාවය ද නතර වී යද්දීයි. නදීෂ් දෙනෙත් විවර කර බැලුවේ මේ කලබලය කුමක් ද කියායි.

"මාව අතාරිනවා....හ්... මට කෙලින් ඉන්න පුළුවන්.... අතාරිනවා.. කිව්වා...ම..."

ඒ හුරුපුරුදු හඩත් එක්කම නදීෂ් තරුණියන්ව තමාගෙන් ඉවත්කරගෙන නැගී සිටියේ කලබලයෙනි.

"රා.....යා!"

ඔහුගේ මුවින් මහා හඬින් පිටවූයේ ඒ අකුරු දෙකයි.
  
🖤⚡🌙⚡♥️

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue lendo

Você também vai gostar

16.1K 2.3K 80
One Direction Unforgettable,Funny and Happy moments in Sinhala 😘😘😍😍 Specially dedicate to the Sri Lankan Directioners 🇱🇰
8.5K 572 8
What if not all angels were innocent and kind? What if all devils were not evil and cruel?
3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
6.8K 113 55
Hello, nice to meet you all. This book is to document my experiences with the creepypastas and to document spells that have personally worked for me...