Love Alarm

By SJchiminy

406 38 2

ම්ම්ම්ම්..... අපිට ඕනතරම් ජිවිතේ වැරදිලා ඇති. තමන්ට තමන් ආදරේ නැතුව වෙන කෙනෙක්ගෙන් ඒ ආදරේ බලාපොරොත්තු වෙලා ඇත... More

Part 01
Part 02
Part 03
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Last Part

Part 04

19 2 0
By SJchiminy

"දැන් කරාතේ වගේ මොනාහරි කලානම් හරි නේ."

"අනේ තාත්තේ ඒත් අයියෝ."

"නෑ නෑ දැන් UK ගියාම තනියෙන් ඉන්නෙපැයි. මොකක් හරි academy එකකට දාන්නම්. අම්මයි මායි බලන ගමන් ඉන්නේ."

"අයියෝ එතෝට weekend එක. මට free තියෙන්නෙත් එච්චරයි අනේ."

"හරි ලමයෝ ටික දවසක් කරන්නකෝ. හවසටනේ ඉරිදට චෙනා ඉතිම් හවසට ගෙදර යනවනේ. චෙනාට බෑ කිව්වා එන්න. එයාට එයාගේ intern එකේ වැඩ වලට ready වෙන්න තියෙනවලූ."

"අනේ මන් තනියෙන් ද එතෝට "

"තනියක් නෑනේ ලමයෝ කවුරුහරි හම්බෙයි යාලුවෙක්"

"අනේ අයියෝ මට බෑ චෙනා නැත්තන් යන්න."

අයියෝ එපාර තව මගුලක්. අනේ මන් නිදහසේ ගෙවපු ජීවිතේ නේද මේ ඉරිතලා ගන්වතුර දාලා හිල් වෙලා නායගිහින් තියෙන්නේ. මොනා කරන්නද මාසේ මුල ඉදන් යන්න වෙනවා දැන් ඉතිම්. සල්ලිත් ගෙවලා කියලා තියෙන්නේ. චෙනාට එන්නත් බෑලූ තනියෙන් මාත් ගියා ඉතිම්. අයියෝ බාගෙට බාගයක් කෙල්ලෝ ඒ ලබ්බේ. කොල්ලෝ ටිකයි කෙල්ලො ටිකයි පේලියට හිටන් ඉන්නවා මන් යද්දි අම්මලා එක්ක පලවෙනි දවසේ. උස අය මිටි අය හීනි අය ලෑලි අය කොටන් අය. ඒ අස්සේ අම්බෝ ඩෑල් එකක් හිටියා මරු ඇග උසයි අඩි හයක් වගේ. රැවුල තිබ්බා. ටිකක්  skin එක මට වඩා dark colored. වැඩි දෙයක් නෑ මූන මැද නහයක් තිබ්බා කකුල් දෙකයි අත් දෙකයි. අනිත් උන්නම් දෙකක් කාලා වගේ හිටියේ. සෙන්සේ ආවා නාකි සෙන්සේ කෙනෙක්. අම්මලා එක්ක මොනවද මොනවද කතා කලා office room එකේ. අරුන්ට interval. අර දිගාංචියා ඉන්නවා පැත්තකින් බිමින් වාඩි වෙලා air pod දෙකක් ගහගෙන phone එක දිහා බලාගෙන. තව කෙල්ලො දෙතුන් දෙනෙක් ඌ දිහා බලන් ඉන්නවා කිචි බිචි ගගා. ඩෑල් එක නෙවේ පම්ඩේකට ගනන් ගන්නේ.

 "අම්මටසිරි මුගේ සෑහෙන්න ලොකුකම වගේ" 

හයියෙන් කිය උනා මටත්

"ආ ඕව් එයා එහෙම තමා."

මන් ගැස්සිලා හැරිලා බැලුවේ කන ලගින් ආපූ සද්දෙට. අක්කා කෙනෙක් වගේ.

"අඩුම එයාට academy එකේ යාලුවෙක් වත් නෑ. අපි නම විතරයි දන්නේ. එයාගෙන් පරිස්සන් වෙලා ඉන්න හරි නපුරුයි."

පේවුනා මටත් ඒක මූනේ එක හිනාවක් නෑ. බුම්මට්ටෙක් වගේ ඌ නිකන්. ඌ දිහා බලන් ඉද්දිම අම්මලා ආවා.

"අපි එහෙනම් ගිහින් එන්නම් සෙන්සේ."

"හරි ms දුවව ගන්න 8ට එන්නකෝ."

"පරිස්සමට ඉන්න එහෙනම්"

"හරි අම්මා බායි"

"පුතා අදට වාඩිවෙලා ඉන්නකෝ මොකද්ද කරන්නේ කියලා බලන් ඉන්න."

"ඕකේ සෙන්සේ"

අප්පොච්චේ පට්ට කම්මැලි. මුන් practice වෙනවා මන් බලන් ඉන්නවා මගුල. එතනින් අරූගේ තමා movements මරුම. උගේ මූනේ හිනාවක් නැති උනත් body එක මරු හැබැයි. එදා දවසත් ඉවරයි. චෙනා ආවේත් නෑ මේ week එකේ. ඒකි ආයේ එන්නේ next week එකේ. හත්තික්කේ හෙට campus. අයියෝ මහන්සී බලන් ඉදලා. අනේ අයියෝ ලොකුවෙන්න බෑ තව. පොඩ්ඩි ව දැක්කම අයියෝ ඒ sizeම ඉන්න තිබ්බනම් කියලම හිතෙනවා. එ සතියත් සුපුරුදු පරිදි ඉවර උනා. චෙනා ආවා අපි කොලබ වටේ ඇවිදින්න ගියා.

"ඒ ඒ අඩෝ අරූ අරූ"

"කව්ද මොකාද කෝ පේන්නෑ කෝ කොහෙද කොතනද"

"බීලද ගෑනියේ තෝ. අර අරූ බන් මන් කිව්වේ academy එකේ ඉන්න ඔරන් ඔටන්."

"අප්පටසිරි ඌ ද ඒ. ඌ හොදයිත් වගේ වැඩක් නෑ ඒත් still උබෙයි මගෙයි taste වෙනස්."

"වෙලාවට කොල්ලෙක් හින්දා බොටයි මටයි මරාගන්න වෙන්නෑ." 

"ඒකනෙවේ අරූ මොකද්ද අර කරන්නේ මහ දවාලේ. Jogging kit එකක් ඇදන්"

"මන් දන්නවදැයි මන් ඌදැයි උබ උගෙන් අහපම්"

"මට බෑ"

"ඇයි හෙට යන්නෙපෑ"

"අනේ උබත් වරෙන්කෝ"

"මට බෑ යකෝ මන් කැමති අතපය නවන්න යෝගා කරන්න මිසක් ඔය අතපය කඩාගන්න නෙවේ".

"අතපය නවාගෙන ගහගනින් තොගේ"

අයියෝ දෙවෙනි දවසටත් ආවා ඇකඩමියට මන් අද තනියෙන් ආවේ. බිබීව basement එකට දාද්දිම සුදු පාට අවුඩියක් ඇවිත් මාව overtake කරලා මන් දාන්න හදපු parking එකටම දැම්මා. ඌ ආවේ නිකන් ඌට හත්පන තියෙනවා වගේ. තව පොඩ්ඩෙන් මාවත් යට වෙනවා බූරුවා. මීහරකෙක් මූනම්. බිබීව දාන්න ඉඩකුත් නෑ. අයියෝ lift එකේ දොරෙන් හද්ද ඈතට වෙන්න අයිනේ තියෙනවා ඉඩක්. ඒ පැත්තට යන ගමන් බැලුවා side mirror එකෙන් මොකාද මේ පුත්තලම් බූරුවා කියලා. අම්මටසිරි අරූ. උගේ හැල්මොනීගේ rice ගරන්න. ඌ මේ පැත්ත බලන්නෙත් නැතුව වාහනෙන් බැහැලා lock කරන් ගියා. අයියෝ මාත් parking එකෙ කෙලවරෙන්ම බිබීව දාලා ගියා. මූ නම් සිරාවටම විසාල කරදරයක්. යද්දි පටන් ගන්න හදන්නේ. මන් සුටුස් ගාලා ඇදුම දාගෙන ආවා හෙන්චයියා වගේ තඩි ඇදුමක් ඇදගෙන. සෙන්සෙට greet කරලා අපි session එක start කරන්න ගද්දිම සෙන්සේ මටයි එතන හිටපු තව කෙල්ලෝ දෙන්නෙක්ටයි කතා කලා.

"ඔයාල තාම අලුතනේ කිසි දෙයක් දන්නෑනේ. අනික රිවින්‍යගේ ගෙදරින් මට special request එකක් කලා පුලුවන් ඉක්මනට මේ field එකේ fluent කරන්න කියලා. ඔයාලා තුන්දෙනාම තව සති දෙකකින් white belt exam එක කරනවා. රිවින්‍යා ඔයා පැයක් වැඩිපුර ඉදලා යන්න අදයි ලබන සතියෙයි. මන් ඔයාව supervise කරන්න කෙනෙක් ව දාන්නන්. Mmmm... ශෙහාන් ඔයානේ දැනට මෙතන ඉන්න black belt එක ඔයාට පුලුවන් නේද challenge එක භාරගෙන within two weeks මෙයාව practice කරවන්න."

"But සෙන්සේ..."

ඈ අහලා පුරුදුයි කොහෙහරි. මොකාද මේ ශෙහාන්. හැරුනා මන්. අප්පටසිරි ඔරන් ඔටන්. අයියෝ සෑර් මොන මගුලකටද ඌ එක්ක. උගේ ඔලුවෙ ඉදන් දෙපතුල දක්වාම ලොකුකමනේ. මේ සෙන්සේ කාරයා පූරුවේ හතුරෙක් ද කොහෙද.

"Okay ඔයාට ඒ challenge එක බාර ගන්න බෑනේ. වෙන කවුද.."

"Oaky okay. I'll do it."

ඈ මෙ මොකත මූ සින්හලෙන් ඇහුවම ඉන්ගිරිසියෙන් උත්තර දෙන්නේ. ඔන්න මූ කියලා දුන්නා steps 2ක් 3ක්. මට නෙවේ මොන ලබ්බක් වත් තේරුනේ නෑ. අරුන් දෙන්න නම් කටවල් ඇරන් ඌ දිහා. අනේ මන්දා එහෙම ලස්සනකුත් නෑ. අරූ උන්ව ගනන් ගන්නෙත් නෑ.

"Okay did you understand these steps. Those are the very basic ones."

ඈ මූ කොයිවෙලේද step එකක් කියල දුන්නේ. මට මතක නෑනේ. අරුන් දෙන්න 'Yes ශෙහාන් අයියේ' කියලා ඔලුව වැනුවා. මූ දැන් මගේ මූන දිහා බලන් ඉන්නවා. අර නිකන් හදන්න දාපූ වටලප්පමක් චොර වෙලා ඒක හදපු chef දිහා යකා නැගලා බලන් ඉන්න head chef වගේ. බඩගින්නකුත් එනවා වටලප්පමක් මතක් උනාම. හරියන්නෑ මට meter නෑ. මූ නිකන් දුම් දාන්න වගේ. දැන්නම් කොයි වෙලේ හරි මුගේ ඇගේ හිල් සේරගෙන්ම වගේ දුම් පිටවෙයි කියලා මට හිතුනා කිව්වොත් බොරු නෙවේ හැබැයි. මන් 'මට තේරුන්නෑ අනේ' කිව්වා. මුගේ මූන බලන්නෙපෑ. ලොරියකට අහුවෙච්ච චුයින්ගමක් වගේ රවනවා රැවිල්ලක්. මට පාන් දැයි මාත් බලන් හිටියා පොර දිහ. පොර ගත්තා ලොකු හුස්මක්

"මොන step එකද තේරුන්නැත්තේ ඔයාට"

"මොකක්වත් තේරුන්නෑ"

"මොකක්.. ඇයි අහන් නෙවේද හිටියේ

"අහන් හිටියේ."

"තේරුන්නෑ කියන්නේ මොනවද"

"කියලා දීපුවා"

"එකට එක කතා කරන්න හදන්නෙපා තමුන්"

"මන් එකට එක කතාකලේ නැනේ අහපු දේටනේ උත්තර දුන්නේ."

"You little du..."

"What little. One little two little?"

එහා පැත්තේ හිටපු එකී ඇන්නා මට වැලමිටෙන්. ඇයි ඉතිම් මන් කියන්නේ ඇත්තනේ. මුගෙන් කාලා ඇදලා ඉන්නවදැයි මන් මුගෙන් අහන්න කතා සමයං.

"Okay fine. Let's do this again."

මූ දැන් ඔන්න ආයේ කියල දෙනවා. මාත් අහගෙන ඉන්නවා. අරුන් දෙන්නා කරනවා හොදට. මාත් ඉතිම් කලා පුලුවන් විදියට අරූගෙන් බැනුම් අහ අහ. සිරාවටම ඔච්චර නපුරු එකෙක් දැකලම නෑ. ඌ හිතන් ඉන්නේ එන්ගලන්තේ චාල්ස් කියලද දන්නෑ.

ඒ සතියත් ඉවරවෙලා ඊලග සතියත් ආවා. මූ කිව්වා ප්‍රැක්ටිස් මදි 10 වෙනකන් ඉන්න කියල. මුගේ හැල්මොනීගේ රෙද්දේ ගරලා rice ඔතනවා ඔලුව වටේ. මගුල හෙට උදේට campus ඒකත් දැන් කියන්නේ. මූ සෙන්සෙට කිව්වා මට practice මදී කියල 10 වෙනකන් තියාගන්නවා කියල. සෙන්සේ permission දීලා අම්මට කතා කරලා කිව්වා. අපේ අම්මත් හාලූ මගුල මට ඉක්මනට ගෙදර යන්නොනේ කියලා තේරෙන්නැත්තෙ ඇයි කාටවත්. මූ එක්ක ඉන්න බෑ. ඇරත් පය හතරක්.

මන් change කරන් එද්දිම මූ ඉන්නවා අත් දෙක බැදගෙන දොර ලගට වෙලා. 'Let's start..' අයියෝ break එකක් වත් නොදී මේ මිනිහා එක එක punches පුරුදු කරවනවා. මගේ ඇගත් එක්ක රිදෙනවා මගුල. පැය දෙකක් එක දිගට දැන්. අනිත් ලමයි ගියා. සෙන්සේ අර ලමයි දෙන්නට පුරුදු කරවනවා. උන් දෙන්නා මන් දිහා රව රව බලාගෙන ඉන්නවා.

"Plzz ශෙහාන් water break"

"Hurry up. Hurry up. I don't have time to waste."

මූ මට විනාඩි පහක් වත් ඉන්න දුන්නෑ ආයේ practice කරන්න ගත්තා. නවයාමරට විතර මට හති හොදටම.

"Let's stop. I can't do any single movement now. මුලු ඇගම හිරිවැටිලා. ඇති දැන්."

"You're such a headache to me. අයියෝ මගේ වෙලාව මේ ඔයා කන්නේ."

"මන් මොනවද කන්නේ. ඔයානේ 10 වෙනකන් ඉන්න කිව්වේ."

"තමුන් ලබන සතියේ fail උනාම මගේ honor එකටනේ ඒක බලපාන්නේ."

"ඔයාට ඇත්තටම මනුස්ස කමක් ඇත්තෙම නැද්ද. Fail වෙනවා. ඇයි negative කියන්නේ. මන් ගෙදරදි practice වෙලා ආවේ. අනික මෙච්චර කරවන්නේ. මාත් මනුස්සයෙක්. ඇවිත් තාම දවස් 2යි. මෙච්චර practice වෙන්නේ කෝමද. තේරුම් ගන්න බැරිද. ඇයි break එකක් දෙන්න බැරි."

ශෙහාන්ගේ ඇස් ගැස්සුනා. නිකන් එයාට ඒක තේරුනේ දැන් වගේ. ඊටපස්සේ 

"Okay එහෙනම් best luck for the next week. Let's wrap up now."

සෙන්සෙටත් කියලා එයා ගියා change කරගන්න. පුදුම මනුස්සයෙක් තමා. කිසිම හැගීමක් දැනීමක් මනුස්ස කමක් නැති මනුස්සයෙක්. බදින එකී නම් ඉවරයි. කෙල්ලෙක් නැත්තේ ඌ gayද දන්නෑ. අප්පටසිරි සෙහාන්. ඒක තමා මූ කෙල්ලෝ දිහා ඇහැක් වත් ඇරලා බලන්නැත්තෙ.

මන් wash දාලා change කරලා එන්න lift එකට නැගලා දොර වැද්දිදම මූ අත දලා ඒක නැවැත්තුවා. Here we go again. දැන් පලකෝ පස්වෙනි floor එකේ ඉදන් මේක ඇතුලේ මූ එක්ක. මටනම් අප්පිරියයි මූව. ඌත් මන් දිහා රැව්වා බලලා. Sunglasses දෙකක් දාලා. air pod එක කනේ ගහන් උගේ phone එක මට පේන්නද කොහෙද දික් කරන් යනවා. Apple අයි ෆිප්ටියක්. මන් ඉතිම් lift එකේ අර යන එක දිහා බලන් ඉදියා. මට නෑ මුට වගේ ෆිප්ටි පෙන්නන්න. First floor එක පහුවෙලා basement floor එකට එද්දිම stuck උනා lift එක ගැස්සිලා. මට බය හිතුනා සැහෙන්න. එකපාරටම මාව shock වේගෙන එනවා දැනුනා. හුස්ම ගන්න අමාරුවේගෙන එනවා. ටිකක් අමාරු උනා. මන් අල්ලගත්තා side එකේතිබ්බ bar එක. Lift එකේ main light එක off වෙලා පොඩි dim light එකක් පත්තුවෙන්නේ. අරූ එතන lift එකේ phone එක අල්ලන් ඔබනවා. එකපාරටම පපුව රිදෙනව එක වැඩි උනා. මන් bar එක අල්ලගත්තු අතින් පපුව අල්ලගද්දිම මාව වැටුනා බිමට. ශෙහාන් හැරුනා ඊටපස්සේ මෑන් ඇවිත් මගේ ඉස්සරහින් පාත් උනා.

"මොකද්ද උනේ. ඒයි. ඇහෙනවද"

"අන්තිමට මට... මට...." 

කියලා මන් ශර්ට් එකෙන් අල්ලගත්තා එයාගෙ. එයා 'මොකක්........' කියනවා විතරයි ඇහුනේ. එහෙම්මම සේරම අදුරු උනා.

Continue Reading

You'll Also Like

44.4M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...
4M 161K 69
Highest rank: #1 in Teen-Fiction and sci-fi romance, #1 mindreader, #2 humor Aaron's special power might just be the coolest- or scariest- thing ever...
11.7M 302K 23
Alexander Vintalli is one of the most ruthless mafias of America. His name is feared all over America. The way people fear him and the way he has his...
17.6M 550K 37
"It's like he's a different breed of werewolf. Something... beyond us." • • • Adrienne Gage has spent her entire life being shunned and punished for...