Part 01

73 4 2
                                    

"අප්පටසිරි හික්කඩු යනවනේ"

"මොකද යකෝ එපාර බෙරිහන් දෙන්නේ"

"A level subjects 3 ම pass උට්ටෝ මන්"

"අඩ්ඩේ සිරාවටම"

"ම්ම්ම් මන් හිතුවේ physics ෆේල් වෙයි කියල"

"මන් මේ බැලුවේ මන් මොකද්ද කරන්නේ කියලා බන් ඊලගට මගේ physics down ඕඉ"

ඔව් ඔව් බුවෑක්කා රෝසා සර්ගේ කිරි කජු පිකිස්. ඔය මගේ හොදම යාලුවා චෙනා. එතෝට මන් රිවින්‍යා. රිවී තමා ඉතිම් හැමඑකාම කිව්වේ. ඒකියි මායි දෙන්නම කලේ Bio එකම ස්කෝලේ. පිකිස් තමා හුකස් වෙලා හික්කඩුම යන subject එක. ඔය ඉතිම් results ආපු දවස. ඒකිට ගෙවල් දෙකයි. වැඩිපුරම ඉන්නේ අපේ ගෙදර ඉතිම්. විසාල කරදරයක් ඒකිනම්.

"දැන් උබ ඊලගට මොකද්ද කරන්න ඉන්නේ"

"දන්නෑ ඕඉ උබ මොකද්ද කරන්නේ"

"බලමු මට Fashion Designing කරන්න ආසයි ඕඉ. මන් පොඩි කාලේ ඉදන් කැමති ඒකට"

"පොඩි කාලේ ඉදන් එක එක දේවල් වලට කැමති උන අහින්සක මන්"

"බොට ඉතිම් ඕඉ එක හිතක් නෑනේ. කට පියන් ඉදපම්. බලපම් එක කොල්ලෙක්ට කැමතිද උබ. නෑ කොරියන් කාරයොයි අරුනුයි මෙව්නුයි උබේ වෙනම insta account එකකුත් තියෙනවනේ උබේ ක්‍රස් list එක maintain කරන්න."

"ඒක ඉතිම් මෙතනට අදාල නෑනේ යකෝ."

ඔන්න ඔහොම කියවලා කියවලා results ආපු දවසේ හවස් වරුව ගෙවුනා. රෑටනේ හොදම සෙල්ලම 'දූ කෝමද' 'පාස්ද' 'අප්පටසිරි මදිනේ' 'දැන් මොකද කරන්නේ' 'අපේ දුවත් campus....' යැයි යැයි යැයි මන් off කලා phone එක රෙද්ද. හිටියෙත් නැති නෑයෝ දන්නෙත් නැති උන්. Number එක කොහෙන් හොයන් ද මන්දා. ඊටපස්සේ තමා ඔෆිසියල් event එක. අරකි ගියා ඒකිගේ ගෙදර ඔෆිසියල් interview එකට මූන දෙන්න. දැන් මන්.

"දැන් ඉතිම් මොකද්ද කරන්නේ ඉන්නේ ඔයා."

"ඩිග්‍රියක් කරන්නොනේ බදින්න බෑ දැන්ම"

"මේකිගේ කටේම තියෙන්නේ බදින්න තාත්තේ. සේරම නවත්තලා මේකිව බන්දලා දුන්නනම් හරි වගේ."

"ලොකු පොඩ්ඩක් පැත්තකට වෙන්නකෝ."

ඔව් ඔව්ව් දෝනි ඒ. දෝනි තමා සැරම තාත්තටත් වඩා.

Love AlarmWhere stories live. Discover now