Part 14

18 2 0
                                    

"මන් උබටයි කැමති"

"ම්ම්ම්"

"ඇයි උබ පුදුම උන්නැත්තේ"

"දැනගෙන හිටියේ"

"ඒකෝමද"

"මට උබව තේරුන් ගන්න පුලුවන්. ඒත් sorry බන් මට උබ මගේ හොදම යාලුවෙක් විතරයි"

"හරි මට තේරෙනවා."

මන් රෙහානට තේරුම් කරලා දුන්නා. හැබැයි මන් ඒකිව අතෑරියේ නෑ. කෙනෙක් ගැන කැමත්තක් love එකක් ඕන කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන්. මන් රෙහානට කිව්වා අපි හිටියා වගේ හොදම යාලුවෝ විදියට ඉමු කියල.

"ඒ මන් උබට කිව්වා ඕකි එක්ක වැඩි ආස්‍රෙට යන්නෙපා කෙලවෙයි කියල."

දවසක් ලිනා මට call කරලා බැන්නා.

"ඇයි බන් මේ උදේ පාන්දර බයින්නේ"

"බලපම් ඒකිගේ status"

මන් බලන්න ගියා. මන් ඒකිට වෙනසක් නොකර හිටියත් ඒකිත් ඒ වගේ කියල පෙන්නුවත් status පුරාවටම කරලා තිබ්බේ මාව bully කරපු එක. ඒකි hint ගහලා සෑහෙන්න. මට සෑහෙන්න අවුල් ගියා. මන් බේරගන්න හදපු යාලුවා මන් නිසා තවත් විනාස වෙලා කියලා දැනුනම මට දරාගන්න බැරි උනා.

"චෙනා ඇයි ඒකි එහෙම කරන්නේ. ඇයි මේවගේ status පුරාවටම hint ගහන්නේ. මගේ මූනටම කියන්නැතිව."

"මන් ඇහුවා බන්. ඒකි ඒකිගේ හිත හදාගන්නවලූ."

"හ්ම්ම් ඒකිට එහෙම හරි හිත හැදෙනවනම් එච්චරයි."

ටික කාලයක් යනකන් ඔය status පුරාවටම hint ගහන එක තිබ්බා. මන් හිමිට රෙහානගෙන් අයින් උනා එතෝටවත් හරියයි කියල හිතලා. එයාගේ හිත හදාගන්න පුලුවන් වෙයි කියල හිතල. දවසක් මට unknown number එකකින් call එකක් ආවා.

"උබ හිතන්නේ මන් උබටයි උටයි පාඩුවේ ඉන්න දෙයි කියලද"

"කව්ද"

"මන් උබට ආදරේ කරන්නේ වෙන එකෙක්ට දෙන්න ද? ආහ්.. නෑ යකෝ. මට නැත්තන් උබව වෙන කෙනෙක්ට දෙන්නෙත් නෑ තොපි දෙන්නවම මරනවා"

"රෙහානා මොකද මේ"

"ඇයි මන් බීලා ඉන්නේ. ඇයි උබ දැන් මන් බොන නිසා මට කැමති නැද්ද. ආහ්. කියපම්"

Love AlarmWhere stories live. Discover now