Part 15

7 2 0
                                    

සේරම film එකක් වගේ මගේ ඔලුවේ මැවුනා. මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. ඒත් එක්කම ටික ටික මගේ පපුව හිරවෙන්න ගත්තා. මේක තමා මට අමතක වෙලා තිබ්බ හේතුව එහෙනම්. Shock උනාම මට හුස්ම හිරවෙන්න එන හේතුවත් මේකම තමා.

"ආ උබට දැන් මාව මතකයි වගේ."

"ඇයි මට මෙහෙම කරන්නේ රෙහානා."

"මන් උබට කිව්වා මන් නැත්තන් උබට වෙන මිනිහෙක් එක්ක ඉන්න දෙන්නෑ කියල. මන් කොල්ලෙක් උනෙත් උබ නිසා."

"උබ කොල්ලෙක් උනත් මන් උබට කැමති වෙන්නෑ කියල මන් එදා කිව්වා මතක නැද්ද."

"උබ දැන් එකට එක කියවනවා වැඩී"

කියලා මේකි මට බෙල්ට් එකක් අරන් ගහගෙන ගහගෙන ගියා. මට සෑහෙන්න රිදුනා. මන් ඇදගෙන හිටියේ අත් නැති ගවුමක්. මට ඇඩෙන්න ගත්තා.

"තෝ ඒ දවස් වල මාත් එක්ක කටගහන් ආවේ නෑ. අනික මේ මොනවද මේ ඇදන් ඉන්න ඇදුම්. මන් තොට කිව්වා ඇග පෙන්න අදින්නෙපා කියලා ඒ කාලේ ඉදලම"

"මේ... මේ මගේ ඇග.... මන්... මන්.. අදින්නේ මට ඕන විදියට."

මන් ඉකි ගහ ගහ උත්තර දෙද්දි රෙහානා ඒකිගේ කකුල මගේ කලවා උඩින් තියලා පෑගුවා මාව හයියෙන්...

"අභි... අනේ මාව බේරගන්න..."

"අන්න උබ වෙලාවට මතක් කලේ. තව පොඩ්ඩෙන් ඌව අමතක වෙනවා."

රෙහානා මගේ purse එකෙන් මගේ phone එක අරගෙන ගැටගහලා තිබ්බ අතකින් මගේ fingerprint එක තියලා ඇරගත්තා phone එක

"ආ මේ ඉන්නේ තොගේ මහලොකු මිනිහා."

....

"හෙලෝ මැනික කොහෙද..."

"හායී.... CEO Founder of Dewi automobiles. Mr.Sathishka Shehan. බයවෙන්නෙපා රිවින්‍යා ඉන්නේ මාත් එක්ක."


"මගේ කෙල්ලට අතක් තියලා අහුවෙන්නෙපා උබ. කව්ද කියපම් උබ."

"Ohhhh my god...  තාම හොයාගෙන නෑ වගේ. ඇයි ඔයාගේ proposal event එක මන් කඩාකප්පල් කරපු නිසා අවුලෙන් ද."

"තමුන්ගේ නම කියපම් කොන්දක් පනක් තියෙනවනම්."

"ඔය එහාපැත්තේ ඉන්න චෙනාගෙන් අහපම් කව්ද රෙහානා කියලා. ඒකි වමාරයි සේරම"

Love AlarmWhere stories live. Discover now