Part 03

19 2 0
                                    

"දැන් 3rd year නේ ඕඉ අපි."

"ඔව් යකෝ 23ත් වෙන්න එනවා අපිට."

"ම්ම්ම්ම්ම්. ඒකනෙවේ උබ ඕකට ගියේ ඒ දවස් වල මතකද මන් අඩිය තියන්නේ කොල්ලෙක් හොයාගන්නමයි කිව්වා."

"ඉතිම් උබටත් නෑනේ."

"මන් හොයාගන්නවා කියලා කිව්වේ නෑනේ. මගේ මිනිහා ගානට වෙලාවට එයි. මට හදිස්සියක් නෑ. "

"අනේ මන්දා ඕඉ ඒ දවස්වල කොල්ලෙක් කියලා මන් බලාපොරොත්තු උනේ Just කොල්ලෙක් ."

"ඇයි උබට දැන් ඕන ලොල්ලෙක් ද"

"පිස්සුද කියාපම්කෝ."

"අදද දන්නේ කියාපම්කෝ"

"නෑ ඒම නෙවේ ඒ දවස් වල බන් කිසිම ජීවිතේ ගැන risk එකක් නෑ. දැන් එහෙම නෙවේ. ඉස්සරහට ජීවිතේ කරන්න දේවල් තියෙනවා. දැන් මට ඕන මට ආරක්ශාවක් දැනෙන, ගෙදර තාත්තට මට දෙන්න බැරි උන ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් ව බන්. මට හයියක් වෙන කෙනෙක්ව මාව අතරමගදි අතාරින්නැති උබ අපේ අම්මා වගේ මාව බලාගන්න කෙනෙක් ව. Perfect match එකක් ඕන මට. මගේ personality එකේ අනිත් පැත්ත. මට ඒක කියන්න තේරෙන්නෑ බන් ඒක අනේ මන්දා."

"ඔය drama බලන එක නවත්තපම් සේරටම කලින්."

"එහෙම නෙවේ ඕඉ. කවදහරි මේ beach එකටම උබයි මායි මායි ඇවිත් ඉදගෙන ඉන්නවා මෙතනම. අරුන් දෙන්නා ලමයි ටිකව අරන් රැල්ල පාගන්න එක්කන් යනවා. ඒ අතරේ අර උබේ පොඩි එකෙකුයි මගේ පොඩි එකෙකුයි love කරනවා. බලපම් කොච්චර romantic ද."

"අනේ අනේ මේ උබේ DNA කෑල්ලක් මගේ ගෙදරට වද්දගන්නෑ මන්. උබව වගේ විසාල කරදරයක් වෙයි ඒක ඊටපස්සේ"

"ඒ උනාට උරුමය දිගටම පවත්වාගන්නොනේ."

"මගේ ලමයි ව උබේ ලමයි ට බන්දන්නෑ එච්චරයි "

"ඒක මන් බලාගන්නම්කෝ"

"මොනා බලාගන්නද උබ"

ඔන්න තවත් weekend එකක් ගෙවුනා. අරකියි මායි stress අඩු වෙන්න beach එකට ගියා. වැඩ වැඩී මේ ටිකේ දෙන්නටම වෙනදට සතියට පාරක් එන චෙනා දැන් එන්නේ සති දෙකකට පාරක්. ඒකිටත් සෑහෙන්න වැඩ. මාත් research එකට හිරවෙලා. Campus යනවා වැඩ කරනවා assignment කරනවා. Kdrama බලනවා. ඕක තමා ජීවිතේ. අයියනම් MSc කරන්න රට ගියා. නන්ගියි මායි තමා දැන් ඉන්නේ. ඌ එන්නේ ලබන අවුරුද්දේ. එතෝට මන් යනවා MSc කරන්න. ඩිග්‍රිය අවුරුදු 3යි නේ දැන් 3 පටන් ගත්තු අලුත.

Love AlarmWhere stories live. Discover now