Part 18

6 2 0
                                    

"දැන් මොකද කරන්නේ"

"ඇයි"

"උබව කලන්තේ දාල වැටෙයි පෝරුව උඩදි."

"ඒ එහෙම වෙන්නෑ බන්"

"නෑ ඕඉ වෙනවා. බොරුනම් ලිනා ගෙන් අහපම්. ඒකිගේ කව්ද නෑකෙනෙක් වැටුනා"

"ඒ නෑ බන් පිස්සු ද උබලා බොරුනේ කියන්නේ."

"නෑ බන් වැටෙනවා අපේ අක්කා වැටුනේ."

"ඒනාට මන් ඒ මනුස්සයවමනේ බදින්නේ."

"ඉතිම් අනේ ඒ අක්කත් ඒ අයියවම තමා බැන්දෙ"

"අනේ ඕඉ. බය කරන්නැතිව පලයන් පැත්තකට"

උදේ පෝරුවේ චාරිත්‍ර පොඩියට කරලා පන්සලේදී අපි register උනා. හවස  පල්ලියේදි අපි දේව මෙහෙයට ඉදලා එහෙම්මම රෑට outdoor වෙඩිම. උදේ පෝරුවේ චාරිත්‍රේ සාරි එකයි. හවස white wedding frock එකයි දෙකම design කලේ චෙනා. පට්ට ලස්සනට off shoulders සුදු දිග gown එකක්.

"කෝ උබේ රධ්‍ය අයියා."

"ඌ රධ්‍ය නෙවේ යකෝ. ඌ වරද්"

"ඒ උනාට උබ ඉස්සර රධ්‍ය අයියවනේ ඉල්ලුවේ. වරද් හරියන්නෑ කිව්වේ. මන් දැන් ඌ ඉස්සරහ අහන්න හදන්නේ "

"ඉදපම් මන් කෝමත් තව ටිකකින් projector එකක් දාන්න යන්නේ"

"අඩො අඩෝ. වෙඩිම කන්නෙපා යකෝ"

"මේ අපි තුන් දෙනා ඉන්නකන්"

"යකෝ තාම register කලා විතරයි"

"ඔව් ඉතිම් පන්සලේ බිත්තියට දාන්නදැයි මන් මේක. අනික එතන හිටියේ අපි ටිකයි පවුලේ අයියයි විතරයි නේ. දැන්නේ සෙල්ලම පටන් ගන්නේ."

ලිනායි ලිනාගේ අලුත බැදපු හබී බබියි. කෙනායි ඒකිගේ FCID බෝප්ලෙන් සෙනීශ් අයියයි එක්ක අරකිගේ කුප්ප වැඩවලටම සෙට් වෙන ඒකිගේ වරද් අයියා projector එක උස්සගෙනම car එකෙන් බැස්සා. අම්මේ තව මගුලක් හොයන්න ලෑස්ති වෙන්න දැන්. තනි ඇහැට අඩන්නත් විදියක් නෑ අපරාදේ makeup වලට වියදන් කරපු සල්ලි.

"අඩේ ඕඉ යකෝ අදවත් ඉන්න දීපම්"

"ඉන්න දෙනවා ඉන්න දෙනවා. ඉදපම්. කෝ සෙහාන් උබේ. ආ... අර එන්නේ මස්සියාකාරයා අර car එකේ උබලගේ අයියා එක්ක."

Love AlarmWhere stories live. Discover now