Part 05

8 1 0
                                    

"අපෝ බන් දැන්නම් කැම්පසුත් එපාවෙනවා පොඩි උන් හැමතැනම"

"අමො අමො ලොකු එකීනේ කියන්නේ"

"ලොකුයි තමා මන් දැන්. බලපම් අද අපි යන්නේ workshop එක business එකේ පොඩි උන්ට දෙන්නනේ."

"හරියට කියපම් කරන ඒවා හොදේ. උන්ව හෝන්දූ මාන්දු කරන්නැතිව."

"නෑ නෑ පිස්සුද වැඩිම උනොත් උන් අද Bio ටිකක් ඉගෙන ගනී."

අපේ batch එක මාසයක් තිස්සේ බලන් ඉදපු ඒ event එක. Business එකේ පොඩි උන්ට science එඋන් කියන්නේ කව්ද කියල පෙන්නන්න. මන් දෙන්නන් වැඩේ දොබෙන් ගිහින් මුන්ට ඇඩෙන්නම. මුන් හිතන් ඉන්නේ මුන් ලොකුයි කියල ෆැකල්ටිය ලොකු නිසා. ඔඩි එකේ ලමයි පිරිලලූ පොඩි උන් ලොකු උන් අයියෝ උනාට මේ හිච්චි එවුන් නේද කියල මතක් වෙද්දි.

නවෝ ව වත් බෝඩිමෙන් අරගෙන අද අපි දෙන්නා ආවා 8 වෙද්දි campus එකට. අපේ batch එකේ අය group project එකක් විදියට දැන් ඉන්න 2nd yr business faculty එකේ junior batch එකට campaign එකක් කරනවා. ඒකෙදි අපිට තියෙන්නේ business faculty එකේ ලමයිට ඉස්සරහට එන එයාලගේ high busy schedule එක්ක තමන්ගේ life එක maintain කරගන්නේ කෝමද කියලා workshop එකක්. මාසෙකට පස්සේ අපි එයාලා එක්ක එකතු වෙලා poster presentation එකක් කරන්නොනේ.

සාක්කුවේ තිබ්බ phone එක vibrate වෙන්න ගත්තා එක දිගට gate එකෙන් ඇතුල් වෙද්දිම. Phone එක අරන් බලද්දි චෙනා. මැසේජ් විසි දෙකයි. අම්මෝ ඒකිට ඊයේ එහෙම්මම නින්ද ගිහින් තිබ්බා. ඊයේ තමා චෙනාගේ intern වල පලවෙනි දවස.

'ඒ අඩෝ නින්ද ගියානේ''උබ කොහෙද''Campus එකේද''අද මොකද්ද project එකක් තියෙනවා කිව්වනේ.''හොදට කරපම්'

මන් ගත්තා call එකක් ඒකිට.

"ඒයි මොකෝ උනේ ඊයේ intern එක Garment එක හොදයිද"

"ඔව් බන් සුපිරී. ඒක මරු ඕඉ. මන් හිතන් හිටියට වඩා brandix එක පට්ට ලොකුයි බන්."

"උබ හිතන් ඉන්නවට වඩා නම් ඉතිම් හැමදේම ලොකුයි තමා. අද මොකෝ උබ නිවාඩුද."

"ඕ අද නිවාඩු සිකුරාදනේ. ඊයේ අපිට field visit එකක් වගේ තිබ්බේ. Introduction ceremony එකක් වගේ. ඒක නෙවේ ලස්සන කොල්ලෙක් හිටියා බන් රද්‍ය අයියා වගේමයි."

"අනේ අම්බේ උබේ රද්‍ය. ගිහින් අල්ලගනින්."

"උබ කියනකන් හිටියේ. මේ ඒකනෙවේ එදාට පස්සේ අරූ ගැන ආරංචියක් නැද්ද."

Love AlarmWhere stories live. Discover now