සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

Par Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... Plus

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

118

85 6 0
Par Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
118

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"අයියේ.. මේක ඉස්සරහට අරන් යන්නකෝ..." නිරාශා අරවින්ද ඇමතුවේ සිසිල් බීම පිරවූ වීදුරු ට්‍රේකක් දක්වමිනි.

"අරන් එන්නකො ඉතිං... ඔයාම ඔහොම්මම"

"බෑ.. බරයි අනේ.. මගේ අතින් හැලෙයි.. එන්නකෝ ඔයා..." නිරාශා නැවත වතාවක් කෑ ගැසුවත්, අරවින්ද වෙනුවට පැමිණියේ සේපාලිකායි. ඔවුන් සියලු දෙනාම ඒ ඉරිදා දිනයේ රැස්ව සිටියේ අරවින්දගේ නිවසටයි. අරවින්දගේ නිවස මේ වනවිට නිරාශාගේ සහ ජනිත්ගේ රසමුසු නවාතැනක් බවට පත්ව තිබුණි.

"අනේ මන්දා අයියේ... බීම ට්‍රේකක්වත් උස්සගන්න පණ නැති අක්කා එක්ක තමුසේ මොකට යාළු වුණාද කියලා" සේපාලිකා බීම ට්‍රේකත් රැගෙන විසිත්ත කාමරයට පැමිණෙමිනි.

කැරම් බෝඩයක් ක්‍රීඩා කරමින් සිටී අරලියාත්, ජනිතුත්, අරවින්දටත් හිස ඔසවා සේපාලිකා දෙස බැලුවේ ඒ වදන්වලටය. සේපාලිකා ඒ වදන් විහිළුවට පැවසූවත්, මූණ ඇද කරගත් නිරාශා අරවින්ද අසලින් අසුන් ගත්තෙන් ඔහු සිනාසී ඈ දෙස බලා ඉඟි කළේ සේපාලිකාගේ වදන් ගණන් නොගන්නා ලෙසයි. නමුත් කටත් ඇද කරගත් නිරාශා අරවින්දගේ අතත් බඳාගෙන අරවින්දගේ උරෙන් හිස තියාගත්තේ කිසිවක් නොපවසායි. සේපාලිකාගේ දෙනෙත්වලට නම් එකතුවූයේ එසේ මෙසේ ඊර්ෂ්‍යාවක් නොවේ.

ඈ නිරාශාට රවාගෙනම බලා සිටින ආකාරය හසුවූයේ ජනිත්ගේ දෙනෙත්වලටය.

"ඔයාටත් එහෙම ඉන්න ඕන්නම් ලැජ්ජවෙන්න එපා ලොකූ... මම ඉන්නවා.." ජනිත් ඇයගේ කනට කර මිමිණුවෙන් සේපාලිකාගෙන් ඔහුටත් ලැබුණේ රැවීමකි. නමුත් ඒ සිතට දැනුනු අමුතුම කෝළ හැඟීම ගැන නම් දන්නේ ඇයම පමණී.

"ආ.. කෝ එන්න. සුදූ ගැහුවේ නෑනේ.. මගේ ටර්න් එක සුදූට දෙනවා මම.." නිරාශාගේ අත ගෙන කැරම් බෝඩයෙන් තබමින් අරවින්ද පැවසූ අතර සේපාලිකා තවත් ඇවිලුණි.

"කමක් නැද්ද අයියේ...?"

"ආයේ මොන කමක් ද? ඔයා මොකද, මං මොකද, ඔන්න ඕක ගහන්න නිරාශා කෝළම් නැතුව..." නිරාශා සිනාසී ක්‍රීඩා කිරීම ආරම්භ කළා.

"ඒක නෙවේ අක්කේ.. ඔයා දන්නවද ඉස්කෝලේ යන කාලේ අපේ අයියාගේ කෙල්ල ගැන?" එක්වරම සේපාලිකා එලෙස විමසුවෙන් නිරාශාගේ දෙනෙත් විසල් විය.

"ඉස්.. කෝලේ... යන කාලේ?" ඈ එයම ප්‍රතිරාවය කළේ සේපාලිකා දෙසම බලාගෙනයි.

"හයියෝ... අයියේ... තමුසේ කිව්වේ නැද්ද අක්කට ඒ කෙල්ල ගැන?" සේපාලිකා විමසුවේ සිනාසෙමිනි. ඒ, ඒ පෙම් පලහිලව්ව ඒ තරමටම සිනා උපදවූ බැවිනි... නමුත් සිත රිදවා ගත්තේ නිරාශායි. ඈ අරවින්ද දෙස බැලුවත් ඔහුත් සිටියේ සිනාව පාලනය කරගැනීමට අපහසු උත්සාහය යෙදෙමිනි.

"අනේ මේ ලොකූ.. ඒවා ඕන්නෑ ඕයි..."

"කියන්න කියන්න අයියේ.. අක්කාත් මේවා දැනගන්න ඕනේ..." මෙවර අරලියාත් ඔහුට ඇවටිලි කරන්නට විය.

"කියන්න ඉතිං..." අරවින්ද හැඳ සිටී ටීෂර්ටයෙ කොනක් තම අතින් ගුලි කරගෙන ඈ විමසුවේ හැඬීමට ඔන්න මෙන්නවයි.

"හරි හරි කියන්නම්.. ඒ වුණාට ඔන්න හිනාවෙන්න බෑ හරිද?" අරවින්ද පැවසූවෙන් නිරාශා හිස සැලුවේ කීකරුවය. ජනිත් නම් මේ පුංචි පවුල දෙස බලා සිටියේ සිත යටින් සතුටිනි..

"ඔන්න ඉස්කෝලේ යන කාලේ.. ඒලෙවෙල් කරද්දී.. ඒ කාලේ ඉතිං.. අ..." අරවින්ද හෙමින් සීරුවේ නිරාශා වෙතට දෙනෙත් හැරවූවේ ඉතිරිය පවසන්නේ කෙසේදැයි සිතමින. ඔහුගේ ඒ පැනය විසදුවේ සේපාලිකා විසිනි.

"ඒ කාලේ ඉතිං මේ මෝඩයා යාළුවෙලා හිටියේ ඉස්කෝලේ ලොකුම නැට්ටිච්චි එක්ක. මොළයක් කියලා නාමයක් නෑනේ..."

"අනේ මේ.. කටවහන් ඉන්නවා.. කොහොමහරි ඉතිං ඒ කාලේ එපා වුණා... මුන් රණ්ඩු කරනවනේ.." අරවින්ද නැවත වතාවක් පැවසුවෙන් මෙවර පැනයක් නැගුණේ ජනිත් හටයි.

"මුන් කිව්වේ?"

"ඔය ඉන්න ගොං ගහ තමයි..." අරවින්ද දෑස්වලින් ම පෙන්වූයේ සේපාලිකාවයි.

"අනේ මේ අයියේ.. එයා තමයි රණ්ඩුවට ආවේ හරිද? මෙන්න මේකයි වුණේ.. කවුද ඒ කෙල්ලගේ නම? සචිනි.. ආ.. සචිනි හෙනම...--- සචිනි අක්කා ලොකූ.. තමුසෙට වඩා වැඩිමල්නේ" අරවින්දගෙන් නැවත බාධාවකි. "ඉතිං දැන් එහෙම ගෞරව කරන්න තමුසෙගේ කෙල්ල නෙවේනේ.." සේපාලිකාගේ වදන් සත්‍යයක් බව නිරාශා හටත් සිතුනෙන් ඇය ඉබේටම බැලුවේ අරවින්ද දෙසයි. අරවින්දත් නිරාශා දෙස බැලූ නිසා ඈ වෙනතක් බලාගත්තා.

"කොහොමහරි සචිනිගේ කොන්ඩේ දිගයි ඉණෙන් පහළට. ඔය කෙල්ල හෙනම ඔළුවෙන් හිටියේ ඒක නිසා.. ඒකිට වඩා කොන්ඩේ දිග වැඩි එවුන්ට ඉස්කෝලේ ඉන්න දුන්නේ නෑ.. ශිෂ්‍ය නායිකාවක් නිසා මේකි කොන්ඩ කැප්පෙව්වා තර්ජනේ කරලා.. මාර යකින්නක්.. මට නම් පේන්න බෑ.. හොඳම දේ තමයි මේ එළහරකා ඒ යස්සනීත් එක්ක යාළුවුණ එක. ඒකී අලුතින් ඉස්කෝලේට ආව නිසා ඒ යස්සනී දන්නේ නෑ මම මේ බූරුවාගේ නංගි කියලා. ඒ කාලේ ඉදන්ම මගේ කොන්ඩේ දිගයි. ඔන්න ඔතනින් තමයි අපි ඇවිලුණේ. ඒකී මට කිව්වා කොන්ඩේ කපන්න කියලා... මොන පිස්සු හෝන්තුවක් ද මන්දා.. ඊටපස්සේ අපි ගහගත්තා ඉතිං.. මාත් අතෑරියේ නෑ.. කොන්ඩෙන් අල්ලලා මෙන්න මෙහෙම ඇඹරුවේ මම" සේපාලිකා රඟදක්වමින්ම කතාව කියාගෙන යද්දී නිරාශාගේ සිතටත් දැනුනේ තරමක සතුටකි. ඈ සිනාසුණේ තමාගේ අපූරු නෑනන්ඩිය දෙස බලාගෙනයි. ඉතිං විටෙක තරමක් අද්භූත ආකාරෙන් තමාට අකැමැති බවක් පෙන්නුවත්, ඇයත් තමන්ට හරි හරියට ගැලපෙන තරුණියකි.

"ගහ ගද්දී ඒ යස්සනී කතුරක් අරන් මගේ කොන්ඩේ පිට මැද්දෙන්ම කැපුවා කියන්නකො.. මම ඇඬුව තරම් එදා.. ගෙදර ඇවිත් තාත්තාටත් කිය කියා ඇඬුවා.." එක්වරම සේපාලිකාගේ කතාව නැවතී ඒ දෙනෙත්වලට කඳුළු පොකුරක් එකතුවිය. "තාත්තාත් හිටියා නම් මේ කතාව කියද්දී එයත් හිනාවෙයි නේද? අපි හැමදාම මේ කථාව මතක් කරලා හිනාවෙනවානේ.." ඈ සිහින් හඩින් මිමිණුවත් ඒ වදන් සියලුදෙනාගේම කන වැකින. ජනිත් සීරුවට පුටු සෙටිය මත වූ ඇයගේ අතැඟිලි කීපයක් තම අතින් අල්ලාගත්තේ, සැවොම ඉදිරියේ ඇයව සැනසීමට ගත හැකි අවම ක්‍රියාව එය වූ නිසයි. අරලියාගේ ද වත මැළවී යනවා දුටූ නිසා අරවින්ද නැවත කතාව ආරම්භ කළා.

"කෝ ඉතුරු ටිකත් කියනවා ලොකූ.. බාගෙට කියලා බලන් ඉන්නේ කටත් ඇරන්.. ඊටපස්සේ තමයි වීරයා සීන් එකට ආවේ.." ඔහු සිනාසෙමින්ම පවසද්දී අරලියා ද සිනාසෙන්නට විය.

"ඒක හරි කැත වැඩක් අයියේ ඒ වුණාට..." අරලියා පැවසුවත් අරවින්ද හිස දෑතට වැනීය.

"දතට දතක් ගන්න ඕනේ.. එහෙම තමයි.."

"මොකද වුණේ කියපන්කෝ තටමන්නැතුව" ඉවසීමේ සීමාවේ අඟ සිටී ජනිත් කෑ ගැසුවේ මේ අතරයි.

"මේකී අඬනවා බලන් ඉන්න බෑනේ ඉතිං බං.. මං අරකිගෙත් කොන්ඩේ කැපුවා... Case close! අන්න එහෙමයි ඒ සම්බන්ධේ ඉවර වුණේ" අරවින්ද පැවසුවෙන් ජනිත් සහ නිරාශා ඔහු දෙස බලා සිටියේ මුවත් අයාගෙනයි.

"මොකක්?" නිරාශා සිටියේ විශ්වාස කළ නොහැකිවයි..

"එච්චරයි ඉතිං... ඒ කතාව" අරවින්ද නිරාශාගෙන් දෑස් වසන් කළේ තමා එවැන්නක් සිදුකළ බව විශ්වාස කළ නොහැකිව ඇය මුව අයා බලා සිටින ආකාරය දුටූ නිසයි. "ඔයා... එච්චර නපුරුද?" ඈ සිහින් හඩින් මිමිණුවේ ඔහුගේ සවනතටයි. "නපුරුයි කියන්නේ ඉතිං.. නංගිගේ කොන්ඩේ කැපුවාම නිකං ඉන්න පුළුවනැයි..." අරවින්ද ද පිළිවදන් ලබා දුන්නේ හොර රහසින් වුවත්, ඔහුගේ හඩ අනෙක් අයට ද හොඳින්ම ඇසුණා.

"අන්න ඒකනේ අපි අපේ අයියාට වැඩියෙන්ම ආදරේ..." අරවින්දට අනෙක් පසින් සිටී අරලියා ඔහුගේ තුරුළට වූයේ සිනාසෙමිනි.

"ආ.... මේ... චොකලට් දෙන්න අමතක වුණානේ කට්ටියට.. දිය වෙලත් ඇති.. කෝ ආ.. මුලින්ම මගේ පොඩි නංගිට.." ජනිත් තමා ගෙනා පාර්සලයෙන් චොකලට් දෙකක් ගෙන අරලියාගේ අතින් තැබුවේ සිනාවක් ද සමඟිනි. සහෝදරියන් නොමැති ජනිත් හට කවදත් පොඩීව, නැතිනම් අරලියාව දැනුනේ තමාගේම සොහොයුරියක් ලෙසිනි.

"ආ...නේ.. දෙකම මට ද?" අරලියා විමසද්දී ජනිත් හිස සැලුවේ තම මුවෙහි වූ සිනාව චුට්ටක්වත් අඩු කරගන්නේ නැතුවයි.

"මං යනෝ එහෙනම් කට්ටිය මේක කන්න.. බායි බායි..." විදුලියක් ලෙසින් අරලියා දිව ගියේ තම කාමරය වෙතටයි.

"පොඩී.......හ්, හිමින් කනවා.... මහ රෑ ඔය ඔක්කොම කටේ ඔබාගන්නේ නැතුව..." අරවින්දගේ කෑ ගැස්ම නම් ඇයට ඇසුනාදෝ මන්දා.

"ආ.. ඔයාට.. එතකොට ඔයාට.." ජනිත් අනෙක් චොකලට් ද බෙදා දුන්නේ සේපාලිකාට සහ නිරාශා හටයි.

"එකයිද?" සේපාලිකා ජනිත්ගෙන් විමසුවෙන් ඔහුට ඉබේටම බැලුනේ අරවින්ද දෙසයි. "ඔව් ඉතිං, පොඩි ළමයිට විතරයි චොකෝ දෙකක් දෙන්නේ.." ජනිත් සේපාලිකාගේ හිසට තට්ටු කර එලෙස පැවසුවත් ඇයගේ දෙනෙත් තිබුණේ නිරාශාගේ අතෙහි වූ චොකලට්ටුව වෙතයි.

"ආ.. හරි එහෙනම් සුදූ.. ඕක දෙන්නකෝ ලොකූ..ට. මම ඔයාට වෙන එකක් දෙන්නම්" එක්වරම අරවින්ද එලෙස පැවසුවේ නිරාශා විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බලද්දීයි. "ඈහ්?" ඉබේටම ඒ මුවින් පිටවද්දී අරවින්ද ඇයගේ අතෙහි වූ චොකලට්ටුව ගෙන ජනිත්ගේ අතින් තැබුවා. නමුත් යුවතිය ඒ සැනින් එය නැවතත් තම අතට උදුරාගත්තේ ජනිත්ට මෙන්ම අරවින්දට රවමිනි.

"මේක මගෙනෙ අනේ..." හඬන්නට ආසන්නව ඇය පැවසුවත්, අරවින්ද හෝ ජනිත් නෙවේ එය ගණන් ගත්තේ.

"හරි හරි නිශා.. ඕක දෙනවකෝ මං කියන්න.." ජනිත් නැවත වතාවක් පැවසුවෙන් ඔහුට ලැබුණේ රැවීමකි. "බෑ කිව්වනේ.." නිරාශා නැවත වතාවක් පැවසුවේ කෝපයෙනි. සේපාලිකා ඔවුන් දෙස නිහඩවම බලා සිටියේ කිසිවක් වටහා ගත නොහැකිවයි.

"හරි එහෙනම් rock, paper, scissor කරලා බලමුද?" ජනිත් අවසන් වතාවක් විමසුවෙන් නිරාශා ඉක්මනින්ම හිස සැලුවේ ඔහුට තවත් රවමිනි.

"Rock, Paper, Scissor!"
"Rock, Paper, Scissor!"

නිරාශා කොළය දමද්දී, ජනිත් ගල දැමූ නිසා දිනුම නිරාශා වෙත විය. ඈ සිනාසී තම ජයග්‍රහණය සැමරුවේ ජනිත් හට දිවත් දමමිනි. නමුත් අරවින්ද එක්වරම නිරාශා අත වූ චොකලට්ටුව ගෙන ජනිත් හට ලබා දුන්නේ සේපාලිකා හට දෙන ලෙස ජනිත් හට ඉඟි කරමිනි. නමුත් සිත රිදවාගත් නිරාශා අරවින්ද දෙස මොහොතක් බලා හිඳ මුළුතැන්ගෙය දෙසට දිව ගියේ තම වත සඟවාගනිමිනි.

"ඔන්න ඔයාලා තමයි ඒ රණ්ඩුව නම් ඇද්දේ හොදද.. මාව නම් අල්ලගන්න හදන්න එපා.." සේපාලිකා පැවසුවේ ජනිත්ට සහ අරවින්දට රවන ගමනුයි.

"හරිනේ දැන්... ගිහින් සනසපන්.." ජනිත් පැවසුවේ නක්කලටය. අරවින්දත් ඉක්මනින්ම නැගී සිටියේ ඇය වෙතට යාමටයි. මුළුතැන්ගෙයට ගියත් ඇය නොසිටියෙන් අරවින්ද පිළිකන්න වටා තම දෑස් කරකැව්වෙන් නිරාශා ව සොයාගත හැකි විය. ඇය සිටියේ පවුලේ සුපුරුදු හඬන ස්ථානය වූ ගස් කොටස මත අසුන්ගෙනයි.

අරවින්ද හොර අඩි තියමින් ළංවූයේ ඇය වෙතටයි. එක්වරම ඇයව බියගැන්වීමට සිතා ඇයගේ වතට එබුනත් දක්නට ලැබුණේ කඳුළු පිරුණු නිරාශාගේ රතු වූ වතයි.

"මොකද මේ හොට්ටි වගේ අඬන්නේ?" අරවින්ද ඇයගේ නහය මිරිකමින් සිනාසුණත් ඇය නෙවේ ඔහු දෙස බැලුවෙවත්.

"ඇයි බබා මේ...? සුදූ.., මෙහෙ බලනවා මං දිහා.." නිරාශාගේ වත අල්ලාගත් අරවින්ද ඇයව තමා දෙසට හරවා ගත්තේ බලෙන්.

"ඔයා... මට ඔච්චර වෙනස්කම් කරන්නේ ඇයි අයියේ...? මම දන්නවා ඔයා නංගිලට ආදරෙයි කියලා මට වඩා.. ඒත්... ඒත්.. ඔයා.. ඔහොම කරද්දී.. මට..හ් හරි.. දුකයි.." නිරාශා ඉකි ගසන්නට ගත්තෙන් අරවින්ද ඇයව තම ගතට තද කොට තුරුළු කරගත්තේ ඇයව සනසවන්නේ කෙසේදැයි සිතමිනි.

"දැන් ඇයි තමුසේ හිතන්නේ මම නංගිලාට වැඩියෙන් ආදරෙයි කියලා?" ඔහුගේ හඩ තරමක් තියුණු විය. "මේ.. අයියේ.. ඔයා ඕන්නැති නපුරු වැඩ කරලා මට සැර දාන්න එන්න එපා හරිද?" මූණත් රතු කරන් ඇය ඔහුගේ පපුවට තදින්ම පහරක් මිට මොළවා ගසා ඒ කියූ ආකාරය නම් ඉතිං සුරතල් ය.

ඔහු එක්වරම ඒ දෙතොල් මත කෙටි හාදුවක් තැබුවේ නිරාශා තිගැස්සී යද්දීයි.

"මෝඩී... මට බය මම අරුන් දෙන්නටත් වැඩිය තමුසෙට පිස්සු වැටිලා ඉන්න නිසා සුදූ..." ඈ වටා දෑත් යැවූ අරවින්ද තව තවත් යුවතියව තම පපුවට තද කරගත්තේ හිස මත හාදුවක් ද තවරමිනි. නිරාශා නම් සිටියේ කිසිවක් වටහා ගත නොහැකිවය.

"ආ...!" මෙතෙක් වේලා තමා සඟවාගෙන සිටී පාර්සලය නිරාශාගෙ අතින් තැබූ අරවින්ද ඇයගේ කොපුලක් සිපගත්තේ නිරාශා බෝල කරගත් දෙනෙතින් ඔහු දෙස බලා සිටිද්දීයි.

"මොනාද මේ?" ඈ විමසුවේ බ්‍රවුන්පේපර් කවරය දිග නොඈරම ය.

"ඇරලා බලනවා සුදූ... බෝම්බයක් නෙවේ.." අමනාපයෙන් සිටියත් ඇය කවරය විවර කළේ ඔහුගේ කීමටයි. නමුත් එක්වරම වත ආලෝකමත්ව ගියේ එහි වූ දෙය දුටූ නිසයි. ඒ ඈ ප්‍රිය කරන ලද, අතිශය දුලබ චොකලට්ටුවකි. ඇයගේ සිනාවෙන් පිරුණු වත දකිද්දී ඔහුටත් දැනුනේ සැනසීමකි. ඉතිං මේ හිනාව වෙනුවෙන් නොවේද මෙතරම් දෙයක් කළේ. ඒ හැඟීමෙන්ම ඔහු ඇයගේ කොපුලක් නැවත වතාවක් උණුසුම් අයුරින් සිපගත්තේ සිහින් සැපුමක් ද සමඟිනි.

නමුත් ඒ ක්ෂණයෙන්ම නිරාශාගේ වත අඳුරු ව ගියෙ හදිසියේ සිහිවූ යමක් නිසාය. ඇය චොකලට්ටුවේ කවරය ද පරීක්ෂා කර බැලුවේ එබැවිනි.

"අයියේ.. මේක ගොඩක් ගණන්නේ.. මෙහෙ එකක් නෙවේනේ... ඇයි ගණන් එකක් ගත්තේ...? ලොකූලට වගේ පොඩි එකක් ගේන්න එපැයි"

"පණ්ඩිත වෙන්නැතුව ඉන්නවකෝ.. ලොකූලට චොකෝ ගත්තේ ජනියා... මම ඉතිං තමුසෙට ගත්තේ... අරූත් කිව්වානේ තමුසේ මේවට ආසයි කියලා... ඉතිං ගත්තා.."

"ඉතිං අනේ... එතකොට ලොකූලට?" නිරාශා නැවත විමසුවේ ඔහු දෙස බලානයි.

"මං එයාලාට පස්සේ අරන් දෙන්නම් ඉතිං..."

"අනේ ඉතිං... මේක බෙදාගෙන කන්න පුළුවන්නේ අපිට.. ඔය මෝඩ මොළේට ඒක තේරුණේ නැද්ද? ඇයියේ ඉතිං හැමෝම ඉස්සරහා මේක කඩලා ගත්තේ නැත්තේ කන්න... ගොංනේ ඉතිං... මෝඩයා! මෝඩයි කියලා ඉතිං මොනා කරන්නද නේද? මගේ මෝඩ පැටියා..." ඈ අවසන් වදන් පවසමින් ඔහුගේ හිස පිරිමදින්නට වූයේ කුඩා දරුවෙක්ගේ මෙනි. අරවින්ද දිලිසෙන දෑස් අතරින් ඈ දෙස බලාගෙනම සිටියත් යමක් කීමට විනාඩියක් අරගත්තා.

"සුදූ...." ඒ රෝමාන්තික ඇමතීම නිරාශාගේ සිරුර ගිනියම් කළා.

"ම්ම්ම්....?" ඇය ද සිහින් හඩින් ඔහුට පිළිතුරු ලබා දුන්නා.

"මම තමුසෙට මුකුත් ම අරන් දීලා නෑනේ තාම.. ඒ නිසා.. ඕක... තමුසෙට..! හරිද? ලොකූලට පස්සේ දෙන්නම්.. ඕක ඔයාගේ.. බෙදාගන්න බදාගන්න ඕන්නෑ කා එක්කවත්. හිතේ හැටියට ඔය මුළු චොකොලට් බා එකම ගිලලා දානවා.. හරිද?" අරවින්ද ඇයගේ හිසට තට්ටු කර විමසුවෙන් නිරාශා ඔහු දෙසම බලා හිද හිස සැලුවා.

"අයියේ....," කෙඳිරිල්ලකටත් වඩා සිහින් හඩින් ඈ ඔහුව ඇමතුවා.

"කියන්න..." ඔහු ද ඒ ස්වරයෙන්ම පිළිතුරු ලබාදුන්නේ ඒ දෙනෙත්වලින් ඉවත් නොවෙමිනි. කෙතරම් වේලාවක් ගත වුණත් පිළිතුරක් ලබා නොදුන් ඇය ඉක්මනින්ම වෙනතක් බලාගත්තේ ඔහුගේ එම බැල්ම දරාගත නොහැකිවයි.

"මොකද සුදූ...? ම්ම්ම්...?" නැවත වතාවක් ඇයගේ නිකටින් අල්ලාගෙන ඒ වත තමා දෙසට හරවාගත් අරවින්ද ඈගේ දෙනෙත් දෙසම බලා සිටියේ ආදරබර වූ බැල්මකිනි. "අනේ... මං දිහා බලන්න එපා ඔහොම..." ඈ නැවත වතාවක් සිහින් හඩින් මිමිණුවේ ඇහෙන නෑසෙන ගානටයි.

"ඒ මොකද ඒ? මං නැතුව වෙන කවුරු බලන්නද?"

"අනේ.... මට එතකොට ඔයාව කිස් කරන්න හිතෙනවා අප්පා.. පොඩ්ඩක් ඔය මොළේට ගන්නකෝ.." අරවින්දගේ මුව නැවත වතාවක් සැරසුණේ සොඳුරු සිනාවකි. ඉතිං ඇයටම පමණයි හැක්කේ ඔහුගේ මුවට මෙතරම් සොඳුරු සිනාවක් ගෙන ඒමට. "නරකට හිටියි ඉතිං මට කිස් එකක් එහෙම දුන්නා කියලා නම්..." ඔහු නැවත වතාවක් ඇයගේ කොපුලකට දසන් තද කරමින් මිමිණුවේ ඇයගේ සවන්පතකටත් හාදුවක් තද කරමිනි. ඈ රතු කරගත් වතින්ම හිස ගසාගත්තේ ඔහුගේ පපුවටයි. "යන්න අනේ..  ඔයා හරි නරකයි අයියේ.. හැමවෙලේම මගේ මූණ රතුවෙන කතා කියනවා..." එය සිහින් ආදර චෝදනාවකි. "ඉතිං හොඳයිනේ.. එතකොට තමයි තවත් ලස්සන..." නැවත වතාවක් සිහින් ආදර ඔච්චමකි.

"අනේ... ඔය කට වහගන්නකෝ.. අනේ..."

"වහන්න බැරිද?"

ඔහු දඟකාර අයුරින් ඇයගේ වතට එබුනේ නිරාශාව තවත් රතු කරමිනි. නමුත් ඈ තවත් බල බලා ඉන්නැතුව ඔහුගේ දෙතොල්වලට බරවූයේ අරවින්දව පුදුම කරමින් වුවත්, ඔහු ඇයගේ එම ඍජු ක්‍රියාවට ආස කළා. එනිසයි තම දෑත් ඇයගේ ඉණ වටා යවා, තව තවත් නිරාශාව තම සිරුරට බර කරගනිමින් අරවින්ද ඒ හාදුව දීර්ඝ කළේ. සීතල හාදු වැස්සක් එක දිගටම බෙදාගත් යුවල ඔවුනොවුන්ගෙන් ඈත් වූයේ සිනාසෙමිනි. නමුත් අරවින්ද නම් නැවතත් ඇයව තමා වෙතට ඇද ගත්තේ ඒ හාදූන් ප්‍රමාණවත් නොවූ නිසාවෙනි.

"ඉන්නකෝ අනේ.. ඇති දැන්.. කවුරුහරි ආවොත් ලැජ්ජාවේ බෑ... එදා මතකනේ අයියේ..." නිරාශා ඔහුව නවත්තන්නට හැදුවත් අරවින්ද නම් හීනී හාදූන්ගෙන් ඒ මුළු වතම නැහැවූවේ ඉවසුම් නැතිවය.

"උන්ට වැඩක් නෑනේ.. මම කිස් කරන්නේ මගේ කෙල්ලනේ..." වේගවත්ව එලෙස මිමිණූ ඔහු නැවත වතාවක් පැටලුනේ ඇයගේ දෙතොල් සමඟයි.

"ආව්වා... සුදූ.. හපන්න ඔට්ටු නෑ ඉතිං..." අරවින්ද තම රතුවූ යටි තොල අල්ලාගත්තේ වේදනාවෙනි.

"කියන දෙයක් අහන්නෑනේ ඉතිං මෝඩයා.. හපනවා තමයි.." ඈ ඔහුගේ උරහිසත් හපා කෑවේ සිනාසෙමිනි.

"මාව කන්නේ නැතුව ඔන්න ඔය චොකොලට් එක කනවා.. සුදූ.." අරවින්ද පැවසූවෙන් නිරාශා චොකලට්ටුවෙහි කවරය කැඩුවේ අතිශයින් ම නොඉවසිල්ලෙනි. ඉතිං කැඩූ සැනින් ඇය එක්වරම විශාල කැබැල්ලක් කඩාගත්තේ අරවින්දවත් අමතක වීයි. නමුත් ඔහු සිනාසෙමින්ම තමා දෙස බලා සිටින ආකාරය මීළඟ මොහොතේම යුවතියගේ  දෙනෙත්වලට හසුවද්දී ඈ චොකලට්ටුව දිගු කළේ ඔහු වෙතටයි. දෑතට හිස සලා එය ප්‍රතික්ෂේප කළ ඔහු මීළඟ මොහොතේ සිදුකළේ ඈ බලාපොරොත්තු නොවූවකි.

එක්වරම ඇයගේ දෙතොල් මත සිරවී තිබූ චොකොලට් කැබැල්ලක් තම දෙතොල් මතින් සිරකරගත් ඔහු, තමාගේ හා ඇයගේ දෙතොල් හාදුවෙන් චොකොලට් කැබැල්ල අඹරා දමන්නට විය. අනේ ඉතිං අසරණ චොකොලට් කැබැල්ල... රොමාන්තික ආදර හාදුවකින් මෙතරම් පීඩා විඳින්නට සිදුවේ යැයි හීනෙකින්වත් නොසිතෙන්නට ඇත.

හාදුව තව තවත් ඉදිරියට ඇදෙද්දී, නිරාශාගේ සහ අරවින්දගේ සිහිය මෙලොව නොවේ, ඔවුන් පමණක්ම වූ ආදර ලෝකයක විය.

.

.

.

"ආ.. ඔයාට එකක්.." සේපාලිකා හැකි තරම් සාමාන්‍යය හඩින් එසේ පවසා ජනිත්ගේ අතින් තැබුවේ තම චොකොලට් දෙකින් එකකි. ඈ හැකි තරම් ප්‍රවේසම් වූයේ තම හිතෙහි හටගෙන ඇති මේ නුහුරු හැඟුමන් ඔහුගෙන් සඟවන්නටය.

"මට එපා.. ඔයා කන්න.. දෙකම ඔයාට.."

"ඒ වුණාට ඔයා මං දිහා ඔහොම බලන් ඉද්දී.. මං කන්නේ කොහොමද.. ඔයත් කන්න ආහ්.."

"එහෙනම් මට පොඩි කෑල්ලක් දෙන්න.." ජනිත් පැවසුවෙන් ඔහුට රැවූ සේපාලිකා හීනීයට කඩාගත් චොකොලට් කැබැල්ලක් ජනිත්ගේ අතින් තැබුවේ ඈ දෙස ජනිත් අන්දමන්ද වී බලද්දීය.

"මේකද බං උඹේ මහලොකු චොකලට් කෑල්ල? මේක කනවට වඩා හොඳයි......" කටට ආ අසැබිය පිට කළ නොහැක ඇය ඉදිරියේ. එනිසයි ඔහු ඉක්මනින්ම මුව  වසා ගත්තේ.

"ඉතිං ඔයානේ පොඩි කෑල්ලක් ඉල්ලුවේ.." සේපාලිකා නැවතත් නෝක්කාඩු පවසන්නේ ඔහු සමඟ කියවා ගැනීම, පුංචි පුංචි රණ්ඩු විටෙක රෑ සිහිනෙන් පවා දැකීමට තරම් ඇයගේ සිත සතුටින් පිරවූ නිසයි.

"ඔව් ඔව් මහලොකු පොඩි කෑල්ල.. මට එපා ආ.. උඹම කාපන්.." ඈ කෙතරම් වැදගත් විදිහට කතා කරන්නට කීවත් ඔහුගේ පුරුදු අත්හැරිය නොහැකියි. එක්වරම තම අතෙහි වූ චොකොලට් කැබැල්ල ජනිත් සේපාලිකාගේ මුවට දැමූවේ, ඇය දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බලද්දීයි. ඒ දෙතොලතර ඔහුගේ අතැඟිලි සියුම්ව ස්පර්ශ වූ අයුරු පවා ඇයට දැනෙද්දී එක්වරම සේපාලිකා වේගයෙන් කහින්නට ගත්තේ චොකලට් කැබැල්ල හිරකරගෙනයි. ඉතිං බියවුයේ අන් කවරෙකුත් නොවේ ජනිත්ය.

ඔහු වේගයෙන් ඇයගේ පිටට තට්ටු කළේ කලබලයෙනි.

"උඹලැයි කට නම් තියෙනවා හෙංචන් චොකලට් කෑල්ලක් කා ගන්න බෑ.." බැන බැනම ඇයගේ පිට අතගෑවෙන් ටික වේලාවකට පසුව යුවතිය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්විය.

"හරි නේ?" ජනිත් විමසුවෙන් ඈ හිස සැලුවා.

"මේ.. මං යන්න ඕනේ දැන්... අර හොල්මනට ගිහින් එන්න කියනවකෝ.. යන ගමන් බස්සගෙන යන්න.." ජනිත් පැවසුවේ නිරාශා ගැනයි.

"අනේ.. මට නම් බෑ අයියේ..." සේපාලිකා ගත් කටටම පැවසුවේ අරවින්ද සහ නිරාශා යුවල තනිව සිටිනා තැන්වලට යාම වඩාත් යෝග්‍ය නොවන නිසයි. "මොනාද හලෝ.. යනවකෝ.." ජනිත් නැවත ඇවටිලි කරන්නට විය. "බෑ කිව්වනේ.. අපි පොඩීට කියමු.. පොඩී......................., පොඩී........," ජනිත් පිළිතුරු ලබා දීමටත් ප්‍රථම සේපාලිකා අරලියාට කතා කර හමාරය. "මොකද අක්කේ බෙරිහන් දෙන්නේ?" සේපාලිකා හට ඔරවාගෙන පැමිණියේ අරලියායි.

"අක්කාට කතා කරනවකෝ.. මේ ජනිත් අයියා යන්න හදන්නේ කියන්නකෝ.. එයා එයි.." සේපාලිකා පැවසුවෙන් අරලියා මුවින් නොබැන එතනින් පිටව ගියේ අරවින්ද සොයායි.

"එහෙනම් අපි ගියා.. බායි හොදේ... ගුඩ් නයිට්!" අසුනින් නැගී සිටී ජනිත් නිවසින් පිටවීමට දොරටුව වෙතට ගියේ වේගයෙනි. ඔහුට කොහෙදෝ නැති හදිසියකි.

"අයියෝ.. අයියේ.. ගෙයින් එලියට බහිද්දී දකුණු කකුල තියලා යන්නකෝ.." සේපාලිකාගේ මුවින් පිටවූයේ නිතර අරලියාට සහ අරවින්ද හට පවසන වදනකි. එය ඇය තම පියා සිටිය කාලයේදී ඔහුටත් එලෙසම පැවසූවා ඈට මතකය. ජනිත් ඒ ආමන්ත්‍රණයට නැවතුනු අතර ඇය දෙස බැලුවේ පුදුමයෙනි.

"මේ කකුල?" ඔහු තම දකුණු කකුල දක්වමින් විමසුවෙන් සේපාලිකා හිස සැලුවා.

"ඒත්... එහෙම කොහොමද කරන්නේ?" නැවතත් ඔහු ඇසුවේ ප්‍රශ්නාර්ථයක් සමඟිනි.

"නිකං ඔහොම තියලා යන්න අනේ...".

"මේ පඩියෙන් කකුල තියලා යන්න කියලාද කියන්නේ?" සේපාලිකා නැවත වතාවක් හිස සලා තහවුරු කළත්, ජනිත් ඈ වෙතට සීරුවට අඩි තබමින් ඇවිඳ ආවේ ඇය පිටුපසින් පිටුපසට යද්දීය. අවසන ඈ ගොස් හේත්තු වූයේ නිවසෙහි වූ පැරණි කැබිනෙට්ටුවේයි.

"මේ.. මොකද.. මේ?" තරමක් චණ්ඩි හඩකින් එලෙස විමසන්නට හැදුවත් සේපාලිකාගේ හඩ දුර්වල විය.

"මේකයි නංගි.. මං ඔයාට ඇත්තම කියන්නද?" ජනිත් ද වෙනස්ම වූ ස්වරයකින් එලෙස පැවසුවේ ඇයගේ වතට නැඹුරු වෙමිනි. පිළිවදන් සපයන්නටවත් සිතාගත නොහැකි ව සේපාලිකා නම් බලා සිටියේ පුදුමයෙනි.

"මට.. ඇත්තටම තනි කකුලෙන් බයික් එක පදින්න බැහැ. දකුණු කකුල මෙහෙ දාලා ගියා කියන්නේ වම විතරයි.. මට වමෙන් විතරක් බයික් පදින්න බෑ හලෝ..." තම වතටම එබී ඔහු ඒ පැවසු වදන් මොහොතක් කල්පනා කළ ඇයගේ විසල් ව තිබූ දෙනෙත් සිහින් වූයේ සුන්දර සිනාවකින් ඒ මුව සැරසුණු නිසයි. ඉතිං දන්නා සියලු කෝළම් වදන් එකතු කර පැවසූවේ මේ සිනාව බැලීමට නොවේද?

ජනිත් ද ඈ සමඟම සිනාසුනේ ඈ සිනාසෙමින්ම ඒ දෙනෙත් අතර මත්ව මෙන් බලා සිටිද්දී යි.

නමුත් නොදැනුවත්වම වාගේ එක්වරම ජනිත්ගේ අතක් සේපාලිකාගේ ඉණ වටා පැටලුනේ, ඇයගේ සිනාව නවතාලමිනි. යාන්තමට ඇයව තමා වෙතට ගත් ඔහු, ඒ කොපුලක් මත උණුසුම් හාදුවක් තැවරුවේ සේපාලිකා තමා හැඳ සිටී ගවුම දෝතින්ම  ගුලි කරගෙන මිරිකාගනිද්දීයි. හදවත පිපිරෙන්නට මෙන් ගැහෙයි. විටෙක ඔහුගේ උණුසුමට නතුවී ඔහුට තුරුළු වීමට සිතේ. ඒ දෙනෙත් දෙස බැලීමට සිතේ. නමුත් සිත මොනා කිව්වත් සේපාලිකාගේ ගත නම් සෙල් පිළිමයක් මෙන් සිටියේ පුංචිම හෝ සෙලවීමකින් තොරවය. මොහොතකින් ඇයගෙන් ඈත් වූ ජනිත්ගේ සිතට ද දැනුනේ අමුතුම හැඟීමකි. සිතුවේ ඈ අසල වූ විසිතුරු මල් බඳුනින් හෝ පහරදෙයි කියායි. ඇයගේ ආදර ප්‍රතිචාරයක් නොවූවත්, මේ අවසරයම ඔහුගේ හදවතට ගෙනාවේ සතුටකි.

එනිසයි ඒ කඩවසම් වත මත සිහින් ආඩම්බරකාර සිනාවක් තැවරුණේ.

"මං.. යනවා.. බායි.. ගුඩ් නයිට්!" ඔහු සිහින් හඩින් මුමුණා නිවසින් එලියට බැස්සේ ඇය තවමත් ඒ ඉරියව්වෙන්ම සිටිද්දීයි.

"පරිස්සමින් යන්න.." හදවතින්ම එලෙස මිමිණුවත් වචන කිරීමට ඇයට ශක්තියක් නොවීය.

"නිශා......... වරෙන් බං... පරක්කු වෙනවා......... නිශා................." තවත් ටික වේලාවකින් ඇසුණේ ජනිත්ගේ යතුරුපැදියේ මහා හෝන් හඩ සහ ඔහුගේ කෑ ගැසීමයි.

සුළු වේලාවකින් නිරාශා දුවගෙන විත් අරවින්ද දුන් චොකලට්ටුවත් සඟවා තම අත් බැගයට දමා ගත්තේ සේපාලිකාට සහ අරලියාට දුක සිතෙයි යැයි සිතුණු බැවිනි. නමුත් හොරෙන් චොකලට් නොව, හොරෙන් නිවසේම බඩු ගෙන ගියත් සේපාලිකාට නොවේ ඒ පිළිබඳව සිහියක් වූවේ. ඈ තවමත් සිටියේ ජනිත්ගෙන් ලද ඒ සොඳුරු කොපුල් හාදුවේ පහසින් මත්වය.

"එනවා, එනවා මී හරකෝ............ හෝන් ගහන්න එපා..... ඕඕඕඕ.......යි.... වටේ පිටේ මිනිස්සු ඉන්නවා....." නිරාශා ජනිත් හට පහරක් ගසාගෙනම ඔහුගේ යතුරුපැදියට නැග්ගේ ඉතා හුරුපුරුදු ලෙසිනි.

🖤⚡🌙⚡♥️

Happy Valentine's Day!

Continuer la Lecture

Vous Aimerez Aussi

10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
5.5K 1K 10
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අ...
565 125 10
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා
5.5K 1.3K 24
තාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????