සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.7K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

111

71 7 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
111

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

එදින උදෑසන පටන්ම අරවින්ද සිටියේ අතිශයින්ම කාර්යබහුලවයි. අද දින තම සහයිකාව වූ නිරාශා ද නිවාඩු ගෙන තිබූ නිසා ඔහුට තම සියලුම රාජකාරී තනිව කරගැනීමට සිදු විය.

දීර්ඝ කතිකාවන් සහිත පැය ගණනාවක රැස්වීමක් නිම කළ අරවින්ද හුස්මක් කටක් ගත්තේ එය අවසන් වූ විටය. තම ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිතව තිබූ බැවින් ඔහු තම පරිගණකටම දුරකතනය සම්බන්ධ කර නැවත වතාවක් රාජකාරී කටයුතු ආරම්බ කලා.

තරමක් වේලාවකට පසු දුරකතනය පරීක්ෂා කළ අරවින්ද සේපාලිකා හට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ අද දවසේම ඔවුන් පිළිබඳව සොයා බැලීමට නොහැකි වූ නිසයි. නමුත් ඇයගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි.

තවත් කීපවතාවක්ම උත්සාහ කර බැලුවත් සාර්ථක පිළිතුරක් නොවීය.

"අක්කේ.. ජනිත් කෝ?" අරවින්ද විමසුවේ මධුමිතාගෙනි.

"අ.. තිසර එක්ක එලියට ගියා මං හිතන්නේ අරවින්ද"

අරවින්ද තම යටි තොලත් හපාගෙන කල්පනාවක නිමග්න වුණි.

"මධු අක්කේ හතරාමාරයි.. මම දැන් ඕෆ්වෙනවා.."

"අ.. හරි මල්ලි මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි නේ?"

"නෑ අක්කේ..."

කයිසරයෙන් පිටතට පැමිණි අරවින්ද ඉක්මනින්ම තම යතුරු පැදිය වෙතට නැග ධාවනය ආරම්භ කලා. ඔහු තම නිවස වෙතට පැමිණියේ විදුලි වේගයෙනි. ඒ අතර මැද නැවත වතාවක් තම දුරකතනය නාද වූවෙන් අරවින්ද තම අවධානය දුරකතනය වෙතට ලබා දුන්නත් ඒ ඇමතුම් සියල්ලම නිරාශාගෙන් වූ නිසා ඔහු ඒවා නොසලකා හැරියේ නිවස බලා යාමේ අතිශය වුවමනාවෙනි.

නිවස වෙතට ආ අරවින්ද දොරට කීපවතාවක්ම තට්ටු කලත්, කෑ ගසා කතා කලත් සේපාලිකා හෝ අරවින්දගේ බාල නැගණිය අරලියා ගෙන් වත් කිසිදු පිළිතුරක් නොලැබුණි. සිත නොසන්සුන් වී යද්දී අරවින්ද තමා අත වූ අමතර යතුරින් නිවසේ දොරටුව විවර කළේ භීතියෙනි. ඒ ඔවුන් දෙදෙනා නිවසෙහි දක්නට නොවුණු බැවිනි.

කෙමෙන් කෙමෙන් පරිසරය ගොම්මන් වෙද්දී මුලු නිවසම අදුරු වද්දී අරවින්ද කෑ ගසමින් තම නැගණියන් දෙදෙනාව සෑම තැනකම සෙව්වා. නමුත්  මීක් සද්දයක් නැත.

මුළු නිවසම නිහඩ වද්දී හැඩවුනේ අරවින්දගේ දුරකතනය පමණයි.

මේ ඇය අමතන්නේ සියවෙනි සැරයට වන්නට ඇති.

"මොකද!!!!!!!???"

අරවින්ද මහ හඩින් දුරකතනයට පිළිතුරු ලබා දුන්නේ මහා කෝපයකිනි. තමන් ගිනි පත්තු වී සිටින වේලාවේ නිරාශා දිගින් දිගටම මෙලෙස ඔහුව ඇමතීම තවත් ඔහුගේ කෝපය වැඩි කලා.

"අ...යියේ... මේ.. මම ගත්තේ.. ලොකුයි පොඩියි... මා එක්ක ඉන්නේ කියන්න..." නිරාශාගේ කටහඩ දුරකතනයේ අනික් කොනින් ඇසෙද්දී අරවින්දගේ කෝපය තවත් ඉහවහා ගිය අතර, ඔහු දුරකතනය විසන්දි කරදැම්මේ ඒ කෝපයෙන්මය. එක්වරම දුරකතනය පොලොවේ ගැසීමට ගියත්, ඔහු අපහසුවෙන් තම කෝපය පාලනය කරගෙනම ආලින්දයේ පඩියෙන්ම ඉදගත්තේ පොලොවටත් පහරක් ගසමින් දත් මිටි කමිනි.

.

.

.

අරවින්ද හිටියේ තරහින් පුපුරමින් ය. ඒ දුරකතන ඇමතුමෙන් තම නැගණියන් දෙදෙනාම ඇය සමඟ සිටින බව පැවසූ බැවින් ය. ඔහු මේ තරම් කලබලයෙන් තම නැගණියන් දෙදෙනාව සොයද්දී ඈ ඔවුන් සමඟ කුමක් කරනවාද?

තරුණියන් තිදෙනාම නිවස ඉදිරිපස නවත්තන ලද ත්‍රීරෝද රථයකින් පිටතට බසිනවා අරවින්ද බලාසිටියේ තරහින් රතුකරගත් වතින්.

"දැන් හරි නේද ඔක්කොම අමාරු?" ත්‍රීරෝද රථයට මුදල් ගෙවන ගමන් නිරාශා විමසුවේ පොඩීගෙන්. "දැන් නම් හොඳයි තමයි මෙයාට.." සේපාලිකාත් සිනාසෙමින්ම එසෙ පවසද්දී පොඩී ලැජ්ජාවෙන් සිනාසුනා.

"අන්න අයියා ඉන්නවා.. එන්න අපි ගෙට යමු.." නිරාශා පොඩීගේ අතකිනුත් අල්ලගෙන ඉදිරියට ඇවිදගෙන ගියේ, නිවසේ ඉදිරිපස පඩියේ අසුන්ගෙන සිටී අරවින්ද දෙස සිනාසී බලමින්.

"දැන් ද නෝනලා ටික ගෙදර එන්නේ?" ඔහු නිරාශාට රවමින්ම තරමක් උස් හඬින් එසේ විමසද්දී තරුණියන් තිදෙනාම තැතිගත්තේ අරවින්දගේ කලාතුරකින් දකින්නට ලැබෙන කෝපය මුසු ස්වභාවය දක්නට ලැබුන නිසයි.

"ලොකූ.. ඔයා පොඩීව ඇතුලට අරගෙන යන්නකෝ.. මම අයියා එක්ක කතා කරලා එන්නම්" නිරාශා එසේ පවසා අරවින්ද අසලට ගියේ අද දින සිදුවූ සියලුම දේ ඔහුට පවසන්නට වුවත්, එක්වරම ඇයගේ කම්මුල වෙතට ලැබුනේ අතිශය දරුණු පහරකි. නිරාශා තම කොපුලක් අල්වාගෙනම අරවින්ද දිහා  බැලුවේ කඳුලු පිරුණු දෙනෙතින්. "අයියේ!! ඔයා මොනාද මේ කරන්නේ??" සේපාලිකා ද කලබල වී අරවින්ද අසලට ආවත් ඈ හට ද ලැබුනේ තම සහෝදරයාගේ තදබල කොපුල් ප්‍රහාරයකි. සිදුවෙන සිදුවීම් වලින් තැතිගෙන සිටී පොඩී, අරවින්ද දෙස බලාගෙන සිටියේ කඳුලු පිරුණු දෑසින්.

"මම මෙතන ගිනි රත්වෙලා තමුසෙලා දෙන්නාව හොයනවා!! තමුසෙලා මෙතන ජෝඩු දාලා ඇවිදින්න යනවද?" ඔහුගේ උස් හඬ නිහඬතාවයෙන් පිරුණු මුලු පලාතම දෙදරවද්දී, බිමට හරවගත්ත වතත් එක්ක නිරාශා පොඩීගේ අතකින් අල්ලගත්තේ ඇයට තවත් හිටගෙන සිටීමට දැනුනු අපහසුව දුටු නිසයි. "එන්න පොඩී.. ගෙට යමු.. ඔහොම ඉන්න අමාරුයිනේ" සිහින් හඬින් එසේ මුමුණමින් ඈ පොඩීව ඇතුලට එක්කගෙන යන්නට සැරසෙද්දීයි මෙතරම් වේලාවක් කෝපයෙන් සිටී ඔහු, තම බාල නැගණියට අවධානය ලබාදුන්නේ. ඈ තරමක් දුර්වලව සිටින අයුරු ඔහුට දැන් නම් පැහැදිලිව දකින්නට පුලුවන් වුණා. "පොඩී...? මොකද වුණේ? නිශා... පොඩීට මොකද වුණේ??" ඔහු ඇයගේ අතකින් අල්ලගෙන එසේ විමසුවත් ඔහු ලගට කෝපයෙන්ම පැමිණී සේපාලිකා ඔහුගේ අත නිරාශාගේ අතින් ඉවත්කලා.

"අතක් තියන්නේ නැහැ මීට පස්සේ අක්කට! ඔයා කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව මෙහෙම හැසිරෙන එක හරිද අයියේ? මට ගැහුවට කමක් නැහැ. ඒත් අක්කාට..? ඔයා දන්නවද අද මොකක්ද වුණේ කියලා?" සේපාලිකා අරවින්දට කෑ ගහද්දී අරවින්ද මාරුවෙන් මාරුවට තරුණියන් තිදෙනාගෙම මුහුණවල් දෙස බැලුවේ තමන් අතින් කුමක් හෝ වැරදීමක් සිදුවී ඇතිබව වටහාගෙනයි.

"එපා ලොකූ.. දැන් ඒවා වැඩක් නැහැනේ.. මම පොඩීව ඇතුලට එක්කගෙන යනවා හොදද.. ඔයත් එන්න ඇතුලට.." නිරාශා සේපාලිකා දිහා පමණක් බලලා ඒසේ පවසා නිවස තුලට ගියේ අරවින්ද ප්‍රශ්නාර්ථයක් එක්ක සේපාලිකා දිහා බලාගෙන ඉද්දී.

"තමුසේ නම් අනේ මන්දා අයියේ.. මෙහෙමත් තරහා ගන්නවද? ඉස්සර මෙහෙම නැහැ අයියේ ඔයා"

"ලොකූ... දැන් මමයි ඔයාලාගේ භාරකාරයා.. ඔයාලාට මොනාහරි වුණොත් මට ඉදලා වැඩක් තියෙනවද ආහ්? ඔයා දන්නවද ඔය දෙන්නාව විතරක් ගෙදර තියලා මම ඔෆිස් එකේ ඉන්නෙත් කොච්චර බයකින් ද කියලා? ඔයාලා දෙන්නම තරුණ ගෑණු ලමයි.. මට ඔයාලා ගැන ලොකු වගකීමක් තියෙනවා.. ඒ අස්සේ ගෙදර ඉන්න ඕනේ කෙල්ලෝ දෙන්නා මම ගෙදර එද්දී ගෙදර නැතිවෙද්දී මොකද හිතෙන්නේ කියන්නකෝ... අනික මේ වටෙන්ම කළුවර වැටීගෙන එන වෙලාවේ!" අරවින්ද එසේ පැවසුවේ තරමක් වේදනාත්මක හඬකින්. සේපාලිකා සුසුමක් හෙළුවේ ඊට කුමක් පවසන්නදැයි ඈ නොදත් හෙයින්.

"හරි දැන් කියනවා මොකද වුණේ කියලා.." අරවින්ද එසේ විමසද්දී සේපාලිකා මීට පැය කීපයකට කලින්  සිදුවුනු සියලුම දේ අකුරක් නෑර ඔහුට විස්තර කිරීම ආරම්භ කලා.

"උදේ පොඩීට උණ ගැනුනා.. ඊටපස්සේ මම එයාව බලාගත්තා. ඒත් දවල් වෙද්දී තව උණ වැඩිවුණ නිසා මම එයාව නර්සින් හෝම් එකට එක්කගෙන ගියා. එක්කගෙන ගියාම කිව්වා හොඳටම උණ නිසා ඇඩ්මිට් කරන්න වෙයි කියලා. අතේ තිබ්බ සල්ලිවලින් මම ඒ ටික කරගත්තා. ඒත් උණ වැඩි නිසා උණ බහිනකන් ඉන්න කිව්වා. පැය තුනක් විතර ගිහින් උණ නම් බැස්සා. ඒත් මං ලග සල්ලි තිබුණේ නැහැ.. ඉතිං මම ඔයාට කෝල් එකක් ගත්තා. ඒත් ඔයාගේ ෆෝන් ඕෆ්. ඊටපස්සේ වෙන කරන්න දෙයක් නැතුව තමයි නිශා අක්කාට ගත්තේ.. අක්කා ඒ සැනින්ම ආවා හොස්පිටල් එකට. එයා තමයි ඔක්කොම බිල් එක පේ කරලා, පොඩීට ඕනේ කරන බෙහෙත් ටිකත් අරගෙන දුන්නේ. තව කන්න කෑමත් අරගත්තා... අපි ඔයාට කෝල් ගත්තට ඔයා ආන්ස්වර් කලේ නැහැ.. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා තිබුණේ නිසා නිශා අක්කාගේ ෆෝන් එකෙන් අරගත්තේ. අන්තිමේ ආන්ස්වර් කරපු පාර තමයි ඉතිං අක්කා අපි දෙන්නා එයා එක්ක ඉන්නවා කිව්වේ. තමුසෙ බයවෙයි කියලා තමයි පොඩී ලෙඩ වුණා කියලා නොකිව්වේ. අන්තිමේ එහෙම කරපු කෙල්ලට තමයි ඔයා අරහෙම ගැහුවේ අයීයේ.." සේපාලිකා කතාව කියවලා අවසන් වද්දී අරවින්දගේ වතින් දිස්වුණේ පසුතැවීමේ සලකුණුයි. සේපාලිකා නිවස ඇතුලට යද්දී, අරවින්ද හිමින් හිමින් ඇවිදගෙන ගියේ මුලුතැන්ගේ දෙසටයි. පිළිකන්න දෙසට වන්නට වූ දොරටුව විවර කල ඔහු පඩියෙන් වාඩිවුණේ සිතට දැනුනු දුකත් එක්ක.

නිතර කෝප නොගන්නා ඔහු අද කෝපගත්තේ සාධාරණ හේතුවකටයි. නමුත් අවසානයේදී ඒ කෝපය තමන් පිටකර ඇති අයුරු පිලිබදව ඔහුට දැනුනේ අතිශයින්ම ලැජ්ජාවක් මෙන්ම පසුතැවීමක්. යාන්තමින් දෙනෙත්වලට කඳුලු එකතුවුණේ දිදුලන කඳුලු පටලයක් ඒ දෙනෙත්වල අන්ඳවන ගමන්. ඒ සමඟින්ම මුලුතැන්ගෙට කිසිවෙක් පැමිණී බව ඇසුනෙන් ඔහු නිසොල්මන්ව උළුවස්සට තම හිස හේත්තු කරගත්තේ සුසුමක් හෙළමින්.

මුළුතැන්ගේ වෙතට පැමිණි නිරාශා තම අතෙහි රැදුනු පොලිතීන් බෑගය මුළුතැන්ගේ තිබුණු බැම්මක් මතින් තබමින් ඔහු දිහාට බැල්මක් පා කලා. තරමක් පැහැයෙන් වැඩි තරුණියක් වූ නිරාශාගේ කොපුලක් මේ වනවිට රත්පැහැ වී තිබුණේ ඔහුගේ ඒ දැවැන්ත හස්තයේ සලකුණු පැහැදිලිව මතුකර පෙන්වමින්. සුසුමක් හෙළූ ඈ, සිලි සිලි නදදුන් බෑගයෙන් පිටතට ගත්තේ උණුවෙන්ම තිබුණු බත් මුලකි. එය දිගහැර පිගානකට දමද්දීම මුළුතැන්ගේ වෙතට පැමිණියේ සේපාලිකායි.

"ලොකූ... මෙන්න මේක පොඩීට කවන්න පුලුවන්ද? මෙතන මේ ෂොපින් බෑග් එක ඇතුලේ ඔයාගේ කෑම එකයි, අයියාගේ කෑම එකයි තියෙනවා.. ඔයාලත් කන්න හොඳද?" නිරාශා සේපාලිකා හට ලබාදුන්නේ, ඈ පිගානකට බෙදූ බත් එකයි.

"හරි අක්කේ..."

"කෝ සමහර අයට සොරි කියන්න කට නැද්ද? මෙච්චරවෙලා කෑ ගහන්න කට තිබුණා. දැන් ඒක වැහිලා වගේ.." අරවින්ද දෙස බලමින් ඇනුම්පදයක් පා කර හැරී ලොකූ ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබුනු විට ඔහුට රැව්වේ නිරාශා දෙතොල් මතට සිනාවක් ඇඳගනිද්දීයි. "රිදෙනවද ලොකූ?" සේපාලිකාගේ කොපුලද රතුවී තිබුණු බැවින් නිරාශා ඇයගේ කොපුල මතින් අත තැබුවේ සෙනෙහසින්. "අවුලක් නෑ අක්කේ... කොහොමත් මට වඩා ඔයාට තමයි තදින් වැදුනේ.. බලන්න මූණත් තඩිස්සි වෙලා ගිහින්" ලොකූ තරමක් සද්දෙන් එහෙම කිව්වේ අරවින්දට ඇසෙන්නටමයි. "හා හා.. යන්න ඉතිං...  හොඳ ලමයා වගේ.." සේපාලිකා මුළුතැන්ගෙයින් පිටවුණේ අරවින්දට ගස්සගෙනයි. ඈට සිනාසුනු නිරාශා අරවින්ද දෙසට හැරුණත් සිනාසෙද්දී ඇයගේ කොපුල රිදුනේ ඔහුගෙන් ලද අතුල් පහර නිසාමයි. සුසුමක් හෙළූ නිරාශා ඔහු අසලින්ම බිමින් අසුන් අසුන්ගත්තේ වත්තේ තිබුණු ගස් පේලියක් දිහා හිස් බැල්මෙන් බලන ගමන්.

නිසොල්මනේ මොහොතක් ගතවුණේ ඔවුන් දෙදෙනාගේම සුසුම් හඬ රාත්‍රී නිහඬතාවය එක්ක එකතුවෙද්දී. අරවින්ද ඇයගේ වත දිහා බැලුවේ පසුතැවිලිමත් සිතුවිලි එක්ක. සීත සුළඟට ඇයගේ කෙහෙරැලි දඟකම් කරද්දී අරවින්ද තමන්ගේ ඇඟිලි තුඩු ඇයගේ රතුවී තිබුණු කොපුල මත ගෙනගියේ, තරමක් වේදනාවෙන් ඈ දෙනෙත් පියාගනිද්දීයි. "රිදුනද නිශා..?" ඔහු එසේ විමසුවත් ඈ නම් පිලිතුරු ලබා දුන්නේ නැත්තේ එම පිලිතුරිනුත් ඔහුට රිදෙන බව දන්න නිසයි. "සොරි.. සුදූ.. මම හොඳටම බයවෙලා හිටියේ..." ඇයගේ රත්පැහැ වී තිබුණු කොපුල ආදරයෙන් සිපගත් ඔහු එසේ පැවසුවේ ඇයගේ වතට තම වත ගාවමින්. "හ්ම්ම්.." නිරාශා යන්තමින් එසේ පැවසුවේ ඔහුගේ උණුසුම විඳිමින්. "ඇයි මට කෝල් කරපු වෙලාවේ කිව්වේ නැත්තේ ඉතිං පොඩීට අසනීප වුණා කියලා..?" ඔහු විමසුවේ නැවත වතාවක් ඇයගේ කොපුල පිරිමදිමින්.

"අපිට හිතුනා ඔයා ගොඩක් කලබලවෙයි කියලා.. අපි ඔයාට ආදරෙයිනේ.. ඒ නිසා.. අපි ඔයාව කලබල කරන්න හිතුවේ නැහැ" නිරාශා ඔහුගේ දෑස් දෙස බලමින් පැවසුවේ ඔහුගේ ගෙල පිටුපසින් අතක් යවා ඔහුගේ හිස පිරිමදිමින්. අරවින්ද නිරාශාගේ දෑස් දෙස බලාගෙන හිටියේ තම හදවත දැනුනු හැඟීම් වචනයට නගන්නේ කොහොමද කියලා හිතන ගමන්. "මමත් ඔයාලාට ආදරෙයිනේ.. ඒකනේ මට ඔයාලා හැමෝමවම බලාගන්න ඕනේ... ඒත් ඔයාලා මාව දුර්වලයෙක් කියලා හිතනවා කියලා මට දැනෙනවා... මට දැනෙනවා.. මම නෙවේ ඔයාලායි මාව බලාගන්නේ කියලා.." ඔහුගේ සිතට දැනුනේ කලකිරීමක්. මේ යුවතියන් තිදෙනාම ඔහුගේ වගකීමක්. නමුත් ඔවුන් තිදෙනාම තමන්ගේ හැඟීම් පිලිබදව වදවෙමින් මෙලෙස තනිවම ඔවුන්ව බලාගැනීම ඔහුගේ සිතට ගෙනාවේ දුකක්.

"එහෙම නැහැ අයියේ... අපි හැමෝම හැමෝමවම බලාගන්න ඕනේ.. ඒත්.. ඔයාට අපි තුන්දෙනාම ආදරෙයිනේ.. අනික ඔයා හැමදාම අපි වෙනුවෙන් මහන්සිවෙනවා කියලා අපි දන්නවනේ.. ඔයා තමයි පිරිමියා කියන එකේ තේරුම ඔයා තනියම මහන්සිවෙන්න ඕනේ කියන එක නෙවේ.. හ්ම්ම්..? අනික මේක අපිටම කරගන්න පුලුවන් වැඩක් නිසයි ඔයාට කරදර කලේ නැත්තේ.. පොඩීගේ උණ ඉක්මනටම බැස්සානේ. ඩොක්ටර් කිව්වා එයාට ලොකු අමාරුවක් නැහැ කියලා.. එහෙම නැතුව අපි ඔයා ගැන එහෙම හිතන්නේ නැහැ අයියේ... මමවත්, ලොකූයි පොඩීවත් එහෙම හිතන්නේ නැහැ.. අපි හැමෝම ඔයාට එක වගේ ආදරෙයි.." ඔහුගේ කම්මුල මත සිපුමක් තැබූ ඈ ඒ දෑස් දිහා බැලුවේ උතුරන ආදරයෙන්.

"සොරි.. සුදූ... මම.. ආයිශ්.. මම මහ මෝඩයෙක්! ගොඩක් රිදෙනවා නේද??" නැවත වතාවක් ඒ රතු වී තිබුණු කොපුල ඔහු පිරිමැද්දේ සංවේගයෙන්. "දන්නවද අයියේ..? අප්පච්චිගෙන් මම ඕනේ තරම් ගුටි කාලා ඇති.. ඒත්.. ඒත්... අද තමයි මට ගොඩක් ම රිදුනේ.." යන්තමින් දෑසට නැගුණු කඳුලු කැට එක්ක ඈ එසේ පවසද්දී ඔහුගේ හදවතයි වේදනාවෙන් බරවුණේ. "සොරි සුදු මැණික.., ආයේ කවදාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.." ඈව තමා වෙතට ගත් ඔහු ඒ කොපුල තෙත හාදූන්ගෙන් නෑව්වේ ඈ පිලිබඳව නැගුනු උතුරන සෙනෙහසින්. ඈ තම දෙනෙත් පියාගත්තේ ඔහුගේ පහස විඳිමින්. සෙමෙන් සෙමෙන් ඔහු ඒ වත පුරාම තමන්ගේ දෙතොල්වලට දඟකරන්නට දුන්නේ, ඈ දෙනෙත් පියාගෙන ඔහුට ඉඩදෙද්දී. අවසානයේ ඒ දෙතොල් මත නතර වූ ඔහු, ආදරයෙන් ඒ දෙතොල් සිපගත්තේ ඇයත් ඔහුට උපරිමයෙන්ම සහය දෙද්දී. තරමක් වේලාවක් ඒ හැඟුම් විඳගත් ඔහු ඇයගෙන් ඉවත් වූයේ ඇය ඔහුගේ දෙනෙත් දෙස තම දිදුලන දෙනෙත්වලින් එක එල්ලෙ බලද්දී.

"ආදරෙයි..." ඔහු ඈ දෙසම බලාගෙන එසේ පවසද්දී ඇයගේ දෙතොල් මතට ආවේ සොඳුරු සිනාවක්. මෙවර ඔහුගේ දෙතොල් අල්ලාගත්තේ ඇය විසිනුයි. ඇයගේ ඉණ වටා අතක් යැවූ ඔහු ඈව තව තවත් තමා වෙතට ලං කරගත්තේ ඒ දෙතොල් තදින් සිපගනිමින්. ඈ ද ඔහුට තුරුළු වී ඒ පහස ආදරයෙන් විඳගත්තේ පෙර කිසිම දිනකට වඩා ඒ ආදරය අද ඇයට වුවමනා වූ නිසයි.

"අයියේ... ආ...හ් සොරි සොරි... හයියෝ.... වැරදි වෙලාවක ආවේ..." සේපාලිකාගේ හඬත් එක්කම ලහි ලහියේ ඔවුන් ඔවුනොවුන්ගේ දෙතොල්වලින් ඉවත් වූ අතර නිරාශා ඉක්මනින්ම ඔහුගේ පපුතුරේ හිස සඟවාගත්තේ ලැජ්ජාවෙනි. සේපාලිකා සහ අරවින්ද යන දෙදෙනාම සිනාසුනේ ඇයගේ ලැජ්ජාවටයි. "හම්මේ... මම හිතුවේ මෙතන දෙන්නා තරහාවෙලා තව ගුටි බැට හුවමාරුවක්වත් යයි ද කියලා. බලද්දී මේ දෙන්නා මෙතට වැඩිහිටියන්ට පමණයි සීන්නේ.. බලන්නකෝ දැන් අක්කාගේ ලැජ්ජාව.." සේපාලිකා ලද අවස්ථාවෙන් ඔවුන් දෙදෙනාට විහිළු කරද්දී ඔහුගේ පපුව මතම හිද නිරාශා සිනාසුනේ ඔහුගේ කමිසයේ බොත්තමක් සමඟ දඟකාරකම් කරමින්.

"හා.. හා... එයාගේ ලැජ්ජාව මං බලාගන්නම්.. ඔයා දැන් කඩන් පැනන් ආවේ මොකටද?" අරවින්ද සේපාලිකාගෙන් විමසුවේ නිරාශාව තවත් තමාට තුරුළු කරගනිමින්.

"පොඩීට වතුර එකක් අරගෙන යන්න අනේ... වෙන මොකටද මං මෙතෙන්ට එන්නේ..?" තම ඉඳුල් අත සෝදගත්ත සේපාලිකා ඉක්මනින්ම වතුර වීදුරුවක් පුරවගත්තේ අරවින්දට රවමින්. සේපාලිකා මුළුතැන්ගෙයින් පිටතට ගියපසු අරවින්ද නැවතත් තම පෙම්බරියගේ කොපුල් පිරිමැද්දේ ආදරයෙන්.

"සුදූ.. අප්පච්චි හොයනවා ඇති නේද?" අරවින්දට හදිසියේම ඇයගේ නිවස මතක්වුණේ හතරවටින් ගොම්මන් අදුර පැතිරී ඇති බැවින්.

"අම්මට මම කෝල් කරලා කිව්වා යාලුවෙක් සනීප නැති වෙලා කියලා.."

"ඒ වුණාට... කෝ අප්පච්චිට කෝල් එකක් ගන්න.. ඒ මිනිස්සු හොඳටම බයවෙලා ඇතිනේ.." ඔහු ඇයගේ කලිසම් සාක්කුවේ ඇති දුරකතනය පිටතට ගත්තේ ඈව ඔහුගේ තුරුළින් ඉවත්කරමින්මයි.

"අනේ... මට අප්පච්චි දැන් බනිනවා.. ගෙදර ගිහින්ම බැනුම් අහගන්න එක හොඳයි... මෙහෙම අහගෙන ආයේ ගෙදර ගිහිනුත් අහගන්න බැහැ" නිරාශා කනු කුනු ගාන්න ගත්තේ අරවින්දගෙන් තම දුරකතනය උදුරගෙනයි. "එහෙම කියලා හරියන්නේ නැහැ.. කෝ කෝල් එකක් අරගන්න..." අරවින්දට රවමින්ම ඈ තම ජංගම දුරකතනයෙන් තම පියාව ඇමතුවා.

"හෙලෝ... අප්පච්චි.. මම මේ යාලුවෙක් අසනීප වෙලා..." නිරාශාට එතනින් එහා කතා කරගන්නට බැරිවුණේ අරවින්ද ඇයගෙන් දුරකතනය ඉදිරූ නිසා.

"හෙලෝ අංකල්.., මම මේ නිරාශාගේ යාලුවාගේ අයියා.." අරවින්ද දුරකතනයෙන් කතා කරන්න ගද්දීම නිරාශා කටත් ඇරගෙන, විසල් කරගත් දෑස්වලින් ඔහු දෙස බැලුවේ පුදුමයෙන්. "ඇත්තටම මගේ නංගිට අද දවල් ගොඩක් අසනීප වෙලා තිබුණා.. නිරාශා තමයි හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබුණේ.. ඇත්තටම ඒක ගොඩක් ලොකු උදව්වක් අංකල්.. නිරාශා නැත්නම් මගේ නංගිට මොනාවෙලා තියෙයිද දන්නේ නැහැ" අරවින්ද තම කතාව නවතා මොහොතක් දුරකතනයට සවන් දී සිටියේ සංකීර්ණ වතින්.

"මම දන්නවා අංකල්.. අංකල් ගොඩක් හොඳට නිරාශාව හදලා තියෙනවා.. ඒ නිසානේ එයා එයාගේ යාලුවා අසනීප වුණ වෙලාවේ මෙහෙම උදව් කරන්න ඉදිරිපත් වුණේ.. ගොඩක් පිං.." නිරාශා හඬ නොනගින අයුරින් සිනාසී ඔහුගේ අතක් මිරිකුවේ ඒ අතටම තම හිස හේත්තු කරගනිමින්.

"ආ.. හරි අංකල්.. අ.. තව පැය බාගෙකින් වගේ මම එයාව එක්කගෙන එන්නම්..? මේකයි නංගිට තව ටිකක් එයාගේ යාලුවා එක්ක ඉන්න ඕනේලු" නිරාශා තම දෙනෙත්වලින් ඔහුගෙන් විමසුවේ 'ඇත්තට?' කියලා. ඒ වතෙහි ඉරියව්වලට ඔහුගේ දෙතොල් මතත් සිනාවක් ඇදුනා. "අ.. අංකල්ට පුලුවන් ද මහරගමට එන්න? අ... මට නිරාශාව ගෙදරටම ඇරලවන්න අමාරුයි අංකල්.. නංගිලා දෙන්නා ගෙදර තනියම දාලා මේ වෙලාවේ මට දුර එන්න අමාරුයි.. කමක් නැත්නම් මම එයාව මහරගමට එක්කගෙන එන්නම්.."

"හරි අංකල්.. තව පැය බාගෙකින් වගේ...? එද්දී මම කෝල් එකක් දෙන්නම්.."

"හරි අංකල්.. මම තියන්නම්" දුරකතනය විසන්දි කල අරවින්ද එය නැවත වතාවක් ඇයගේ අතින් තැබුවා.

"අම්මෝ... අප්පච්චි මනුස්සයෙක් එක්ක හොඳින් කතා කලාම ද කොහෙද"

"එහෙම තමයි මංනේ කතා කලේ.."

"හාකෝ.. ඒක නෙවේ... අර මොකක්ද අයියේ, නංගිට යාලුවා එක්ක තව ටිකක් ඉන්න ඕනේ කිව්ව කතාව?" ඈ ඔහුගේ වතට එබෙමින් විමසුවේ සිනාසෙමින්මයි.

"නංගිට නෙවෙ.. නංගිගේ අයියටයි ඕනේ.." ඈව තම තුරුළට ගත්ත ඔහු ඒ හිසට ආදරණීය හාදුවක් ලබාදුන්නා.

"සොරි නිශා... මට ඔයාව ගෙදරටම දාන්න විදිහක් නැහැ.. මේ දෙන්නාව තනියම ගෙදර දාලා යන්න මට බයයි..." ඔහු සුසුමක් හෙළන ගමන් කතා කලේ ඇයගේ පිට පිරිමදින ගමන්.

"කමක් නෑ අයියේ... කොහොමත් පොඩී අසනීපෙන්නේ.."

"ඒ වුණාට... ඔයාට මම හැමවෙලේම අඩුවෙන් සලකනවද කියලා මට හිතෙනවා. හැමවෙලේම නංගිලා දෙන්නා ගැන මම බලන්න ඕනේ නිශා.. ඉතිං.. හැමවෙලේම ඔයාව මගෑරෙනවා වගේ දැනෙනවා මට..." සුසුමක් හෙළා ඔහු එලෙස පවසද්දී ඈ ඔහුගේ කමිසයේ පලමු බොත්තම තම ඇඟිලි තුඩුවලින් මිරිකමින් කල්පනා කලා.

"ඒත්.. ඔයා මාව තනියම යැව්වෙත් නැහැනේ... අප්පච්චිට එන්න කිව්වානේ මගට.. ඉතිං ඔයා එහෙම මාව මගෑරියේ නැහැ.." ඈ තවත් ඔහුට තුරුළුවෙමින් පැවසුවේ තරමක් සුරතල් අයුරින්. "මට ඔයාව තනියම කැබ් එකක දාලා යවන්න බයයි සුදූ.. මම , නැත්නම් ඔයාගේ අප්පච්චි එක්ක මිසක පිට මිනිස්සු එක්ක කොහොමද ඔයාව යවන්නේ?" ඔහුගේ ඒ වදන්වලින් ම ඔහු තමන්ට කොයි තරම් නම් ආදරය කරනවාද කියලා යුවතියට දැනුනා. ඈ ඔහුගේ කමිසයට උඩින්ම ඒ උණුසුම් පපුවට හාදුවක් තිළිණ කලේ ආදරයෙන්.

"ඔයාට මා එක්ක ඉදලා ගොඩක් දුක් විඳින්න වෙනවා සුදූ... නංගිලා දෙන්නාව බලන්න ඕනේ.. එයාලා මැරි කරනකම් මට මැරි කරන්න අදහසක් නැහැ.. ඔයාටත් මා එක්ක හිටියොත් අද වගේ එයාලා ගැන බලන්න වෙනවා... ඔයාටත් ඒ වගකීම් ගන්න වෙනවා. ඔයාගේ නිදහස නැතිවෙයි.." ඔහු කවදාවත් නැතුව සංකීර්ණ අයුරින් ඔවුන්ගේ සම්බන්ධය පිලිබඳව කතා කරන්න ගත්තේ ඇයගේ හිස මෘදුව පිරිමදිමින්. නිරාශා තව තවත් ඔහුගේ පපුතුරට තුරුළුවූයේ ඒ තරම් සංකීර්ණ කතාවක් කිරීමට දැනුනු අනවශ්‍ය හැඟීම් එක්ක. ඔහුට අවශ්‍ය වන්නේ තමාව ඔහුගෙන් ඈත් කිරීමට දැ යි යන හැඟීම ගැන හිතන්නවත් ඈ අකැමැති වූවා.

"ඔයා හිතන්නේ මට වගකීමෙන් වැඩක් කරන්න බැහැ කියලාද?" ඈ සිහින් හඬින් විමසුවේ තරමක් වේදනාවෙන්.

"අනේ නැහැ සුදූ... මම එහෙම නෙවේ කියන්නේ... ඔයා ගොඩක් නිදහසේ ඉන්න කැමති කෙනෙක් කියලා මම දන්නවා.. ඉතිං... මගේ වගකීම් නිසා ඔයාට ඔයාගේ නිදහස නැතිවෙනවා නම්... මට ආත්මාර්ථකාමීවෙලා ඔයාට එහෙම කරන්න බැහැනේ.." අරවින්ද අද වෙනිදාටත් වඩා ආදරණීය වී ඇති අයුරට නිරාශා අතිශයින්ම කැමතිවුණා.

"මම කැමති නිදහස කියන එකේ තේරුම අර ඒලෙවෙල් කාලේ ජනියා එක්ක දඟලපු එකට නෙවේ අයියේ... මම කැමති ආදරණීය පවුලක් එක්ක ආදරෙන්, හිතේ නිදහසේ ඉන්න.. එහෙම නැතුව හැමවෙලේම දඟල දඟල ඉන්න නෙවේ.. ඒක නෙවේ නිදහස කියන්නේ. මම වැඩියෙන් දඟලද්දී ඔයා මට බනින්න.. මම කැමතියි එහෙම මට සැර කරනවට.. ඒත්.. අපේ ගෙදර තියෙන්නේ අසාමාන්‍ය විදිහේ පරිස්සම් කිරීමක් සහ නීතී පද්ධතියක්. ඒකට තමයි හිරවෙලා ඉන්නවා කියන්නේ.. එහෙම නැතුව මේ විදිහට ඔයා එක්ක ඉන්න එක නෙවේ.." ඈ පැවසුවේ සැබැවින්ම හදවතට දැනුනු හැඟුමන්‍ ය.

"ඒත්.. නිශා... ඔයාට ඉක්මනටම මැරි කරන්න වෙන්නේ නැහැ මාත් එක්ක හිටියොත්.. ලොකූවයි, පොඩීවයි සෙට්ල් කරන්න ඕනේ.. මට ඒ වෙනකම් මේ දේවල් ගැන හිතන්න අමාරුයි"

"ඉතිං මොකක්ද දැන් ඕකේ තියෙන අවුල? මම කිව්වද මට ඉක්මනට මැරි කරන්න ඕනේ කියලා? හ්ම්ම්? ලොකූ කොහොමත් මේ පාර එක්සෑම් ගොඩ දායි. කැම්පස් ගියොත් එහෙම, එහෙම බැරිවුණොත් අපි බලමු එයාට කරන්න පුලුවන් එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් හරි මොනාහරි. කොහොමත් එයා ජනිත් එක්කනේ.. ජනිත්ව අපි එලෙව්වත් ඌ ලොකූව දාලා යන්නේ නැහැ! ඒක නම් පේනවානේ.. ඊටපස්සේ පොඩී.. එයාට හැමදේටම තව කල් තියෙනවා. මොන දේ කරන්නත් කලින් එක්සෑම් ගොඩ දාගෙන ඉන්න ඕනේ කියන එක මම එයාට කියලා දෙන්නම්.. එයාව නම් කොහොමහරි එකපාරින්ම කැම්පස් යවන්න ඕනේ..! ඊටපස්සේ ඉතිං කැම්පස් එකෙන්ම කොල්ලෙක් හොයාගන්න බැරියැයි" නිරාශා ගිරවියක් වගේ කියවගෙන යද්දී අරවින්ද සිනාසුනේ ඇය මේ තරම් දේවල් හිතලා තියෙන එක ගැන.

"අනේ ලමයෝ... ඔයාත් තාම පොඩියි! ලොකූට වඩා ඔයා මාස ගානකින් විතරයි වැඩිමල්.. ඔයා එයාලා ගැන මෙච්චර හිතනවද?" ඈව තම තුරුළින් ඉවත්කර ඒ වතට එබී සිනාසෙමින් ඔහු විමසුවා.

"නැතුව ඉතිං... දැන් එයාලාත් මගේ නංගිලානේ.. මම හිතන්නේ නැතුව වෙන කවුරු හිතන්නද?"

"ඒ වුණාට.."

"මම ඔයාගෙනේ... ඒ කියන්නේ මමත් දැන් එයාලාගේ ලොකු අක්කා... මමත් එයාලා ගැන හිතනවා අයියේ ඔයා නොදන්නවා වුණාට... මාත් එයාලාට ආදරෙයි.." ඔහුව නැවත වතාවක් තුරුළු කරගන්න ගමන් ඇය පැවසුවේ හදවතින්මයි.

"ඒ වුණාට සුදූ, ඔය ඔක්කොම කරලා ඉවරවෙද්දී ඔයාගේ වයස කීයක් වෙයිද? ඔයාටම දුක හිතෙයි මැරි කරන වයස පහුවෙලා තියෙද්දී"

"හහ්! ඉතිං.. ඒ වුණාට මගේ වයස පේන්නේ නැහැනේ.. මේ ඉන්නේ මම ෂෝයි එකට කියුට් එකේ.." ඈ සිනාසෙමින්ම ඔහුගේ වතට එබෙද්දී අරවින්දත් සිනාසුනේ ඇයගේ වේදනා නොදෙන කොපුල මිරිකමින්.

"කියුට් තමයි.." ඔහු එසේ පැවසුවේ කලාතුරකින් ඒ දෙතොල් අතර ඇදෙන කඩවසම් සිනාවත් එක්කමයි.

"ඔයා තමයි වයස ගැන වදවෙන්න ඕනේ මිස්ටර් අරවින්ද දේශාන්! ඔයා තමයි මැරි කරද්දී සීයා කෙනෙක් වෙන්නේ... මම ඉතිං හැමදාම කියුට්... අවුරුදු තිහ වුණත් මම මේ විදිහයි.." ඈ ඇසක් ඉඟිමරා ඔහුගේ පපුවටත් ඇඟිල්ලකින් අනිමින් සුරතල් අයුරින් පවසද්දී අරවින්ද ඈ දෙස බලාසිටියේ ඒ කොපුලක් ආදරයෙන් පිරිමදිමින්. නමුත් එක්වරම ඇයට තවත් සිතන්නටවත් වෙලාවක් නොතබා, ඔහු ඇයගේ දෙතොල්වලට බරවුණේ ඈ විසල් දෑසින් ඔහුගේ පියවී තිබුණු දෙනෙත් දිහා බලද්දී. නමුත් ඒ හාදුවේ මිහිරියාව එක්ක ඇයගේ දෑස් ද පියවී ගියේ ඇයගේ දෙඅත් ඔහුගේ ගෙල වටා එතෙද්දී. ඔහු ද ඈව තමා වෙතට තව තවත් ලංකරගත්තේ ඇයගේ ඉණ වටා රැදුනු තම දෑත්වලින්. මොහොතකට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ ලෝකයකට ගියේ අවට ඇති සියලුම දේ අමතකර කර. පිළිකන්න දෙසින් හමා ආ සීතල සුළඟත් ඔවුන්ගේ හැඟුමන්වලට හොඳින්ම සහයෝගය ලබාදුන්නා. මේ අතර සේපාලිකා මුළුතැන්ගේ දෙසට පැමිණියේ දැනුනු කුසගින්න නිසා වුවත්, දුටු දසුනින් ලාබාල යුවතියට දැනුනේ ලැජ්ජාවක්. ඉක්මනින්ම මුළුතැන්ගෙයින් පිටතට පැමිණී ඈ ආදරවන්තයින් දෙදෙනාට ඔවුන්ගේ වෙලාව ඔවුන්ටම හිමිකරදුන්නේ සුසුමකින්වත් බාධාවක් නොකර.

තවත් මිනිත්තු කීපයක්ම ආදරණීය හාදු ගොන්නක් හුවමාරු කරගත් තරුණිය සහ තරුණයා ඔවුනොවුන්ගෙන් ඉවත්වුණේ ඒ දෙනෙත් යුගලවලින් ආදරය වගුරවමින්. "රතුවෙලා.." ඇයගේ දෙතොල් මත තම අතැඟිලි ගෙන ගිය අරවින්ද එසේ පවසද්දී ඈ හිනැහුනා. "හිනා නෙවේ.. අප්පච්චි දැනගනියි දැන් යාලුවා නෙවේ යාලුවාගේ අයියාගේ ලෙඩ ටික තමයි හොද කලේ කියලා" අරවින්ද එසේ පවසද්දී නම් ඇයගේ දෙතොලතරින් පිටතට පැන්න හිනාව ඈට නතරකර ගැනීමට නොහැකිවුණා. "හරි හරි.. ලිප්ස්ටික් එකක් තියේ.. ගාගන්නම්.. එතකොට පේන්නේ නැහැනේ.." තම යටි තොල හපාගනිමින් ඇ එසේ පවසද්දී නැවතත් ඇයට ලැබුනේ උණුසුම් හාදුවක්.

"ආයේ.. එහෙම කරන්න එපා.."

"කොහොමද?"

"තොල හපන්න එපා.."

"ආ..හ් මං අහන්නමයි හිටියේ.. ඇයි එහෙම කියන්නේ? මොන විකාරයක් ද කොල්ලෝ හැමවෙලේම එහෙම කියන්නේ?"

"ඇයි තව කවුද දැන් එහෙම කිව්වේ?" ඔහුගේ හඬ තියුණු වූවේ ඔහුටත් නොදැනීමයි.

"මට නෙවේ අනේ... මම බලපු ෆිල්ම් එකකත් එහෙම..." නැවතත් ඒ දෙතොල් තෙමුනේ හාදුවකින්.

"බලපු ෆිල්ම් එකේ ඊටපස්සේ මේ වගේ දෙයක් වුණේ නැද්ද?" ඔහු තරමක් ගැඹුරු හඬකින් විමසද්දී ඈ රතුවුණේ ඇයට හදිස්සියේම මතක්වුණ දෙයක් නිසයි.

"මේ මොකද මේ?"

"බලපු... ෆිල්ම්... එකේ... නම්... ගොඩා.....ක් එව්වා වුණා මීට වඩා...." නිරාශා ඇදලා.. ඇදලා එහෙම කියද්දී මුවත් විවර කරගෙන ඈ දිහා බලපු අරවින්ද, තම දබරඟිල්ලෙන් ඇයගේ නළලට ඇන්නේ ඇයගේ හිස තරමක් පිටුපසට යන ලෙස. "ආව්වා.. ඇත්තනේ ඉතිං කිව්වේ.." නළල අල්ලාගන්නා ගමන් ඔහු දෙස බැලුවේ චෝදනාත්මක මුඛයෙන්.

"මේ.. ඒක නෙවේ.. කම්මුල රතුවෙලා හොඳටම.. මොකද කරන්නේ?"

"මොනා කරන්නද? මම කියනවා යාලුවාගේ අයියා මහ නපුරෙක් මට ගැහුවා කියලා" ඒ වදනත් එක්කම ඔහුගේ වතෙහි මේ තරම් වේලාවක් තිබුණ සතුට අතුරුදහන් වී තරමක් පසුතැවිලි හැඟීම් දිස්වුණා.

"අනේ... මම විහිලුවටනේ කිව්වේ අයියේ... අප්පච්චිට ගානක් යන එකක් නැහැ.. එයාට කොහොමත් මතක නැතිවෙයි.. එයාම ගහපු එකක් කියලා හිතයි.." අරවින්දගේ අතක් අල්ලා ගනිමින් ඈ එලෙස පැවසුවේ ඒ වතට එබෙමින්.

"ඒ වුණාට මම ඔයාට එහෙම කරපු එක වැරදියි... ලොකූට හරි පොඩීට හරි කවුරුහරි ඔහොම කලා නම් මම දෙනවා පැලෙන්න... මම ඒ වෙලාවේ.. ගොඩක් අවුලින් හිටියේ.. ඒකයි එහෙම වුණේ සුදූ..." ඇයගේ හිසට අතක් තියලා ඔහු එලෙස පවසද්දී ඈ යන්තටම හිනැහුනා.

"ඒක මං දන්නවානේ.. හරි ඉතිං ඔච්චරටම සොරි කියන්න ඕනේ නම් තව කිස් එකක් දෙන්නකෝ..." දෙදෙනාගේම දෙතොල් මත සිනාරැල් ඇදුනේ ඒ සමගමයි. ඔහු ඇයගේ රතුවී තිබුණු කොපුල යන්තමින් සිපගත්තේ නැවත වතාවක් තම හදවතේ පවතින ආදරය ඈට කියන්නටයි.

නිරාශා තවත් මිනිත්තු කීපයක් ගත කලේ ඔහුගේ පපුතුරේ උණුසුම විඳිමින්. "ආ..නේ බත් නිවිලාත් ඇති.. බත් කවන්නද?" හිස ඔසවා ඔහු දෙස බලමින් ඈ විමසුවා.

"ඔයා ඔහොම ඉන්න. මම කවන්නම්.." නිරාශාව තමන්ගෙන් ඈත් කර ඔහු නැගී සිටියේ ඈ ඔහු දෙස ආදරයෙන් බලද්දී.

"අයියෝ... ලොකුත් තාම කාලා නැහැනේ.." පොලිතීන් බෑගය තුළ බත් පාර්සල් දෙකක්ම ඉතිරි වී තිබුණා.

"ලොකූ....... මෙහෙ එන්න............." අරවින්ද සේපාලිකාට හඬ නැගුවත් ඈ නම් පැමිණියේ නැත.

"ලොකූ................."  දෙවෙනි වර නම් ඈ ඉක්මනින්ම මුළුතැන්ගේ වෙතට පැමිණියා.

"මොකෝ මේ කෑ ගහන්නේ?"

"කන්නේ නැද්ද?"

"කන්න ඉතිං.. මං කුස්සිය පැත්තේ ආවා.. කොහෙද ඉතිං මෙතන අතිශය රොමෑන්ටික් දර්ශනනේ..." නිරාශා දෙස බලමින් සේපාලිකා එසේ පවසද්දී අරවින්දත් සිනාසී ඈ දිහා බැලුවා. දෑස් තදින් පියාගත්ත නිරාශා තම නළලට අත්ල තබාගත්තේ ලැජ්ජාවෙන් රතුවෙමින්.

"මේ.. තමුසෙත් ලැජ්ජාවෙනවකෝ අයියේ... ආසාවටවත් බලන්න.."

"ඒ මොන එහෙකටද මම ලැජ්ජවෙන්නේ?" අත් දෙකත් පපුවට කරලා බැදගත්ත අරවින්ද යුවතිය දෙසට හැරුනේ ප්‍රශ්නාර්ථයක් මුසු වතින්. "ලැජ්ජ නැද්ද හලෝ කෙල්ලව ඉඹ ඉඹ ඉන්නේ නංගිත් ඉද්දී?" තම සහෝදරයගේ අතකට පහරක් ගහලා සේපාලිකා එසේ විමසුවත් ඔහු නම් එය ගණනකට ගත්තේ නැහැ. "මොකට ලැජ්ජවෙන්නද? ඒ මගේ කෙල්ලනේ...!" ඔහු ස්ථීර ස්වරයෙන් එසේ පවසද්දී සේපාලිකා මෙන්ම නිරාශා ඔහු දෙස බැලුවේ එකම වරයි. නිරාශාගේ දෑස් මත ආදර හැඟුමන් මෝදුවන්නට ඒ තරම් වෙලාවක් ගතවුණේ නැහැ.

"හා.. හා.. කෝ දෙන්න බත් එක.. මට බඩගිනියි. ඔයාලා ඕනේ එකක් කරගන්න කුස්සියට වෙලා.." තමන්ගේ බත් පාර්සලය පොලිතීන් කවරයෙන් පිටතට ගත් සේපාලිකා අත් සෝදගත්තා.

"ඒ.... ලොකූ... ගොඩක් රිදුනාද?" ඒ අතර අරවින්ද විමසුවේ ඇයගෙත් කොපුල යන්තමින් රතුවී තිබුණු බැවින්.

"නෑ.. නෑ ෂේප්.."

"සොරි ලොකු..."

"අවුලක් නෑ අනේ...  මට එච්චර තදින් වැදුනේ නැහැ. අක්කාට තමයි හොඳම පාර වැදුනේ.. සොරි කිව්වද දැන්? ආ...හ් හරි හරි.. මං දැක්කා බරපතල විදිහටම සොරි කියනවා..." සේපාලිකා සිනාසෙමින්ම එසේ පවසද්දී නිරාශාට මෙන්ම අරවින්දට දැනුනේ සියුම් ලැජ්ජාවක්.

"ලොකූ දැන් කට වැඩියි... හරි ඉතිං ජනියා එක්ක ඉන්නවා කියන්නේ ඔච්චර තමයි.." ලද ඇසිල්ලෙන් ඇයවත් තරමක් ලැජ්ජාවට පත් කරන්නට අරවින්ද අමතක කලේ නැහැ. මූණත් රතුකරගත්ත සේපාලිකා ඉක්මනින්ම මුළුතැන්ගෙයින් පිටත්වද්දී නිරාශා සහ අරවින්ද මුහුණින් මුහුණ බලන් සිනාසුනා.

බත් එකත් පිඟානකට බෙදාගෙන අරවින්ද නැවත වතාවක් ඈ අසලින් ඉඳගත්තේ ඈ ඔහු දෙසම බලාගෙන ඉද්දී.

"කෝ 'ආ..' කියන්න" නිරාශාගේ මුව වෙතට බත් කටක් දිගුකර පොඩි දරුවෙක්ට මෙන් ඔහු කවන්නට ගද්දී, සිනාව මැදින්ම ඈ බත්කට කටට ගත්තා.

"හොඳට බත් කවන්න පුලුවන්නේ.. කාටද ආහ් මීට කලින් බත් කවලා තියෙන්නේ?" ඉණටත් අත් දෙක තියාගෙන එහෙම ඇහුවේ මවාගත් කෝපයකින් යන්තමට සිනාසෙමින්.

"ඇයි අර ඉන්න යස්සනියෝ දෙන්නා උඩින් පාත්වුණා කියලාද හිතුවේ? මං තමයි හරිනම් බාගෙට බාගයක්ම බත් කැව්වේ... පොඩි කාලේ විතරක් නෙවේ ලොකු වෙද්දීත් ඒක පුරුද්දට ගියා" ඔහු එසේ පවසමින්ම තවත් බත්කටක් ඇයට කවද්දී නම් ඈ ඔහු දෙස බැලුවේ ආදරයෙන් සංවේදීව කඳුලු පුරවාගත් දෑස් එක්ක.

"ඉක්මනට කන්න.. ගෙදර යන්න ඕනේ දැන්. නැත්නම් අප්පච්චිට තද වෙයි.." එසේ පවසා අරවින්ද තවත් බත් පිඩක් නිරාශාගේ මුවට ළං කලා.

"මොනාවුණත් අයියේ හැමදේම වෙන්නේ හොදට නේද?" නිරාශා විමසුවේ තරමක් වේලාවකට පසුවයි...

"හ්ම්ම්... ඒක නම් ඇත්ත.. ඒත් දැන් මොකද එකපාරටම එහෙම හිතුනේ..?"

"නෑ ඉතිං... මෙච්චර කල් මට පුප්ප පුප්ප හිටිය ලොකූ මා එක්ක යාළුවුණානේ..." අරවින්දගේ මුවට නැගුනේ සිනාවකි.

"ලොකූ ඉරිසියාවටයි ලමයෝ ඔහොම කරන්නේ... එහෙම නැතුව එයා ඔයාට කැමති නැතුව නෙවේ. ඔයා නැති වෙලාවට සමහරවෙලාවට මගෙන් අහනවා ඔයාලාගේ ගෙදරට කිව්වද? මොකද කරන්නේ දැන්, කවදද බඳින්නේ ගගා එකේක විකාර.. එයාත් ආසයි ඉතිං අක්කා කෙනෙක් ලැබෙනවට. ඒත් මගේ ආදරේ වෙනස්වෙයි කියලා බයේ ඉන්නේ ඔය.." අරවින්ද දීර්ඝ විස්තරයක් කලෙන් නිරාශා ඔහු දෙස බලා සිටියේ දිලිසෙන දෑස් වලිනි.

"එහෙනම් අයියේ, ලොකූ ඔයා ගැන මං තරම්ම දන්නේ නැහැ.. මට හොදටම විශ්වාසයි.. ඔයාගේ ආදරේ නම් කවදාවත් අඩු වෙන්නේ නැහැ කියලා.." ඈ පැවසුවේ විශ්වාසයෙනි.

🖤⚡🌙⚡♥️

මේ කොටස මම ලිව්වේ අරවින්දයි, නිරාශායි යාළුවෙන්නත් කලින්.. හම්මෝ ඉතිං අන්තිමේ මේ කොටස දාන දවස ආවා. හරිම සතුටුයි!

Continue Reading

You'll Also Like

1.2K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
3.3K 797 11
ගැහැනියක් ඉපදුනු දවසේ ඉදන් මැරෙනකන් ම විදින හැම වේදනාවක්වම වෙනුවෙන් ...
5.5K 1K 10
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අ...
176K 8.7K 42
After going through a number of disasters I realized that actually I am reborn as the villainess character, more of a brat, Chloe Bourgeois, in a chi...