සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

Apsara_Kumarasinghe tarafından

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... Daha Fazla

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

109

59 7 0
Apsara_Kumarasinghe tarafından

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
109

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"මං ඔය දෙන්නට එන්න කිව්වේ ඇයි කියලා දන්නවද?" සාගර මහතාගේ ගාම්භීර හඩ මුළු කුටිය පුරාම දෙදරුම් කද්දී, නුරායාගේ දෙනෙත් රදීෂ්ගේ දෙනෙත් කරා ගියේ ඉබේටමයි. නමුත් ඔහු නම් සාගර මහතාගේ බැල්මෙන් මිදීමට ඉවත බලා සිටියා.

"අ.. නෑ.. සර්.. අ.. මේ.. මොනාහරි ප්‍රශ්නයක් ද..?" නුරායා සෙමින් මිමිණුවේ රදීෂ් නම් කතා නොකරන බව දන්නා නිසයි.

"සර්..? ඕහ්.. මගේ වැරැද්ද.. ඇත්තටම මම ඔයාලාට කතා කළේ personally දෙයක් කතා කරන්න.. ඒ නිසා.. ඔය සර් කියන කෑලි පැත්තකින් තිබ්බොත් හොඳයි..." තම උපැස් යුවලට යටින් නුරායා දෙස බලමින් සාගර මහතා පැවසූ අයුර නිසා නුරායාට ඉබේටම බැලුනේ රදීෂ් දෙසයි.

"හරී...." ඈ සිහින් හඩින් මිමිණුවේ සාගර මහතාට කුමන නමකින් ආමන්ත්‍රණය කරන්නදැයි නොදැනයි. පෙර දිනක ඔහු තමාට 'තාත්තා' යැයි ආමන්ත්‍රණයට පැවසුවත් නුරායාගේ දිව සාගර මහතා ඉදිරියේ ඊට නැමෙන්නේ නැත.

"තාත්තා..! මං කැමතියි නුරායා මට එහෙම කතා කරනවා නම්.. මගේ කෙල්ල නැතිවුණාට පස්සේ මට එහෙම කතා කරන්න කවුරුත්ම හිටියේ නැහැ. දුවට පුළුවන් ද මට තාත්තා කියලා කතා කරන්න?" සාගර මභතා එලෙස පැවසුවත් නුරායාගේ දෙනෙත් නැවත වතාවක් රදීෂ් වෙතටම ඇදුනා. ඔහුත් සාගර මහතාගේම දරුවෙකි. නිතර නිතර සාගර හට 'තාත්තා' ලෙසින් ආමන්ත්‍රණය නොකළත් රදීෂ් ද කලාතුරකින් හෝ ඔහුව ඉන් අමතයි. ඉතිං රදීෂ් ඔහු ඉදිරියේ ඉද්දින්ම සාගර මහතාගේ එම කතාව නුරායාගේ සිතට ගෙනාවේ ද නොරිස්සුමක් වුවත්, ඈ යාන්තමට සිනාසී එය නොපෙන්වා සිටියා.

"රදීෂ්..! කවදද දැන් මැරි කරන්න හිතාගෙන ඉන්නේ? කෙල්ලෙක්ගේ ගෙදරක ගිහින් ඔහොම නැවතිලා ඉන්න එක හොද දෙයක් කියලා ද හිතුවේ ආහ්?! මේ කෙල්ලට ලෝකයා මොනා කියයිද කියලා හිතුවේ නැද්ද ආහ්!!!" එක්වරම සාගර මහතා ගර්ජනා කළේ නුරායාව අසුන මතම තිගැස්සෙද්දීයි.

රදීෂ්ගේ දෙඅත් මිට මෙළවුනේ ඉබේටමයි.

"නැහැ සර්... අ.. මේ..ඒ... මම කිව්වේ... තාත්තා.....ආ... රදීෂ්ගේ කිසිම වැරැද්දක් නැහැ මෙතන. මම තමයි එයාට බල කළේ.. මා එක්ක නවතින්න කියලා... ඒ නිසා..  ප්ලීස්... එයාට මුකුත් කියන්න එපා..." නුරායා ඉක්මනින්ම ඉදිරිපත් වූයේ ඔහු වෙනුවෙනි.

"නුරායා සයිලන්ට්! මම කතා කලේ රදීෂ්ට!" සාගර මහතා මහා හඩින් නුරායාව නිහඩ කලේ මේසයට ද පහරක් ගසමිනි. ඉතිං ඇය ඉබේම නිහඩ වූවා.

"කියපන් මී හරකෝ!!!" මුළු කුටියම දෙදරා ගියේ සාගරගේ කෑ ගැහිල්ලටයි.

"මොනාද ඔයාට දැනගන්නෝනේ මිස්ටර් විජේසිංහ?!"

මෙවර සාගර මහතාගේ හඩ පරදවමින් නැගී සිටියේ රදීෂ්ගේ හඩයි.

"මට දැනගන්න ඕනේ තමුසේ මේ කෙල්ලව මැරි කරන්නේ කවදද කියලා! ඔහොම කෙල්ලෙක්ගේ ගෙදර ලැගගෙන ඉදලා තමුසේ මේ කෙල්ලට කයි කතන්දර හදන්න ද ආහ්?" එක්වරම රදීෂ්ගේ මුහුණට එබෙමින් කෑ ගැසුවේ දෑස් ඔහුගේ ඉවසීමේ සීමාව එය බව දක්වමින්.

"ඒක මගේ වැඩක්! නුරායා! යමු!" එක්වරම අසුනින් නැගී සිටී රදීෂ් නුරායා හට ද අණ දෙමිනි. නුරායා ද ඔහුට අනුවම නැගී සිට සාගර මහතාගේ කැබිනයෙන් පිටතට ආවේ ඇත්ත වශයෙන්ම එම කුටිය තුළ සිදු වූ කිසිවකට ඈ නම් මනාප නොවූ නිසයි..

"ගෙදර යන්න ලෑස්ති වෙනවා!" නුරායා දෙසවත් නොබලා රදීෂ් සූදානම් වූයේ හත්වෙනි මහලින් පිටත්වන්නටයි.

"ඒත්... රදීෂ්.., තාම තුනයිනේ.. අනික හවස මීටි..න්.."

"මං කිව්ව දේ කරපිය! උඹත් එක්ක මට කතාවක් තියෙනවා. ඒ නිසා ටූ මිනිට්ස් දෙන්නම්! කා එක ලගට වරෙන්!"

රත් පැහැති වූ දෙනෙත් එක්කම රදීෂ් අපහසුවෙන් තම හඩ පාලනය කරගෙන නුරායාට පමණක් ඇසෙන හඩින් ගිගිලූවේ දත් මිටි කමිනි.

නුරායා තම යටි තොලත් දසන් අතරට මැදි කරගෙන හිස සැලුවේ රදීෂ් වේගවත් ගමනින් පිටත් වී යද්දීයි. ඉතිං ඈ වේගයෙන් අතට අහුවෙන දෑ තම බෑගයට දමා ගනිමින් සූදානම් වූයේ විනාඩි දෙකක් පහු වුණ තැන කුමකින් කුමක් සිදු වේ දැයි සිත බිය ගත් නිසයි. අඩු තරමේ තම පිටවීම පිළිබඳව සාගර මහතා හට දැන්වීමටවත් පමා නොවූ නුරායා දිවගියේ විදුලි සෝපානය වෙතටයි. ඉන් පිටතට ආ යමෙක්ගේ ඇඟෙහි ද වැදුනත් ඉක්මනින් සමාව ගත් නුරායා පහලම මහලේ බොත්තම එබුවේ වේගයෙනි.

"නැගපන්!"

නුරායා රථය දෙසට පැමිණියා පමණි, රදීෂ් මොරගෑවා. නමුත් එවරත් ඒ හඩ ඇසෙන මානයේ හිටියේ ඈ පමණි.

නිවසට යනතෙක්ම ඔවුනොවුන් අතර කිසිදු කතාබහක් ඇති නොවුනත්, රදීෂ්ගේ සුසුම් හඩ මහා සුළි සුළඟක් මෙන් රථය පුරාම හඩ තැලුවා.

.

.

.

"බැ-ලි තෝ....!!!"

නිවසට ඇතුළු වූ සැනින් නුරායාගේ කොන්ඩයෙන් අල්ලා ගත් රදීෂ් ඇයව වීසි කර දැමුවේ විසිත්ත කාමරය දෙසටයි.

උස අඩි සපත්තු පැළඳ සිටී නුරායා තදින් පොළොවේ වැදුනේ ඇයට මහා වේදනාවක් ද දනවමිනි. පැළඳ සිටී අත් බෑගය ඈතට විසි වී ගිය අතර, උස අඩි සපත්තුවක අඩිය ද ගැල වී ගියේ, ඈ වැටුනු නුහුරු ආකාරයටයි.

"ර..දී..ෂ්.. අනේ.. ඇයි දෙයියනේ මේ... ඔයාට මොනා වෙලා..ද මේ..?" ඉකි ගසමින්ම නුරායා විමසුවේ තවත් නම් මේ නපුරුකම් දරාගත නොහැකිවයි.

"ෂ්ෂ්ෂ්...... වහ ගනින් තොගේ කට! බැ-..ලී... රදීෂ්...? හහ්.. තොට මම සැරයක් කිව්වා....හ් මම නදීෂ්... නදීෂ් යකෝ නදීෂ්!!! තෝ බැ-ලි අකුරු දන්නේ නැද්ද? වේ-!"

නදීෂ්ගේ මහා කෑ ගැසීමත් සමගම නුරායා විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බැලුවේ තම දෙතොල් පවා වෙව්ලද්දීය.

එසේ නම්... එසේ නම්... නදීෂ්... යනු... තමා මවාගත් ජීවියෙකු නොවේ...

"න...නදී....ෂ්?" නුරායා වෙව්ලන දෙතොල් අතරින් සිහින්ව මිමිණුවා.

"ඔව් බැ-ලියේ.... නදීෂ් තමයි... තොට තාම මේ කිසි දෙයක් තේරුණේ නැද්ද ආහ්? එදා තොට මං සිංහලෙන් කියලත්?

මේ අහපන් වේ-යේ.. තෝ හිතාගෙන ඉන්නවා නම් රදීෂ්ගේ ඇගේ එල්ලිලා ඌව කසාද බඳින්න, ඒක හීනෙකින්වත් වෙන්නේ නැහැ..."

නුරායාගේ වතට එබුණ නදීෂ් කෑ ගැසුවේ මහා හඩිනි.

"ඒ....ත්.. ඒත්... ඔයා.. ඔයා.. කවුද? ඔයා... නදීෂ්..නම්.. මගේ රදීෂ්..." ඈ හඬමින්ම මිමිණුවා.

"තොට මොළයක් නැද්ද යකෝ....? තොට මම එදත් කිව්වා මම කවුද කියලා.. මම තමයි රදීෂ් එක්ක උගේ ඇඟ බෙදාගන්න එකා...!!! ඌ රදීෂ්!!! මම නදීෂ්!!! උගේ බිඳිලා තියෙන හිතේ අනික් කෑල්ල මමයි!!! හහ් හහ් හා....!!" දත් විලිස්සා මෘගයෙකු මෙන් නදීෂ් සිනාසුනේ නුරායා බිම දිගේම පිටුපසින් පිටුපසට යද්දී..

"ඔ..යා.. ඒ කියන්නේ... ඔයා...ට.. රදී...ෂ්ට... ඔයා..." ඈ ගොත ගැසුවා.. කිසිසේත්ම සිතාගත නොහැකියි මේ සිදුවන දේවල්.

"ඒ කියන්නේ.. රදීෂ්ට... ප'සනැලිටි ඩිසෝඩර් එකක් තියෙනවද? දෙයියනේ... ඒත්.. ඒත්.. එහෙම වෙන්නේ කොහොමද.. එයා.. එයා..ට එහෙම වෙන්නේ කොහොමද...?" නුරායා ඉකි ගසමින් තනිවම මුමුණා ගත්තා.

"තොපි බැල්-යෝ ඔක්කොම එකතුවෙලා ඒකාව විනාස කලා! ඒකාව බේරගන්න හිටියේ මම විතරයි යකෝ....! මම විතරයි!! ඌ වෙනුවෙන් උගේ හිත කඩාගෙන එන්න වුණා මට!!" නුරායාගේ සිතිවිලි තහවුරු කරමින් නදීෂ් නැවත වතාවක් හඩ නැගුවා.

"මේක අහගනින් වල් බැ-ලි! තොට මම රදීෂ්ව බඳින්න දෙන්නේ නැහැ හීනෙකින්වත්!! තෝත් අනික් උන් වගේම ඒකාව විනාස කරන්න යන්නේ කියලා මම දන්නවා!!" දණක් පොළොවට තබාගෙන, නුරායා වෙතට නැඹුරුව ඇයගේ කොන්ඩෙ එක් අතකට මිටි කර තදින් ඇදගෙන, නදීෂ් දත් මිටි කමින් මිමිණුවේ කෝපයෙන් වෙව්ලමිනි.

"මොනා..ද ඔයා මේ කියවන්නේ??.. මම එහෙම කරන්නේ නෑ.. මම ඔයාට ආදරෙයිනේ.."

"මට? හහ්.. උඹ ආදරේ කරන්නේ රදීෂ්ට යකෝ.... මම නදීෂ්!! තොගේ මිනිහා නෙවෙයි බැ-ලියේ මම!!" නළලේ නහර උදුම්මවමින් නදීෂ් නැවත වතාවක් ගිගිරුවා.

නුරායා ඉකිගසමින්ම බලා සිටියේ ඔහු දෙසයි. දැන් නම් හොඳින්ම පැහැදිලියි. මේ නම් රදීෂ් නොවේ. නදීෂ්ය.

"මොනවද තෝ බලාගෙන ඉන්නේ පර බැල්-! තෝ මායම් හැට හතරම දාලා මගේ එකාව අල්ලගත්තා වගේ මාව නම් අල්ලගන්න වෙන්නේ නැහැ!! තෝව මම මරනවා දැනගනින්!!! අද ඌට දුන්නු වේදනාවට, මම තෝව තියන්නෑ... මට තෝව මරන්න ඕනේ!! බැල්-!!!" නදීෂ් මොරගෑවෙන් ඈ ඔහු දෙසම බලා සිටියේ ගල් ගැසීයි. ඔහුගේ හුස්ම පවා මහා සද්දෙන් ඇසුනේ, ඔහු හුස්ම ගත්තේ හති දමන වේගයෙන් නිසාවෙනි.

"තෝව මට මරන්න ඕනේ!!! අනික් එවුන්ව වගේම මරන්න ඕනේ යකෝ... අඩි හයක් යටට යවන්න ඕනේ!!! මට තෝව පේන්න බැහැ බැල්-... තෝව නැති කරන්න ඕනේ... තොගේ අම්මා අප්පාටවත් හොයාගන්න බැරිවෙන්න තෝව නැති කරන්න ඕනේ.......!!!!!"

නදීෂ් තම කෙස්වලින් ඇදගනිමින් නැවත වතාවක් කෑ ගැසුවේ මුළු නිවසම දෙදරවමිනි. ඒ උමතු හැසිරීම නුරායා බලා සිටියේ නිහඬවම ය. කෙසේ නම් විශ්වාස කරන්න ද ඒ ආදරණීය පිරිමියා මෙලෙස වෙනස් වී ඇති අන්දම. නිතරම 'මැණික' යැයි ඇයව ආමන්ත්‍රණය කරන ඔහුගේ මුවින්ම මේ පිටවන වදන් දෙස ඇය බලා සිටියේ පුදුමයෙනි.

මෙවන් දෙයක් ඇය බලාපොරොත්තුවූයේ නැත කෙලෙසකින්වත්.

"ඒත්... බැල්-යේ... මට තෝව මරන්න බැහෑ......!!! තොට මූ ආදරේ කරන තරමට, මූ මට උඹව මරන්න දෙන්නේ නැහැ.. මම තෝව මැරුවොත් මූත් මැරිලා යයි...!! ඒ නිසා.. මම කියන විදිහට කරපන්! උඹ, මේ දැන්ම,  මූව දාලා යන්න ඕනේ.. මේ දැන්ම!!! තෝ දාලා ගියා කියලා මූ මැරෙන එකක් නැහැ.. මට පුළුවන් තරම් කල් මම මූව අල්ලගෙන ඉන්නවා ආයෙත් බිඳෙන්න නොදී..... ඒ නිසා.. උඹ පලයන්..!" එක්වරම නුරායාගේ ගෙල මිරිකාගත් නදීෂ් ඇයට තර්ජනය කළේ නුරායාගේ දෙනෙත්වලට ද කෝපය එක්කාසු වෙද්දීයි.

"දාලා යන්න? රදීෂ්ව? තමුසෙට පිස්සු හැදිලා ද ආහ්? මැරුණත් දාලා යන්නේ නැහැ!! පුළුවන් දෙයක් කරනවා!!!" ඇය ද ඔහුට නොදෙවෙනි හඩකින් කෑ ගැසුවේ පීඩනය දරාගත නොහැකි තැනයි.

"උඹ...!!! උඹ කොහොමද එහෙම කියන්නේ ආ...හ්? තොට කොහෙන්ද බැල්-යේ හයියක් මට විරුද්ධ වෙන්න??? තෝ... වැඩ කරන්න ඕනේ මට ඕනේ විදිහට!!! තෝව මම මරනවා!!!!!" ඇයගේ ගෙල තවත් සිරවූයේ ඔහුගේ දෑතටයි.

"තම්...මුසේ මොනා...හ් කිව්වත්... දා...ලා.. යන්නේ...හ් නෑ... මම..හ්" දෑස් පියවී යද්දීත් ඈ මිමිණුවේ එයයි.

ඒ, රදීෂ්ව දමා නොයන බවයි.

🖤⚡🌙⚡♥️

Okumaya devam et

Bunları da Beğeneceksin

22.9K 3.3K 31
جۆنگ کوک:بە نەفرەت بیت وازم لێ بێنە چیت لە من دەوێت تایهیۆنگ:ششـ ئازیزم بۆچی هاوار دەکەی ئارام بە بۆ باروودۆخت خراپە ༄༄༄༄༄༄༄ جۆنگ کوک:تـ تۆ چیت کرد ت...
565 125 10
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා
4.4K 69 19
One Fall After The Events of Heros of Olympus, Piper and Annabeth are at CHB. They have an argument, but they realize that it's because of an unspoke...
116K 4K 41
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...