සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

102

101 9 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
102

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

අරවින්ද සිටියේ හුදෙකලා වූ මුළුතැන්ගෙයි හි ගීයක් මුමුණමින් කැරට් කපමිනි. නමුත් එක්වරම හොර අඩි තබමින් පැමිණි සතුරු ආක්‍රමණික සුරතලියක් ඔහුගේ නිරුවත් උඩුකය වැළඳගත්තේ අරවින්ද තිගැස්සී යද්දීයි.

ඔහු තම ඉණ වටා එතී ඇති ඒ සිහින් අතැඟිලි දෙස බැල්මක් හෙළූ අතර, පිටුපසින් ඇසුණු ඒ කිංකිණි සිනාවෙන්ම තම පෙම්වතියව හදුනාගත්තා.

"පිස්සි... මොනා කරනවද මන්දා..." ඔහුද සිනාසෙමින්ම ඇයගේ දෙසට හැරුණෙන් තවම තම අත් බෑගයවත් ගලවා නැති නිරාශා දක්නට ලැබුණා.

"මේ මොකද මේ? බෑග් එල්ලන්... ආපු ගමන්ම ඇඟේ එල්ලීගෙන..." අරවින්ද විමසුවේ ඇයගේ කොන්ඩෙන් රිදෙන්න අදිමිනි.

"ආව්වා...හ්.. ඉතිං ඔයාත් මේ ඔක්කොම එලියේ දාන් ඉන්නේ කාට බලන්නද ආහ්!?" ඔහුගේ පපුවට අතකින් තදින්ම ගසා ඈ කෑ ගැසුවේ කෝපයෙනි. අරවින්ද සිනාසුනේ ඇයගේ ස්වරයටයි.

"අනේ මේ.. මොකෝ ඔෆිස් එකේ ඉන්න වැදගත් නෝනලා මහත්තුරු ඔක්කොම ගෙදෙට්ටත් සාරි පොරෝගෙන ඉන්නවා කියලද හිතුවේ? දාඩියයි සුදූ... ඒ අස්සේ අද උයන්නත් පරක්කුවුණා. පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද?" අරවින්ද කියූ එක් වචනයක් හෝ නිරාශාට නම් ඇසුනාදැයි යන්නත් සැකය. ඈ සිටියේ මූණත් රතු කරන් වටපිට බලමිනි. ඔහු තමාට අතිශයින්ම ළං ව සිටීම ඇයට ගෙනාවේ නුහුරකි. එමෙන්ම ඒ නිරුවත් උඩුකය.. ළාබාල යුවතියගේ සිතට ගෙනාවේ කෝළකමකි.

"නංගිලා කෝ?" ඈ විමසුවේ තම සිතට දැනුනු උණුසුම් හැඟීම් පාලනය කරගැනීමට උත්සාහ කරගනිමිනි.

"දෙන්නම ක්ලාස්"

"ඔයා වි..තරයි ද ගෙදර ඉන්නේ?" නිරාශා විමසුවේ තරමක චකිතයකිනි.  දෑතට හිස වැනූ අරවින්ද ඇයගේ කොපුලකට ඇඟිල්ලෙන් ඇන්නේ යාන්තමට සිනාසෙමිනි.

"අපි දෙන්නා විතරයි" රහසින් මෙන් ඔහු එලෙස මුමුණද්දී යුවතියව තවත් රතු කිරීමට ඒ වදන්වලට හැකි වූවා.

"මේ මොකෝ මේ රතුවෙලා?" අරවින්ද ට ද යමක් වැටහී ගියෙන් ඔහු ඇයගේ වතට නැඹුරු වූයේ යුවතියව තවත් රතු කරවමිනි.

ඈ ඔහුගේ දෑස් මගෑරියේ පුදුමාකාර වුවමනාවකිනි.

"මුකු..ත් න්නෑ... අයි..යේ..." ඈ මිමිණුවේ දෑස් එහෙ මෙහෙ කරකවමින් වෙව්ලන දෙතොල් අතරිනි..

"මුකුත් නැති වෙන්න නම් බැහැ.." නිරාශා පැළඳ සිටී බෑගය ද ගලවා පසෙකින් තැබූ අරවින්ද තව තවත් ඇයගේ වතට නැඹුරු වූයේ යුවතිය තරමක් අපහසුතාවයට පත් කරමිනි.

ඔහු තව තවත් ඇයට ළං වූයේ නිරාශාගේ සුසුම් ද සිර කරමිනි.

"අනේ.. අයියේ..." ඈ සිහින් හඩින් මිමිණුවේ බිම බලාගෙනයි.. නමුත් අරවින්දව නතර කරන්නට එම සිහින් හඩට නම් නොහැකි විය. ඔහු කෙමෙන් කෙමෙන් ඇදී ගියේ ඒ ළපටි දෙතොල් මතටයි. ගෑවෙන නොගෑවෙන තරමටම අරවින්ද ඇයගේ දෙතොල් මතට ළං වූයේ මත් වූවෙකු වැනිය.

හුස්මට හුස්ම වැදෙද්දී නිරාශාට දැනුනේ තමාට සිහි නැතිවීමට යනවා මෙන් හැඟීමකි.

ඈ තම හුස්මත් ගල් කරගෙන බලා සිටියේ අරවින්දගේ පියවුණු දෙනෙත් දෙසයි.

ඒ සමගින්ම යාවෙන්නට ගිය ඔහුගේ සහ තමාගේ දෙතොල් මතින් ඉබේටම මෙන් ඇඟිල්ලක් තියවුණේ සිතට දැනුනු අමුතුම තහංචියත් සමඟයි.

"අනේ එපා අයියේ..." ඈ මිමිණුවේ අසරණියක් විලසිනි. අරවින්ද ඇයගේ කොපුලක් පිරිමදිමින්ම දෙනෙත්වලින් විමසුවේ 'ඇයි?' යන්නයි.

"අම්..මා... කියලා.. තියෙනවා... එහෙම කරන්න පුළුවන්.. කවදාහරි මගේ හස්බන්ඩ්ට විතරයි කියලා..  මාත් හිතන්නේ එහෙමයි... බැන්ඳට පස්සේ..." ඇය යමක් කීමට සැරසුණත් ඒ දෙතොල් මැදිවූයේ අරවින්දගේ දෙතොල් අතරටයි. ඇයගේ නාඹර දෙතොල් අතරට කුළුඳුල් හාදුව ඔහු තිළිණ කළේ අතිශයින්ම ආදරණීයව මෙන්ම ප්‍රවේසමටයි. නිරාශාගේ අතක් ඔහුගේ නිරුවත් පපුව මතින් තියවුණත් එත ඔහුව ඈත් කිරීමට වුවමනාවෙන් නම් නොවේ. අරවින්ද තවත් මොහොතකින් ඇයගෙන් ඉවත් වී ඒ පියවී තිබූ දෙනෙත් දෙසත්, යාන්තමට රතුවී තිබුණු දෙතොල් දෙසත් බලා සිටියේ ඇය තරමක් සාමාන්‍යය වන තෙක්ය.  ඒ කුඩා ළැම වේගයෙන් ගැහෙන අන්දම පවා ඔහුට පෙනෙන්නේ ඈ හැද සිටී ගවුමේ කර අතරිනි. ඉතිං තවත් වතාවක් ඇයව සිප ගැනීමට සිතට දැනුන හැඟීම ඔහු මොහොතකට පාලනය කරගත්තේ ඇය සාමාන්‍ය වන තෙක්ය. ඉතිං කෙතරම් දඟකාරියක් වන්නට හැදුවත් ඇයගේ පවුලේ සංස්කෘතිකමය ස්වභාවය ඇයගේ හද පත්ලේ ද අරක්ගෙන ඇති ආකාරය අරවින්දට දක්නට ලැබීය.

නිරාශා සිටියේ අකුණක් වැදුනාක් මෙන් නිරුත්තරව, අකර්මන්‍ය වීය. ඈ කෙමෙන් කෙමෙන් දෙනෙත් විවර කළත් ඒ සැනින් ඇයගේ දෙතොල් මතට ලැබුණේ ඔහුගෙන් කෙටි හාදුවකි.

"අ..යියේ..." එය සිහින් කෙඳිරුමකි.

"මේක හොඳට අහගන්නවා සුදූ.. තමුසෙව කවදාහරි දවසක මැරි කරනවා නම් මැරි කරන්නේ මේ මම විතරයි. තමුසේ අච්චර මගේ පස්සෙන් ඇවිත් ඇඬුවේ දෙඩුවේ අන්තිමේ වෙන එකෙක්ව බඳින්න ද? ආහ්? ඒවා හරියන්නෑ.. තමුසේ මගේ! මම තමුසෙගේ! මෙච්චර කල් ඉදලා තමුසෙට ආදරෙයි කිව්වේ වෙන එකෙක්ට දෙන්න නෙවෙයි. මම එහෙම දෙකට නැවෙන තීරණ ගන්නැති නිසා තමයි ගන්න තීරණේ ගැන මෙච්චර කල් හොඳට හිතුවේ. දැන් ඒක තමුසෙට තියා මටවත් වෙනස් කරන්න බෑ. තමුසෙගේ හස්බන්ඩ් මම තමයි දවසක! ආයේ දෙකක් නෑ!" අරවින්ද කියවාගෙන ගියේ මහා වේගයෙනි. ඔහුගේ හඩෙහි ගැබ්වී තිබුණු කෝපය නිසාම නිරාශාට තරමක බියක් දැනුනත් ඒ හඩෙහි එතරම්ම කෝපයක් කෝපයක් ගැබ් වී තිබෙන්නේ තමාට තිබෙන ආදරය නිසාම බව වැටහුණෙන් ඇගේ සිතට දැනුනේ සියුම් අභිමානයකි.

නමුත් සියලු හැඟීම් තෙරපුණු ඒ ළාමක සිතෙහි හැඟීම් පුපුරා ගියෙන් දෙකපුල් තෙමා ගලා ගිය කඳුළු බිඳු වලිනි.

මේ තරම් වෙලාවක් තරමක් කෝපයෙන් කෑ ගැසු ඔහු ද මෙල්ල වූයේ ඒ කඳුළු වලටයි.

"අනේ සුදූ.. අඬන්න දෙයක් කිව්වද මං? ඔයා මගේ කියලානේ කිව්වේ.. මමත් ඔයාගේ.. එහෙම නෙවෙයිද? ම්? ඔයා වෙන එකෙක්ගේ කියලා ඔයාගේ කටින්ම අහද්දී මට කොහොමද දැනෙන්නේ කියලා හිතලා බැලුවද චුට්ටක් හරි සුදූ?" නිරාශාගේ කඳුළු තවත් ඝනවී ඉකියක් ද මුවින් පිටවූයේ ඒ වදන්වලටය. සැබෑය. තමා ඔහුගේ හැඟීම් ගැන මොහොතක්වත් නොසිතායි කටයුතු කළේ.

"ස්සොරි...ඊ.. අයියේ.... අනේ..." ඈ නැවත වතාවක් ඉකියක් ගැසුවෙන් අරවින්දට දැනුනේ වේදනාවකි. උත්සාහය වූවේ ඇයව නළවා ගැනීමයි. නමුත් සිදුවූයේ අනෙකකි.

"හරි ලමයෝ... දැන් ඉතිං ඇඬුවා ඇති. කෝ මගේ දඟ කෙල්ල? කොහෙද හැංගුනේ.. මේ හොටු කෙල්ල කවුද? ආහ්?" අරවින්ද නිරාශාගේ කොපුල් දෑතින්ම මිරිකමින් විමසුවෙන් ඈ කඳුළු අතරින්ම සිනාසුනේ දඟකාර අයුරිනි.

නමුත් ඒ පියකරු සිනාව ඔහුගේ ඉවසුම් සීමා බිඳලීය.

වේගයෙන් ඒ දෙතොල් මතට බරවූ අරවින්ද, යුවතියගේ දෙතොල් තම අණසකට යටත් කරගත්තේ ඇයගේ ද අවසරයෙනි. උණුසුම් දෙතොල් තම දෙතොල් ආදරයෙන් සිප ගනිද්දී කුඩා යුවතිය ද ඒ ස්පර්ශයට ඇළී ගියේ ඉබේටම මෙනි. තවත් මිනිත්තුවක් පමණ ඒ දෙතොල් සිපගත් අරවින්ද ඇයගෙන් ඉවත්වූයේ හුස්මක් ගෙන සියුම් ලැජ්ජාවකිනි.

නමුත් තමාටත් වඩා ලැජ්ජාවෙන් සිටින ඈව දුටූ විට නම් ඔහුගේ දෙතොලතරට ආවේ සිනාවකි.

රෝස පැහැ ගෙන තිබූ දෙතොල් ඇය තම දසන්වලින් තද කරගෙන බිම බලන් සිටියේ තම දෙපා වල ඇඟිලි තුඩුවලින් රටා අඳිමිනි.

"සුදූ... තොල් හපන්න එපා.." සිහින් හඩින් ඔහු මිමිණුවේ ඇයගේ දෑස් පියන්පතකට දෙතොල් තද කරමිනි.

"ම්හ්?" නිරාශා දෑස් උස්සා ඔහු දෙස බැලුවත්, තවමත් තම යටි තොල සිර කරන් සිටී දසන් එලෙසම විය.

ඒ සමඟම වාගේ අරවින්දගේ අතක් ඇයගේ ඉණ වටා එතුනේ යුවතියගේ මුවත් විවර වද්දීයි.

මෙවර නම් පෙරටත් වඩා ඔහුගේ දෙතොල් ඇයගේ දෙතොල් හා බැඳෙන්නට වූ අතර, නිරාශාගේ දෙතොල් ඔහුගේ දසන් අතර සිරවෙද්දී තවත් දරාගත නොහැකි වූ සියුමැලිය, ඔහුගේ උරහිස් මතට තම දෑඟිලි තදින්ම තද කළේ ඇහෙන නොඇහෙන ගානට හීනි කෙඳිරියක් ද ඇයගේ මුලින් පිට වද්දීයි.

නමුත් මේ කරුණු කාරුණා සියල්ලම අරවින්දගේ හාදුව කඩාකප්පල් කිරීමට නොව, තව තවත් ආදරණීය කිරීමට සහ දීර්ඝ කිරීමට සමත් විය.

ඒ දෙතොල් සෙලවෙන රිද්මය යුවතියගේ හදෙහි ඇතිකළේ ස්වර්ණමය ස්වරයකි.

මොහොතින් මොහොත ඇයගේ දෙතොල් මත්තෙහිම දඟකම් කළ අරවින්ද ඇයගෙන් මිදුනේ ඇයට විරාමයක් දෙමිනි.

"ඔයා නම් මාව දැන් පිස්සෙක් කරලා තියෙන්නේ සුදූ..." සිහින් හඩින් ඔහු මිමිණුවේ හතියක් විලසිනි. ඇයගේ වත නැවතත් කෝළකමින් ඇඹරී ගියේ ඔහු බලන් ඉද්දීමය.

"අනේ සුදූ.., පොඩ්ඩක් උස යනවකෝ.. මගේ කොන්දත් රිදෙනවා මෙහෙම නැමිලා කිස් කරලා.." එක්වරම අරවින්ද කොන්දත් අල්ලාගෙනම කෙලින් වූ අතර නිරාශාගෙන් නම් ඔහුට ලැබුණේ රැවීමකි. ඇයගේ කතා පෙට්ටියට අද අඟුළු වැටී ඇත.

අරවින්ද වටපිට බැලූ අතර ලැජ්ජාවෙන් මුලුගැන්වී සිටී යුවතියව එක්වරම ඉණෙන් උස්සාගත්තේ ඈ කෑ ගසද්දීයි.

"අයියේ....හ් අනේ.. මොකද කරන්නේ මේ? අතාරින්නකෝ මාව" නිරාශාගේ කෑ ගැසීම අස්සේ අරවින්ද සිනාසී තමාට අවැසි වූ තැනට ඇයව ගෙන ආවා.

"රේ ප් කරන්න නෙවේ සුදූ උස්සගත්තේ.. උසට සරිලන තැනකින් තියාගන්න අප්පා... චුට්ටක් රොමෑන්ටික් වෙන්න බෑනේ ඇත්තට මේකි එක්ක.. ඉස්සර නම් කොහොමද කට? බලන්න තිබ්බා කට ගහපු තරම. දැන් තමයි චුට්ටක් ඉන්න බැරි" අරවින්ද ඇයව තැබුවේ මුළුතැන්ගෙයි හි බැම්ම මතිනි. මෙය තමයි ඔහුගේත්, ලොකූගේත් ප්‍රියතම ආසනය.

නිරාශා එතැන ඉදගත් විට නම් ඇය අරවින්දගේ උසටම ගැලපෙන්නට විය. අරවින්ද ඇයගේ ඉණ වටා දෙඅත් දමා ගෙන ඇයට ළං වූයේ ඒ දෙතොල් වෙත නැවත වතාවක් බැල්මක් පා කරමිනි.

"කවුද දන්නේ ඉතිං රේ ප් කළොත්වත්.." ඔන්න ඉතිං සුරතලිය, දඟකාරියක් වී ඇත.

"මාව මොකෙක් වගේද තමුසෙට පේන්නේ සුදූ..? මගේ නංගිලා දෙන්නා වගේම තමයි මම තමුසේ ගැන හිතන්නෙත්, පරිස්සම් කරන්නෙත්..-"

"මොනාද අනේ... මාවත් ඔයාට නංගි කෙනෙක් වගේද පේන්නේ?" මැද්දෙන් පැන්න නිරාශා කෑ ගැසුවේ ඔහුගේ අතට එකක් ගසමිනි.

"පිස්සු ද බං...? මං කිව්වේ පරිස්සම් කරන්නේ... මට මගේ නංගිලා වගේ තමයි සුදූ ඔයාගේ අප්පච්චිට ඔයාවත්. මම ඔයාගේ අප්පච්චිට වැරැද්දක් කරන්නෑ කවදාවත් සුදූ... ලොකූගේ එක්සෑම් එක ඉවර වෙනකම් චුට්ටක් ඉන්නවද? ඒක ඉවර වෙනකම් මට නිවනක් නෑ. ඊටපස්සේ මම ගෙදරටම ඇවිත් අහන්නම් මේ චූටි, හුරතල්කෙල්ල මට දෙනවද කියලා" වැකිය අවසන නිතැතින්ම ඔහුගේ දෙතොල් නතර වූයේ ඇයගේ කොපුලකිනි.

"අනේ ඔය ඇත්තටමද අයියේ?" නිරාශාට දැනුනු සතුට කියා නිම කළ නොහැකි විය. ඇයගේ දෙනෙත්වලට නැවත වතාවක් කඳුළු එක්වූයේ එහෙයිනි.

"නැතුව කෙල්ලේ... නැත්නම් මේකිව වෙන කාටහරි දුන්නොත් දැන්නම් මං මැරෙයි සුදූ... තමුසේ මාව පිස්සෙක් කරලා තියෙන්නේ.. මට වෙලාවකට හිතෙනවා මේ තියෙන ඔක්කොම වගකීම් ටිකෙන් ඈත්වෙලා මුළු ලෝකෙම අමතක කරලා ඔයත් එක්ක විතරක් ඉන්න සුදූ.. ඔයයි මමයි විතරක්..." ඇය යමක් පැවසීමට හැදුවත් අරවින්දගේ දෙතොල් ඊට වඩා ඉක්මන් විය.

මෙතෙක් වේලා ඔහුගේ දෙතොල්වලට පමණක් දඟකම් පාන්නට ඉඩ ලබා දුන් ඇය ද මෙවර තම දෙතොල් හැකි අයුරින් ඔහුගේ රටාවටම සුසර කළේ දෙනෙත් පියා ඒ රිද්මය විඳිමිනි.

ඒ ආදරණීය හාදුවේ නිමාවත් අවසානයේ ආදරවන්තයින් දෙදෙනා තම ලවන්පත්වලට විවේකයක් ලබාදුන්නේ නළලට නළල හේත්තු කරගෙනයි. මොහොතකින් සාමාන්‍ය වූ සුසුම් රැල් එක්ක ම තම හිස කෙලින් කරගත් නිරාශා, අරවින්දගේ කොපුලකට තම දෙතොල් තද කළේ සෙනෙහසිනි.

"මං ආදරෙයි අයියේ.." ඔහුගේ පපුව මතින් හිස තියාන ඈ සිහින් හඩින් මිමිණුවා. ඒ වදන් අරවින්දගේ ලෝකයට ගෙනාවේ පුදුමාකාර ශක්තියකි.

"මමත්.." ඇයගේ හිස පිරිමදිමින් ඔහු ද මිමිණුවේ අතිශයින්ම සිහින් හඩිනි.

නමුත් එක්වරම යුවතියව තම පපුවෙන් ඉවතට ගත් අරවින්ද කෙටි හාදුවකින් ඇයගේ දෙතොල් තෙමන්නට විය.

"මට තමුසෙව ඉඹින්නම හිතෙනවා සුදූ..  තමුසේ මොන පිස්සුවක් ද මට මේ කළේ දෙයියනේ...." නිරාශාගේ හුස්ම හිරවෙන තරම් තදින් ඇයව වැළඳගත් අරවින්ද මහ හඩින් කෑ ගැසුවේ ඇයව හිනස්සවමිනි.

නමුත් තවත් එකදු තත්පරයක් හෝ අපතේ නොයැවූ අරවින්ද නැවත වතාවක් බරවූයේ ඇයගේ දෙතොල් මතටයි. මෙවර ඇයගේ සීරුවට බැඳ තිබූ පෝනිටේලය ද ඔහු අතින් ලෙහී ගියේ ඒ හාදුවේ බලයට ය. යුවතියගේ හිසකෙස් අතරින් අරවින්දගේ අතැඟිලි ඇදී ගියේ සීරුවටයි. ඉතිං ඔහුත් ආසා කලා ජීවිතය විඳින්නට. සියලු ප්‍රශ්න අමතක කොට ඈ සමඟ හුදෙකලා වන්නට. ඒ ආදරයේ මිහිර විඳින්නට.

"අයියේ.................. අයියේ..................." එක්වරම ඇසුණු හඩින් අරවින්ද සහ නිරාශා ඔවුනොවුන්ගේ දෙතොල්වලින් මිදුනේ විදුලි වේගයෙනි.

"අයියේ මොනාද කන්න තියෙ..." දුවගෙන මෙන් මුළුතැන්ගෙයට ආ අරවින්දගේ නැගණියගේ කෑ ගැසීම නැවතුනේ නිරාශා දැකීමෙනි.

"ලොකූ!? අ.. මොකද කලින්?" අරවින්ද විමසුවේ තරමක පුදුමයෙනි. ඈ පැමිණීමට තවත් වේලාව විනාඩි හතලිස් පහක් පමණ තිබේ.

"අ... මේ.. ජනිත්.. අයියා.. එක්ක ආවේ" තරමක් ඇද පැද ලොකූ පැවසුවේ හොරැහින් මෙන් නිරාශා දෙස බලමිනි.

"ඉතිං කෝ දැන් ඌ?" අරවින්ද නැවත වතාවක් විමසුවත් ලොකූ ඉක්මනින්ම හිස දෑතට සෙලෙව්වා.

"යාළුවෙක්ගේ වැඩක් තියෙනවා කියලා මාව ගේ ළඟ පාරෙන් දාන් ගියා.." ලොකූ එලෙස පවසද්දී ඒ දෙතොල් මත සිනාවක් ඇදුනේ 'පරිස්සමට යන්න' කියා ඔහු තම හිස අත ගෑ අන්දම මතක් වීයි.

ඒ සිනාව දුටූ අරවින්දගේ මෙන්ම නිරාශාගේ දෙතොලඟට ද එක් වූයේ සිනාවකි.

"ඇති ඇති ජනියා ගැන හීන දැක්කා..." අරවින්ද පැවසුවේ තම නැගණියව රතු කරවමිනි.

"අනේ මේ අයියේ... ඔක්කෝටම කලින් කියනවද අරයා මොකද මෙහෙ කරන්නේ කියලා කවුරුත් නැති වෙලාවේ?? අනික අතන වාඩිවෙලා ඇයි? ඒක අපේ පොට් එකනේ!" සේපාලිකා හට දැනුනේ තරමක ඉරිසියාවකි. තම සහෝදරයා සහ සහෝදරයාට අයිති සියලු දේම කෙමෙන් කෙමෙන් ඇයට අයිති වී යන බව දකිද්දී අරවින්දගේ නැගණිය ලෙස ඇයට දැනුනු ඉරිසියාව නිම්හිම් නොවීය.

"අ.. මේ.. මේ... මෙහෙම..යි.. ල..ඔ...ලො...කූ....ඌ...." අරවින්දට සිංහල හෝඩියත් අමතක විය. නිරාශා තව තවත් රතුවී ගියේ මීට මොහොතකට පෙර ඔවුන් සිදු කරමින් සිටී කටයුත්ත සිහිවීයි.

"මේ... එයා කැරට් කැපුවා..!" අරවින්ද තම ගෙල පසුපස පිරිමදිමින් කුඩා දරුවෙක් මෙන් අහිංසකව පැවසුවේ කපා තිබූ කැරට් සහ නිරාශාව දක්වමිනි. නමුත් ඒ කිසිවක් සේපාලිකාව රැවටීමට තරම් නම් දක්ෂ මුසාවාදයන් නොවීය. නිරාශාගේ ලිහා දමා තිබූ කෙස් කලඹ දෙස බැලූ ලොකූ ඈ වෙත පා කළේ සියුම් රැවීමකි.

"අයියේ....., මම තමුසේ ගැන ඇහැ ගහගෙන ඉන්නේ!!! දාගන්නවා ටී ෂර්ට් එකක්! අනික අක්කේ තමුන්! මේ මගේ අයියා හරිද! අපි අහිංසකව හදපු අපේ අයියාව නරක් නොකර ඉන්නවා!!!"

අරවින්දට සහ නිරාශාට ගැස්සූ සේපාලිකා මුළුතැන්ගෙයින් පිටවූයේ කෝපයෙනි.

අරවින්ද සිනාසෙමින්ම නිරාශා දෙසට හැරුණත් ඔහුගේ පෙම්බරියගේ වතෙහි නම් තිබුණේ දුක්මුසු පෙනුමකි.

"ගණන් ගන්න එපා සුදූ.. ඕකිට ඉරිසියයි.. ඉස්සරහට තව වලියට එයි.. මගේ චූටි.., හුරතල් සුදූ... ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න ඕනේ හොදේ..." ඔහු මිමිණුවේ ඇයව තදින්ම තම පපුවට තද කරගනිමින් හිස ද සිඹිමිනි.

ඈ ළඟදී හදවතට දැනුනේ පුදුමාකාර සහනයකි.

"කෝ එන්න දැන් මගේ හොඳ කෙල්ල මට උයන්න උදව් කරන්න..."

🖤⚡🌙⚡♥️

Continue Reading

You'll Also Like

3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
5.5K 1.3K 24
තාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????
4.4K 69 19
One Fall After The Events of Heros of Olympus, Piper and Annabeth are at CHB. They have an argument, but they realize that it's because of an unspoke...
6.8K 113 55
Hello, nice to meet you all. This book is to document my experiences with the creepypastas and to document spells that have personally worked for me...