සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

100

171 11 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
100.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"ර..ර...දී...ෂ්...!?"

නුරායාගේ මුවින් වචන පිට වූවාදැයි සැකයකි. ඈ බලා සිටියේ තමා ඉදිරියේ සිටගෙන සිටින පුද්ගලයා දෙසයි. ඔහු තම හිසකෙස්වලින් අදිමින් උගුර යටින් ශබ්ද කරමින් සිටින්නේ වේදනාවෙන් මෙනි.

මේ නම් රදීෂ් විය නොහැකිය.

"ආ......හ්...... ආආ........" ඔහුගේ හඩ අසා සිටිය නොහැකි තරම් රෞද්‍ර ය.

නුරායා තවමත් අපහසුවෙන් මෙන් හුස්ම ගනිමින් ඔහු දෙසම බලා සිටියේ දෙනෙත් වල කඳුළු බිඳු අලුත් වද්දීයි.

මේ නම් රදීෂ් විය නොහැකිය. නමුත් පෙනුමින් නම් ඔහු ම ය. කෙස් ගහකවත් වෙනසක් නැත. නමුත් නැත!

ඇඳුම් පැළදුම් , ඒ හැසිරෙන ආකාරය කෙසේවත් රදීෂ් නොවේය.

අනෙක් කාරණය නම්.., රදීෂ්ට කවරදාකවත් තමන්ට මෙලෙස අහිතක් කළ නොහැකිය.

එසේ නම් මේ කවුරුන් ද?

"ර..දී..ෂ්?" නුරායා නැවත වතාවක් උස් හඩින් ඔහුව ඇමතුවේ තරමක් භීතියක් ද හිතේ තියාගෙනයි.

"කට වහපන් ව- බැ-ලි! කට වහපිය!" එක්වරම නුරායා දෙස ඍජුව බැලූ ඒ දුඹුරු ඇස් නුරායාව කීතු කීතු කරනවා වැනි හැඟීමකුයි ඇයට ගෙනාවේ. නමුත් ඒ හඩ ඇයගේ සිතට ගෙනාවේ සැනසීමකි. ඒ ඔහුගේ හඩ නොවීය.

රදීෂ්ගේ මියුරු හඩ, රදීෂ්ගේ රූ ගත් මේ රුදුරු ආගන්තුකයාගේ හඩෙහි ගෑවී ව ත් නොවීය.

"තෝ..! තෝ.. තමයි මේ හැමදේටම මුල!" එක්වරම නැවත වතාවක් නුරායාගේ ගෙලෙන් ඔහු අල්ලාගත්තත් එය පෙර තරම් ම දැඩි වූයේ නැත. එමෙන්ම ඔහුගේ වතෙහි වූයේ වේදනාත්මක බවකි.

"ආ..........හ් මූ තොට ආදරේ වැඩියි හු-තියේ!!! මුගේ හිතේ තොට තියෙන්නේ පුදුම ඉලව්වේ ලව් එකක්නේ බැල්-යේ.." නැවතත් ඒ ගොරෝසු හඩ පෙර මෙන් කෑ ගැසුවේ නුරායාව තිගස්සවමිනි.

"ර..දීෂ්?" නුරායා නැවත වතාවක් අපහසුවෙන් මිමිණුවේ කිසිවක් වටහාගත හැකිව නොවේ.

"රදීෂ්! හ: මම තොගේ රදීෂ් නෙවේ බැල්-යේ... තෝ අන්න ඒක මතක තියාගනින් බ ලු වේ-! තෝ හිතාගෙන ඉන්නවා නම් මාත් එක්කත් ඌත් එක්ක වගේ හුරතල් වෙන්න, ඒවා හඳේ!" ඒ කතා කරන විලාසය නුරායාට තවත් අසා සිටිය නොහැකි තරම් විය. එයත් ඔහුට සමාන රුවකින්ම එවන් වදන් අසන්නට ලැබීම වේදනාවකි.

"මම නදීෂ් යකෝ! මං නදීෂ්! තොට මාත් එක්ක නම් හැ-නෙන්න දෙන්නෑ මං! මං ආවේ තෝව මරන්න බැ-ලියේ!!!" නුරායාගේ කොන්ඩගස් කීපයක්ම ගැලවී යන ලෙසින් ඇද ගත් ආගන්තුකයා නොහොත් නදීෂ්, මහා හඩින් නැවත වතාවක් කෑ ගැසුවා. නුරායාගේ දෙනෙත්වලින් කඳුලැලි කඩා වැටුනේ නිරායාසයෙනි.

"තමු..සේ... තමුසේ.. කවුද? තමුසේ.. කොහොමද.. මගේ රදීෂ් වගේ වුණේ..? කියනවා මට" ඔහුගේ පපුවට ගසමින් නුරායා ද වෙර යොදා කෑ ගැසුවේ තවත් දරාගත නොහැකිවයි. නමුත් මොහොතක් ඈ දෙස බලා සිටී නදීෂ් එක්වරම ඇයව අතැරි අතර,  මහ හඩින් සිනාසෙන්නට ගත්තේ මෘගයෙක් විලසිනි. ඒ දෙතොල් අතර නම් රදීෂ්ගේ තිබෙන ආදරණීය මුදු සිනාව සොයාගැනීමටවත් නොහැකි විය.

තම දණහිස් වලට වැලමිටවල් තබා හති දමමින්ම සිනාසුණු නදීෂ් එක්වරම තම සිනාව ගිලගෙන නුරායා වෙතට එල්ල කළේ මාරාන්තික බැල්මකි.

"මම නදීෂ් යකෝ! තොගේ රදීෂ් නම් දැන් හොඳටම නිදි.. ඌව ඇහැරවන්න ඉතිං මට යන්න වෙනවා ඒරොප්පේ.. ඌ දොයිය බබා වුණාම තමයි මම එන්නේ බැ-ලියේ!!! තෝ... තෝව මරන්න යි මම ආවේ!"

නුරායා නදීෂ් දෙස බලා සිටියේ භීතියෙනි.

"ඔ..යා.. තමු..සේ.. තමුසේ.. මගේ දීෂ්ට මොනාද කලේ කියනවා! තමුසේ එයාගේ ට්වින් කෙනෙක් ද? ඒත් දීෂ්ට ට්වින් කෙනෙක් නෑනේ.. එයායි අක්කායි විතරයි ඉන්නේ... එතකොට...හ්.. එතකො..ට.. ඔයා..හ් කවුද?" අවසන් වදන් කීපය ඈ උගුරෙන් මෙන් මිමිණුවේ ඈව මුළුතැන්ගේ පැන්ට්‍රියට සිර කරගනිමින් නදීෂ් තම දෙඅත් ඈ දෙපසින් තබා ඇයගේ වතට බර වීම නිසයි.

"මට ඇති ල-බේ සහෝදරයෙක් නෑ ගෑනියේ! හිටියා නම් ඌත් මේ වෙද්දී එහෙ තමයි" නදීෂ් දෙනෙත්වලින් උඩ බලා සන් කර කඩවසම් සීත සිනාවක් නුරායාට පෑවේ ඇයව තවත් බියපත් කරමිනි.

"අ..නේහ්... ඔයා.. කවුද? කෝ...හ් මගේ දී..ෂ්?" නුරායාට තවත් දරාගත නොහැකි වූ තැන ඇයට ඔහු ඉදිරියේ තදින්ම ඉකි ගැසුනා. ඉන් නදීෂ් ලැබූ වින්දනය නම් අති ඉහලයි.

"ආයේ කියපන්! කවුද?" ඔහු විමසුවේ හුස්මට හුස්ම වැදෙනකම්ම නුරායාට ළංවීයි.

"ද්දී..දී...දී...ෂ්... මගේ..." ඈ මිමිණුවේ ඉකියක් ද සමඟිනි.

එක්වරම නැවත වතාවක් නදීෂ්ගේ මුවඟච නැගුණේ අතිශයින්ම තියුණු මෙන්ම කඩවසම් කිව හැකි සිනාවකි.

එක්වරම නුරායාගේ ගෙලට බරවුණු ඔහු හුස්මක් ඉහළට ඇද්දේ, නුරායා නම් හුස්මක් ඉහළට ඇදගන්නවත් බැරුව ගල් වී හුස්ම හිරකරගෙන සිටිද්දීයි. ඉන්පසුව නුරායාගේ කොන්ඩය ද තම අතින් මෘදුව අතගාමින් ඔහු ඈ දෙසට හෙළුවේ කෑදර බැල්මකි. තම දෙතොල් අතර දිව එහෙට මෙහෙට ගෙන ගිය ඔහු, ඇයගේ සිරුරේ සියලුම අංගයන් ස්කෑන් කරමින් දෙතොල් තෙමා ගත්තේ කෑමකට ගිජු වූ සතෙකු මෙනි.

"උඹ දීෂ්... දීෂ්... ගාලා කතා කරද්දී මම මුගේ ඇඟ ඇතුළේ ඉන්නෙත් මාර අමාරුවෙන් බං... උඹව මට කන්න හිතෙනවා.. ඉඳුණු අඹයක් වගේ ගාණට අතට ඇල්ලෙන්න ඉන්නවා උඹ..." නදීෂ් තමා වෙතට නැවත බර වූවෙන් නුරායා දුන්නක් මෙන් පිටුපසට නැමුණේ ඔහුගේ ක්‍රියාවන්ගෙන් දැනුනේ අප්‍රසන්න බවටයි.

"ඇ...ඟ... ඇඟ ඇතුළේ?" ඈ නැවත වතාවක් තම වෙව්ලන දෙතොල් පෙති විවර කර මිමිණුවා.

"ඔව් බැ-ලියේ!!! මේ රදීෂයාගේ ඇඟ තමයි.. මේ තියෙන්නේ.. අල්ලලා බලපන්! මේ තියෙන්නේ තෝ හැම වෙලේම කිස් කරන ලිප්ස් තමයි ගෑනියේ.. එතකොට මේ පපුවට තමයි තෝ හැමවෙලේම තුරුළ් වෙන්නේ.." නදීෂ් නුරායාගේ අතක් ගෙන අත් ආවරණයෙන් නිරාවරණය වූ ඇයගේ අතැඟිලි රදීෂ්ගේ සිරුරේ දෙතොල් කරා, පපුව කරා ගෙන ගියේ උමතුවෙන් මෙනි.

"තමු... සේ.. තමුසේ.. මොකෙක්ද? හොල්මනක් ද? කෙශාන්... අයියා ද? ඌරි අක්කාගේ හස්බන්ඩ්? ඒත්... ඒ..ත්.. එයා එහෙම ජ්..රා.. මනුස්ස..යෙක් නෙවේ..නේ.. එයා .. එයා.. ආදරේ ඌරී අක්කාට.. විතරයිනේ.. මට ඒක දැනුනනේ..." නුරායා කෙතරම් එඩිතරව සිටීමට උත්සාහ කළත් හදිසියේම ඇතිව තිබුණු මේ තත්ත්වය ඇයගේ සිතට ගෙනාවේ පීඩනයකි.

"මම ඒ හු-තා නෙවෙයි යකෝ!!! මම නදීෂ්!!! උඹේ මිනිහා රදීෂ් එක්ක උගේ මෙන්න මේ ඇඟ බෙදාගන්න එකා! මෙච්චර කල් ඌ තමයි සීයට අසූවක්ම බොඩි එකේ පාලනය තියාගෙන හිටියේ. අඩුම තරමේ ඌ දන්නෙවත් නෑ මං වගේ එකෙක් උගේ ඇඟ ඇතුළේ ඉන්නවද කියලවත්! හ:!

ඒත් අදින් පස්සේ . . .

අදින් පස්සේ මම තමයි මේකාව පාලනය කරන්නේ! මොකද මට තෝව මරන්න තියෙනවා! තෝව බැ-ලියෙක් වගේ කීතු කීතු කරලා දාන්න තියෙනවා! ඊට කලින් මං තොට දෙන ලාස්ට් වෝනින් එක මේක වේ- බැ-ලි! හොඳට අහගනින් මේක..." නදීෂ් හිසත් එක් අතකින් අල්ලාගෙන මෙවර නම් කතා කළේ අපහසුවෙන් මෙනි. නමුත් ඔහුගේ රුදුරු බවෙහි නම් වෙනසක් නොවීය.

"තෝ... තෝ... රදීෂ්..ව අතාරින්න ඕනේ... තෝ... උගෙන් ඈත්වුණොත්... තොට මම ජීවත්වෙන්න දෙනවා!!! නැත්නම් මම තෝව නැති කරලා දානවා වේ-!"

එක්වරම නදීෂ් මුළුතැන්ගෙහි මුණින් අතට ඇද වැටුනේ නුරායාගේ මුවින් මහා හඩින් කෑ ගැසීමක් නිකුත් වද්දීයි.

🖤⚡🌙⚡♥️
මට ඔයාලාට කලින් කියන්න බැරි වුණානේ.
මේක Psychological Thriller එකක්.

දැනුයි කතාව පටන් ගත්තේ... 😌✋🏼

Continue Reading

You'll Also Like

565 125 10
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා
8.4K 572 8
What if not all angels were innocent and kind? What if all devils were not evil and cruel?
27.2K 2.9K 48
කටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න...
5.5K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...