ඒක දිග කතාවක්

By Osi_Yr_

130K 18.4K 2.3K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
82
83
84/ 2
85 last chapter 1
a/n

81

1.1K 175 40
By Osi_Yr_

බෲස් බෲස් ..

එක ඇහැක් විතරක් ඇරලා මන් කොට්ටෙ අස්සෙ ගහලා තිබුන පෝන් එක අරගෙන බැලුවා .

cheeth

ado ubala tharu baluwada
8.34am

මුගෙ අප්පට !! ගශ් බල්ලා .. මූ අර මොකද්ද මගුල් ඇප් එකක් දාගෙන පොත් කියවලා වැඩි වෙල . අහිංසක අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ . තරුවක් ගැන අහනවා .


"එහෙනම් හේමව අපිට දෙන්න "

විතානාරච්චි ඇමති තුමි . එහෙමත් නැත්තන් මගෙ අත්තම්මා , මගෙ අප්පච්චිගෙ අම්මාගෙ ප්‍රතිචාරය උනේ ඒක . මම දැනටමත් මන්ධීර්ව මැරි කරලයි ඉන්නෙ කියපුවහම අත්තම්මා වගේම සීයා පාපා ඒ කියන්නෙ අප්පච්චිගෙ පපා එක්ක සාම සාකච්චාවක් තියලා ඒ දෙන්නම තීරණය කරලා තිබ්බා . මන් වෙනුවට හේමව බිස්නස් වලට ජොයින් කර ගන්න . වගේම පරම්පරාව ඉස්සරහට ගෙනියන්න .

පවුල් දෙකෙන්ම මාමායි බාප්පයි ඉතුරු වෙලා හිටියත් තාම එයාලා ත් ඇතුලුව අපේ අප්පච්චි ගෙ ප්‍රොපටීස් වලට අනාගත භාර කාරයෙක් එයාලට ඕන කරා . නිකන් නෙවෙයි පවුලෙ නම ගෙනියන්නත් කෙනෙක් එක්ක .

අපේ මාමා එලිපිට බාප්පව උස්සපු දාට තමා අත්තම්මට පපුවෙ අමාරුව හැදෙන්නෙ .

ඒත් එහෙම දෙන්න පුලුවන් ද එයා ලා කියපු පලියට මගේ නිදහස වෙනුවෙන් මගෙ මල්ලිව බිල්ලට දෙන්න තරන් පහත් සහෝදරයෙක් නෙවෙයි .

"බැහැ !!"

"එතකොට දේපල. පවුලෙ නම "

"මට ඕවලින් වැඩක් නෑ . අවුරුදු විසි ගානක් තිස්සෙ අපිට හිටියේ අප්පච්චි විතරයි . ඔයාලගෙ සම්බන්දයක් ඕනේ නැති නිසානෙ අප්පච්චි ත් මේවට ඇගිලි නොගහා හිටියේ ඒ නිසා අපිට ඕනෙත් නෑ . ඒ වගේම හේම වත් ඌ ඉපදෙනකොට ඔයාලා කියලා නෑදෑයො කොට්ටාසයක් අපේ ජීවිත වල හිටියෙ නෑ වගේම ඉස්සරහටත් එහෙම නෑ කමක් ඕන වෙන්නෙ නෑ .

මමනෙ උගෙ අයියා . මට පුලුවන් ඒ නිසා ඌ ගැන තීරණ අරගෙන ඌව බලා ගන්න . "

"හොදටම විශ්වාසද මේ තීරණේ ගැන " සියා පපා ඇහුවෙ බැරෑරුම් විදිහට . සීයට පිටි පස්සෙ හිටගෙන හිටපු මාමා දිහත් මන් එක වතාවක් බලලා ආයෙම සීයා පපා දිහා බැලුවා .

"ඔව් "

"අප්පච්චි වගේ මයි මුරණ්ඩු කම " ආත්තම්මා මුමුණනවා ඇහුනා ත් මන් බලන් හිටියේ සීයා පපා දිහා .

"හරි ඔයාට කැමති දෙයක් කරන්න . "

"ඒත් මිස්ටර්.." අත්තම්මා මොනා හරි කියන්න ගියත් සීයා පපා එයාව අතක් උස්සලා නතර කරා .

"එයා කරන්නෙ තමුන්ගෙ පුතා කරපු දෙ මිසිස් විතානාරච්චි . ඒකට අපිට දොස් කියන්න බෑ . අනික ඇත්ත කතාව . අවුරුදු විසි ගානකටම හොයන්නෙ බලන්නෙ නැතුව දැන් හදිස්සියෙම උස්සගෙන ඇවිත් දේපලයි පරම්පරාවකුයි බදාගන්න කියන එක මහ ලැජ්ජා නැති වැඩක් "

කියවගෙන ආපු සීයා පපා ටිකකක්ට නතර උනා .

"අපිට මේවා ගැන මීට කලින් හිතන්න තිබුනා . දැන් පරක්කු වැඩි . කොල්ලට පාඩුවෙ ඉන්න දුන්නොත් හොදයි . තමුන්ගෙ බලපුලුවම් කාර කන් පෙන්නන්න ගිහින් මට මගෙ දුව නැති කරා වගේ වගේ මගේ මුණුබුරෝ දෙන්නවත් නැති කරන්නෙ නැතුව . "

සීයා පපා තර්ජනයක් නොවන තර්ජනයක් කලාදෝ මන්දා ආත්තම්මට . මෙතනත් සීතල යුද්දේ .

"එතකොට තමුන් . තමුන්‍ට කැමති නම් කම්පැනි එකේම ජොබ් එකක් කරන්න පුලුවන්.."

"ඕනේ නෑ .."

"හොදයි ..

.
.
.
.

"මොනා උනත් උබලගෙ සීයා පපා නම් පොඩ්ඩක් පොඩ්ඩක් උබට ලව් වගේ නේ " වාහනේ ඩ්‍රයිව් කරන ගමන් මා දිහා බලලා කිව්වා .

"හ්ම් මේක මෙහෙම ඉවර වෙච්චඑක ලොකු දෙයක්.. ඒත් මොකක් හරි ලොකු කතාවක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද  මෙතන .."

මන් මන්ධීර් ගෙන් ඇහුවා . ඇයි ඉතින් පවුල් දෙක තරහා කාරයො . ඒ උනාට අද සීයා පපා කියපු දේ ආත්තම්මා පිලිගත්තා කියන එක . අනික ඔය දේසපාලනේ කරන උන්ව විස්වාස කරන්න බෑ සත පහකට .

"ම්ම් උඹ දන්නවද උබලගෙ සීයගෙ ex කෙනෙක්ලු ආත්තම්මා "

"මොකක් !!" මට කෑ ගැස්සුනා .මොන මගුලක් ද .

"ම්ම් ..මාත් හරියටම දන්නේ නෑ .. ඒ කාලේ හරිතයා තමා කිව්වෙ . අත්තම්මගෙ ෆැමිලි එකේ අය කුල මල සීන් එක හෙනට බලලා කොහොම හරි ඒ සම්බන්දෙ කැඩිලා . පස්සෙ කාලෙක උබලගෙ අප්පච්චි යි අම්මයි සෙට් වෙලා ඒක දැන ගත්තම ආත්තම්මා හෙනට බාල්දි දැම්මලු   . එකක් අර කුල සීන් එක අනික ඉතින් කව්ද බන් තමන්ගෙ ex ගෙ ලමයට , පුතාව දෙන්න කැමති වෙන්නෙ .  සෑහෙන්න බලපෑම් කරලා . උබලගෙ අප්පච්චි බදින්නත් කලින් තමයි  උඹව හදලා තියෙන්නෙ. ඊට පස්සෙ අම්මවයි උබවයි අරගෙන ගියාලු අප්පච්චි ගෙ තනි කැමත්තට පවුලෙන් අයින් වෙලා "

"බලාගෙන යනකොට අපෙ අප්පච්චි හෙන වැඩ්ඩා නේ "

"ම්ම්ම්ම් . "

" මට මතකයි ඒ කාලේ .. එතකොට අපි අටේ හරිද  . සමහර දවස් වලට බන් හරිතයා උදේට ස්කෝලෙ ගාවින් වාහනෙන් බැහැලා මාවත් ඇදගෙන උඹලගෙ ගෙදර යනවා හරිද . ආයේ එන්නෙ එකහමාර වෙනකොට .

ඒ ගියාම ඉතින් මට රජ මගුල් වගේ ඇයි ඉතින් මන් වැඩිය එලියට යන එකෙක් නෙවේ නෙ යාලුවෙක්ට කියලා හිටපු එකම එකා තමා උඹලගෙ මාමා .

අක්කට එතකොට උඹව හම්බේන්න හරිද . බඩ බෝලේ වගෙ උබට ඉතින් ඒ කාලෙ කියලා වෙනසක් නෑ පුදුම විසයක් තියෙන්නෙ . අක්කා තමයි අපි එහෙ ගියාම අපි දෙන්නටම කවන්නෙ අයියනම් වැඩට ගිහින් නේ .

අර...උඹට මතකද උබලගෙ මිදුලෙ අඹ ගහ බන් ඒක හිටෙව්වෙ මගෙ දහතුන් වෙනි උපන් දිනේට . "

මන් ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා .

"මන්ධීර් "

"ම්ම් "

එයා ම්ම් ගාන ගමන් වාහනේ නැවත්තුවා . එතකොටයි මන් දැක්කෙ  අපේ ගමනාන්තය . අපේ ගෙදර .. අපේ ගෙදර කියන්නෙ අප්පච්චි ගෙ ගෙදර .

"මන්ධීර් !! "

"ම්ම් "

"මෙහෙ ?? "

"ඇයි යශෝදර කැමති නැද්ද මෙහෙට "

"කැමතී ඇත්තටම .."

"බහිමු එහෙනම් "

අපි බැහැලා ඇරලා දාලා තියන දොරෙන් ඇතුලට යනකොට මුලු සාලෙම සරසලා තිබුනා .

" welcome Home "

" කොහෙද යකෝ මෙච්චර වෙලා ගියේ  " චේතා කෑ ගහනකොට් .

සුද්දා නෙතා බෝලෙව උකුලේ ගහගෙන .. හයියෝ පොඩි එකා ඌට අවුරුදු පහලවක් වෙන්නත් කලිම්ම තාත්තෙක් වෙලා   . මට ඌව දැක්කම හිනා ගියා .

"අද ඉදන් අපි ඉන්නෙ මෙහෙ . උඹ මායි සුද්දයි නෙතා බෝලෙයි "

මන්ධීර් කියනකොට මගෙ ඇස් වලට කදුලු ආවා  . මේ තමයි මන් මේ ලෝකෙ ආසම තැන ගෙවල් කීයක් තිබුනත් මේ ගෙදරට තරම් මන් ආදරේ කරලා වෙන කොහාට වත් අප්පච්චි ගෙ මතක පිරුණු ගෙදර .

" තැන්ක්ස් "

"මෝඩ කොල්ලා තෑන්ක්ස් කියන්නෙ ??" 

"මේ මේ උඹලා පස්සෙ ලව් කරපල්ලා .. දැන් කන්න වරෙන් හෙන බඩගිනි "

දැන්  හවස හතරට විතර ඇති . කට්ටිය උදේ ඉදලා ගේ අස් කරලයි බඩු ඇදලයි සරසලයි තාම කාලත් නෑලු.

මගෙ මිනිහත් ඒ වැඩ මුන් ටිකගේ ඇගේ ගහලා මා ගාවට වෙලා බබා වගේ උන්නා .

හනේ මන්දන්නෙ නෑ මුන්දගෙ වැඩ  .

අද කෑම අපේ චූටි අයියගෙ ගානෙ ..  කඩියා වගේ කැම භාජන උස්සගෙන එහෙට දුවනවයි මෙහෙට දුවනවයි .

කටිය කන්න මිදුලේ තමයි ඇරේන්ජ් කරලා තිබුනේ .

මන් නම් මන්ධීර්ගෙ ප්ලේට් එකෙම්ම එයාට කියලා කවා ගත්තා

" අයියේ .. නෙතාට මෙව්වා කන්න බෑ සැරයි නේ "

"ආ .. ආරු චූටි අයියා නෙතාට වෙනම කෑම එකක් හැදුවා පොඩ්ඩක් බලපන්කෝ "
චේත කිව්වම මන් නැගිටලා කුස්සිය පැත්තට යන්න ගියා .

අඩුපාඩු අරන් එන්න කියලා ගියා ගියා මයි චූටි අයියා තාම නෑ . සුදු අයියට මොකක් ද වැඩක් වැටිලා තාම මග එන ගමන් කියලා උන් දෙන්න  සුදු අයියා එනකන් ඉන්න වා කන්න කියලා . අපිත් ඉතින් උන්දා එනකන් ඉන්න හැදුවට දුන්නෙ නෑ නේ බෙදලා මේසෙට දැම්මා .

මන් ගෙදර පඩියට නගිට කොටම වගේ තමයි මෑන් වාහනේ අපේ වත්තට දැම්මේ .

කොච්චර කෑවත් නැතිවෙනෙ නැති බඩගින්නක් තියෙන්නෙ මේ දවස් වල මොන මගුලක් ද මන්දා .

දැන් අපි මේ හතරට විතර කන්නෙ දවල්ටනෙ ..එතකොට රෑටත් මේවමද නැත්තන් වෙන මොනා හරි හදනවද දන්නෙ නෑ .

කෑම ගැන කල්පනා කර කර කුස්සියට ගිය මාව දොර කොඩම හිට ගැස්සුනා

fuck !!

කුස්සිය මැද්දේ ලොකු අයියා චූටි අයියගෙ කට කනවා .

මන් යූ ටර්න් එකක් ගහලා ආයෙම එලියට ආවේ මොනා උනත් දෙන්නට ඩිස්ටර්බ් කරන එක හරි නෑනේ ..

ඒ උනාට එදා සුදු අයියා නෙවෙයිද චූටි අයියගෙ කට කෑවේ ..

කල්පනා කර කර ආපු මම ඉස්සරහින් ආපු එකාගෙ ඇගේ හැප්පුනා .

"කොහෙද බන් උඩ බලාගෙන යන්නෙ ."

අම්මටසිරි සුදු අයියා .

.
.
.
.
.
.
.

කොහොමත ලමා...යි...

මොනා හරි කියම්න අනේ ..

එහෙනම් මන් ගොහින් එන්නා....ම් .......

ආතරෙයි ...😌🖤

Continue Reading

You'll Also Like

27.3K 4.3K 23
සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________...
7.9M 411K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
149K 17.8K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
2M 139K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡