ඒක දිග කතාවක්

By Osi_Yr_

95.8K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

69 B

912 152 52
By Osi_Yr_

"පුතේ !! " යන්න ගිහිනුත් දොර ගාව නතර වෙච්ච මාමා කතා කරා ."උඹ තනිවෙලා කියලා හිතන්න එපා . උබට ඕන දේකට මන් ඉන්නවා "

එයා ඒක හරි හැගීම්බර විදිහට කිව්වා වෙනකොට .

"ශේශාන් ව මරන්න උනත් ??? " මන් බෙල්ල හරවලා බලන ගමන් ඇහුවා .

"යෝ කොල්ලො . උබට ඕනේ මාවත් මිනි මරුවෙක් කරන්නද ..අනේ ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම් " මාමා පරල වෙලා නොන්ඩි ගගහා යන්න ගියා . 

ඉතින් ඇතතනෙ යකෝ ..ඕනම දෙයක් කියන්නෙ ඕනම දෙයක් ..
.
.

"ලේ කොහෙන්ද මේ ලේ.."බෙඩ් ශීට් එකේ තිබුණ ලේ පැල්ලම් දෙක තුනක් නිසා මන් මගේ අතුත් හරව හරව බැලුවේ තුවාලයක් වත් ද කියලා .

නෑ හැබැයි . සමහර විට මාමගෙ ද දන්නෙ නෑ    .මන් නැගිටිනකොටත් මාමා කාමරේ සම්පූර්ණයෙන්ම අස් කරලා .

"චූටි මහත්තයා ..කොල්ලො නාගෙන වරෙන් කන්න විගහට " ඒ අස්සෙ මාමා පහල ඉදන් කෑ ගහනවා මුලු ගමටම ඇහෙන්න   . අනේ මන් දන්නෙ නෑ ඇයි මේ මනුස්සයා මෙච්චර තරුන වෙලත් නාකි පප්පෙක් වගේ හැසිරෙන්නෙ කියලා . 

පැයක් විතර අරගෙන හොද වොශ් එකක් දාගෙන මන් පහලට ගියා . වොශ් දැම්මට වඩා නම් කරේ කල්පනා කරපු එක .

හ්ම්ම් ..අනේ මන්ද ..මට මෙව්වා කල්පනා කරලම කොයි වෙලේ හරි පිස්සු හැදෙනවා  .

"කෝ උඹේ පෝන් එක "

"ඔය කොහෙ හරි ඇති ..ඔයාගෙ කකුල තාම අමාරුද "

"අව්ලක් නෑ ප්ලාස්ටර් එකක් දාලා තියෙන්නෙ . "

"හ්ම්ම් ..මාමාට ඊයෙ තුවාල උනාද " මන් වාඩි වෙන ගමන් ඇහුවා .

"නෑ ඇයි !! "

"නෑ ශීට් එකේ ලේ තිබ්බා "

මාමා ටික වෙලාවක් මා දිහා බලන් උන්නා .

"අහ් ඒක !! ඇගිලක් චුට්ටක් ගියා වීදුරු කටුවකට "
.
.
.
.
.

පාන් ගෙනත් පරිප්පු හදලා .

වෙලාව උදේ එකොලහයි අපි දැනුයි උදේට කන්නෙ . අනේ ඉතිම් යසයි දවල්ට කන්න වෙන්නෙ හතරට තමයි.

.
.
.
.
.

"කොහෙ යන්න ද උඹ ඔය "

"මීටින් එකක් "

"ඔහොම පොඩ්ඩක් ඉන්නවා එහෙනම් මන් පට ගාලා ඇදුමක් දාන් එන්නම් " මාමා කිව්වම මන් පුදුම උනා .

"ඔයා මොකටද "

"කියන දේ අහල ඉදපන්කො "
මාමා ගිහින් ශෝටට වෙන ටී ශර්ට් එකක් දාගෙන ආවා ..

"යමන් " "කෝ උබේ අර බඩ කඩිත්තුව "

"මොක ?? "

"පෝන් එක "

"සාක්කුවෙ  "

"උඹ නම් අනේ මන් දා බන් .. ඕක අල්ලලා විසික් කරපන් "
ඇත්ත තමා ඉතින් මට පෝන් එකක් තිබ්බට වැඩක් නෑ . ඊයේ මාමා කෝල් විසි ගානක් අරගෙන ශේශාන් පනහක් විතර අරගෙන ඒ අස්සෙන් චේතත් අරගෙන මිස්ට දිසා මේ ඔක්කොමල්ලා අරගෙන මන් පෝන් එක හොයා ගත්තෙත් අද උදේ ශීට් එකක් යට තිබිලා .

.
.
.

මන් මීටින් රූම් එකට එනකොටත් විනාඩි කීපයක් පරක්කු වෙලා . මිසටර් දිසානායක මීටින් එක පටන් අරන් .

මන් ඇතුලට යනකොට මාව දැකපු දිසානායක නෑගිටලා මට ග්‍රීට් කරා .

හැමෝම මා දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ . මෙච්චර වෙලාම එතන මුලසුන මෙහෙයවපු මනුස්සයා පොඩි කොල්ලෙක් එනකොට නැගිටලා ඉඩ දුන්නම කවුද පුදුම නොවෙන්නෙ .

"මේ ඉන්නෙ මිස්ට සේනානායක ගේ මුණුබුරා .මන් තාවකාලිකව මිස්ට ආර්‍යන් වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ . තව බොහොම ටික කාලෙකින් මේ හැම දේකම පාලනය මිස්ට ආර්‍යන් ට බාර වෙනවා .

එතකොට ඔයාලව තෝර ගත්තෙත් මිස්ට ආර්‍යන් තමයි . ඔයාලට ඉන්වෙස්ට් කරන අලුත් ප්‍රොජෙක්ට්  එකත් මිස්ට ආර්‍යන්ගේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලා අපිට සහයෝගය දක්වනවා වගේම අපේ අලුත් බොස්ටත් සහයෝගය දක්වයි කියලා .."

මාව අදුන්වලා දෙන මුලු වෙලාව පුරාම මම එක එක මූණෙන් මූණට ගිහින් නතර උනේ සුදු මැලි උන සුපුරුදු මුණක් ගාව ..එයත් මා දිහා බයවෙලා වගේ බලන් හිටියා වගේ මන් එයාව පිලි ගන්න කට කොනින් හිනාවක් දුන්නා..

.
.
.
.

"නයිස් ටු මීට් යූ මිසිස් අබේගුණවර්ධන "

මන් අතට අත දෙන ගමන් කිව්වා. එයා තාම සුදු මැලිවෙලා . හිනා නොවි බැරි කමට හිනා වෙලා එයත් අතට අත දුන්නා .

"සැනිටයිසර් එකක් තියෙනවද මිස්ට දිසානායක " මන් මිස්ට දිසාගෙන් අහනකොට උන්දෑ හෙන කුපාඩි බැල්මක් දැම්මා ..

"මෙන්න සර් ..අපේ සර් පිරිසිදු කම ගැන ගොඩක් හිතනවා . දන්නෙ නැත්ද ඉතින් හැම තැනම විෂ බීජනේ " මට සැනිටයිසර් එක දෙන ගමන් මිස්ට දිසා ලුනු ඇබුල් ටිකක් දැම්මෙ මැමීගේ මූණ කුන්ඩි හට්ටිය වෙලා යනකොට

"සර් මිසිස් අබේගුණවර්ධන ව අදුරනවද " දිසානායක පාර්ට් වන් මගෙන් ඇහුවා .

"ඔව්නේ ..මිසිස් අබේගුණවර්ධන ගේ පුතා ලගට මන් ක්ලාස් ගියා . කාලයක් මන් එහෙ නැවතිලත් හිටියා . ඔයාට කියන්න දිසානායක අන්කල් මිසිස් අබේගුණවර්ධන ගේ ආගන්තුක සත් කාර නම් මාරයි ආ..මට ජීවිතේට අමත වෙන්නෙ නෑ "

"ඔහ් !! එහෙනම් සර්ට වැඩ කරන්න පහසු වෙයි "

"ඒක තමයි මාත් මේ හිතේ සැනසීමෙන් ඉන්නෙ . කොහොමත් නොදන්න සුරදූතයො එක්ක වැඩ කරනවට වඩා දන්න යකා හොදයි කියනවනේ .. නෑ මන් කියන්නෙ දන්න අය එක්ක වැඩ කරන එක comfortable නෙ නේද මිසිස් අබේගුණවර්ධන "

ආයෙමත් හිනා නොවී බැරි කමට හිනා වුනා එයා .

"ආහ් අනික මට ග්‍රෑන්ඩ් පාත් ඊයේ උදේ කිව්වා අපි දැන් නෑදැයොත් වෙන්න යන එකේ හොදට දැම්ම ඉදන් එකතු වෙලා වැඩ කරන්න කියලා "

"අහ් එහෙම ද .. එහෙනම් සර් ට ඒ පැත්තෙ යන්නත් වෙයි නේද "

"ඔව් අයියේ ඊයේ අපි ගියත් එක්ක .. ඒ උනාට මිසිස් අබේගුණවර්ධන ට අමතක වෙලානේ  බල්ලව කූඩු කරන්න . අපි ගිහින් බැස්සා විතරයි ඒ කටු බැල්ලි අපේ චූටි සර්ගේ ඇගට පැන්නනේ "

දිසා පාර්ට් ටූ කියනකොට දිසා පාර්ට් වන්ගෙ ඇස් නලලේ ..

"අහ් ඒක එච්චර දෙයක් නෙවේ . කොහොම උනත් ආයෙ එනකොට අපි කලින් දැනුන් දෙන්නම්කො ..එතකොට පුලුවන්නෙ බැල්ලිව කූඩු කරලා තියන්න "

බලන්න වටිනවා මූණ ..ඊට හපන් ඒ සෙකට්‍රි ගේ මූණ ගෑනිත් දන්නවා ඔය කියන්නෙ කාටද කියලා ..ඊයෙත් ඒකි හිටියනේ ..

"ආහ් අනික .. පොඩ්ඩක් හොදට පිරිසිදු කරලා තියන්න . අපේ චූටි සර් පොඩ්ඩ බැරි වෙනකොට අසනීප වෙනවා විශබීජ නිසා "

අම්මො මිස්ට දිසා නම් අමරම ආතල් එකක් ගන්නෙ ..හින්ට් පාස් කරලා . යකෝ මන් හොදයි නෙ තව බලගෙන යනකොට ..
.
.
.
.

"හරි ද ඔක්කොම "

"හ්ම් "

"මොකද මූණත් එක්ක ඇදිලා ගිහින් "

"මොකුත් නෑ "

"යන් මොනා හරි කාලා යන් "

මාමා මාවත් එක්ක ගෙන රෙස්ටුරන්ට් එකකට ගොඩ උනා . මට ඔව්වයෙ යන්න තරන් මූඩ් එකකුත් නෑ . මට ඕනෙ ගෙදර යන්න ගිහින් නිදා ගන්න . මගේ හිතට හරි දුකයි .

ශේශාන් ඊයේ රෑ ගත්තට පස්සෙ ආයෙ කෝල් එකක් වත් අරගෙන නෑ . කමක් නෑ මටත් ඕනේ නෑ . ඕන මගුලක් කරගන්න එකයි .ශිට් මගෙ ඔලුවත් කැක්කුමයි .

මාමා මුරට ආවෙ මන් අදත් ක්ලබ් යයි කියලා වෙන්න ඇති .

මන්  මේසෙට වෙලා කල්පනා කර කර හිටියේ මාමා වොශ් රූම් ගිය ටිකට .

"ඒයි ආරූ මෙහෙ !!" හඩට මන් ඔලුව උස්සලා බලනකොට එතන හිටියේ සහේල් බාප්පා .

"බාප්පෙ !! " මේ මනුස්සයව මට හම්බේන්නෙම අහම්බෙන් .

"ඊයේ කොහෙද යකෝ ගියේ .. ශේශාන් මට කෝල් කරලා ඇහුවා ආවද කියලා ..පස්සෙ ප්‍රශ්නයක් වෙලා උබ ගෙදර ගිහිනුත් නෑ කිව්වම  මාත් උබට කොල් ගත්තා .. උබේ ඔය ගඩොල් බාගෙ තලලා විසික් කරපන් රෙද්ද " හැමෝම මගෙ අහිංසක බඩකඩිත්තු වට අනම් මනම් කියනවා .

ශේශාන් මාව ඊයෙ හෙව්වලු .අනේ ඉතින් මට මොකද .මටෝන්නෑ ඌව .

" දැන් දෙන්න පස්නෙ විසද ගත්තද "

"තාම නෑ "

"එතකොට..හේයි තමුන්!! තමුන් මෙතන්ටත් මගෙ පස්සෙන් ආවද " මා එක්ක කතා කර කර හිටපු සහේල් බාප්පගෙ ටෝන් එක එකපාරට වෙන්නස් උනා වෙනකොට එයා පුටුවෙන් නැගිට්ටා .

"ඌප්ස් !! මොන තරන් නම් අහම්බයක් ද බේබී "

මගේ පිටිපස්සෙන් කටහඩක් ඇහුනා වෙනකොට මන් පිටිපස්ස හැරුනා .

"මට බේබි කියන්න එපා . අනික තමුසෙගෙ බොරු වලට මන් රැවටෙන්නෙ නෑ " කොටියෙක් කියලා හිතාගෙන පුස්ස් පැටියෙක් වගේ කෑ ගහන බාප්පා දිහත් මාමා දිහත් මන් මාරුවෙන් මාරුවට බැලුවා .

මාමා නොන්ඩි ගහගෙනම ඇවිත් මගෙන් එහා පැත්තෙන් වාඩි උනා .

"බොරු කිව්වා කියලා මොකද ඔයා මට තෑගි දෙනවා කියලද " මාමාට නම් ආතල් ද කොහෙද . මන් ඉන්නෙ හෙන කම්ෆුස් එකක .

"මොකද තමුන් ඔය නොන් ඩි ගහන්නෙ "

බාප්පා රවාගෙන මොහොතකට සද්දේ බාල කරලා ඇහුවා .

"ඔයාගෙ අම්මගෙන් පොඩි තෑග්ගක් හම්බුනානේ "

Wtf !!

"දෙයියනේ මාමේ !! "මට කෑ ගැහුනා

"කෑ ගහන්න එපා බන් "

"එතකොට ඔයා නැන්දම්මා කියලා කිව්වෙ අගමැති ආච්චි අම්මා ටද "

මාමා ඔලුව වැනුවා .. බාප්පා ඉන්නවා පුම්බගෙන ..

යකෝ සප්‍රයිස් කරනවා කියලා මෙහෙමත් හාට් ඇටෑක් හදනවද ..

සාදාරනයි එදා මාමා කියපු කතාව . අපේ මහ තැනයි , අගමැති ආච්චි කියන්නෙ ජීවිතේටවත් කම පාරෙවත් යවන්න හොද දෙන්නෙක් නෙවේ .

.
.
.
.
.
.
ඔන්න බෝනස් එකක් ..

සතුටුයි ත මාගේ සොම්බි පැටව්ට ...

නිකන් කතාව විකාරයක් වේගෙන එනවත ..

අගමැති ආච්චා යි මහ තැනයි ...හිතන්නට යමක් ..

සහේල් බාප්පොච්චි හරිත මාමණ්ඩියි ..👉👈

හරිතාංකල් ගෙ අනිත් නම මට මතක නෑ කියහන්කෝ 😅

එහෙනම් ගුට් නයිට් සොම්බි පැටව්නේ ...ආතරෙයි 🖤😌

මිස්ට දිසා තමෛ හොදටම කොරේ

Continue Reading

You'll Also Like

37.3K 6.6K 37
අපි ආදරේ කරන අය අපිටම ආදරේ කරන්න ඕනෙද..ඒ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනේද..විකාරයි නේද ???🍀
15.6K 2.6K 26
බිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍රාණය ලබද්දී ඒ ලැබුණ...
69.8K 11.4K 51
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
420K 24.4K 78
သံမဏိနှင်း‌ဆီ-Book Announcement