ඒක දිග කතාවක්

By Osi_Yr_

130K 18.4K 2.3K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

36

1.3K 223 16
By Osi_Yr_

ක්‍රීම් පාට තරමක් කොට ශෝට් එකකට සුදු පාට බැගි ටී ශර්ට් එකක් දාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන දොරකඩ ලග හිටගෙන උන්න අක්කා දිහා චේතන උඩ ඉදලා යටටත් යට ඉදලා උඩටත් දෙපාරක් බැලුවා .

මෙහෙම බලලා මේක මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයිදො කියලා හිතුනත් කොල්ලා පොඩි හිනාවක් දාලා දොර ලගින් අහකට උනා .

" ආරු !! අර පේපර් එකක් තියෙ "  කියලා කොල්ලවත් ඇදගෙන උඩට ගියා ගියා මයි දවල්ට කන්න කතා කරාම තමා ආයෙ පහලට ආවෙ .

සුද්දා නම් නංගි බබාව දෝත බදලම පිලි ගත්තා. අක්කා එක්කත් පොඩි එකීගෙ වැඩ ගැන කතා කර කර මායි ශේනුයි දවල් කෑම රෙඩි කරා.

"මේ..ලමයි දෙන්නා කව්ද ශේශ් " කොල්ලො දෙන්නා දිහා බලාගෙන අක්ක මගෙන් ඇහුවා.

"ස්ටුඩන්ට්ස් ල "

මන් ශේන් දිහා බලලා කියනකොට මන් දැක්කා ශේන් චේතනට මොනාදො ඇස් වලින් කියනවා  .

"ආහ් !! එක්සෑම් ළගයිනෙ නේද දැන් "

"ම්ම්"

"කෝ සුදු නෝනා . මෙහෙ එන්නකො දරුවො බයි කටක් කවන්න "

අක්කා කෑම මේසෙ ලගට කෙල්ලට කතා කරත් කෙල්ල එන්නෙ නෑ . කෙල්ලට නම් බඩගිනි නැතුව ඇති හොදයිස් ක්‍රීම් කප් එකක් ගිලලා නේ ඉන්නෙ .

"කමක් නෑ අක්කෙ . පොඩි එකී ඔහොම හිටපුවාවෙ . තව ටිකකින් මන් කවන්නම් ඔයා කන්නකො " ශේනු අක්කට කිව්වෙ නැත්තන් අද පොඩි එකීට කවන්න ගියොත් අක්කට කන්න වෙන්නෙ නැති නිසා . 

"චූටි දූ .. කෝ දොයියන්න . එපා   අපි ගෙදර ගිහින් දොයියමු "  අක්කා නිදි කිරන කෙල්ලවත් වඩාගෙන වාහනේට නැග්ගා .

"උබ ගිහින් එනවද " මන් ලගම හිටන් ඉන්න ශේනුගෙන්මන් ඇහුවා.

"අව්ලක් නෑ දීහන් යතුර" ඒ ගොල්ලො එහෙම පිටත් වෙලා යනකොට මන් ගියේ උදේ ඉදලා වැඩිය සබේට නාව උන් දෙන්නව හොයාගෙන .

"චේත් !! චේත් !! "

"ඕ අයියේ " කොල්ලා මගෙ සද්දෙට පඩි පෙලත් බැහැගෙන පහලට ආවා.

" එන්න තේ බොන්න "

"ආ..හා..අඩෝ ආරූ..පහලට වරෙ..න්..." කොල්ලා පඩි පෙල ලගින් ආයෙම උඩට එබිලා කෑ ගහනවා   .

දෙන්නා එක්ක ආයේ කෑම මේසේ පාඩම් කරනකොට මන් තේ හදන්න ගියා .

" ස්ටුඩන්ට්ස් !! ස්ටුඩන්ට්ස් !!ආ දෙන්කො ඔය මිනිහා ස්ටුඩන්ට් කවුද කියලා පෙන්නන්න " මන් ආයම එනකොට චේතන දත් මිටි කන හැටි දැලා මට හිනා ගියා  . අපේකට නම් සොරි තමයි වගේ .

යශෝදර නම් ඔලුව දෙපැත්තට වනලා ආයෙම පොතට ඔලුව ඔබා ගත්තා. දැන් ඉතින් අරූ ගෙදර ආවාම හොද යුද්දයක් බලා ගත්ත හැකි .

.
.
.
.

"අයියෝ චුට්ටක් තේරුම් ගන්නකො බබා . ඔයාලගෙ එක්සෑම් ඉවර වෙනකන් ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසයි මම එහෙම කිව්වෙ . "

"නෑ නෑ . කමක් නෑ  . කොහොමත් අපි ගුරයි ගෝලයයි නෙ . ඔයාට පුලුවන් සෝපා එකෙ නිදා ගන්න සර් මන් ඇදෙ නිදා ගන්නම් "

හායි ගාලා ඇරලා දාල තිබ්බ ශේනුගෙ කාමරෙන් රෑ දහය විතර වෙනකොට අපිට ඔන්න ඔය වගෙ ලස්සන දෙබස් ටිකක් අහගන්න පුලුවන් උනා .

අපිට මහ විසාල සබ්දයක් ඇසුනා . 

මන් තනියම හිනා වෙවී ගිහින් ඇදට පැන්නා. අද ඉතින් මගෙ බදාගන්න කොට්ටෙ නෑනේ . තනියම තමයි නිදා ගන්න වෙන්නෙ .

ඊයෙ එයා නිදා ගත්ත කොට්ටෙ පපුවට තුරුල් කරගෙන මන් ඇස් පියා ගත්තා. මගෙ හදවතට හරි උනුසුම් හැගීමක් දැනුනා. ඒක හරි සතුටු දායක හැගීමක් . මන් ගාව සැනසිලි දායක හිනාවක් තිබ්බා. ඇත්තට ඊයෙ රෑ කොච්චර ලස්සනද . තාමත් හීනයක් වගේ. මන් දන්නෙ නෑ ආයෙ කවදා ඒ වගේ දවසක් උදාවෙයිද කියලා . ඒත් තව ටික දවසකට මේ දැනෙන උණුසුම් ගතිය මට ඇති වේවි . මන් කියන්නෙ නෑ මුලු ජිවිත කාලෙටම කියලා . හැබැයි මේ මතකය මතක් වෙන සැරයක් ගානෙ මගේ හදවත සතුටු වෙයි.

හැල්මෙ දුවන සතියක් ඔෆිස් එකයි හොටෙල් එකයි මාරුවෙන් මාරුවට බිසී වෙද්දි රෑට ගෙදර ඇවිත් රෑ කෑම හදලා කොල්ලො දෙන්නා පාඩම් කරනකන් කියලා 12 විතර වෙනකම් මාත් ඇහැරගෙන පොත් කියවන්නවා . ශේනු නම් එක්කො ටිවි සීරිස් බලනවා නැත්තන් සාලේ සෝපා එකට වෙල ගොර අදිනවා  . කොල්ලො දෙන්නා කොහොමත් පාන්දර තුන වගේ වෙනකන් පාඩම් කරන නිසා දොලහට ගිහින් මාත් නිදා ගන්නවා .  ඔහොම තමයි බදාදා වෙනකන් දින චර්‍යාව .

බදාදට සුපුරුදු පරිදි ක්ලාස් එක්ක යනවා. අද නම් ඉතින් උදේ ශේනු ඇවිත් තුන් දෙනාවම ඩ්‍රොප් කරලා ගියා  . හවසට ගන්න එන්නම් කියලා.

"ශේශ් අයියේ . පොඩ්ඩක් අපෙ හොටෙල් එකට ඔලුව දාලා එමුද මෙහෙම්ම ගිහින් . නැත්තන් මන් බස් එකෙ යන්නම් "

ක්ලාස් ඉවර වෙලා එලියට එනකොට චේත් ඇවිත් කිව්වා.

"නෑ මල්ලි ඔයා ශේනු එක්ක යන්න . මන් බස් එකේ මෙහෙම්ම යන්නම් . වැඩ වගයක් තියෙනවා බන් ඔෆිස් එකෙ . "

"නෑ එහෙනම් අයියා කා එකෙ යන්න . ආරුත් ගෙදර යයි "

"නෑ නෑ උබ අයියා එක්ක වාහනෙ යමන් මේ වහින්නත් එන වෙලේ . අපි බස් එකේ යන්නම් "

ඊට පස්සෙ පුරුදු පරිදි ශේනු ආවටපස්සෙ චේත්ව බාර දීලා අපි දෙන්නා හෝල්ට් එකට ආවෙ සුද්දවත් එයාලා එක්කන් යද්දි.

වැස්ස පටන් ගන්නවත් එක්කම වගේ ආපු බස් එකට අපි දෙන්නා නැග්ගෙ එයා ජනේලෙ අයිනෙන් වාඩි වෙලා මන් එයා ගෙ එහා පැත්තෙන් වාඩි වෙනකොට .

"###ට දෙන්නයි " මන් පර්ස් එකෙන් සල්ලි අදින ටිකට කොන්දොස්තර ට පන්සීයෙ කොලයක් දික් කරලා අහක බලා ගත්තේ මන් ඔලුව උස්සලා එයා දිහා බලනකොට .

"මහත්තයා ඉතුරු " කොන්දොස්තර ඉතුරුත් දීලා යන්න යනකොට එයා ජනෙලෙන් එහා පැත්තෙ වැටෙන වැස්ස දිහා බලන් උන්නා  . ජව් ලයින් එක හරි ලස්සනට කැපිලා පේනකොට එතනට හාදුවක් තියන්න සිතුවිල්ල ආයාසයෙන් හිතේ හංග ගත්ත මම උගුර පාදලා ඉස්සරහා බලා ගත්තේ උකුල උඩ තිබුන බෑග් එක උඩ තිබුන එයාගෙ ඇගිලි එක්ක මගෙ ඇගිලි පටලගෙන .

අත ඇදලා ගනි කියලා හිතුවත් ගැස්සිලා මගෙ දිහා බලලා ආයෙමත් ජනේලෙන් එලිය බලා ගත්තම මටත් ටිකක් පුදුම හිතුනා .

බස් එක හිමින් හිමින් ඉස්සරහට ඇදෙනකොට බස් එකට නැග්ග මනුස්සයෙක් නිසා මුලු බස් එක පුරාම පැතිරිලා ගිය පීනට් සුවදට යශෝදර මේ පැත්ත හරවන්න පුලුවන් උනා.

පීනට් පැකට් එකකුත් ගත්ත ඒ මනුස්සයා හරියට අපිට එහා පැත්තේ සීට් එකෙන් ඉද ගත්තා. වතුර බෝතලෙයි පැකට් එකයි විතරක් අතෙ තිබ්බ ඒ මනුස්සයා කටපු නැති පීනට් පැකට් එක හොල්ල හොල්ල ඉන්නකොට . පීනට් සුවදට ඉව අල්ල අල්ල අර මනුස්සයට රවලා ඔය ඔක්කොම අස්සෙ දැන හෝ නොදැන මගෙ අතත් මිරිකලා ආයෙත් ජනේලෙන් එලිය බලා ගත්තා  .

ආයෙත් ටික වෙලාවකට පස්සෙ අර මනුස්සයා අර පැකට් එක හොල්ලලා හොල්ලලා කඩන සද්දෙට ඒ දිහා බලලා යටි තොලත් හපාගෙන ඒ මිනිහට දෙකක් රවලා අහක බලා ගත්තා .

'ඔහොම අනිත් මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා මනුස්සයො "

නෑ නෑ යශෝට නෙවේ අර පීනට් මෑන් දිහා බලලා මන් හිතුවෙ .

"බඩගිනිද " යශෝදර ගෙ කන ලගට පාත් වෙලා මන් ඇහුවේ කොල්ලා රවාගෙනම මන් දිහත් බලලා පීනට් මෑන්ටත් බැල්මක් දාලා ආයෙ මන් දිහා බලලා

"නැහ් " ගෑවා.

හිනත් යනවා මේ වැඩ දකිනකොට .

මන් පටලගෙන හිටපු එයාගෙ අත දිහා බලලා මන් හිනා උනා .

මන් බෑග් එක ඇරලා ගත්තේ උදේ ආයතනේ බොක්ශොප් එකෙන් ගත්ත ට්‍රොපිකෝ චොක්ලට් එක . ඒක බුක්ශොප් එකක් උනාට මොකද ලමයින්ට කන්න කඩචෝරුත් වෙනම සයිඩ් එකක දාලා තිබ්බා  . මන් ඒක ගත්තෙ සුද්දට දෙන්න උනත් දැන් මේ කොල්ලා මූණ එල්ලන් ඉන්න හැටියට මල්ලිට දෙනවට වඩා අයියට දෙන එක හොදයි කියල හිතුනා .

" මේක කනවා "

මන් පටන් හිටපු අත ගලවලා ඒ අතෙ චොක්ලට් එක ගුලි කරා.

"තෑන්ක්ස් . "
මන් දිහා නොදබලම කියලා ඒක කඩලා මටත් කෑල්ලක් දික් කරා .

" ම්ම් "

"තැන්ක්ස් "

අදත් එයා මට ඉන්ටවල් එකට මයිලො එකක් ගෙනත් දුන්නා. ගෙනත් දුන්නෙ නෑ වෙනදා වගේම දඩස් ගාලා මෙසෙ උඩින් තියලා එයා නෙවේ වගේ ගිහින් ඉද ගත්තා.

පොඩ්ඩක් කතා කරලා ඕක දුන්නා නම් මේකගෙ කට ගෙවෙනවද මන් අහන්නෙ .

Enakota salsa packet ekakuyi loku piinat pack ekakui aran waren

ශේන්ට මැසේජ් එකකුත් දාලා මන් ගියේ වොශ් එකක් දා ගන්න .

කාලෙකින් චූටිලගෙහෙ යන්නත් බැරි උනා .


*පෙරෙදා තව චැප්ටර් එකක් ඉල්ලුවට දෙන්න බැරි උනානේ .පුලුවන් උනොත් අද රෑට එකක් දෙන්න බලන්නම්

Continue Reading

You'll Also Like

565K 13K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
205K 22.9K 30
I'm gonna crazy for you ! . . . . . . . Start - 2024 / 04 /29 End - ?
ELORA By osi yr

Non-Fiction

52.9K 7.9K 54
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
149K 17.8K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️