ඒක දිග කතාවක්

By Osi_Yr_

95.9K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

35

988 175 24
By Osi_Yr_


"අඩේ ආරු ..උබේ බෙල්ලට මොකද වෙලා තියෙන්නේ "

චේතන ලව්ඩ් ස්පීකර එක දැම්මා වගේ කෑම මේසෙ ඉදන් උන්න යශෝ ගෙ බෙල්ල හරෝ හරෝ අහනවා..

යශෝදර මරන් කන සයිස් එකෙන් මගේ දිහා බලනකොට මන් කට කොනින් හිනාවක් දාලාඇයි කියලා අහන්න ඇහි බැමක් ඉස්සුවා..

"මන් දා බන් ඊයේ නිදාගෙන ඉන්නකොට මොකෙක් හරි සතෙක් කාලා "

ඊයේ මාත් එක්ක එක සිගරට් එක බෙදාගෙන බීපු කොල්ලා නෙවේ දැන් ඉන්නෙ  ..අර පරන පුරුදු යශෝදර මයි ..එයාගෙ පාඩුවෙ සද්ද නැති වැඩි කතා බහක් නැති කොල්ලා..

මන් හිනාවෙවි කන ගමන් හිතුවේ ඊයේ රෑ ගැන . මට ජීවිතේට අමතක නොවන රැයක් ඒක . මාව පුදුම වෙලාම මැරෙන්න ගිය සැනසීම පිරුනු රැය .
.
.
.flash back
"අද විතරයි " එයා තරවටු කරන විදියට ඇහුවා..

"අද විතරයි ..අද විතරයි .." මන් අත් දෙකත් උස්සලා එයාගෙ වචනෙට යටත් වෙනවා කියල පෙන්නන ගමන් කිව්වා.

.
.
.
.

"පොඩ්ඩක් එහාට වෙනවකො අස්සෙ රිංගන්නෙ නැතුව "

මන් මොකුත් කියන්නෙ නැතුව පොඩි සෙල්ලක්කරා හිනාවක් දාලා  උඩපෙලි අතට වැතිරිලා සිවිලිම දිහා බලාගෙනතව ඉන්න  එයාගෙ බෙල්ල අස්සට තව ටිකක් ඔලුව ඔබාගෙන ඉන වටේ අත් ඔතා ගත්තා  ..

"යෝ ..එහාට්ට වෙනවකො කෙල ගාන්නෙ නැතුව .." මන් කොල්ලගෙ බෙල්ල චුට්ටක් හැපුවම කොල්ලා ඇබැරෙනවා රැවුලත් ඇනිලා කිතිදත් කොහෙද මෑන්ට

"කෙල ගැවෙ නෑ රන් " මන් පොඩ්ඩක් එයා එක්ක හුරතල් උනා  ..

"කෝ අයියෝ එපා .. මන් යනවා හැබැයි "

මන් හැපුව තැන තොල් තියලා උරනකොට ආයෙත් එයා කේන්තියෙන් කෑ ගහනවා ..මගෙ අත එයාගෙ ඉණ වටේ හින්දා කොල්ලට එහාට වෙන්නත් බෑ. පොඩ්ඩක් කේන්ති ගිහින් ඒක ට නම් . කමක් නෑ පොඩ්ඩක් නේ .මැරෙන්නෙ නෑනේ.

"චුට්ටයි චුට්ටයි රන් .." ඒ ගමන කොල්ලා කට වහගත්තා මූට කියලා වැඩක් නෑ කියලා හිතලද කොහෙද ..

"පිස්සුද මන්දා ..පිසාචයෙක් ද "

"විකාර කරනවා.."

"පොඩ්ඩක් එහාට වෙලා නිදා ගන්නකො "

එයා කුටු කුටු ගගා බයිනවා මට   ..

"විකාරයක් වගේද රන් " මන් මගේ තොල් වලට හිනාවක් ගත්තා ..තාමත් බෙල්ල පාමුල මගෙ තොල් තිබ්බ නිසා එයාට එක දැනෙන ඇති  .

" මේ තමයි මගෙ ජීවිතේ ලස්සනම මොහොත "

එයා මගෙ පැත්ත හැරුනා   ..හැරිලා බෙල්ලට උඩින් අත දා ගත්තා.හරියට නිකන් 'මන් අහන් ඉන්නෙ ' කියන්න වගේ ...හැබැයි එයා මාව තුරුල් කර ගත්තෙ නෑ  .

"මට තේරෙන වයසෙ ඉදලා බදාගෙන නිදා ගන්නවත් මට හිටියේ මගෙ මල්ලි විතරයි රන්.."

මන් තව මොකුත් කියන්න ගියේ නෑ ..ඔහේ එයාගෙ බෙල්ල අස්සට වෙලා හිටියා ..

"නිදා ගමු"

Flashback end

උදේ අපි දෙන්නම නැගිටිනකොට ටිකක් වෙලාගියපු නිසා . උදේ ඉතින් නැගිට්ට ගමන් ඇදෙන් බැහැලා එයා එයාගෙ කාමරේට ගියා.

ඊට පස්සෙ කෑම මේසෙදි තමයි චේතන කෑ බෙරිහන් දෙන්න ගත්තෙ .

"ශේනු . අක්කට කෝල් කරලා කියන්න කෙල්ලව ලෑස්ති කරලා තියන්න කියලා .මන් දහයට ගන්න එනවා කියලා . "

අද වහින්නත් වගේ නිසා කෙල්ලව එක්කගෙන ගෙදර එන එක තමයි හොදම . නැත්තන් තෙමිනොත් එහෙම ලෙඩ වෙන්න බලයි .

"අක්කටත් බඩු වගයක් ගන්නෝනලු බන් "

"හ්ම්"
.
.
.

"යශෝදර . ඔයත් එනවද මට සරසවියට යන්න ඕනේ " 

මන් ඇහුවම සුද්දා එක්ක ටිවි එකේ ගිය ස්කූබි ඩො ෆිල්ම් එක බල බල හිටපු යශොදර මන් දිහා බැලුවා.

"හා "

"ඇදුම් මාරු කරන්න ඕනෙ නෑ . ඔහොම යන් වාහනේනෙ "

ශෝර්ට් එකක් දාලා ටීශර්ට් එකක් ඇදන් උන්න  යශෝදරට කියාගෙනම එලියට බැස්සෙ උදේ පාන්දර හදලාගෙනත් දාලා තිබ්බ වාහනේ යතුරත් අරගෙන .

" සර් මාව සරසවිය ගාවින්  දාගෙන යනවද "

කොල්ලා සරසවිය පහු වෙනවත් එක්කම මගෙන් ඇහුවා.

"ඕනේ නෑ යශෝදර . එන ගමන් ගමු "

ඊට පස්සෙ කොල්ලා පාර බලාගෙන පාඩුවෙ යනකොට මන් වෙනදා වගේම අපේ තනිය මකන්න සිංදුවක් දැම්මා.

මන් අක්කගෙ ගෙදරට යන පාර ලගින් වාහනේ නැවැත්තුවම ඒ වෙනකොටත් පොඩි එකීවත් වඩාගෙන ගේට්ටුව ලග හිටපු අක්කා ලොකු හිනාවකුත් දාගෙන ඇවිත් පැසෙන්ජර් සීට් එකේ දොර ඇරියේ යශෝදර තුශ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නකොට .දොර ඇරියම යශෝදරව බලාපොරොත්තු නොවුන අක්කත් පුදුමයත් එක්කම තිබ්බ හිනාව නැති වෙලා ගිහින් මූණ කලු උනත් ආයෙමත් ඒ මූනට ගත්ත හිනාව බොරු එකක් කියලා මට වගේම යශෝටත් තේරෙන්න ඇති .

" ඔහ් සොරි " අක්කා ඉක්මනට කිව්වා.

" ඒකට කමක් නෑ . ඉන්න මන් පස්සට යන්නම් "  කියලා සීට් බෙල්ට් ගලවන්න හදපු කොල්ලගෙ අත මන් ඊට කලින් ඉස්සර වෙලා අල්ල ගත්තා.

"කමක් නෑ . අක්කා පිටිපස්සට යයි . ඔයා ඔහොම ඉන්න "

කොල්ලා මන් දිහා බලන් ඉන්නකොට අක්කත් මූන කලු කරගෙන බලන් හිටියා .

"අක්කෙ !! "

"අහ් . ඔව්  . අව්ලක් නෑ ."

"අප්පත්තී.."

චූටි එකී පිටි පස්සෙ ඉදන් අත් දෙකත් දික් කරන් එයාව ඉස්සරහට ගන්න කියලා කෑ ගැහනවා..

" ඕ මැනික " සීට් දෙක මැද්දෙන් එබීගෙන ඉන්න කෙල්ලව මන් ඔඩොක්කුවට ගත්තා.

"උදේ ඉදන් ලෑස්තිය මෙයා .අප්පච්චි බලන්න "

එදා පාර කෙල්ල මීක් සද්දයක් නැතුව ඇගිල්ලකුත් කටේ ගහගෙන යශෝදර දිහා බලන් ඉන්නවා.

මට මතක හැටියට යශෝදර ව පොඩි එකීට මුණ ගැහිලා තියෙන්නෙ එක පාරයි . කෙල්ලට මතකයක් ඇති කියලා මට හිතෙන්නෙ නෑ..

" ඔයා කාද අනෙ "

යශෝදර කලේ පොඩි හිනාවක් දෙන එක . කොල්ලා කොහොමත් එහෙමනෙ කා එක්ක උනත් පොඩි හිනාවක් දාලා බේරෙන්න තමයි බලන්නෙ වවුල් පැටියා මගෙ .

"ඒ ඉන්නෙ යශෝදර . ඔයාට පුලුවන් එයාට බාප්පි කියන්න . "

"බාපි " කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලලා ආයෙමත් යශෝදර දිහා බැලුවා .

"අපි කොහෙද මල්ලි යන්නෙ " හදිස්සියෙම පිටිපස්සෙ ඉදපු අක්කා ඇහුවම මන් පිටි පස්ස හැරුනා.

"ගෙදර "

මන් කෙල්ලව උස්සලා යශෝදර ගෙ ඔඩොක්කුවෙ තිබ්බෙ එයා පොඩි එකිගෙ ඉන වටේ අත් දාලා පපුවට හේත්තු කර ගනිද්දි .

"බාප්පි ගාවින් ඉන්න "

මන් ශීට් බෙල්ට් දාගෙන ආයෙමත් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

" ශේශ් . මට ඇදුන් ටිකක් ගන්න යන්න ඕනේ . " ටවුන් එකට ආවාම අක්කා කිව්වා.

"අපි සරසවියට යනව. වැඩ ටික කරගෙන මෙතනට එන්න . "

"ඔයා එන්නෙ නැද්ද "

අක්කා ඇහුවේ නලල රැලි කරගෙන .

" මන් මොකටද .අක්කට නෙ ඇදුම් ඕනා " 

පාර අයිනෙන් වාහනේනවත්තලා මන් කිව්වාම අක්කා යශෝදර දිහාටත් බැල්මක් දාලා බැහැලා ගියේ සන්ග්ලාස් දෙකත් දාගන්න ගමන් .

ඊට පස්සෙ සරසවිය ඉසාරහින් නවත්තපු මම බැහැලා ගිහින් යශොගෙ පැත්තෙන් දොර ඇරලා පොඩි එකීව වඩා ගත්තා.

"යන් "

මොකද්දො ලොකු කල්පනාවක වැටිලා යශෝදර අපිත් එක්කම ඇතුලට ආවෙ මන් කෙල්ලවත් තියාගෙන සෝපා එකෙ වාඩි වෙනකොට .

"මෙන්න කාඩ් එක ඔයාට හොදයි කියලා හිතෙන පොත් දෙක තුනක් ගේන්න . " මන් දීපු කාඩ් එකත් සාක්කුවෙ දාගෙන කොල්ලා පොත් රාක්ක ලගට යන හැටි මන් බලන් හිටියා . 

චූටි එකීගෙ හුරතල් කතායි ප්‍රශ්න කෝටියකුයි මැද්දෙ යශෝදර පොත් තෝරලා අරගෙන පිටු පෙරලලා බලන හැටි . පොතේ පිටිපස්සෙ පොත ගැන තියෙන පොඩි සටහන කියවන හැටි . ආයෙත් පොත් තියන හැටි  . වගේම සමහර පොත් එයා අතේ තියාගෙන වෙනත් පොතක් හොයාගෙන යන හැටි මන් බලන් හිටියා . 

"දෙන්නත් එක්ක ඔහොම ඉන්නවද " වාහනේට ඇවිල්ලත් පැයක් ගිහිනුත් අක්කා නැති තැන මන් වාහනෙන් බැස්සෙ බොන්න මොනා හරි වත් ගේන්න කියලා හිතාගෙන . මේ දවස් ටිකේම වැස්සට මොකද අද නම් පුදුම රස්නයක් තියෙන්නෙ . එකටත් කිට්ටුයි .

බොන්න දෙයකට වඩා අයිස් ක්‍රීම් ගත්තා නම් හොදයි කියලා හිතුනේ අයිස් ක්‍රීම් ශොප් එකක් දැක්කම .

යශෝදරය ඩාර්ක් චොක්ලට් , චොක්ලට් , වැනිලා ප්ලේවර්ස් තුනෙන් දාලා කප් එකකුත් , පොඩි එකීට ස්ටෝබෙරි ප්ලේවර් එකෙනුත් අරගෙන මටත් අයිස් වතුර බෝතලයක් අරගෙන වාහනේට එනකොට යශෝදර කතන්දර් පොතකුත් දිගෑරගෙන පොඩි එකීට කතන්දරයක් කියලා දෙනවා. පොඩි එකීටත් යශෝදර කතන්දර පොතක් අරන් ඇවිත් .















*මන් නුවර සරසවිය ගැන දන්නෙ නෑ . දැකලා නෑ . අඩුපාඩුවක් වැරද්දක් තියනවා නම් කියන්න .

Continue Reading

You'll Also Like

21.7K 5.6K 67
I'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think abo...
105K 13.2K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....
47.4K 7.5K 17
සද නොදනින නමුදු සදට එලිය හිරු ගෙනේ...... නුඹ නොදනින නමුදු නුඹට සෙවණ මම වෙමි...... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි.... තව විමසන සිරිතට නිහඩවම හිනැහ...
420K 24.4K 78
သံမဏိနှင်း‌ဆီ-Book Announcement