Unexpected wish

De _dead_soul_13

2.1K 530 707

It's all about that fucking star -JIMIN FANFICTION- Mais

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

38

35 11 18
De _dead_soul_13

After a week

Oli's pov

එදා රෙස්ටුරන්ට් එකේ උන දෙයින් පස්සේ මම සුහෝ එක්ක අරහේ මෙහේ ඇවිද්දත් මට ජිමින්ව හම්බුනේ නෑ.ඒ සතිය ඇතුලත තමයි මම දැනගත්තේ එයාලගේ කොන්සර්ට් එක එනවා කියලා.ඒක වීවර්ස් එකේ දාලා තිබුනම තමයි මම දැක්කේ.අහම්බෙන් හරි මෙහේට ආපු දවසෙම මට ජිමින්ව එක දවසක් හරි දකින්න ලැබුන එකට මම හිටියේ කියා ගන්න බැරි තරම් සතුටකින්.ඒත් තවමත් මම එයාට මුහුන දෙන්න බැරුවයි හිටියේ.කොහොමද මම එයාව හම්බවෙන්නේ.මට එයාට ලං වෙන්නවත් බෑ.

ඔලී...

අහ් සුහෝ....කොහොමද?

මං හොදින්..ඔයා?

මමත් හොදින්..

මට නම් එහෙම පේන්නේ නෑ..මොනවද මෙච්ව්ර කල්පනා කර කර හිටියේ..

අහ්..නෑ...එහෙම නෑ...

මෙහේ වැඩ කරන එක අමාරුද ඔලී?

නෑ එහෙම නෑ සුහෝ මම ගොඩක් කැමැත්තෙන් වැඩ කරන්නේ..අනික මෙහේ ස්ටුඩන්ට්ස් ලත් හටිම හොදයි..

හ්ම්.ඒත් ඔයා හොදින් ?.....

ඔව් මම හොදින්....

ඔයා කාලද ඔලි මම අපි දෙන්නටම මොනා හරි ගේනද?

එපා සුහෝ මම කෑවා ඔයා කන්න..මට අයේමත් ලෙක්චර් එකක් තියෙනවා...ඒක ඉවර උන ගමන් මම අපාර්ට්මන්ට් එකට යනවා..අද මගේ ඔම්මට කෝල් න්නත් ඕනේ...

මම ඔයාව ගිහින් දාන්නද?

එපා සුහෝ තෑන්ක්ස් මම ටැක්සි එකකින් යන්නම්....

මෙහේට ඇවිත් සතියකට පස්සෙ මම වැඩ බාර ගත්තා.සුහෝ ඉන්න නිසා ඇත්තටම මට කිසි කරදරයක් නැතුව මගේ වැඩ ටික කරගන්න පුලුවන් උනේ එයා මාව හැමදාම මම කොච්චර එපා කිව්වත් මාව යුනිවසිටි එකට එනකොටයි ආයෙත් අපාර්ට්මන්ට් එකට එනකොටයි මාව එයාගේ කාර් එකෙන්ම දාගෙන යන නිසා.ඒත් මම එයාට කරදර කරන්නත් බැරිනිසා සමහර දවස්වලට බලෙන්ම ටැක්සි එකේ ආවා.එයා ගොඩක් හොද කෙනෙක් මට ගොඩක් උදව් කරා මම මෙහේ ආපු ටිකට.

මම මෙහේ ආපු දවසේ ඉදන්ම මගේ ඔලුවේ වැඩ කරේ ජිමින්ව දැක්ක දවස.එයා කොච්චර ලොකු වෙලාද.එයා මම නැතුව සතුටින් ඇති.ඒකම මට ඇති.කවදාහරි මම එයාගෙන් සමාවගන්නවා කියලා හිතාගත්තේ මම ඒ සිද්දිය වෙලා ලංකාවට ආයෙම ආපු දවසෙමයි.මොකද මම එයාලට කරේ වැරැද්දක්.කොච්චර බොරු කිව්වද මං.එදා මම කොච්චර ඇඩූවද කියලා දන්නේ මම විතරයි.

සුහෝටත් කියලා මම ඉක්මනට ආයෙම ලෙක්චර්ස් වලට ගියේ අද අම්මට කතා කරන්නත් ඕනෙ නිසා ඉක්මනට ගෙදර යන්න.ඒ එක්කම මම කල්පනා කරේ බීටීඑස් ලගේ කොන්සර්ට් එකට යනවද කියලා කල්පනා කරන ගමන්මයි.මට ඒකට යන්න බැරි කමකුත් නෑ.මොකද මම හිතුවට වඩා මෙහේ සැලරි එක ගොඩක් හොදයි.මට ආයෙම සැරයක් ජිමින් ව බලන්න ඕනෙ කමක් තිබ්බ නිසාම මම හිතා ගත්තා සුහෝ එක්කම යන්න.ඒත් එයා කැමති වෙයිද කියන එකයි මට තිබ්බ එකම ප්‍රශ්නේ.ඇත්තටම කොන්සර්ට් එකට යනවනම් දැන්මම ඒකේ ටිකට් බුක් කරන්න වෙනවා.
.
.
.
.
.
අම්මා....
.........
ඔව් දැන් ගෙදර ාඅවේ
........
ඔව්...
........
හ්ම්..අම්මා කාලද....
.........
පරිස්සමින් ඉන්න.....හරි
.......
මම තියන්නම්....

මම අම්මා එක්ක කතා කරලා ෆෝන් එක තියනවත් එක්කම ගත්තේ මගේ පරම මිතුරිය අශී.

අශී...

අහ් කෙල්ලට දැන් පිව මතකත් නෑනේ...දැන් ඉතින් ඔප්පෙක්
සෙට් වෙලානේ...මං කිව්වේ නැද්ද සෙට් වෙයි කියලා ගියපු ගමන්....

මම කෝල් එක ගත්ත ගමන් අශී කරේ ගට්ග්ත ගමන් කියවන ගත්තු එක.එයා කියවන්නේ මම එයාට සුහෝ මම එක්ක ගත්තු සෙල්ෆි එකටයි මම මේ දවස් ටිකේ එයාට සුහෝ ගැන කියපු විස්තරයි එක්ක.

පිස්සු ඩබල් වෙලාද අශී..මම ඊයෙත් කතා කරානේ...අනික සුහෝ මගේ යාලුවෙක් මං එක්ක වැඩ කරන මං ඔයාට කිව්වේ...අනේ මන්දා. ...

ආහ් හරි හරි ඉතින් කවදහරි මල්සරා විදීවි නේ කෙල්ලටත්..

දැනටමත් විදලා ඉවරයි...

මොකක්ද කිව්වේ...

අහ් නෑ නෑ මේ නිකන්...

අල්ල ගන්නම්කෝ මං ඔහේව...ඉතින් මේ දවස්වල කෝමෙයි මොකෝ වෙන්නේ...

වැඩ ටික කරන් ය්නවා..මං බැලුවේ බීටීඑස් ලගේ කොස්සර්ට් එකට යන්න....

ඔහෝ...ඒක නම් මරු ඔලියෝ...මටත් ලයිව් දෙන්න ..ඒක නෙවෙයි ටිකට් එකක් මාර ගනන් ඇති නේ...

හ්ම්..ඔව් ඒක බලන්න ඕනේ...ඒත් මට මේකට..යන්නම හිතෙනවා අශී...

ඔව් ඔව් යන්න....ඒක ඔයාගේ හීනෙනේ ඔලී...මට නම් ගොඩක් සතුටුයි ඔලීයෝ ඔයා ගැන...

තැන්ක් යූ අශී ඔයත් ඒකේ කොටස්කාරියක් තමයි ඉතින්....ඔයාලා හොදින් ඉන්නවා නේද...

ඔව් ඔව් අපි හොදින්...ඔයා නැතුව මට පාලුයි.

මටත් එහෙම තමයි ඉතින්...

අනේ පලෑන් යන්න...අර සුහෝ ඉන්න්කොට කොහෙද අපිව මතක් වෙන්නේ...

අනේ මේ..එහෙම එකක් නෑ...

හ්ම් හරි හරි...

මම එහෙනම් තියන්නම් අශී පරිස්සමින් ඉන්න මං හෙටත් කෝල් කරන්නම්...

හරි ඔලී ඔයත් පරිස්සමින්...එහෙනම් මං තියනවා බායි..

බායි...

අශී ගේ කෝල් එක ඉවර වෙලා මම වීවර්ස් එක පැත්තට පොඩ්ඩක් ගියේ කොන්සර්ට් එකේ විස්තර හොයන්න කියලා හිතලා.ඒකේ ටිකට්ස් වල ගනන් එහෙම එක එක ගනන් තිබුනා.මම මේක සුහෝ එක්කත් කතා කරලම බලනවා කියලා හිතාගෙන ඇදට ගියේ අද දවස ටිකක් මහන්සි දවසක් උන නිසා.

චිම්..මට ඔයාව ගොඩක් මතක් වෙනවා...මට සමාවෙන්න චිම්..මං වැරැද්ද අනිවාර්යයෙන් හරි ගස්සනවා...ඔයා ඒක දැන ගන්න ඕනේ...

________________________________
A/N
පරක්කු උනා තමයි.මම හිතුවේ මේකේ ඉතුරු ටිකත් ඔක්කොම ටයිප් කරලා ඔයාලට දෙන්න.ඒත් ඒක හරියන වැඩක් නෙවෙයි වගේ.මොකද මට මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ.එකදිගට මට ෆෝන් එක දිහාම බලන් ඉන්නත් බෑ.ඔයාලා වගේ නෙවෙයි මම.

Sorry unexpected wish readers
Next update will be soon

Continue lendo

Você também vai gostar

73.3K 14.3K 53
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff ...
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
17.4K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~