තාමත් ඒ වගේමයි..මන් හිටපු කාමරේ..හැබැයි වෙනසකට තියෙන්නෙ එදා හිටපු ශේශානුයි අද ඉන්න ශේශානුයි දෙන්නෙක් ..
ලංකාවෙ ඉන්න ලොකු ලොකු බිස්නස්මන් ලා එයාලගෙ පවුල් මාම් ගේ ඩෑඩ් ගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා මල්ලිගෙ ෆෙන්ඩ්ස්ලා ගෙන් ගාඩ්න් එක පිරිලා ගිහිල්ලා..ඒත් කෝ ...මගේ කියලා එක යාලුවෙක් කෝ..මට යාලුවෝ නෑ..ලන් උන ලන් කර ගත්ත හැම කෙනාවම මගේ මාම් කරේ මගෙන් ඈත් කරපු එක මගේ පාරෙන් අයින් කරපු ..
හ්ම්ම්..මට මහන්සී..මොකුත් කරලා නෙවේ නිකන් ඉදලම ...අඩලවත් හිනා වෙලාවත් නෙවේ ..ඔහේ ඉදලම ..මන් දන්නෙ නෑ ..ඇයි මන් බොරුවට මේ උපන්දිනයක් කේක් කපලා අඩ බෙර ගහලා සමරන්න ඕනේ..මට ඕනෙ මගෙ ලගම කීප දෙනෙක් එක්ක ඒ දවස සමරන්න විතරයි..ඒත් දැන් දැන් මන් ඒ දවසටත් වෛර කරන තත්වෙටම ඇවිල්ලා..
"හේයි කොල්ලෝ!! ඔන්න අද නම් සිංදුවක් කියන්නම ඕනේ "
මන් ලගට ආපූ අපේ නෑදෑයෙක් වෙච්ච mr.සමරසිංහ කිව්වෙ මගේ පිටටත් එකක් ගහලා..
" ඔව් පුතා අදවත් එකක් කියන්න "
මමීත් එක පැත්තක ඉදන් කියනකොට මන් හිනාවෙලා ගිහින් මයික් එක ගත්තෙ යන අතර මග තවත් විස්කි ග්ලාස් එකක් උගුරට හලා ගන්න ගමන් ..
කොහොමත් නෑ බෑ කියන එක මගෙ සිරිත නෙවේ ..අනිත් එක එයාලා ආවේ මගෙ පාර්ටි එකටනේ..ඉතින් එයාලට හොදට එන්ජෝයි කරන්න මන් ඉඩ හදලා දෙන්න එපැයි.
සුසානෙට තව ටික දුරයි
මේ ගමන යන්නෙ
කා නමින්දැයි
දන්නේ නුඹ විතරයි.
මහා සෙනගක් ඇවිත් හිටියත්
නාවෙ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි
පිඩෙන් පිඩ..
පස් පිඩු වැටෙද්දි
දැන් ඒතැයි සිතුණා
මාව යට කළ පස් කන්ද උඩ
නුඹ හැපෙයි සිතුනා
නුඹ හැපෙයි සිතුනා
අදුර බෝ වු
සොහොන් බිම මත
පහන් දැල් වූවා
එකම පහනක් නුඹෙ අතින්
දැල්වේවි හිතුණා ..
දැල්වේවි සිතුනා..
මගෙ වේදනාව ..මගෙ බලාපොරොත්තු කඩ වීම් ..මගේ බිදීම මන් එයාලට කියනකොට එයාල කරේ අවසානයෙ ඔල්වර සන් නැගුව එක..අත්පොලසන් දුන්න එක ..ශේශාන් කියන බිදුනු මනුස්සයව රහ කර කර රස විදපු එක ..
කේක් කැපුවා ..කැව්වා..ඕවා තමයි ..කිඓ තේරුමක් නෑ හරි නීරසයි ..
"පුතා ...මේ ඉන්නෙ සේනාදීර අන්කල් ගේ දුව .."
අන්කල් එක්ක හිටපු කෙල්ලෙක්ව මාම් මට ඉන්ටඩියුස් කරලා දුන්නේ කෙල්ල මාත් එක්ක හිනා වෙනකොට ..
" අපි හිතන් ඉන්නෙ ඔය දෙන්නව ඉක්මනටම බන්දලා දෙන්න "
"මෙයා මගෙ ටයිප් නෙමේ "
මාම්ට පුලුවන්නම් මගෙන් අහන්නෙත් නැතුව මට කසාද තීන්දු කරන්න ..ඇයි මට බැරි එයාලටත් ඒ විදියටම උත්තර දෙන්න ..
"කෝ තමුසෙගෙ යාලුවො "
ආයෙ මාම්ටවත් මොකුත් කියන්න ඉඩ තියන්නෙ නැතුව මන් ආවේ අයිනක් අල්ලන් පෝන් එක ඔබ ඔබා ඉන්න මල්ලි ගාවට..
"අර අරහේ කන්න යැව්වා..අපිත් යන් ඒ පැත්තට "
මල්ලි මාවත් ඇදගෙන ගාඩ්න් එකේ අනෙක් කෙලවරට ගියා..
" පොඩ්ඩක් ඉදහන් බන් මේ මගුල් අහන කලිසම බහිනවා.."
මන් එහෙම කියලා කලිසමත් හද හද ඉස්සරහට ගියේ මල්ලි මොනාදෝ කියාගෙන යාලුවො ගාවට ගියේ මමත් ඔලුව උස්සලා බලද්දි..
ඒත් එතනදී මාවත් එක්කම ගැස්සිලා ගියේ කටතඇරගෙන ඇසුත්ලොකු කරගෙන මා දිහා බලාගෙන ඉන්න පොඩි කොල්ලෙක්ව දැකලා..ගිලින්න වගෙ බලන් ඉන්නකොට කාටද බය නොහිතෙන්නෙ..
එයාලටත් පාර්ටි එක එන්ජෝයි කරන්න කියලා..මල්ලිටත් එයාලවබලන්න කියලා මන් ආවේ මගේ පාර්ටි එක පටන් ගන්න ..මට නැතත් මල්ලිට හරි හොද යාලුවො ටිකක් ඉන්නවනේ ඒ ඇති..
විස්කි බෝතලෙත් අරන් මගේ පාටිය තනියම මම පටන් ගත්තේ මගේ කාමරේ බැල්කනියේ ඉදන් ..පැය දෙක ගෙවිලා ගිහින් පාන්දර තුන කිට්ටු කරලා අතේ තිබුන සිකරට් කොටෙත් විසික් කරලා මන් ආවේ කාමරේට..
මේ පැය කීපෙට උබේ මතක මට සෑහෙන්න වද දුන්නා සුදු නෝනා..සෑහෙන්න වද දුන්නා..
මහා සෙනගක් ඇවිත් හිටියත්
නාවෙ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි
ඉස්සර වෙලා කියපු සිංදුවෙ පද පෙලක් මුමුණ මුමුණ මන් ලාච්චුවක් ඇරලා එලියට ගත්තේ පේප කටර් එක
උබ අද ආවෙත් නෑ ...උබ ආයෙ එන්නෙත් නෑ මන් දන්නවා ...ඉතින් මේ හැම දේටම තිත තියන්න කාලේ හරි මගෙ මැණිකේ ..මේ වෙදනාවට තිත් තියන්න කාලේ හරි..මට ඕනෙ සැනසීම
රත් වෙච්ච ලේ ගලන නහර දුවන මැනික්කටුව උඩ මන් පේප කටර් එකෙන් රටා ඇන්දේ ඒ වේදනාවත් එක්ක මට සහනයක් දැනෙන්න ගන්නකොට..තුවාලේ ටිකෙන් ටික රිදෙන්න ඒත් ඊට වඩා සහනයක් මට දැනෙනවා..
බිංදුව බිංදුව උනලා අත පුරා ලේ ගලාගෙන ගිහින් බිම ලේ ගංගාවක් හදනකොට මන් ඒ දිහාම බලාගෙන හිටියත් එක පාර ඔලුව උස්සපු මන් දැක්කෙ මේසෙ උඩ තියෙන අර පොත ..
කවුරුත් වටිනා කමක් නොදුන්න මට වටිනා කමක් නොදී වටිනාකම්ක් දුන්න දන්නෙ අදුනන්නෙ නැති කොල්ලව තව එකම එක පාරක් බලන්න තිබුනා නම් හිතුනා ..ඒත් ඒකට මට ඉඩක් නෑ කියලා දන්න නිසාම මට ඒ වචන ආයෙම බලන්න හිතුනා ..මට මතකයි කියෙව්වෙ එක පාරක් උනත් ඒ නෝට් එකේ තිබුන වචනයක් නෑරම මට මතකයි ..
කැමතිම දේවල් දෙන්නෙ වටිනම අයටලු ..මට නැතත් ඔයාව වටින කෙනෙක් මේ ලොකේ කොහේ හරි ඇති..ඉතින් එයා එනකන් ඔයා මේ පොත පරිස්සම් කරන්න "
ඉතින් ඒ වචන වල නොකියා කිව්වෙ මන් වටිනවා කියලා නෙවෙයිද..ඒත් මන් පරක්කු වැඩී ..ඒ වචන තේරෙනකොට මන් පරක්කු වැඩි මන් ආයෙමත් හැරෙන්න බැරි තරන් දුරක් ඇවිත්..අනික මටහැරෙන්න උවමනාවකුත් නෑ..
"ආහ්!! " පොත ගන්න ගියත් වාරු නැතුව ගිහින් මම පුටුවත් පෙරලගෙන බිම වැටුනේ ඇස් දෙක නිලංකාර වෙලා යනකොට ..
පිනා නෑ බන් පින නෑ ..අන්තිම මොහොතෙ වත් මේ හිත සතුටු කරන්න මට පින නෑ ..
නිකන් කතාව වේගෙ වැඩී වගේ ද ළමයි ??