මේක හීනයක් එහෙම නේද ..කවුරු ම හරිකෙනෙක් මට කියන්න මේක හීනයක් කියලා..මාව ඇරවන්න ..මට තව දුරටත් මේ හීනේ අස්සෙ හිර වෙලා ඉන්න බෑ..කරුණාකරලා ..මන් අයදිනවා ...පුලුවන් නම් මාව මේ හීනෙන් ඇහැරවන්න..
මට තිබුනා එදා "අප්පච්චිට බැරිද වයසට නොයා ඉන්න" කියලා නාහා "අප්පච්චි ට බැරිද හැමදාමත් මන් ලගින් ඉන්න "කියලා අහන්න..
මේ හැමදේම ඒ හින්දද අප්පච්චි ..මන් උබට වයසට යන්න එපා කියපු හින්දද
" අප්පච්චි මාව...මාව.. දාලා යන්..න එපා අප්පච්චි . මගෙ අප්පච්චි ....අනෙ..අපිව දාලා යන්න එපා අප්පච්චිහ්...."
" අයියේ... අනේ ...අප්පච්චි ....නැගිටින්න කියන්නකො අයියේ ...අප්පච්චිට..."
සාලේ මැද්දෙ අප්පච්චි වැතිරිලා උන්න පෙට්ටියේ පියන් වහන්න ඔන්න මෙන්න තියෙද්දි මාත් මල්ලිත් තරගෙට වගේ අඩන්න ගත්තා.
පුංචි කාලේ දෙයක් ඕනා උණාම අපි දෙන්නම කරේ අඩලා අප්පච්චිව නම්ම ගත්ත එක වෙනකොට හැමදාමත් වගේ අපේ කදුලු ඉස්සරහා අප්පච්චි ආපිට නැගිටි කියලා අපි දෙන්නම තරගෙට වගේ ඇඩුවා. මල්ලිට නොතේරුනාට, තේරෙමක් තිබ්බ මමත් මොහොතකට බොළද වුණා . අප්පච්චි ආපිට නැගිටින්නෙ නැති බව දැනත් , නොගිහින් බැරි බව දැන දැනත් මන් අප්පච්චිට දාලා යන්න එපා කිව්වා. මාව තනි කරන්න එපා කිව්වා.
අඩලා අඩලම තවත් අඩලා තේරුමක් නැති බව මගෙ හිත මට කියනකොට අප්පච්චිට අන්තිම වතාවට සමුදෙන්න මන් හිත හදා ගන්න උත්සහා කලා..
" සු...ද්දෝ..හ් මෙහෙ..වරෙන් මැණික "
මන් මගේ පිටට ඇලිලා හැංගිලා උන්න සුද්දව අතින් ඇදලා ඉස්සරහට ගත්තා. දාඩිය කදුලු වලට පෙගිලා උගෙ අත පය පවා ඇලෙනවා.. කොන්ඩෙ ඔලුවටම ඇලිලා ...ඇස් දෙකලොවි ගෙඩි දෙකක් සයිස් වෙලා මගේ අසරණයගෙ .
මන් පෙගුන කම්මුල් තද කරලා අත් දෙකෙම්ම පිහලා ඇරියා.
" මගෙ සුද්දෝ... අප්පච්චිට ගිහින් එන්න කියලා වැදපන් මයෙ අම්මාහ්.."
මන් ඌව අප්පච්චි දිහාට තල්ලු කරා..ඌත් මාත් අප්පච්චිගෙ සුදු මේස් දාපු කකුල් අල්ලලා වැන්දා .
' ඊලග ආත්මයක් තිබුණොත් මගේම අප්පච්චි වෙයන් අප්පච්චි .. නෑ අපේම වෙයන් "
වදුරු පැටියා වැදිරිගෙ බඩට ඇලිලා ඉන්නෙ කොහොමද ඒ හා සමානවම පොඩි එකා මගේ බඩ බදා ගන්න කොට මන් ප්‍රාර්ථනා කරා ඊලග ආත්මෙත් මගෙ අප්පච්චිම වෙන්න කියලා .
මග යන්න පණ නැති මමත් ගිහින් ඉස්සරහා වම් පැත්තෙන් අප්පච්චිට කර ගහනකොට පෙට්ටියට කර ගහන්නවත් උස නැති මගෙ පොඩි එකා මගෙ එහා පැත්තෙන් මාත් එක්කම හිටියා ...මගේ ඇස් දකුනු පැත්තෙන් උන්න චේතනව හොයන් යනකොට ඌගෙ ඇස් ඒ වෙනකොටත් මන් මත්තෙ තිබුණා.
උගේ අප්පච්චි නොවුණත් ඌටත් මගෙ අප්පච්චි අඩුවක් නැතුවම සෙනෙහස දුන්නා. මගේ අප්පච්චිව ඌටත් දැනුනා කියන එක ගැන වචන වලින් අහන්න උවමනාවක් නැති තරමටම ඕනාවටත් වඩා උගෙ ඇස් සාක්කි දුන්නා.ඒ වගේම ඌ අන්තිම වතාවට අප්පච්චිට වාරුවක් වෙලා තිබුණා.
ඉතින් මෙච්චර දවසක් අප්පච්චි අපි දෙන්නවත් අත් දෙකෙන් ඇදගෙන ගියපු පාරේ ..අප්පච්චි උදේ හවස ගිහින් ආපු පාරේ අද අප්පච්චි යනවා හැබැයි ගිහින් එන්න නෙවේ. ආයෙ නොඑන්නම . වෙනදට අප්පච්චි වැඩට ගිහින් එන්න පරක්කු වෙනකොට මම අප්ප්ච්චි එනකන් මග බලන අඹ ගහා ළගදි මගෙ කකුල් පැටලෙනකොට මට පිටිස්සෙ හිටපු මනුස්සයගෙ අත මගෙ ඉණේ පැටලුනේ මට වාරුවක් වෙන්න වගේ.
ආයෙත් මන් මේ අඹ ගහ යටට වෙලා කොච්චර බලන් හිටියත් අප්පච්චි එන්නෙ නෑ නේද කියලා මතක් වෙනකොට මේ හිත කොහොම දරා ගන්නද අප්පච්චි.
මට මතකයි සමහර දවස් තිබ්බා සුද්දට සහලොවලම උන ගැනිලා කර කියා ගන්නත් දෙයක් නැතිව අප්පච්චි සුද්දව අත් වලට අරගෙන අනිත් අතින් මාවත් ඇදගෙන මහා රෑක දුවපු හැටි..දවසක් දෙකක් නෙවේ ..මයේ අප්පච්චි මේ පාර දිගේ කකුල් ගෙවෙනකන් අපිව වඩාගෙන ගිහින් ඇති..
මන් උඹව දකින් අන්තිම පාර මේක කියලා කොහොම හිත හදා ගන්නද අප්පච්චි.මට ගොඩක් බය හිතෙනවා අප්පච්චි...මට බය හිතෙනවා උඹ කියලා කෙනෙක් මන් ගාව උන්නයි කියලා විශ්වාස කරන්න බැරි දවසක් එයි කියලා , උබේ රූපෙ ඔය හිනාව මට මතක් කර ගන්න බැරි වෙන්න උඹව අමතක වෙලා යන දවසක් එයි කියලා මට බය හිතෙනවා අප්පච්චි.
මන් හාදුවක් තිබ්බා.. හැමදාම ගෙදරින් එලියට බැහැලා යන්න කලින් මගෙ නළලට තිබ්බ හාදුව පළවෙනි වගේම අවසානම වතාවට මන් ඒ නළලට තිබ්බා.
"ආදරෙයි අප්පච්චි !!අප්පච්චිගෙ රන් අප්පච්චි ට හරි ආදරෙයි "
ඉතින් ආයෙමත් එක තප්පරේකටවත් නෑරෙන්නට අප්පච්චි වැතිරිලා හිටිය පෙට්ටිය වහලා දැම්මා..
කියන්න ගොඩක් දේවල් තියෙනවා...ඒත් වැඩක් නෑ මන් මොකුත් නොකියා ඉන්නම් ..👍