- Plot 23 -

Por Bulbz_D

858K 113K 39.1K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Más

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 52 -

6.1K 866 121
Por Bulbz_D

ගවීෂ් බයික් එක ඩ්‍රොප් සෝන් එක අැතුළට වෙන්න නවත්තලා , ඉතිරි ටික පයින් ගග පැත්තට ඇවිදගෙන ආවේ එයාගේ උඩින් දාගත්ත හූඩි එකෙන් මූණ පුළුවන් තරම් කවර් කරගන්න ගමන්.... එයා විනාඩි දහයකට වඩා පරක්කු වුන නිසා හරි නම් මේ වෙනකොට මියුන් ඇවිත් ඉන්න ඕන... ඒත් පේන මානේක මියුන් නොහිටිය නිසාම එයා පහළ ගං ඉවුරේ ගල් තලාවට බැස්සේ මියුන් ඉන්න තැන අනුමාන කරන ගමන්.... ආහ් ඔය ඉන්නේ !!

'' ඒයි !! .. '' ගවීෂ් කතා කළේ ගල් තලාව උඩ වාඩි වෙලා ඉදිය මියුන් දිහාවට අඩියට දෙකට ළං කරන ගමන්... කොන්ඩේ පිටිපස්සට වෙන්න දාගෙන ඉදපු කළු පාට කැප් එකට මිනිහාගේ මූණ වැහිලා තිබ්බත් , මියුන්ගේ අත් තිබුනේ එයාගේම වටේ එතිලා... සීතලට ගුලි වෙච්ච පොඩි එකෙක් වගේ ඔළුව උස්සලා බලපු මියුන්ගේ මූණේ ඇදිලා තිබ්බේ කියවගන්න බැරි හැගීමක්.... අනේහ් -

'' පාහරයා.... '' ගවීෂ් සන්සුන්ව කතා කලේ මියුන් ගාවින් දණ ගහගෙන ඔළුවට අත තියන ගමන්... යකො !!ගිනි රස්නෙයි... !!! තාම නළලට ලාවට දාඩිය දාගෙන එනවා විතරයි... මොන ***ක්ද බලන්නකො එළියේ කරන්නේ හුළං වැදි වැදි.... ඒත් තව හිනාත් වෙනවා ? !!

'' එපා හිනා වෙන්න මාත් එක්ක !! '' ගවීෂ් සැර කළේ එයා උස්සන් ආපු එකේක බඩු තිබ්බ වෙට් ටිෂූස් පැකට් එක එළියට ඇදලා අරන් මල්ලෙන්ම මියුන්ගේ ඔඩොක්කුවට දමලා ගහන ගමන්...

'' මට ඒත් විනාඩියකට හිතුනා , තමුසේ එන- එකක් .. නැති වෙයි කියලා... '' මියුන් කිව්වේ එයාගේ කැප් එක ගලවලා පැත්තකින් තියන ගමන්...මිනිහාගේ කටහඩ සැහෙන දුර්වලයි....කවදාවත් දැකපු නැති තරමට මියුන් දුර්වලයි... ඇයි දෙය්යනේ මේ ? ගවීෂ් මියුන් දිහා බලන් ඉදියේ මොනවා කියන්න ද හිතාගන්න බැරුව... තොල් පවා සුදු මැලි වෙලා ...

'' මේ ඇතුළකට යමං ? '' ගවීෂ් කවදාවත් නැති තරමේ සන්සුන් විදියට ඇහුවේ නළලට වැටිලා හුළගට දග කරන මියුන්ගේ කොණ්ඩේ අතරින් අත යවලා හිමින් ඔළුව අතගාන ගමන්... පව් - ඇස් පියාගන්නවත් එක්ක.... නළලට වැටිලා තිබ්බ මියුන්ගේ කොන්ඩේ උඩට කරපු ගවීෂ් හිමින් වෙට් ටිෂූ එකක් මියුන්ගේ නළළ උඩින් පරිස්සමට හිටින්න ඇරියේ සුදු මාමා කලින් එයාට මේම කරලා නිසා....එයාගේ ඔළුව උඩ තිබුන ගවීෂ්ගේ අතින් හිමින් අල්ලගත්ත මියුන් අත පහළට ගත්තේ යන්තං හිනා වෙලා... සුදු මැලි වෙලා තිබුන තොල් අතරේ විතරක් ඇදෙන ලා හිනාවක්.....

*ඇයි ? * ගවීෂ් ඇස් දෙක රැලි කළේ මියුන් මුකුත් නෑ කියන්න ඔළුව දෙපැත්තට වනද්දි..... අඩුම මෙච්ච කාලේකට මියුන්වත් , එයාවත් මෙච්චර සන්සුන් විදියට කතා කරලා නැ කියලා ගවීෂ්ට විශ්වාසයි.... සමහර විට පැටලෙන්නවත් මියුන්ට ශක්තියක් නෑ... නැත්තන් - සමහර විට එයාගේ ඔළුව පුරා ඔඩු දුවලා තියන වරදකාරී හැගීම නිසා ද ? මියුන් එයාගේ අතින් අල්ලගෙන හිමින් පිරිමදින විදියට ගවීෂ් මුකුත් කියන්නැතුවම මියුන් දිහා බලාගෙන ඉදියේ ටිකක් බර වුන ඇස්වලින්.....

'' තාම ඇග රස්නෙයිනේ ඕයි... '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ අතින් පවා හොදටම රස්නේ දැනෙන නිසා...

'' ඊයේට වඩා අඩුයි... හරි වැඩේ තමයි අරවින්ද් අය්යා දොරට ගහන්න ගිහින් කකුලත් උළුක් කරගෙන..... '' ගවීෂ් යන්තම් හිනා වුනේ මියුන් ඒක කියපු විදියට.... හොද වැඩේ ඕකාට , ඒත් මියුන් මොක උනත් මිනිහා මියුන් ගැන බලලා තියෙනවා...

'' ඊයේ මට කෝල් කලේ සනීප නෑ කියන්න ද ? '' ගවීෂ් ගග දිහා බලලා ඇහුවේ කණ්ණාඩි දෙකට යටින් තියෙන මියුන්ගේ තනි කළු ඇස්වලට මුහුණ දෙන්න බැරිකමට....

'' නෑ -මට ආරං-චි වුනා ... '' මියුන් ඒක කිව්ව විදියට ගවීෂ් මියුන්ගේ අත තද කළේ මොනව කියාගන්න ද හිතාගන්න බැරුව....ආරංචි නොවී තියෙන්න විදියක් නෑ , ඊයේ බැන්ක්වෙට් එකේ සිද්ධ වුන හැමදේම මේ වෙනකොට ආශක්‍යසිංහලා විතරක් නෙවේ යොරෙල් විලේජ් එකම නොදන්නවා වෙන්නත් බැහැ...

'' මං කැමති නෑ උබ ඕම කතා කරනවට..... '' ගවීෂ් කිව්වේ ඇඩෙන්න ආපු එක නවත්තගන්න මියුන්ගේ උරහිස උඩින් ඔළුව තියලා බදා ගන්න ගමන්... රස්නෙයි.. හොදටෝම.... මියුන් ඇදන් ඉදපු සුදු පාට බැගී ටී එක යටින් මියුන්ගේ ගිනි ගන්න තරම් ඇගේ රස්නේ ගවීෂ්ට දැනෙනවා.... මේම උණක් එක්ක ඊයේ දෙතුන් සැරයක් සිහිය නැති වුන එක අහන්න දෙයක් නෙවේ....වෙනදාට හිතුවක්කාර විදියට එයාගේ ඉණ වටේ එතෙන මියුන්ගේ අත් , අද නම් ගවීෂ්ගේ අතකින් අල්ලගෙන හරිම සන්සුන්....

'' අවංක උනොත් -..........මට ටිකක්.... අම්.. දරාගන්න බැරි උනා.. '' මියුන්ගේ දුර්වල කටහඩේ තිබුනේ ලොකු පාපොච්චාරණයක්.... ම්ම් - හිතුවා වගේම මියුන්ට මේම එක පාරට උණ ගන්න ඇත්තෙත් නිකන් නෙවේ එහෙනම්......
ගවීෂ් තවත් තද කරලා ඇස් පියාගත්තේ මියුන්ව තවත් ළගට අරගෙන.... බර වෙලා තිබ්බ ඇස් තද කරලා අගුලු දාගන්න කලින් හිතුවක්කාර විදියට පිට පැනපු කදුළු බිංදුවට ගවීෂ් ඔහේ යන්න දුන්නේ මියුන්ගේ උරහිසේම මූණ හංගගෙන බර වෙලා තිබ්බ නහය උඩට අදින ගමන්......

මෙච්චර කාලේකට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මියුන්ට ඔහේ බර දුන්නා මිසක් , මේ මනුස්සයා කොච්චර බරද කියලා දැනෙන්නේ දැන්.... මියුන් ඇඩුවේ නැතත් , කී පාරකට ඇඩෙන්න ආපු එක හිර කරගත්තද කියලා ගවීෂ් තේරුම් ගත්තේ මියුන්ගේ හැම බර හුස්මක් එක්කම වගේ එයාගේ පිට හරියේ කිහිපවතාවක්ම තද වුන මියුන්ගේ නියපොතුවලින්.... තව තවත් අමාරුවෙන් දුක හිර කරගන්නවා !!!! මේ මෝඩයා හිතාගෙන ඉන්නේ එහෙම වෙන හැමදේම දරාගන්න ඕන කියලා ද ? හරියට බැලුවොත් පොත් කියවන මිනිස්සු , කියන්නේ හැංගෙන්න දක්ෂම මිනිස්සු.... එයාලාවත් හංගන මිනිස්සු....ඒම අය තමයි කියවන්න ආස හිතෙන ,ලෝබ හිතෙන තරම් කුතුහලයක් දැනෙන මිනිස්සු.... හරියට මේ මෝඩයා වගේ..... ඒත් තාම හරියට දහඅටක්වත් නැති කොල්ලෙක්ට මේක පොඩි ප්‍රශ්නයක්ය කියලා කියන්නේ කෝමද ? කොච්චර ඇග දුර්වල උනත් මියුන් එයාගේ අතින් අල්ලගෙන ඉන්නේ නහරත් ඉලිප්පෙන තරම් තදින් කියලා ගවීෂ්ට පේනවා.... හරියට අතඅැරුනොත් කියලා බයට වගේ එයාට දැන් පුළුවන් තරම් උපරිම හය්යෙන්... අනේ මෝඩයා , අතඅරින්නේ නෑ ඕක කොහොමත්.....ගවීෂ් හිතින් මිමිණුවේ මියුන්ගේ අත ආපස්සට තදින් අල්ලගෙන..... ගවීෂ් මුකුත් නොකියම අනිත් නිදහස් අතින් මියුන්ගේ ඔළුව හිමින් අත ගැවේ එයාගේ ආසම සිනිදු කොන්ඩේ අතරින් ඇගිලි යවන ගමන්...ම්ම්... ටිකෙන් ටික දාඩිය දානවා....කමක් නැ උණ හරි බහිනවනේ....

මියුන්ගෙන් චුට්ටක් පැත්තකට වෙලා , එයාගේ මූණ පුරා තිබ්බ තඩි කණ්ණාඩි දෙක ගවීෂ් හිමින් ගලවලා අතට ගත්තේ එයාගේ හූඩි එකේ අතින්ම මියුන්ගේ නළලේ මතුවෙන දාඩිය පරිස්සමට තෙත මාත්තු කරන ගමන්... සුදු මාමා පාවිච්චි කරන නිසා පුරුද්දට තාමත් සාක්කුවේ ඔබාගන්න ලේන්සුව නැතුවම නෙවේ... ඒත් ඇත්ත කතාව තමයි ඒකට වඩා සැහෙන ගුණයකින් අද උදේ දාගත්ත හූඩි එක පිරිසිදුයි....සාමාන්‍ය වෙලාවට දකින්න නැති මියුන්ගේ මූණේ තියෙන ඉමෝෂන්ස් ගොඩ දිහා ගවීෂ් බලාගෙන ඉදියේ දාඩිය පිහිදාන එකත් නවත්තලා... හවස බැහගෙන යන ඉර එළියත් ලාවට වගේ මුණට වැටිලා එක්ක එදා රෑ අපහැදිලි වෙලා තිබ්බ මූණම පැහැදිලිවම පේනවා දැන් නම්...

'' *Meus est, Amor.'' ගවීෂ් මිමිණුවේ මියුන්ගේ මූණ දිහා බලාගෙන.....

'' ම්හ් ? ''

'' නෑ දැන් අඩුයි කියලා කිව්වේ.... '' ගවීෂ් සන්සුන්ව කිව්වේ මියුන්ගේ නළලට තට්ටුවක් දාන ගමන්......

'' දෙතුන් පාරක් ඕම අඩුවුනා.. ඒත් ආයේ එනවා.. '' මියුන් කිව්වේ එයාගේම නළලට අත තියලා බලන ගමන්....

'' ඔව් ඉතින් කාමරේට වෙලා ලොක් කරන් බෙහෙත් නොබී ඉදියම හොද වෙයි යැ.. '' ගවීෂ් ඇහුවේ යන්තං මියුන්ගේ කනිනුත් අල්ලන ගමන්..... අනේ ඉතින් බෑනේ කොරන්න රතු වෙනවානේ කන !!... ඒ කන තමයි කන.... යන එන මං නැති කරන කන.... ගවීෂ් කනට පහත් වෙන්න කලින් මියුන් ගවීෂ්ගේ පපුව හරියට අත තිබ්බේ එයාව නවත්තන ගමන්....

'' ම්ම් ? ''

'' මේක බෝ වෙන්නෑ කියලා කියන්න බෑ. '' මියුන් කිව්වේ ගවීෂ්ව තව ටිකක් එහාට කරන ගමන්... අනේ මගුල තමයි.... හැදෙනවා නං හැදුනාවේ ඉතින්....

'' මට අදාළ නෑ.. '' ගවීෂ් මියුන්ගේ නිකටෙන්ම අල්ලලා කම්මුල උඩින් තොල් තද කරලා මිනිහා මුකුත් කියන්න කලින්ම තොල් උඩත් තත්පරේකට නැවතුනේ , මියුන්ගෙන් ගුටි කන්න කලින් හිනා වෙලා එහාට වෙන ගමන්... අපේ අප්පේ මූණක හැටි ඉතින්....ඒ බලන විදියට හැබැයි හොද උනාම තමුසේ ඉවරයි ගවීෂ්.... කමක් නෑ ඒ හොද වුනාමනේ...නැති බැරි කාලේ තියන පළි සේරම ගන්න ඕන...

'' අහ් මට ෆෝන් එක දීපන් උබේ... '' ගවීෂ් හදිසියේ මතක් උන ගානට කිව්වේ මියුන් ෆෝන් එක දෙන්න කලින් උගේ කලිසමේ සාක්කුවට අත දාලා ඒක ඇදලා ගන්න ගමන්... ආහ් පාස්වර්ඩ්.. නෑනේ... තාම වෝල් පේපර් එක අර Taylor Zakhar Perez තමයි.... හුහ්... ගවීෂ් ආයේ ෆෝන් එක මියුන් අතට දුන්නේ මිනිහා සද්ද නැතුවම ඇරලා ඒක ගවීෂ් අතට දෙද්දි... අද හොද කීකරුයි මොකා උනත්.... මියුන්ගේ කරටත් අත දාලා එයාව ඇදලා අරගත්ත ගවීෂ් , මිනිහාට ඒමම උකුල උඩ හාන්සි වෙන්න දුන්නේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එක පීරන ගමන්......

'' මොකක්ද කරන්න හදන්නේ ? .. '' ගවීෂ් ක්‍රිෂ්ගේ කන්ටැක්ට් එකට කෝල් කරලා ෆෝන් එක කනේ තියාගත්ත නිසා මියුන් ඇහුවේ ඇස් දෙක පුංචි කරන ගමන්....

'' ඉන්නවා පොඩ්ඩක් පැහෙන්නැතුව..... අහ් හලො....හලො.....?? ''

'' මියුන් ? ''

'' නෑ නෑ ගවීෂ් මේ... ''

'' කවුරු ??? !!! උබ කොහෙද ඇතුළට ආවේ ??? '' ක්‍රිෂ් ඇහුවේ කැස්සත් හිර කරගන්න ගමන්.....

'' ප්‍රශ්නේ අහන්න ඕන , මියුන් කෝමද එළියට ආවේ කියලා... ''

'' මොකක් ? මූ ටිකකට කලින් කාමරේ ඉදියනේ ? !! මියුන් !!! තමුසේ ඔතන ඉන්නව ද ? '' ක්‍රිෂ් ගෙරෙව්වේ මියුන් ෆෝන් එක උදුරගෙන ගවීෂ්ට රවද්දි....

'' මේ මේ.. ඔයාට එව්වා වැඩක් නෑ මං මූව තියාගන්නවා ටික දවසකට....අර අරවින්ද්කාරයාව ෂේප් කරගන්න..... '' ගවිෂ් ආයේම ෆෝන් එක උදුරලා අරගෙන කිව්වේ මියුන්ගේ අතත් එහාට තල්ලු කරන ගමන්....

'' හීනෙන් තමයි..... හහ්... වහාම මියුන්ව ගෙදර එවන්න දැන්ම !!! ''

'' එවන්නෑ පුළුවන් දෙයක් කරපන්... '' ගවීෂ්නුත් ඇරියස් එකට කිව්වේ ක්‍රිෂ් එක්ක ඕන මගුලක් විසදගන්නැතෑ වගේ සීන් එකෙන් එයා දිහා බලාගෙන ඉන්න මියුන්ගේ ඇග උඩින් අතකුත් දාන ගමන්...

'' හහ් , කොහෙද තියාගන්නේ ? ''

'' කොහේ හරි... අදාළද නැනේ.. මං මූව මේ ටිකේ තියාගත්තා , ඔයාට තියන වැඩේ අරවින්ද්කාරයාව ෂේප් කරගන්න එක..... එච්චරයි... ''

'' පොඩි ප*යො තමුසේ ඔය කතා කරන්නේ , තියාගන්නවැයි කියන මනුස්සයාගේ අක්කට... ''

'' හරි වැඩක්නේ හහ්....අක්කාවයැ මං ඉල්ලුවේ.. මල්ලිනේ.... හහ්.. අනික සහෝදරී මේකෙන් ඔයාටත් වාසියි.... මං මියුන්ව අරන් පැත්තකට උනාම , ඔයාට ඩ්‍රෑන්ව තියාගෙන ඇති වෙනකං නලවගන්න බැරිය.... අපි දෙන්නටම ප්‍රශ්නයක් නෑ එතකොට...''

'' පොඩි ඒම සීන් එකකුත් තියෙනවා නේ ද ? හරි හරි.. මේ පාරට වැඩේ කරලා දෙන්නංකො.... හැබැයි ඔය යකාට බෙහෙත් ටික පොවනවා සේරම... හෙන හොරා... තමුසේට ඇහුන ද මියුන් ? '' ක්‍රිෂ් ෆෝන් එකෙන් කෑගැහුවේ එයාගේ උකුල උඩින් ඔළුව තියාගෙන මූණ දිහා කන්න වගේ බලන් ඉන්න මියුන්ට..... ඔව් ඔව් , එයාගේ මහ ලොකු අක්කා එයාව ලාබේට දීලා දැම්මා නිසා වෙන්නැති ඔය ලුක් එක... හහ්.....

'' අහ්හ් මුගේ පර්ෆියුම් ටිකයි බොඩි වොෂ් ටිකයි , නම දන්නැති ගණන් වැඩි ජාති ටිකයි මල්ලකට දාලා එවන්ට.... හරි හරි සීයු ... හරේඒඒ.... හා හාා... සේම් ටු යූ , හෙනම ගහපන් උබටත්... '' ගවීෂ් කිව්වේ ක්‍රිෂ්ටත් හෘදයාංගම සුබපැතුම් එක් කරන ගමන්....

'' මොකක් ද කරන්න හදන්නේ උබ ? '' මියුන් සන්සුන්ව ඇහුවේ අනිත් කිසිම දෙයක් අදාළ නැති ගානට ඇස් දෙකත් පියාගෙන ගවීෂ්ගේ ඉණ වටේ අත දාලා තුරුල් වෙන ගමන්..... පොඩි එකෙක් වගේනේ හැසිරෙන්නේ ඉතින්.... වෙලාවකට හෙන කියුට් - සබ්මිසිව් පාටයි...බඩට කන තියන්න එපා ඕයි.. කුචියි..එ් මදිවට කාලා නෑ මොන සද්ද ඇහෙනව ද දන්නෑ... අනික බඩ අස්සට මූණ ඔබාගෙන ඉන්න එක හෙනම අමුතුයි... කුචියි....! .. මුට තේරෙන්නැද්ද සිරාවට අහ්හ්හහ්..... නැත්තන් මනා සේ දැන ගොනා සේ හැසිරෙනවා ද ?

'' එහ් ? '' මියුන් ආපහු ඇහුවේ ගවීෂ්ව පියවි සිහියට ගෙනැල්ලා....

'' මේකයි වෙන්නේ... මං , ගවිෂ් වේඝර්ණාරච්චි...හදිසි වැඩකට විලේජ් එකෙන් එළියට යනවා දවස් තුන හතරකට.... මෙන්න බොලේ වැඩක් , මියුන් ආශක්‍යසිංහ අසනීප වෙලා හරි මොකක් හරි වෙලා හරි දවස් තුනකට හොයන්න නැති වෙනවා... දවස් තුනට මේ ලෝකේ අපි දෙන්නෙක් නෑ.... ඒ වුනාට අපි දෙන්නා , මෙන්න මේ ගග පටන් ගන්න තැන .....නෙවේ එතනට එක පාරක් ගියානේ... බ්‍රින්ධව් කන්දේ ඉතිරි ටික නැගලා ඊට උඩම දියඇල්ල ගාවදී සෙට් වෙනවා.. කෑම්පින් , හයිකින්...ෆයර් එකක්... තමුසේට ඕන දෙයක්... උබයි මායි විතරයි.... !! නෑ නෑ - ලෙඩ වෙලා මැරිලා වැටුනත් තමුසේ මේ ගමන යනවා.. '' ගවිෂ් කන්ෆර්ම් කළේ මියුන්ට වචනයක්වත් කතා කරන්න ඉඩක් තියන්නේ නැතුව.....

'' තිමෞර්ය............................................. උබට පිස්සු.... ''

'' අදද දන්නේ උබ ? අනේ පලයන්... කෝ හොද පාහරයා වගේ නැගිටපන් දැන් , මං ඔයාව සුදු මාමා ගාව තියලා ෂොපින් පාරක් දාන්න යනවා...''

'' දැන් ද ? ''

'' ඔව්... උබට කියන්න මං ලෙඩ වුනාම හොදේ.... සුදු මාමා දෙනවා කටේ තියන්න බැරි කසායක්... ආයේ ඉතින් ලෙඩ කොහෙන් ගියාද දන්නෑ,... දැන් ඉතින් ලෙඩ පාටට ඉදලා , සුදු මාමා ඔයාටත් ඕක දුන්නොත් අපි නං දන්නෑ ඔන්න... '' ගවීෂ් කිව්වේ මියුන්ගේ අතින් අල්ලගෙන නැගිටින්න උදව් කරන ගමන්.... බොරුවනේ.. හොදට ඇවිදින්න පුළුවන් මේකාට... මියුන් එයාගේ උරහිසට බර දීලා ඉදිය විදියට ගවීෂ් මුකුත් කියන්නැතුව තනියම හිනා වුනේ , මියුන්ට කියලා ගුටි කන්න දැන්ම අවස්සතාවයක් නැති නිසා.... ම්ම්ම් , බෙල්ල හරියේ නම් , සාපේක්ෂව උණ අඩුයි දැන් ටිකක්.. ආයේ වැඩි වෙයි ද දන්නැ...

මියුන් ඉවුරට ගොඩ වෙන්න කලින් , එයාගේ කොණ්ඩේ අතින් පස්සට කරලා කළු පාට කැප් එක දාගත්තේ මූණම වගේ වැහෙන්න... දාඩිය දාපු නිසා පෙගුන සුදු පාට බැගී ටී එක , දණ හිසෙන් උඩට තියන කළු පාට කාගො ෂෝට් එක , රබර් සෙරෙප්පු දෙක... දැන් ගෙදර ඉදලා කොන්ඩේත් ටිකක් වවලා නිසාම , ඒම හරි ගති කියලා ගවීෂ්ට නොහිතුනාම නෙවේ... කොහෙද කැප් වුනත් වෙනස්කම් කරන්නේ එයාටමනේ... එයා බැගී ඇන්දම ඔච්චර ගතියක් එන්නෑනේ.. ?? ඇයි --

'' එහ් ? '' ගවීෂ් ඇහුවේ මියුන් අල්ල දික් කරපු නිසා....

'' යතුර ..... '' මියුන් කිව්වේ බයික් එකේ යතුර දිහාවට ඉගි කරන ගමන්...

'' අමො අමො මේ.... මේ කතා කරගන්න පණ නෑ.. බයික් පදින්න කතාව.... පණ්ඩිත නැතුව නගිනවා.. '' ගවීෂ් කිව්වේ යතුර බයික් එකට දාලා කකුලකුත් උඩින් දාලා වාඩි වෙන ගමන්....

'' උබ එක්ක ගියොත් , හෙට වෙද්දි වෙන්න තියන සේරම වෙලා තියෙයි..... පොඩ්ඩක් හරි මොළේ තියෙනවා නං යතුර මට දීලා, ඔය හූඩි එක දාන් පස්සට වෙයන්... '' මියුන් කිව්වේ ගවීෂ්ට පිටිපස්ස ඉගි කරන ගමන්.... ඇත්තක් තියෙනවා... විලේජ් එකටම තියෙන්නේ එක සුදු පාට යමහා එකයි.. ඒක ගවීෂ්ගේ කියන්න ඕන කෙනෙක් දන්නවා.... බයික් එක මොකක්ම හරි කියමුකො...මියුන් බයික් පදින්නේ ප්ලේන් පදින විදියට මිසක් බයික් පදින විදියට නෙවේනේ.....

'' තමුසේ අතුරුපාරක් දන්නව ද ? ''

'' සමහර විට....'' මියුන් යන්තම් හිනා වෙලා කිව්වේ ගවීෂ්ව ඉණෙන් ඇදලා එහෙමම පස්සට කරලා , යතුරත් කරකවලා වාඩි වෙන ගමන්.... ගවීෂ් මුකුත් කියන්නැතුව බලාගෙන ඉදියේ මියුන් වාඩි වෙන්න කලින් ඇස් ඉක්මනින් පොඩි කරලා හිනා වෙච්ච විදිය.... සුදු මැලි ගතිය අඩුවෙලාමත් නැහැ මූණේ ඒත්.....

'' උබට ෂුවර් ද මේ දවස්වල මේම ඇවිදින්න යන එක ප්‍රශ්නයක් වෙන්නෑ කියලා ? '' මියුන් ආයෙමත් ඇහුවේ විශ්වාස නැති පිට....

'' කෙහෙල්මල් දෛවයවත් , දෙවියොවත් , මේච්‍යුරි ගහවත් , ජගුවර් ආත්මයවත් අපිට අවස්ථාවක් දෙන්නැත්තන්............... යකො අපි අපිටම කියලා එකක් හදාගන්න ඕන !!! ''

.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.
.

* තියන ලොකුම අවුල තමයි , ලෝකේට පේන්න Anti - romantic මනුස්සයෙක් පොතක් ලියන්න ගැනීම.. ඔය පොඩි පොඩි ඩීටේල්ස් නෝට් කොරගන්න..
උදා - Unknown නම්බර්ස්වලින් එන කෝල්ස් ඒම.... ( නිකන් කිව්වේ... )

ප.ලි - දවසින් දවස , මේකේ Playlist එකට සිංදු වැඩිවෙනවා... 🥺🥺 THANKS !!

Seguir leyendo

También te gustarán

437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
688K 39.8K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...