YOU'RE MY HOME

By San_Da_Li_

841 114 33

BL 🏳️‍🌈 (සිංහල) AJ ගේ කදුළු පිසදමමින් කියූ අනුක ඔහුගේ තොල් මත කෙටි හාදුවක් තැබුවේය. AJ ට කිසිත් සිතාගත නොහැ... More

YOU'RE MY HOME - CHAPTER 1
YOU'RE MY HOME - CHAPTER 2
YOU'RE MY HOME - CHAPTER 3
YOU'RE MY HOME - CHAPTER 4
YOU'RE MY HOME - CHAPTER 5
YOU'RE MY HOME - CHAPTER 6
YOU'RE MY HOME - CHAPTER 7
YOU'RE MY HOME - CHAPTER 8
YOU'RE MY HOME - CHAPTER 9
YOU'RE MY HOME - CHAPTER 10
YOU'RE MY HOME - CHAPTER 11
YOU'RE MY HOME - CHAPTER 12
YOU'RE MY HOME - CHAPTER 13
YOU'RE MY HOME -CHAPTER 14
YOU'RE MY HOME - CHAPTER 15
YOU'RE MY HOME - CHAPTER 16
YOU'RE MY HOME - CHAPTER 17
YOU'RE MY HOME - CHAPTER 18
YOU'RE MY HOME - CHAPTER 19
YOU'RE MY HOME - CHAPTER 20
YOU'RE MY HOME - CHAPTER 21
YOU'RE MY HOME - CHAPTER 22
YOU'RE MY HOME - CHAPTER 23
YOU'RE MY HOME - CHAPTER 24
YOU'RE MY HOME - Chapter 25
You're My Home - Chapter 26
YOU'RE MY HOME - Chapter 27
YOU'RE MY HOME - Chapter 29
You're My Home - Chapter 30
YOU'RE MY HOME - CHAPTER 31
YOU'RE MY HOME - CHAPTER 32
You're My Home - Chapter 33
YOU'RE MY HOME - chapter 34
YOU'RE MY HOME - chapter 35
YOU'RE MY HOME - Chapter 36
YOU'RE MY HOME - Chapter 37

YOU'RE MY HOME - Chapter 28

11 2 1
By San_Da_Li_

" අහ්හ් අම්මි මට කතා කරනවා අයියේ. මම යනවා එහෙනම් "

"අහ්හ් හරි නංගි.. "

රෙහාන්ට සමුදුන් ටාෂියා තම මව වෙතට දිව යන්නට විය.

-----------------------------------------------------------

දවල් ආහාර ගෙන පාඩම් කිරීම සදහා ගිය AJ සහ අනුක රාත්‍රී 7 වන තුරුම පාඩම් කරන්නට වූයේ ඉගෙනීමත් ඔවුන් දෙදෙනා ගොඩ දා ගත යුතුයි කියා දෙදෙනාටම පොරොන්දු වු නිසාය.

"මං දැන් යන්නම් අවි.. රෑත් වෙලානේ "

"යන්නම ඕනේද 🥺"

"ඒයි.. මොකද මේ 😅"

AJ ගේ බොලද ගතිය අනුකට නුරුපුරු බවක් ගෙන ආවේය.

"අද මෙහෙ ඉන්න බැරිද? 🥺"

"මං වෙන දවසක එන්නම් "

"හ්ම්ම්... මං ගිහින් drop කරන්නද ඔයාව ගෙදරින්"

"එපා අවි.. මං driver uncle ට call කලා. දැන් එයා එන ගමන් ඇත්තේ "

"ම්ම්ම් 🥺"

කාමරයෙහි වු සෝපාව මත හිද සිටි AJ කීවේ තම උකුල මත ඔළුව තබා හාන්සි වී සිටින අනුකගේ ඔළුවද අත ගාමින්ය.

"Kiss එකක් 😚"

අනුක කට උල් කරමින් කීවේය.

"හහ්.."

AJ පුදුම වූහ.

"ඇයි?"

"ඔයා කවදා ඉදන්ද ඔච්චර forward උනේ බබා 😁"

"අපි දෙන්නා විතරක් ඉන්න තැන් වලදී මං ගොඩක් forward අවි.."😌

ආනුක කීවේ ආඩම්බර ලෙසය. ඒත් සමගම AJ ගෙන් ලැබුන හාදුව නිසා අනුකට ඔහු කියා සිටි දෙය අවසන් කිරීමට නොහැකි විය. සියුම් හාදුවෙන් පටන් ගත් හාදුව දිව ස්පර්ශ කිරීම දක්වා වේගවත් වූයේ දෙදෙනාගේම හැගීම් නැවත ප්‍රාණවත් කරමිනි.

"අහ්හ්.."

AJ ගේ හාදුවල ගැබුර නිසාම අනුකට කෑගැසුනේය.
.
.
.

🚘 පීප්...පීප්...
කාරයක හෝන් නාදයත් සමග නිවසේ විශාල ගේට්ටුව ඇරුණි.

"Driver Uncle ද? "

අනුක සෝපාවෙන් නැගිට්ටේය.

"නෑ. අම්මිලා එන්න ඇත්තේ. ඒකනේ ගේට් එක ඇරුනේ "

AJ කීවේය.

"අහ්හ්.. අ.. අපි ය.. යමු... පහලට..."

අනුක ගොතගසමින් කීවේ කලබලෙන්ය.

"බබා... මේ අහන්න.. බයවෙන්න දෙයක් නෑ.. කවුරුත් මේ දේවල් දැනගන්නේ නෑ. "

AJ අනුකගේ දෙඅත් අල්ලා කීවේය.

"ම්ම්ම්.."🥺

"එන්න අපි යමු පහලට.. දැන් ඔයාව ගන්නත් එයිනේ."

දෙදෙනාම කාමරයෙන් පිටව පහල මහලයට ගියේ පැමිණි මව සහ පියාව බැලීමටය.

"අහ්හ්.. මේ පුතත් මෙහෙද? 😊"

නිවසට ඇතුළු වෙත්ම අනුකව දුටු AJ ගේ පියා ඇසුවේය.

"ඔව් දෙන්නත් එක්ක පාඩම් කරන්න කියලා උදේ ආවේ."

AJ ගේ මව පිළිතුරු දුන්නාය.

"අහ්හ් ඒක හොදයි.. පුතාලා කෑවද රෑට?"

"තාම නෑ තාත්තා. අනුක දැන් යනවලු"

"ඇයි ඒ.. කෑම ටිකක් කාලම යන්න පුතේ "

AJ ගේ මව කීවේ අනුකගේ උරහිසින් අල්ලාය.

"දැන් බැහැ ආන්ටි.. මං වෙන දවසක එන්නම්. අනික මං දවල්ටත් කෑවේ මෙහෙන්නේ."

"කෑම නම් කොහෙන් කෑවත් මොකද පුතේ.. ඔයාලා කාලා බිලා හොදින් ඉන්නවා නම්."

AJ ගේ මව සිනාමුසූ මුහුණෙන් කීවාය.
.
.

🚘 පිප්... පිප්..
තවත් කාරයක්‌ පැමිණ ගේට්ටුව අසල නැවත්වීය.

"අහ්හ්.. මාව ගන්න ඇවිත්. එහෙනම් මං ගිහින් එන්නම් ආන්ටි.. මං යනවා අංකල්.."

අනුක කීවේය.

"ඉන්න මං ඔයාගේ බෑග් එක ගේන්නම්"

එසේ කියූ AJ කාමරය වෙත දිව ගොස් අනුකගේ බෑගය ගෙනාවේය.

"මං ගිහින් එන්නම් අවි.. දු."

"අහ්හ් හරි හරි.. 😄"

AJ සිනහව තද කරගනිමින් කීවේය. අනතුරුව අනුක කාරයට නැග නිවස වෙත පිටත්විය.

----------------------------------------------------------
.
.

ඉතිරිව තිබූ මාසයක් හොදින් ගතවිය. ඒ තුළ AJ අනුකගේ නිවසටත්, අනුක AJ ගේ නිවසටත් ගොස් පාඩම් කලේ ඉතාමත් සතුටින්ය. ඒ අතරෙහි විවේකයක් ගත කිරීමට ඔවුන් දෙදෙනා රෙහාන්, මිගාර සහ දෙනුවන්ද සමග වෙළෙද සංකීර්ණයට ගොස් මනස සැහැල්ලු කර ගැනීමටද අමතක නොකළේය.

" 💬Attention.
ඔයාලගෙ admissions ඇවිත් තියෙන්නේ ළමයි. හැමෝම හෙට ඇවිත් admission sign කරලා අරන් යන්න. මතක් කරලා ඔයාලගෙ ID card එක අරන් එන්න. "

පාසලේ උසස් පෙළ පන්තිවල සියළුම සිසුන්ට ඔවුන්ගේ උසස් පෙළ විභාග සදහා පෙනී සිටීමට අවශ්‍ය පෝරම (forms) ලැබී ඇති බවට පණිවිඩයක් ඔවුන්ගේ දුරකථනවලට ලැබුනේ විභාගයට තවත් මාසයකටත් අඩු කාලයක් තිබිදීය. එම නිසා ඔවුන්ට හෙට පාසල වෙත යාමට සිදුව තිබුනේය.
.
.
.
🏫🏫

"කොහොමද? පාඩම් කලාද?"
"දැන් ඔක්කොම හරි නේද?"
"අනේ මට නම් සමහර පාඩම් තේරෙන්නෙම නෑ අප්පා "
"තව මාසයක්වත් නෑ.. අම්මොහ් බයයි වගේ මට "

පැමිණ සිටි සියළුම සිසුන්ගෙන් ඇසුනේ මෙවැනි වදන් පෙළවල් පමණකි.

පන්තියට පැමිණි ගුරුතුමිය සිසුන්ගේ පෝරම (forms) පුරවන්නට විය. ඒ අතරෙහි ඇතැම් සිසුන් පාඩම් ගැන අන් අයගෙන් අසා ඉගෙන ගන්නට වූහ. තවත් සිසුන් ආගිය තොරතුරු කතා කරන්නට වූහ.
.
.
.

"මේ මොකක්ද මේ "

එක සිසුවෙක් වහාම පුටුවෙන් නැගිට්ටේ තම දුරකථනය දෙස ඇදහිය නොහැකි බැල්මක්ද හෙලමින්ය. ඒත් සමගම අනෙක් සිසුන්ද තම සමාජ මාධ්‍යයන් තුළ සංසරණය වෙන චායාරූප කිහිපයක් සහ වීඩියෝ පටයක් ගැන අවධානය යොමු කරන්නට වූයේ AJ සහ අනුක දෙස ඉතා පිළිකුල් දෙස බලමින්ය.

"මොකද බං මේ ඔක්කොම අපේ දිහා බලන්නේ?"

AJ ඇසුවේය.

"F#ck"

මිගාර එකවර තම අත ඔලුවේ ගසා ගත්තේ තම දුරකථනයද බිම වට්ටමින්ය.

"ඇයි මොකද උනේ?"

දෙනුවන් ඇසුවේය.

"AJ ගෙයි අනුකගේයි photos වගේකුයි video එකකුයි ලීක් වෙලා"

රෙහාන් කීවේ තම අතද මිටි මෙළවෙන ගමන් ය.





"මොකක්?????"

අනුකට සිදුවන කිසි දෙයක් සිතාගත නොහැකි විය. අනුක වහාම තම දුරකථනය ගෙන පිරික්සන්නට විය. රෙහාන් නිවැරදිය. තමන්ගේ සහ AJ  පාසල තුළ සිපගන්නා වීඩියෝ පටයක් මෙන්ම චායාරූප කිහිපයක් සියළුම මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබුණේ ඇසිපිය ගහන තරම් ඉක්මනින් නැරබුම් වාර ලක්ෂ 2 ත් 3 ත් පසු කරමින් ය.

අනුකට කිසිවක් කියා ගැනීමට නොහැකි තරම් ඔහු ගොළු වී තිබුණේය. දෑසින් වැටීමට පොරකන කදුළු ඔහුගේ දෑස් තුළ තෙරපෙන්නට වූයේ කිසිදු අනුකම්පාවක් නැතිවය. පන්තියෙ සියළු දෙනා පමණක් නොව පාසලේ අනෙක් ළමුන්ද ඔවුන් සිටි පන්තිය ඉදිරියට රැස්ව තිබුණේ සංදර්ශනයක් බැලීමට පැමිණ සිටින්නාක්‌ මෙනි.

AJ ට කලයුතු කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මිගාර සහ දෙනුවන් හැකි තරම් ඔවුන් දෙදෙනාව ආවරණය කලේ ඔවුන් දෙස බලන කිසිවෙකුට ඔවුන්ව නොපෙනීමට උත්සහ කරමිනි.
.
.

"අවිදු, අනුක ඉන්නේ මේ පන්තියේද?"

ඔවුන් සිටි පන්තියට පැමිණි ගුරුවරයෙක් පන්තිභාර ගුරුතුමියගෙන් ඇසුවේය.

"ඔව් සර්... ඇයි?"

"ඒ දෙන්නට ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් කතා කලා. වෙන්න ඕනෙ දේවල් නෙමෙයිනේ දැන් මේ ඉස්කෝලේ ඇතුලේ වෙන්නේ.."

පැමිණි ගුරුතුමා ගුරුතුමියට කීවේ මුළු පන්තිය දෙසම තියුණු බැල්මක්‌ද හෙලමින්ය.

"ඇයි සර් මොකක්ද මේ දෙන්නා කරලා තියෙන්නේ?"

ගුරුතුමිය ඇසුවේ අදහාගත නොහැකි ලෙසින්ය. මන්ද අනුක සහ AJ යනු එසේ වැරදි වැඩ කිසිවක් කරන ළමුන් දෙදෙනෙකු නොවන බව ඇය හොදින්ම දැන සිටියාය.

"කියන්නත් ලැජ්ජයි මිස්.. කෙල්ලෝ නැතුවද මේ ඉස්කෝලෙ.. ෂික්.. මුන්ව මේ ඉස්කෝලෙ තියාගන්න වටින්නේ නැ."

"අනේ ඇයි සර් ඔහොම කියන්නේ මගේ ළමයිට.. මොකක්ද උනේ කියන්න."

පන්තිභාර ගුරුතුමිය තරමක් සංවේදී විය.

"මේ බලන්න මිස්.. මුළු ඉස්කෝලෙ වටේම මේක share වෙනවා. ෂික් "

පැමිණි ගුරුතුමා වීඩියෝ පටය සහ චායාරූප සියල්ල ගුරුතුමියට පෙන්වීය. ඇයට කිසිවක් සිතාගත නොහැකිවිය. ඇය එලෙසින්ම පුටුවට වැටුනේ අතෙහි වු ලේන්සුවෙන් මුහුණද පිස දමමින්ය.
.
.

"අවිදු.. අනුක.. ඔය දෙන්නට එන්න කියලානේද... යන්න.. ගිහින් බලලා එන්න.."

මොහොතක් නිශ්ශබ්දව සිටි ගුරුතුමිය කීවේ කදුළු පිරි දෑසින්ය. අනතුරුව AJ සහ අනුක බීම බලාගෙනම පන්තියෙන් පිට වූයේ එහි සිටි බොහෝ පිරිසකගේ අප්‍රසාදය මැදය.


ඊළග කොටසින් හම්බෙමු... 💛

Continue Reading

You'll Also Like

1M 65.6K 85
[Unicode] ဗင်ဒါသစ်ခွတွေကိုမြင်တိုင်း အတိတ်တစ်ခါဆီက ကိုကိုသိပ်ချစ်ခဲ့တဲ့ ဗင်ဒါဆိုတဲ့ ကောင်လေးကို အမှတ်ရပေးပါ [Zawgyi] ဗင္ဒါသစ္ခြေတြကိုျမင္တိုင္း အတိတ္...
428K 16.1K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
1M 138K 41
၅နှစ်ကွာတဲ့ အကိုကြီးနဲ့ ချစ်သူဖြစ်ဖို့ ဘာတွေလုပ်ဖို့ လိုမလဲ။ သက်ငယ်ဝေလုံ 7,6,2021 ----------- ၅နွစ္ကြာတဲ့ အကိုႀကီးနဲ ့ခ်စ္သူျဖစ္ဖို ့ ဘာေတြလုပ္ဖို...
828K 16.1K 10
Crayon ~ ကျွန်တော့်ရဲ့ Crayon. Own characters* Unicode/ZAWGYI Completed. April 16 2023 - August 25 2023