MY TOPS|VMK|βœ”

By K_yumi_K

59.6K 11.5K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 16-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 21-

829 214 27
By K_yumi_K

"හියුන්ගිලා..."

ජන්කුක් දුවගෙන ජින්ලා ගාවට ආවා...

"ජන්කුක් කෝමද දැන් ඔයාට?"

"ටිකක් රිදෙනවා නම්ජූන් හියුන් ඒ තරම් නෑ දැන්"

"ඒනම් හොදයි..."

ජිනු ජන්කුක්ගේ කොණ්ඩෙ ඇවිස්සුවා...

"කොහේ යන ගමන්ද මේ දුවං ආවේ?"

"ජිමින් හියුන්ව හෙව්වේ ඒත් එයා නෑනේ අනේ..."

"කොල්ල දැන් ජිමින් හියුන් එක්කමයි නේද? මොනා මොනා හරි තියෙනවද අපි නොදන්න ආ..."

නම්ජූන් ජන්කුක්ට විහිලු කරමින් ඇහුවා... ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගත්තා...

"ඒම මුකුත් නෑ"

ජන්කුක් බිම බලන්ම උත්තර දුන්නා...

"හරි හරි අපිට කියන්න එපා ඕවා... බලමුකෝ ඉතින් අපෙත් උදව් ඕන වෙයිනේ පස්සේ"

"අනේ හියුන්ගී..."

ජන්කුක් ජින් විහිලු කරන එකට කෑ ගැහුවා...

"ඔහොම හිනා වෙලා ඉන්න හැමදාම"

ජින් ජන්කුක්ගේ ඔලුව අතගාලා කිව්වා... ජන්කුක් ඒක නිකං කියන්න ඇති කියලා හිතුවත් ජින් ඒක කිව්වේ වෙන හේතුවකටයි...

"ඇත්තටම ජිමින් කොහෙද ජූන්?"

"දන්නෑ... ආ මං දැක්කා උදේ නම් ටීම් එකේ ලමයි එක්ක මොනාද මොනාද කියෝ කියෝ උන්නා... සමහරවිට එයාලත් එක්ක ඇති තාම නැත්නම් එනවනේ අපිව හොයාගෙන..."

"ඔව් නේ තව දවස් ටිකයිනේ අර මැච් එකට තියෙන්නේ... ඊයෙත් වලිය නිසා practice නතර උනා මේ දවස් ටිකේම ඒ නිසා දවසම practice වලට යාවී..."

ජින් ඒ විදිහට කියලා ජන්කුක් දිහාවට හැරුනා...

"හදිස්සියක්ද? නැත්නම් අපිත් තව ටිකකින් ඒ පැත්තට යන්න ඉන්නේ... ඕන නම් එන්න"

ජින් අහද්දී ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...

"ම්ම් ජන්කුක් මං දෙයක් අහන්නද? ආහ් එක්කො ඕන නෑ දැන් අපි යන්න ගියපු ගමන යමුකෝ..."

ජින් ජන්කුක් නම්ජූන් තුන් දෙනා ඊලගට ජිමින්ව හොයාගෙන යන්න පිටත් උනා...














ජිමින් උන්නේ sports room එක ඇතුලේ... team එකේ හැමෝගෙන්ම අහලා එයා තීරණයක් අරගෙන තිබුණා... මොන දේ උනත් අංක එක ටීම් එක කොහොමහරි මේ තරගාවලිය දිනන එක නිසා ජිමින් එයාලගේ තීරණ වලට එකග වෙන්න තීරණය කලා...

ජිමින් එයාගේ ඇදුම් ගලවලා sport kit එක ඇදගන්න ගමන් උන්නේ... ඇදුම් ගලවලා දාද්දිම sport room එකට ටේහ්යුං ආවා... ටේහ්යුං ආවෙත් practice කරන්න ඒත් එයා ජිමින් ඉන්නවා ඇතී කියලා හිතුවේ නෑ...

ටේහ්යුං ජිමින් දැක්කට පස්සේ අහක බලාගත්තා... ඇත්තටම ජිමින් උන්නේ underwear එක පිටින්... කොහෙද ටේහ්යුං ආවෙත් මාර වෙලාවෙදීනේ... ජිමින් ඉක්මනට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගත්තා... ටේහ්යුංනුත් එයාගේ ෂර්ට් එක ගලවලා ඇදුම් ඇදගත්තේ ජිමින් කියලා ජීවියෙක් නැති ගානටයි... හැබැයි ටේහ්යුංට ටී ෂර්ට් එක දාගන්න කලින් ජිමින් කතා කලා...

"අපේ ප්‍රශ්ණ අමතක කරලා ටීම් එක ගැන හිතලා වැඩ කරන්න"

ජිමින් කියද්දී ටේහ්යුං ජිමින් දිහා බැලුවා... ජිමිනුත් ටේහ්යුං දිහාම බලාගෙන උන්නා...

"ටීම් එකේ හැමෝටම ඕනා මේක වින් කරන්න ඒක නිසා දේවල් අවුල් කරන්න එපා..."

ජිමින් තරයේ කිව්වේ ටේහ්යුංට වලි වලට එන්න එපා කියලා... ඒක තර්ජනයක් වගේ කීමක්...

"හහ් ඒක මට නෙවෙයි ඉස්සෙල්ලාම තමුන් තමුන්ටම කියාගන්නවා..."

ටේහ්යුං සමච්චල් විදිහට කිව්වා...

"ඊයෙ උන දේ ගැන මං බලාගන්නම් ටේහ්යුං... ඒත් මීට පස්සේ ඒ වගේ දේවල් වෙන්න බෑ තේරුනාද?"

"තමුන් කවුද මට අණ දෙන්න... මට ඕන දේ මං කරනවා"

ටේහ්යුං කෑ ගැහුවා...

"මෙතන ඔයා විතරක් නෙවෙයි ටීම් එකක් ඉන්නවා කියලා අමතක කරන්න එපා... ඔයාගේ ඔය තනි මතේ ටීම් එකටම බලපානවා ටේහ්යුං... මෝඩ වැඩ කරන්නේ නැතුව තරගේ ඉවර වෙනකංවත් ඉන්නවා..."

ජිමින් ටේහ්යුංගේ සද්දෙටම කෑ ගහලා කිව්වේ ටේහ්යුංව ආපහු තරහා ගස්සලා... ටේහ්යුං වේගෙන් ජිමින් ගාවට ඇවිත් ජිමින්ව කබඩ් එකකට තියලා තද කලා...

"කට වහගෙන ඉන්නවා මං තමුන්ගේ කවුරුත් නෙවෙයි තමුන් කියන කියන දේ කරන්න..."

ටේහ්යුං තවත් ජිමින්ව එතනට තද කරද්දී ජිමින්ට ටිකක් අමාරු උනා...

"අතාරිනවා ටේහ්යුං තමුන් නිසා අදත් practice නැතිවෙයි..."

"තමුන් මට බයයි ඒ කියන්නේ... මහ ලොකු කැප්ටන් මට බයයි ඒ කියන්නේ... හහ් අපරාදේ මේක වීඩියෝ කරන්න තිබ්බේ"

"තමුන් වගේ නිකමෙක්ට බය වෙන්න මට කොහෙවත් අමාරුවක් නෑ ටේහ්යුං"

ජිමින් ටේහ්යුං අත අහක් කරලා පැත්තකට උනා...

"කෙනෙක් මට මේක කරන්න කිව්ව නිසා මං මේක කරන්නේ..."

"මොකක්ද?"

"සොරි ඊයෙ උන දේට..."

ටේහ්යුං කොහෙත්ම ජිමින් ඒකට සමාවගනී කියලා බලාපොරොත්තු උනේ නෑ... ඒත් ජිමින් සමාවගත්තා ඒත් කෙනෙක් ඒක එයාට කියපු නිසයි...

"මතකයිනේ කෙනෙක් කිව්ව නිසයි සමාවගත්තේ... ආපහු මේ වගේ බලාපොරොත්තු වෙන්න එපා..."

ජිමින් එහෙම කියලා එතනින් එලියට යන්න ගියත් ටේහ්යුං ජිමින්ව අතින් අල්ලලා නතර කලා... ජිමින් කරදරකාරී විදිහට අත ගසලා දාන්න හැදුවත් ටේහ්යුං අත තද කරලා අල්ලන් උන්නා...

"මොකද?"

ජිමින් තරහින් ටේහ්යුංගෙන් ඇහුවා...

"කවුද කිව්වේ?"

ටේහ්යුංට ජිමින් ඒක කාගේ කීමකටද කලේ කියන එක දැනගන්න ලොකු උවමනාවක් තිබුණා... ඒකයි එයා ජිමින්ව නතර කරලා ඒ ගැන ඇහුවේ...

"ඊයේ අපි දෙන්නගේ මෝඩ වැඩ වැඩ නිසා ගුටිකාපු අහිංසකයා තමයි එහෙම කරන්න කිව්වේ... එයා ගොඩක් අහිංසකයි එයාගෙන් ඈත් වෙලා ඉන්නවා තේරුනාද?"

ජිමින් කියලා ආපහු අත ගසන්න හැදුවත් ඒකත් හරිගියේ නෑ...

"බෝයිෆ්‍රෙන්ඩ් ගුටිකාපු එකට දුකයිද?"

ටේහ්යුං කටකොනින් හිනා වෙන ගමන් ඇහුවා... ජිමිනුත් ඒ විදිහටම හිනා වෙලා,

"එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් නම් මං තමුන්ට යහතින් ඉන්න ඉඩ තියන්නේ නෑ..."

කියලා වේගෙන් අත ගසලා දාන්න හැදුවා... හැබැයි ජිමින් කියපු දේත් එක්ක කන්පියුස් වෙලා උන්න ටේහ්යුංව ජිමින්ගේ අත ගැසීමේ වේගෙත් එක්ක ජිමින්ගේ පැත්තට තල්ලු වෙලා ඇවිත් බැලන්ස් නැතුව දෙන්නවම ඇදගෙන බිමට වැටුනා...

ටේහ්යුංව ජිමින්ගේ ඇග උඩ හිටින විදිහට ඒ දෙන්නව එහෙම වැටෙනවත් එක්කම sport room එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ ජින්, නම්ජූන් වගේම ජන්කුක් තුන් දෙනයි... ඒ දැකපු දර්ශනයත් එක්ක ආපු තුන් දෙනා කන්පියුස් උන්ගා බුන්ගා උනා...

ටේහ්යුං ඒ වෙද්දිත් උඩ කොටස නිරුවත්ව උන්න නිසාත්, ජිමින් ටේහ්යුං බදාගෙන බිම පෙරලීගෙන උන්න නිසාත් එයාලට ආව dirty mind එක ගැන වරදක් කියන්න බෑ... එතන ජන්කුකුත් ඉන්නවා දැකපු හැටියේ ජිමින් ටේහ්යුං දෙන්නා ඉක්මනටම නැගිට්ටා...

දෙන්නම හිටගෙන දෙපැත්තකට වෙලා බිම බලාගෙන උන්නා...

"උබල දෙන්නා එලියෙදී ගහගෙන කාමර අස්සේ මේවද කරන්නේ ආ? කැත වැඩ බං මේව නම්"

නම්ජූන් කතාව පටන් ගත්තා...

"මෙයා තමයි මුලින් ඒක කරේ..."

ටේහ්යුං වගේම ජිමිනුත් එකපාරටම එහෙම කියද්දී අර තුන් දෙනාගේ ඇස් උඩ ගියා... 'කරා' වට්?

"ඔයාලා හිතන දෙයක් නෙවෙයි අපි කිව්වේ අපි කතා කරා කියලා... පස්සෙ වැටුනා"

ජිමින්ට හීන් දාඩියත් දාලා තිබ්බා... අර තුන් දෙනාගේ මූණු දැක්කාම එයාලා හිතන්නේ නම් හොද දෙයක් නෙවෙයි කියලා හිතූන නිසයි ටක් ගාලා කතාව නිවැරදි කලේ... ටේහ්යුං ඒ අස්සේ ඉක්මනට ටී ෂර්ට් එක ඇද ගත්තා...

"අපි විශ්වාස කලා..."

ජින් කින්ඩියට වගේ කිව්වා...

"මං යනවා..."

තවත් එතන ඉන්න එක ඇගට ගුණ නෑ කියලා තේරුන ටේහ්යුං එතනින් එලියට යන්න ගියේ ජන්කුක් දිහාත් බලලයි... මොකද දැන් ටේහ්යුං දන්නවා ජිමින් ජන්කුක් දෙන්නා අතර ඒ වගේ සම්බන්ධයක් නෑ කියලා...

"පැන්න නේද?"

ටේහ්යුං යන දිහා ජිමින් බලං උන්නේ මූණත් අදුරු කරගෙන... දැන් ඉතින් සේරටම උත්තර බදින්න වෙන්නේ එයාටනේ ඒකත් තට්ට තනියම...

"එයා නම් පැන්නා දැන් ඉතින් ඔය මහත්තයා උන දේ පැහැදිලි කලා නම් හොදයි නේද?"

ජින් අත් දෙකත් ඉස්සරහින් බැදගෙන ජිමින් ගාවට ලං උනා...

"ආහ් ඔයාලා හිතනවා වගේ දෙයක් උනේ නෑ සත්තයි..."

"අපි මොනාද හිතුවේ ඉතින්?"

"එයා එක්ක කතා කරා ආපහු ටීම් එකට එන එක ගැන... ඊට පස්සේ ආහ් පොඩ්ඩක් කතාව දුරදිග යන්න ගියා ඊලගට- ඊලගට ඉතින් වැටුනා..."

ජිමින් උන දේ පැහැදිලි කලේ ඔලුවත් කසන ගමන්... ජන්කුක්ට නම් ඒකට හිනා...

"ආ හරි හරි මුං නටන නාඩගම් නිසා මාවත් අවුල් වෙනවා..."

නම්ජූන් ගිහින් එතන තැනකින් ඉදගත්තා...

"ඕකේ ඕකේ උබ කියන ස්ටෝරියක් තමයි ඉතින්... ආ මේ අපි ආවේ ඔයාගේ ලව් එකට ඔයාව මීට් වෙන්න ඕනා කිව්වා ඒක නිසා එයා එක්ක ආවා..."

ජින් ජන්කුක්ව පෙන්නලා කිව්වා... 'ලව් එක' ජිමින් ජන්කුක් දෙන්නම රතු වෙලා ගියා...

"ආ මේ මේ රතු උනාට කමක් නෑ කතා කරගන්න දෙයක් ඉක්මනට කතා කරගන්න"

ජින් ආපහු දෙන්නට විහිලු කලා...

"ආ තමුන්ලා දෙන්නව මට පස්සේ වෙලාවක අල්ලගන්නම්කෝ... කුකී එන්න අනේ ඔයා මේ මෝඩයෝ කියන ඒවා හිතන්න එපා"

ජිමින් ජින්ලට ඇද කරලා ජන්කුක්වත් අරගෙන රූම් එකෙන් එලියට ඇවිත් ටිකක් දුර ගිහින් නතර උනා...

"මොකක්ද ඔයාට කියන්න තියෙනවා කිව්වේ?"

"හියුන්ගී ඒකට තෑන්ක් යූ කියන්නයි ඕන උනේ..."

ජන්කුක් උත්තර දුන්නත් ජිමින් කල්පනා කලේ ඒ මොකක්ද කියලා... ජිමින් දන්න විදිහට එයා ජන්කුක්ට තෑන්ක් කරන්න දෙයක් කලේ නෑනේ...

"මොකේටද කුකී?"

ජිමින් පුදුමෙන් ඇහුවා...

"ඇයි ඔයා එව්ව පාර්සල් එක-"

"මොකක්ද?"

ඒ පාර නම් ජන්කුකුත් පුදුම උනා... එච්චර ඉක්මනට ජිමින්ට අමතක වෙලාද?

"ඇයි ඔයා මට ගිෆ්ට් එකක් එවලා තිබුණේ... ඊයේ තමයි මට ඒක හම්බුනේ"

ජන්කුක් සතුටින් උත්තර දුන්නා...

"නෑ කුකී මං ඔයාට ගිෆ්ට් එකක් එව්වේ නෑ..."

ජන්කුක් ගොඩක් පුදුම උනා... එතකොටයි ජන්කුක්ට මතක් උනේ ජිමින් ඇත්තටම එයාට පෝන් එකක් නැති විත්තිය දන්නේ නැති බව වගේම එයා කොහෙත්ම ජන්කුක්ගේ කැමති අකමැති දේවල් තවම දන්නේ නෑ කියලත්... එතකොට කවුද ඒවා එව්වේ? ජන්කුක් පුදුම උනා...

"ආහ් හියුන්ගී මං හිතන්නේ ඒක වෙන කෙනෙක් දෙන්න ඇති ම-මං හිතුවේ ඔයාද දන්-නෑ කියලා.. මං- මං දැන් යන්න ඕනා... පස්සේ හම්බෙමු හියුන්"

ජන්කුක් තවත් එතන ඉන්නේ නැතුව වේගෙන් වෙන පැත්තකට දුවගෙන ආවා...

"කවුද මේක එව්වේ?"

ජන්කුක් පෝන් එක අතට අරගෙන කල්පනා කලා... ජන්කුක්ට කාවවත්ම මතක් උනේ නෑ ජිමින් ඇරුනාම කවුරුත් එයාට මේ වගේ දෙයක් දෙයි කියලා හිතන්න බෑ... ඒත් ජන්කුක්ට කෙනෙක් අමතක උනා...

"කාගෙද එතකොට මේ නම්බර් එක?"

ජන්කුක්ගේ පෝන් එකේ එක නම්බර් එකක් තිබුණා... ඒක සේව් කරලා තිබුණත් නමක් සදහන් කරලා තිබුණේ නෑ... ජන්කුක් හිතුවේ ඒක ජිමින්ගේ කියලා ඒත් ඒක ජිමින්ගේ නෙවෙයි...

ජන්කුක් ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තේ කවුද ඒ කියලා ස්තීර කරගන්නයි... ඒත් එක්කම එහා පැත්තෙන් කෙනෙක් කතා කලේ ජන්කුක්ව ගොඩක් පුදුම කරවලා...

:බේබී...







__________________________________

Double Update!!!

Bye
Sarangeo💚💜💙

Continue Reading

You'll Also Like

4.6K 1.2K 12
You're just like a butterfly From afar, I steal glances; if we touch hands, will I lose you? Started : 17.08.21 Finished : 24.08.21
2.2K 67 25
In this AU (alternated universe(?) Mumei is a tired worker who works at a cafe, she has been doing this job for 10 months. She has made 3 new friends...