MY TOPS|VMK|โœ”

By K_yumi_K

59.6K 11.5K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 16-

903 211 19
By K_yumi_K

"ටේහ්යුං ඔහොම නවතිනවා... කිව්වාම අහලා නැවතියං යකෝ..."

ටේහ්යුංගේ පස්සෙන් එලවගෙන ආව යුන්ගි වගේම හෝසොකුත් ටේහ්යුංව නතර කරගත්තා... ඒත් ඒ වෙලේ තරහින් උන්න ටේහ්යුං ඒ තරහින්ම යුන්ගිවයි හෝසොක්වයි පැත්තකට තල්ලු කරලා කෑ ගැහුවා...

"මොකද?"

ටේහ්යුං ආපහු යන්න යද්දී යුන්ගි වගේම හෝසොකුත් ලොකු පරිශ්‍රමයක් දීලා ටේහ්යුංව ලග තිබුණු කාමරයක් ඇතුලට දාලා වහලා ටේහ්යුං කෑ ගහද්දිම එයාව පුටුවක ගැට ගැහුවා...

"උබට මොකක්ද වෙලා තියෙන්නේ ආ? අපිවත් දාලා කොහෙද මේ එක එක තැන් වල යන්නේ? උබට මොනාද මේ දවස් වල වෙලා තියෙන්නේ කියපං"

යුන්ගි ටේහ්යුංගෙන් කෑ ගහලා ඇහුවා...

"උබලට වෙන වැඩක් නැද්ද? පලයං යන්න මං වැදගත් වැඩකට යන්නේ..."

"උබට දැන් අපිට කියන්නත් බැරි වැදගත් වැඩ තියෙනවද? හහ් මට නම් පේන්නේ කලින් අපේ යාලුවා නෙවෙයි වගේ දැන් ඉන්නේ... උබ ගැන අපි නැතුව කවුද හොයලා බලන්න ඉන්නේ ආ? උබට අපිව වැදගත් නැති උන් වගේ පෙනුනට අපිට නම් උබ අපේ යාලුවා..."

යුන්ගි ටිකක් හිත රිදීමකින් කියද්දී දගල දගල උන්න ටේහ්යුං දගලන එක නතර කලා... එයාට උනත් තේරෙන්න ඇති එයා මේ දවස් වල වෙනස් වෙලා කියලා... ඔව් ටේහ්යුං ඇත්තටම මෙහෙම හැසිරුන කෙනෙක් නෙවෙයි... එයාට තරහා ගියා ඒත් මේ වගේ කාරණා වලට නම් නෙවෙයි...

"අහපං ටේයා... උබට මොකක්ද මේ එකපාරටම උනේ? ක්ලබ් ගිහින්, පාන්දර වෙනකං බීලා, එක එක උන් එක්ක රණ්ඩු වෙලා, ගෙදරින් බැනුම් අහගෙන කාලකන්නි වෙන එක හොදයි දැන් උබට වෙලා තියෙන පිස්සුව නොහැදී... ප්ලීස් යකෝ තොට ප්‍රශ්ණයක් නම් අපිටත් කියපං... උබත් එක්ක එකටම මගෝඩි වැඩ කරලා දැන් අපිව හලල දාලා යන එක හරිද?"

හෝසොකුත් ටේහ්යුංගේ වෙනස ගැන එයාගේ හිතේ තිබුණු දේ කිව්වා... කටවහගෙන ඉන්න එකෙත් සීමාවක් තියෙනවනේ...

"මේක වැදගත් වැඩක් ඇවිත් කියන්නම්..."

ටේහ්යුං එයාගේ හඩ බාල කරලා කියලා ආපහු ගහලා තියෙව ගැටේ ගලෝ ගන්න ට්‍රයි කලා... ඒත් ඒක හිතන තරම් පහසු නම් නෑ... ටේහ්යුං කොහොමද අමතක කලේ මේ එයාගේ යාලුවෝ කියලා...

"උබ වී නම් අපි වී ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා ඕකේ... උබට අපෙන් ගැලවිලා යන්න බෑ පුතෝ... කියපං තොට ජිමින් ජන්කුක් එකට ඉන්න එකට ඔච්චරම තද වෙන්න හේතුව මොකක්ද කියලා?"

ටේහ්යුං ගැලවෙන්න දගලන විදිහට දිහා කටකොනින් හිනා වෙන ගමන් යුන්ගි කිව්වා... යුන්ගිගේ කතාව ඇත්ත බව ටේහ්යුංටත් තේරුනා...

"මං දන්නෑ බං..."

"උබ දන්නැත්නම් අපිද දන්නේ? උබ ජන්කුක්ට කැමති නෑ කියලා කලින් කිව්වේ බොරුද? බොරු වෙන්න ඕනා මොකද ඉතින් උබට ජන්කුක් ජිමින් එක්ක එකට ඉද්දී තද උනානේ... ඒ කියන්නේ උබ දැන් ජන්කුක්ට ලව්?"

"මට ඕන නෑ කාටවත් ලව් කරන්න... පැත්තකට වෙලා ඉදපං කපුකම් වැඩ නොකර"

ටේහ්යුං ඒකනම් තරහින් කිව්වේ... එයා කැමතිම නැති වැඩක් එයා කරන්න යන දේවල් වල ගුණ අගුණ කියන එක... කලින් නම් යුන්ගි, හෝසොක් එහෙම කලේ නෑ ඒත් දැන් යුන්ගිලට උනත් ටේහ්යුංගේ වෙනස තේරුන නිසයි එයාලත් ටිකක් වෙනස් උනේ...

"අපි අපේ වැඩ බලාගන්නම් උබ ඒක ගැන බය වෙන්න ඕන නෑ"

යුන්ගි නක්කලේට ටේහ්යුංට කිව්වා...

"මට කියපං දැන් උබට ලොකුවටම තද උනේ ජිමින් වෙන කොල්ලෙක් එක්ක ඉන්න එකටද? නැත්නම් ජන්කුක් කියන කෙනා ජිමින් එක්ක ඉන්න එකටද?"

ටේහ්යුංට ජිමින්ගේ නම දැන් ආපහු මතක් වෙද්දී තරහවක් ඇති වෙනවා... ටේහ්යුං කෑ ගැහුවා...

"ජිමින් ගැන මට වැඩක් නෑ... ජන්කුක් කියන පොඩි හා පැටිය ගැනත් මට වැඩක් නෑ කියලා මං උබලට කිව්වනේ... මොකද වෙලා තියෙන්නේ ඇයි මෙහෙම මාව හිර කරගෙන ඉන්නේ ආ?"

ටේහ්යුං ආපහු ගැලවෙන්න දගලන ගමන් කෑ ගැහුවා...

"උබ අපිට ඇත්ත කියනකං අපි උබව ලිහන්නේ නෑ මැණික"

"හරි දැන් උබලට මොකක්ද දැන ගන්න ඕනා?"

"උබ කාටද ලව්?"

හෝසොක් ටේහ්යුංගෙන් ඇහුවා...

"ඒ කිව්වේ? උබට දැන් ඕනා මං ලව් කාටද කියලා දැනගන්න නම් මෙච්චර වෙලා මොකටද මෙතනට ජන්කුක්, ජිමින් ඇදලා ගත්තේ?"

ටේහ්යුං ගොඩක් වෙලාවට එයාව වරදකට අහු කරන්න දගලන තැන් වලින් බේරෙන්න ප්‍රශ්ණය අහන අයව පටලවන්න දක්ෂයි... ටේහ්යුං ඒ ට්‍රික් එක එයාගේ යාලුවෝ දෙන්නටත් දාලා මෙතනින් ගැලවිලා කරන්න ගියපු වැඩේ ඉවර කරගන්නයි ඕන උනේ...

"උබ අපිව පටලවන්නද යන්නේ? හහ් ටේහ්යුං අපි අවුරුදු ගානක් උබේ යාලුවෝ බං... දැන් කියපං උබ කැමති ජන්කුක්ටද? ජිමින්ටද?"

ටේහ්යුංගේ ඒ උත්සාහයත් වතුරේ ගියා... ටේහ්යුං තීරණය කලා මෙච්චර දවසක් කලා වගේ මේ ප්‍රශ්ණයත් එයාගේ යාලුවෝ එක්ක බෙදාගන්න...

"කාටවත් නෑ... ජන්කුක්ට කැමති උනත් අර පම්පෝරියට නම් කැමති වෙන්නේ නෑමයි"

ටේහ්යුං ඇත්ත කිව්වා... ටේහ්යුං ජන්කුක්ට කැමතිද නැද්ද කියලා තවමත් එයාටවත් ෂුවර් නෑ... ඒත් එයා ජිමින්ට කැමති නෑ ඕකේ..

"ඒත් උබ දන්නේ නැති උනාට උබල දෙන්නව සෙට් කරලා ship එකකුත් මේ වෙද්දී යුනිවර්සිටි එක පුරාම කටකතා යනවා... හැමෝම දන්නවනේ වෛරයකින් පටන් ගන්න ආදර කතා ගොඩක් ලස්සනයි කියලා... ඉතින් උං උබලව සෙට් කරලා මං මේ ලගදී දැක්කා සෙට් එකක් උබල දෙන්නව දාලා කතාවකුත් හදලා තියෙනවා..."

හෝසොක් කියන කතාව ටේහ්යුං අහගෙන උන්නේ පුදුම වෙලා කටත් බාගෙට ඇරගෙන... එයාවයි ජිමින්වයි කපල් කරලා? මේ මොන නවනිංගිරාවක්ද?

"වට්? උබල මෙච්චර දෙයක් කලින් මට කිව්වේ නෑනේ..."

"උබ ඉතින් මේ දවස් වල හා සිහියෙන්නේ උන්නේ... ඕව කියන්න වෙලා කොහෙද ඉතින්"

"හරි මං ඒක ගැන බලාගන්නම් දැන්වත් මාව ලිහනවද මහත්තුරු දෙන්නා..."

අවසානයේ යුන්ගි ටේහ්යුංව බැදලා තිබුණු තැනින් ලෙහුවා...

"උබල දෙන්න එක්ක නම් ආපහු මං වැඩ කරන්නේ නෑ කියන එක මට මතක් කරපං... දැන් එහාට වෙයං මට යන්න ගියපු ගමන යන්න"

ටේහ්යුං හිතුවා වගේ එයාට එයාගේ යාලුවෝ දෙන්නා එච්චර ලේසියෙන් නම් යන්න දුන්නේ නෑ...

"උබ ඔය යන්නේ ජිමින්ගේ මූණකට සමතලා කරන්නනම් ඔයා හිතන්න එපා ඒකෙන් ජන්කුක් ඔයාට කැමති වෙයි කියලා..."

හෝසොක් ටේහ්යුංගෙන් ඇහුවාම ටේහ්යුං හිනා උනා...

"හහ් මාව මෝඩයෙක් වගේ පේනවද?"

ටේහ්යුංගේ අවාසනාවට අර දෙන්නම එකටම ඔලුව උඩට පහලට කරලා ඒක සනාථ කලා...

"උබල යාලුවොද?"

ඒකටත් ඒ දෙන්නා එහෙම්මම ඔලුව වැනුවා... ඒ දෙන්නත් එක්ක අවුරුදු ගානක් උන්න එකට ටේහ්යුං එයාටම ප්‍රශංසා කරගන්න ගමන්,

"හරි මං යන්නේ අපේ කෝච්ව හම්බෙන්න... දැන් හරිද දැන්වත් අයින් වෙලා ඉන්නවා"

කියලා දොර ඇරගෙන එලියට ඇවිත් කෝච්ව හොයන් යන්න ගත්තා... හෝසොක්, යුන්ගි දෙන්නත් පස්සෙන් දුවගෙනම ආවා...

"උබ ඒ පාර ජිමින්ට ගහන්නැතුව කෝච්ට ගහන්න යනවද? මොන පව්කාරයෙක්ද මේ"

යුන්ගි යන ගමන්ම එයාගේ කනස්සල්ල ප්‍රකාශ කලා... ඇත්තම කතාව නම් ටේහ්යුංගේ ෆුට් බෝල් කෝච් මේ වෙද්දිත් දෙතුන් සැරයක්ම ටේහ්යුංගේ ගුටි කා ඇත...

"උට ගහලා ඇත්තටම මට පව් පිරෙයි... ඒකට නෙවෙයි යන්නේ මං යන්නේ මගේ ප්ලේස් එක මට ආපහු ඕනා කියන්න"

ටේහ්යුං කියද්දී යුන්ගි වගේම හෝසොකුත් පුදුම උනා...

"උබ?"

"ඔව් ආපහු මට පටන් ගන්න ඕනා ඒක මං මගෙන් උදුරගත්ත ටීම් එකෙන් පටන් ගන්නවා"

ටේහ්යුංගේ කතාව එක්ක අර දෙන්නාගෙම මූණට ලොකු හිනාවක් ආවා...

"අන්න එහෙම ඉදපං බ්‍රෝ... වාව් දැන්නම් හිතට සතුටුයි පරණ ටේහ්යුං ආව එකට"

"ආ ඒක නෙවෙයි මේකෙන් පස්සේ මට ඔය දෙන්නගෙන් ලොකු සප් එකක් ඕන වෙනවා"

ටේහ්යුං නතර වෙලා ඒ දෙනානගේ පැත්තට හැරුනා...

"කියන්න මැණික ඔයා වෙනුවෙන් ඕන දෙයක්"

"උබේ මැණික එහා පැත්තේ ඉන්නේ බං... ඒක නෙවෙයි මට ඕනා හාවෙක්ව කොටු කරගන්න... ඉතින් උබල උදව් කරනවද?"

ටේහ්යුං ඇහැක් ගහලා ඇහුවාම අර දෙන්නා මූණට මූණ බලාගත්තා...

"උබ හාවට කරදර කරන්නේ නැත්නම් බොක්කෙන්ම උදව් කරනවා"

යුන්ගි, හෝසොක් දෙන්නත් ටේහ්යුංට එකටම ඇහැක් ගහද්දී හිනා උන ටේහ්යුං ආපහු එයාගේ ගමන යනීන පටන් ගත්තේ,

"Okay, Let's go" කියන ගමන්මයි...













"ඔහ් ටේහ්යුං හුග කාලෙකින්නේ දැක්කේ..."

ටේහ්යුංව දැකපු එයාගේ කෝච් කිව්වා... ටේහ්යුං කිසිම සුහදත්වයක් නැතුව කෙලින්ම එයාගේ කෝච්ට එයා ආව කාරණාව කිව්වා...

"මට ආපහු ටීම් එකට එන්න ඕනා"

"යද්දිනම් මටත් පාට් දාලනේද ගියේ? මොකෝ එකපාරටම ආපහු එන්න ඕනා උනේ?"

කෝච්ට තාමත් මතකයි ටේහ්යුං එදා ටීම් එකෙන් ගියපු සිද්ධිය... ටේහ්යුං ටීම් එකේ කැප්ටන්කම බාරගන්න එක ප්‍රතික්ෂේප කලා... ඒකට හේතුව ටේහ්යුංට ඒ වගේ තනතුරු එක්ක එයාගේ සෙල්ලක්කාර විනෝද ජීවිතය ගෙනියන්න බැරි නිසා... ඒත් ටේහ්යුං කවදාවත් හිතුවේ නෑ එයා බෑ කියපු ඒ තනතුරට එයාගේ ලොකුම තරහකාරයා පත්වෙයි කියලා... ජිමින් කැප්ටන්කම බාරගන්න දවසෙම ටේහ්යුං ටීම් එකෙන් යන්න ගියේ කෝච්ටත් බැනලමයි...

"හෙට වෙද්දී ටීම් එකේ මගේ තැන clear වෙලා තියෙන්න ඕනා... එහෙම නැත්නම්?"

කෝච් හිතුවේ ටේහ්යුංව ආපහු නම්මගන්න... ඒත් ඒක හිතුව තරම් ලේසි නෑ... ටේහ්යුං කෝච් දිහාවට ඇවිත් එයාගේ ඇස් කෙලින්ම බැලුවා... ටේහ්යුංගේ බැල්මට වැඩිමහල් කෙනෙක් උනත්, කෝච් කෙනෙක් උනත් එයාවත් වෙව්ලලා ගියා...

"එහෙම නැත්නම්?"

"මං දන්නවා ඒ තැන clear කරගන්නත්, soo ඉක්මනටම මට practice වලට කතා කරයි කියලා බලාපොරොත්තු වෙනවා... ගිහින් එන්නම්"

ටේහ්යුං කෝච්ට සැලියුට් එකකුත් ගහලා එතනින් යන්න ගියා...











__________________________________

Bye
Sarangeo💚💜💙

Continue Reading

You'll Also Like

29.8K 6.3K 31
A Taekook Sinhala FF โค๏ธ
13.9K 377 20
"๐š๐šž๐š—๐š—๐š’๐š—๐š ๐š๐š›๐š˜๐š– ๐š๐š‘๐šŽ ๐š™๐šŠ๐šœ๐š ๐šƒ๐š›๐š’๐š™๐š™๐š’๐š—๐š ๐š˜๐š— ๐š๐š‘๐šŽ ๐š—๐š˜๐š  ๐š†๐š‘๐šŠ๐š ๐š’๐šœ ๐š•๐š˜๐šœ๐š ๐šŒ๐šŠ๐š— ๐š‹๐šŽ ๐š๐š˜๐šž๐š—๐š, ๐š’...
15.6K 2.8K 28
"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop...