MY TOPS|VMK|βœ”

By K_yumi_K

63.7K 11.8K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 16-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 15-

990 219 26
By K_yumi_K

ජන්කුක් එයාගේ ලෙක්චර් හෝල් එකේ වාඩි වෙලා ගොඩක් ලොකු කල්පනාවකට වැටිලා උන්නේ... එයාට ඇත්තටම හිතන්න ලොකු දෙයක් තිබුණා...

'එතකොට එයාලා හැමෝම මට ආදරෙයිද? අප්පා නිසාද එයාලට මං ගැන හොයන්න බැරි උනේ... ඔම්මා, ඔම්මා ඔයා යන්න කලින් එයාලට මාව බලාගන්න කිව්වද?'

ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා... ජන්කුක් හිතුවේ ඔම්මා එයා එක්ක තරහා වෙලයි යන්න ගියේ කියලා... ජන්කුක් හිතං උන්නේ කවුරුත් එයාට ආදරේ නෑ කියලා... ඒත් ඊයේ රෑ මිස්ටර් ජෙයොන්, යූරා, ජීහාන් තුන් දෙනාම ගෙදරින් ගියාම ජන්කුක් විතරක් තනි උනාම උනේ ගොඩක් පුදුම සහගත දෙයක්...

'එයාලා මං ගැන දුක් වෙලාද ඒ කියන්නේ...'

ජන්කුක්ට දැන් ඇත්තටම අඩන්න ඕනා මුකුත් නිසා නෙවෙයි සතුට වැඩිකමට... ජන්කුක්ගේ ගෙදර අය- ජන්කුක්ගේ අප්පගේ ගෙදර පරණ සර්වන්ට්ලා හැමෝම වගේ ජන්කුක්ට ඊයේ එයාලා ජන්කුක් ගැන වද උන විදිහ, මුකුත් කරගන්න බැරුව අසරණ උන විදිහ ගැන කියලා ජන්කුක් ඉස්සරහා සමාවගත්තා... ජන්කුක්ට එයාලගෙන් දැනගන්න ලැබෙනවා එයාගේ ඔම්මා මැරෙන්න කලින් ඒ කාලේ වැඩ කරපු අයට කියලා තියෙනවා ජන්කුක්ව බලාගන්න කියලා... ඒත් ඒ ගැන ජෙයොන් දන්න නිසා නීති තද කරලා... ජන්කුක්ට හොරෙන් සලකන්න ගිය අයව අස් කරලා... ජෙයොන්, ජන්කුක්ට ඇයි එච්චර අකමැති කියන්න කවුරුත්ම දන්නේ නෑ මං හිතන්නේ නෑ අඩුම එයාවත් දන්නවා ඇති කියලා...

'ඔම්මා මං එයාලව විශ්වාස කරන්නද? ඔම්මා මාත් එක්ක තරහා වෙලා නෙවෙයි ගියේ කියලා මං විශ්වාස කරන්නද?'

ජන්කුක් තනියම එයත් එක්කම කියෙව්වා... ජන්කුක්ට තවමත් ජිමින්ලා ඇරුනාම යාලුවෝ උන්නේ නෑ... කලින් ඉදන්ම යාලුවෝ නම් උන්නේ නෑ කියමුකෝ ඒත් දැන් ජන්කුක්ට හතුරෝ නම් ගොඩක් ඉන්නවා... මොකද ජන්කුක් ආශ්‍රය කරන්නේ යුනිවර්සිටි එකේ එක පැත්තක සිහින කුමාරයාව... ජිමින් ජන්කුක්ට වැඩි උනන්දුවක් දක්වන එකට ජිමින් වෙනුවෙන් සිහින දකින අයට ඉතින් ඉවසන්න බෑනේ...

"කුකී..."

ජන්කුක් වගේම හෝල් එකේ හැම ලමයෙක්ම ඒ කෑ ගැහිල්ල ඇහුනු දිහා බලද්දී තමයි දැක්කේ කෑම පාර්සල් එකක් අතේ තියාගෙන හිනා වෙලා ඉන්න ජිමින්ව... ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගද්දී අනිත් ලමයි හැමෝම ජන්කුක් දිහාත් හිනා වීගෙන ඉන්න ජිමින් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා... ජන්කුක් ජිමින් දිහා බලං ඉද්දී අතත් වැනුව ජිමින් ජන්කුක් ගාවට ඇවිදගෙන ආවා... එයා ඇවිත් ජන්කුක් ගාවින් වාඩි වෙලා ආපහු පාරක් ජන්කුක් එක්ක හිනා උනා...

"මං ඔයාගේ උදේ කෑම එක ගෙනාවා..."

ජිමින් ජන්කුක්ගේ මූණ ඉස්සරහට එයාගේ අතේ තිබුණු පාර්සල් එක පෙන්නද්දී ජන්කුක් ජිමින් දිහාම බලං උන්නා... පලවෙනි පාරට ජන්කුක්ට ජිමින්ගේ කඩවසම් මූණ ගැන, ඒ හිනාව ගැන ගොඩක් දේවල් හිතෙන්න පටන් ගත්තා...

ජිමින් කඩවසම්, එයා යුනිවර්සිටි එකේ ඉන්න cool ම බෝයි උන එකට වෙන සාක්ෂි ඕන උනේ නෑ ජන්කුක්ට... ජිමින් හැම දේකටම දක්ෂයි, ජිමින් අනිත් අය ගැන කෙයා' කරන විදිහ ගොඩක් ආදරණීයයි... ඒත් ඇත්තටම ජිමින් එහෙම කාවවත් විශේෂ කරලා කෙයා' කරන කෙනෙකුත් නෙවෙයි... ඒත් එයා ජන්කුක්ට විශේෂයි... ජන්කුක්ට ජිමින් එයා ගැන හොයලා බලන විදිහ ගැන හිතද්දී ඇත්තටම කාලෙකට පස්සේ එයාට එයාගේ ඔම්මගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් හම්බුනා කියන හැගීම දැනෙන්න ගත්තා... ජන්කුක්ගේ හදවතේ වේගය ගැන මේ මොහොතේ ජන්කුක්ටවත් හිතා ගන්න බෑ...

"කුකී ඔයා මොනාද ඔච්චර කල්පනා කරන්නේ? මගේ කඩවසම්කම ගැන නම් ඔයාට දවස් ගානක් ඒක ගැන කල්පනා කරන්න වෙයි හොදේ..."

ජිමින් ඒ මොහොතේ එහෙම දෙයක් කිව්වේ ජන්කුක් එයාගේ මූණ දිහා බලාගෙන ලොකු කල්පනාවක උන්න නිසයි... ජිමින් ඒක විහිලුවට වගේ කිව්වට ජන්කුක් ඇත්තටම එවෙලේ හිතුවේ ඒක ගැන තමයි...

"මු-කුත් න්නෑ..."

ජන්කුක්ට වටන පැටලුනා ඒ වගේමයි එයාට පුංචි ලැජ්ජාවකත් දැනුනා..

"හරි හරි ඒකට කමක් නෑ බබී... මං ඔයාට උදේ කෑම අරං ආවා... මං ඔයාව ගේට් එක ගාවදී බැලුවට ඔයා උන්නේ නෑනේ පස්සේ මං කැන්ටිමටත් ගියා... එතකොට ජින් කිව්වා ඔයා ආවේ නෑ කියලා පස්සේ මේකත් අරං මං ඔයාව බලන්න ආවා..."

මේ ජිමින්මද? අනිත් ලමයින්ගේත් අවදානය ඒ දෙන්නා වෙතට ලැබිලා තියෙද්දී ජිමින් ජන්කුක්ගේ අතින් එයා ගෙනාව කෑම එක තිබ්බා... ජිමින් එහෙම කරන්න ලොකුම හේතුව උනේ ජින් එක්ක ජන්කුක් ගැන කතා කරන එකෙන්, ජන්කුක්ගේ හැසිරීමෙන් එයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ජිමින්ලට තේරිලයි තිබුණේ... ජන්කුක්ව මුලින්ම ජින්ට හම්බුණ දවසේ ජන්කුක්ට කෑම නැතුව කලන්තේ දාලා තියෙනවා කියන එකෙනුයි ජින් සහ ජිමින් ඒ නිගමනයට ආවේ...

අන්න ඒ හේතුව නිසයි ජිමින් ජන්කුක්ව නිතරම කෑම කන්න එක්කන් ගියේ... ජන්කුක් එයාට එයාගේ පර්සනල් ලයිෆ් එක ගැන කිසිම දෙයක් තවමත් නොකියන නිසා ජිමින්ට ඕනා උනේ ජන්කුක්ගේ ලගින් ඉන්න... මේ වෙද්දිත් ජිමින් ජන්කුක්ට ගොඩක් කැමති වෙන්න අරගෙන තිබුණා...

ජිමින් කෑම එක දුන්නත් ජන්කුක් ජිමින්ගේ කරුණාවන්තකම ගැන වගේම ජිමින්ගේ වචනයෙන් විස්තර කරන්න බැරි කඩවසම්කම ඇතුලේ ගිලිලා ගැඹුරට ගිහින් තිබුණා...

"හේයි, ඔයා මොනා ගැනද ඔය හැම වෙලේම හීන ලෝකවලට ගිහින් කල්පනා කරන්නේ කුකී..."

ජිමින් ආපහු ඇහුවා... එතකොටයි ජන්කුක්ටයි තමන් ආපහු පාරක් වැඩිපුර හිතලා නේද කියලා මතක් උනේ...

"මුකුත් නෑ චිමී හියු-"

ජන්කුක් මොකක්ද ඒ කිව්වේ? කොහෙත්ම ජන්කුක් හීන වලදී ජිමින්ට කතා කරන නම ඒ මොහොතේ එයාගේ කටින් පිට උනේ නම් හිතලා නෙවෙයි... ජන්කුක් ඉක්මනට කට අතින් වහ ගත්තා... ඒත් ඉතින් ඇහෙන්න ඕන අය ඒක අහගෙන ඉවරයි...

"මොකක්ද? ආ ආපහු කියන්න මොකක්ද ඔයා ඒ කිව්වේ?"

ජිමින්ට ජන්කුක් කියපු දේ එක්ක ආපහු ඒක ස්තුර කරගන්න ඕන කමට ඇහුවා...

"න්නෑ ඒක-"

"ආපහු කියන්න ප්ලීස්... ඔයා මට නික් නේම් එකකුත් දැම්මද කුකී? ආ මට හරිම සතුටුයි... ඔන්න ආපහු නම් මට කතා කරන්න පුලුවන් ඒ නමින් විතරයි..."

ජන්කුක් ජිමින්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ... ජිමින් ඒකට කැමතී... ජන්කුක්ට ගොඩක් සතුටුයි...

"චිමී හියුන්"

"ගෝඩ්... ආ මට ගොඩක් සතුටුයි අනේ"

ජිමින් සතුටට පැනපු ගමන් ජන්කුක්ව බදාගත්තා...

"හියුන් මං මැලෙයි අනේ..."

"හී..."

ජිමින් ජන්කුක්ව අත ඇරලා හිනා උනත් ආපහු පාරක් සතුටට බදාගත්තා... ජන්කුක්ටත් ලාවට හිනා ගියා...

ඒත් ඇත්තටම මේ සිද්ධිය නොදකින්න ඕනා කෙනෙක් දැක්කා... ජන්කුක්ව බලන්නයි කියලා හිතාගෙන හෝල් එකට ආව ටේහ්යුංට දැකගන්න පුලුවන් උනේ ජිමින් ජන්කුක් එක්ක හිනා වෙවී ඉන්න එකයි.. හෝල් එකේ හැමෝම වගේ එයාලා දිහා බලාගෙන උන්නත් එයාලා එයාලගේ ලෝකවල ඉන්න බව ටේහ්යුංට තේරුනා... ටේහ්යුං එයාගේ අතේ තිබුණු ටින් එක චප්ප කලේ ජන්කුක් ජිමින් දෙන්නා බදාගෙන ඉන්න එක දිහා බලාගෙනමයි... ටේහ්යුංගේ අතේ නහර ඉලිප්පිලා ගිහින් ඇස් ගොඩක් තරහින් පිරිලා තිබුණා... ජිමින් කොහොමද එච්චර ජන්කුක්ට ලං උනේ? ටේහ්යුංට ඇයි තාමත් ඒක කරගන්න බැරි උනේ? ටේහ්යුංට ඒකට ගොඩක් ලොකු තරහක් ඇති උනා... ටේහ්යුං එයාගේ අත් අතර පොඩි උන ටින් එකත් එතනම පොලේ ගහලා ගොඩක් තරහින් යන්න ගියා...

"එයාට මොනා උනාද?"

ටේහ්යුං එක්කම පිටිපස්සෙන් ඇවිත් හැම දේම බලාගෙන උන්න යුන්ගි ඒ විදිහට එයාගේ පෙම්වතාගෙන් ඇහුවා... ටේහ්යුංගේ හැසිරීම එක්ක එයාලා දැන් ලොකු නිගමනයකට ඇවිත් තමයි උන්නේ...

"අනේ මංදා... හැබැයි ඉතින් මට පේන්නේ ජිමින්ට නම් එයාගේ පාට්නර් හම්බෙලා කියලා ඒත් ඉතින් අපේ කෙනාට හුලං වගේ..."

"ටේහ්යුං එයාට කැමතිද ඇත්තටම?"

යුන්ගි හෝසොක්ගෙන් ඇහුවා... එයාලට ඇත්තටම ඒක ස්තීර කරගන්න බැරි ටේහ්යුං කියන්නේ ටේහ්යුං නිසයි... මොකද ටේහ්යුං මුරණ්ඩුකම, එයාගේ චරිතය එක්ක ඇත්තටම හොදම යාලුවෝ උනත් ඒ දෙන්නා දැනගෙන උන්නා ඒක ඇත්තටම එකපාරටම ස්තීර කරන්න බැරි දෙයක් කියලා...

"මොනා උනත් නතර වෙලා තිබුණු ගැටුම් ආපහු පටන් ගනී වගේ"

"මටත් හිතෙනවා..."
යුන්ගි එහෙම කියලා හෝසොක් එක්ක ටේහ්යුං ගියපු පැත්තට ගියේ ආපහු පාරක් ජිමින් වගේම ජන්කුක් දිහාත් බලලා ලාවට හිනා වෙන ගමන්මයි...



"එහෙනම් කුකී ඔන්න පොරොන්දු උන විදිහට ඔයාව අද ගෙදරට එක්කන් යන්නේ මං"

ජිමින් උනන්දුවෙන් ජන්කුක්ට කිව්වා...

"හම්"

ජන්කුක් එහෙම විතරක් උත්තර දුන්නාම ජිමින් ජන්කුක්ගේ කොණ්ඩෙ ඇවිස්සුවා... ඊලගට බායි කියලා ජිමින් එලියට ආවා... ඒත්,

"එයාලා දෙන්නා ඇයි මේ පැත්තට ආවේ?"

ජිමින් එලියට එද්දී දැක්කා කතා කර කර අනිත් පැත්තට යන යුන්ගි, හෝසොක් දෙන්නව... ජිමින් වටපිට බැලුවේ ටේහ්යුංව හොයන්න උනත් ටේහ්යුං මේ වෙද්දිත් පේන මානෙක උන්නේ නෑ... ටේහ්යුං නැතුව යුන්ගි, හෝසොක් දෙන්නව දැක්ක ජිමින් පුදුම උනේ ඒක නිසයි... ජිමින් ආපහු ජන්කුක් දිහා බලද්දී ජන්කුක් එයාගේ කම්මුල් දෙකට අත් තියාගෙන තනියම හිනා වෙවී උන්නා... ඒක දැකපු ජිමින්ට එකපාරටම හිනා ගියා... ජන්කුක් දිහා එතන ඉදනුත් ටිකක් වෙලාම බලාගෙන උන්න ජිමින් අවසානේ එයාගේ වැඩ වලට යන්න පිටත් උනා...












ටේහ්යුං වේගෙන් ආවේ වොශ්රූම් එකට... ජන්කුක්ව ඒ විදිහට ජිමින් එක්ක දකින එක එයාගේ හිතට ලොකු තරහවක් ඇති කරලා තිබුණා... ටේහ්යුං වේගෙන් වොශ්රූම් එකේ කණ්ණාඩියට ගැහුවාම කණ්ණාඩිය කුඩු වෙලා ඒකේ කෑලි වලට ටේහ්යුංගේ අත තුවාල උනා... ඒත් ඒ වේදනාවට වඩා ටේහ්යුංගේ හිතේ වෙන තරහක් ලොකුවටම වේදනා දුන්නා...

"ඇයි එයා හැම වෙලේම මගේ පාරට හරස් වෙන්නේ? ඇයි උබ හැමවෙලේම මං ලබාගන්න උත්සාහ කරන දේවල් වලටම ඇගිලි ගහන්නේ? උබ දන්නවා මට වඩා හැමෝම උබට කැමතී කියලා... ඒකෙන් ප්‍රයෝජන අරගෙන හැමදාම උබ දින්නා... යාලුවෙක් විදිහට ඉදලා එකපාරටම ඇයි මෙහෙම වෙනස් උනේ මිනී? හැමදාම ඔයා මගේ පාරට එද්දී මං අයින් උනා ඔයාට දිනන්න දීලා... මට රණ්ඩු කරලා, ගහගෙන, උබ එක්ක තරහ වෙලා ඉදලා හුගක් මහන්සී... ඇයි හැමවෙලේම මාව පාගලා දාන්න හදන්නේ? නෑ කොහෙත්ම ඔයාට මං එයාව නම් දෙන්නේ නෑ... ආපහු මොන දේට පරාද උනත්, මං එයාව ලබාගෙන මිසක් මේකෙන් නම් පැනලා යන්නේ නෑ..."

ටේහ්යුං කැඩුනු කණ්ණාඩියෙන් පේන එයාගේ ප්‍රතිබිම්බයටම කතා කලා... ටේහ්යුංගේ ඇස් රතු වෙලා වගේම කදුලුත් කඩා හැලිලා තිබුණා... ටේහ්යුං එයාගේ ලේ ගහන අත එහෙම්මම හෝදගෙන වොශ්රූම් එකෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ ෆුට්බෝල් ටීම් එකේ කෝච්ව මුණ ගැහෙන්නයි...





__________________________________

ටේහ්යුංට වගේම ජිමින්ටත් එයාලා එයාලා තරහ වෙන්න පුංචි හේතුවක් තියෙනවා.. ඒක නිසා කාටවත් බනින්න එපා.. මේක vminkook කතාවක් හොදේ😊❤

Bye
Sarangeo💚💜💙

Continue Reading

You'll Also Like

24.3K 730 123
HELLO This is my lowkey hellish book for My Hero Origins (Mho)/My Hero Eternity (Mhe) COVER ART ISN'T MINE BUT ITS SO FREAKING GOOD Creds: @RooknR...
58.6K 3.2K 52
Ah yi hasn't had the easiest childhood, infact she had no childhood. It was her dream to be the best agent in korea, but it was her ultimatum to see...
3.7K 109 50
Who knew that Bokuto's sweet gesture of hosting Akaashi's 18th birthday party would trigger a series of events, which leads to the romances of so man...
14K 1.1K 12
πŸŽ€ The unconventional love affair in the so - called standard world πŸŽ€ kim teahyung , jeon jungkook and kim songhyeon ✨️β™₯οΈπŸ’œοΈ 🀰🀰🀰🀰🀰🀰🀰 πŸ”ž οΏ½...