"ටේහ්යුං"
මීරාගේ කටහඩ ඇහෙනවත් එක්කම ටේහ්යුංව අල්ලන් උන්න යුන්ගි, හෝසොක් දෙන්නා එතැනම නතර උනා... මරණීය බයක් හිතට දැනෙද්දී ටේහ්යුංව මෙතන දාලා දුවගෙන යන්න ඕන උනත් යාලුවාව තනි කරන්න බැරි නිසා මොන දේ උනත් කමක් නෑ කියලා ඒ දෙන්නා එහෙම්මම උන්නා... මීරා එයාලා ගාවට ඇවිත් ඉස්සරහින් හිට ගත්තේ මූණ ගොඩක් නරක් කරගෙන...
"කොහේ ගිහින් එනවා කියලා හිතාගෙනද තුන් දෙනා ඔය එන්නේ? මේක බාර් එකක්වත් ක්ලබ් එකක්වත් හොටෙල් එකක්වත් නෙවෙයි බීපු මිනිස්සුන්ට එන්න..."
මීරා ගොඩක් තරහින් තමයි කතා කරේ... යුන්ගි, හෝසොක් දෙන්නව බයටම ගැහෙන්නත් අරගෙන තිබුණා වගේම තවමත් වෙරි ටේහ්යුංට මෙලෝ සිහියක් තිබුණේ නෑ...
"කතා කරනවා කොහේ යනවා කියලා හිතන්ද ආවේ? මහත්තයලා තුන් දෙනාට නැත්නම් පාර වැරදුනාද?"
"මීරා ආන්ටී අ-අපි මේ-"
හෝසොක් කතා කරන්න උත්සාහ කලත් වචන එන්නෙත් නෑ වගේ ගැටලුවක් තිබුණේ...
"ඔව් මං ඔයාලා ගැන නම් තමයි අහන්නේ... ඊයේ රෑ බිව්ව තව මදි වෙලාද අද උදේ පාන්දරයත් බීලා ආවේ? ඔයාලට කරන්න වෙන වැඩක් මතක් වෙන්නෙම නැද්ද මං අහන්නේ?"
"ආන්ටී මට නිදාගන්න නම් මතක් වෙනවා නිතරම-"
තත්වය කෙසේ පැවතුනත් එකපාරටම කටට ආව එක යුන්ගි කියලා දැම්මා... හෝසොක් එයාගේ අත නලලේ ගහ ගද්දී යුන්ගි හරිම අහිංසක විදිහට මීරා දිහා බැලුවා...
"ඔව් ඔව් මටත් පේනවා තුන් දෙනාට නිදාගන්න නම් මතක් වෙලා තියෙනවා කියලා... ඒකනේ ගෙදර මතක් වෙලා තියෙන්නේ... මේ කොල්ලො මගෙන් මැරුම් නොකා එනවල යන්න මාත් එක්ක"
මීරා ඉස්සර උනා... එයා පිටි පස්සෙන් ටේහ්යුංවත් වත්තම් කරගෙන යුන්ගි, හෝසොක් දෙන්නා ආවා... උඩ තට්ටුවට ආව මීරා ටේහ්යුංගේ කාමරේ දොර ඇරලා තුන් දෙනාට ඇතුලට යන්න කිව්වා... ඇතුලට ආවම මීරා ආපහු ගිහින් ටේහ්යුංගේ කාමරේ තිබුණු බාත්රූම් එකේ දොර ඇරලා අතින් අර දෙන්නට සංඥා කලේ ටේහ්යුංව ඇතුලට අරගෙන එන්න කියලයි... මේ වෙලේ වෙන කරන්න දෙයක් නැති නිසා ගොඩක් අසරණ විදිහට මීරා දිහා යුන්ගි, හෝසොක් බැලුවත් එයාලටත් එරෙව්ව මීරා වැනි වැනි උන්න ටේහ්යුං ලගට ආවා...
"මෙහෙ එනවා..."
ටේහ්යුංගේ අතින් ඇදගෙන මීරා ටේහ්යුංව බාත්රූම් එක ඇතුලට තල්ලු කරා... ටේහ්යුංව ශවර් එක යටටම ඇදලා දාපු මීරා අවසානයේ ටේහ්යුංව නෑවිලා යන්න සීතලම සීතල වතුර ෂවර් එක ඇරියාම කෑ ගහගෙන ටේහ්යුං අහගට පැන්නා... ඒත් මීරා ආපහු ඇදලා ටේහ්යුංව ගද්දී වෙරිමත හිදෙනකංම ටේහ්යුංට සීතල වතුර නාන්න උනා...
මීරා ටේහ්යුංගේ බාත්රූම් එකෙන් එලියට එද්දී මෙච්චර වෙලා කුටු කුටු ගගා උන්න කපල් එක දෙපැත්තකට වෙලා ඔලුව පහල් කරගත්තා... මීරා දෙන්නා දිහාම බලලා එලියට ගියාම වෙරි හිදුන ටේහ්යුං තෙත පිටින්ම එලියට ආවා...
"ටේහ්යුංනා..."
දෙන්නම දුවගෙන ටේහ්යුං ගාවට ආවා... ටේහ්යුංගේ ඇස් රතු වෙලා තිබුණා එයා කෙලින්ම ක්ලෝත්සෙට් එකෙන් ඇදුමක් අරගෙන ආපහු බාත්රූම් එකට ගියා...
"අපි යනවද?"
"මෙයාව මෙහෙම දාලා යන්න බෑ යූන්, අපි ටිකක් ඉමු නේද?"
"හම්..."
ටේහ්යුං ආපහු ඇදුමක් මාරු කරගෙන බාත්රූම් එකෙන් එද්දී කෑම ප්ලේට් තුනක් අරගෙන මීරා කාමරේට ආවා...
"දැන් තුන් දෙනාම කෑම කන්න... ඊට පස්සේ එක එක්කෙනා ඇවිත් මට සම්පූර්ණ ඇත්ත කියන්න ඕනා... ඊයේ ඉදන් ඔයාලා කොහෙද හිටියේ සහ මොනාද කරේ කියලා... තේරුනාද?"
තුන් දෙනාම රොබෝලා වගේ ඔලුව වැනුවා... කොච්චර එලියට චන්ඩියා උනත් ටේහ්යුං පවා එයාගේ මාම් මීරාට ගොඩක් බයයි... ආපහු කතා බතා නැතුව කෑම කෑව තුන් දෙනා මීරා ඉස්සරහදී හැම දෙයක්ම කිව්වා... එයාලා ඊයේ රෑ යාලුවෙක්ව හම්බෙන්න ගියා කියලත් එයාව බාර් එකේදී හම්බුනා කියලත් වැරදිලා සැර ජාතියක් පෙවිලා තුන් දෙනාටම උදේ වෙනකං නින්ද ගියා කියලත් ලොකු බොරුවක් ඇත්ත වගේ කියන්න පුලුවන් උනා... මොනා උනත් තුන් දෙනාම ගොඩක් ලස්සනට එකම බොරුව කිව්ව එකෙන් මීරාට එයාලව විශ්වාස කරන්න සිද්ධ උනා... අවසානයේ තුන් දෙනාට සතියක් ක්ලබ් යන එක තහනම් කරලා වැඩේ බේරුනා...
යුන්ගි, හෝසොක් දෙන්නා එයාලා නැවතිලා ඉන්න අපාර්ට්මන්ට් එකට යද්දී ටේහ්යුං එයාගේ කාමරේට ගියා... යුනිවර්සිටි කට් කරන එක එයාලට නම් ලොකු දෙයක් නෙවෙයි... මිස්ටර් කිම්ගෙන් කොච්චර බැනුම් ඇහුවත් ටේහ්යුං එයා කැමති දේවල් කරන්නම පුරුදු වෙලා උන්නා... එයාගේ මුරණ්ඩුකම හැම දෙයකටම මුල් වෙලත් තිබුණා...
ටේහ්යුං එයාගේ පෝන් එකේ එහාට මෙහාට යන ගමන් ඉද්දී එයාට කෝල් එකක් ආවා... call ID එක දැක්ක වහාම ආන්සර් කලේ එයා ඒ කෝල් එක බලාපොරොත්තුවෙන් උන්න නිසයි...
අවසානයේ එහා පැත්තෙන් කතා කරපු කෙනා කියපු විස්තර එක්ක ටේහ්යුං එක දෙයක් තීරණය කලා... ඒ හෙට ඉදන් 'එයා' එන හැමදාකම යුනිවර්සිටි යනවා කියලා...
ජන්කුක්ට උදේ කෑම වෙලාවෙන් පස්සේ ජිමින්ලව හම්බුනේ නෑ... ජන්කුක්ට එයාලව හොයන්න ඕන උනත් එයා ඒක කරන්නේ නැති නිසා සුපුරුදු විදිහට ලෙක්චර් ඉවර කරපු ජන්කුක් ගෙදර යන්න පිටත් උනා...
ජන්කුක් ගොඩක් සතුටින් ගේ ඇතුලට ඇතුල් උනත් ඊගාව මොහොතේ ජන්කුක්ට බලාපොරොත්තු නොවුන විදිහේ කම්මුල් පාරක් ලැබුනා... ජන්කුක්ව ඇදිලා ගිහින් බිත්තියේ වැදිලා නතර වෙද්දී රිදුම් දෙන කම්මුලත්, කදුලු පුරවගත්ත ඇස් දෙකෙනුත් ජන්කුක් කවුද කියලා ඔලුව උස්සලා බැලුවා... එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි එයාගෙම අප්පා, මිස්ටර් ජෙයොන්...
"උබව එයාට මොකට ලැබුනද මංදා කාලකන්නියා..."
දවස් ගානකින් කිසිම දෙයක් ඇහුවේ නැති උනත් ඒ වචන ජන්කුක්ගේ නම් කන් වලට ගොඩක් හුරු වචන උනා... එයා කම්මුල අල්ලන් ඔලුව බිමට නවාගෙනම ඉන්නා...
"උබ දැන් සල්ලිකාර යාලුවෝ ආශ්‍රය කරන්නේ අපිව පොලීසි යවන්නද? උබට ඕනා ඔබේ අප්පව ලෝකෙට වැරදිකාරයෙක් කරන්නද? කියපං මට..."
ජන්කුක්ගේ අප්පා තවත් පාරවල් දෙක තුනක්ම ජන්කුක්ගේ අනිත් කම්මුලට ගැහුවා... ජන්කුක් කොච්චර රිදුනත් එතනටම වෙලා නිශ්ශබ්දව උන්නා...
"හනී..."
උඩ තට්ටුවේ ඉදන් පහලට බැහැගෙන ආව යූරා ජෙයොන්ව අල්ලලා නතර කලේ එයා ආපහු පාරක් ජන්කුක්ට ගහන්න යද්දී...
"ඔය ලමයට ඔහොම ගැහුවොත් ඔයාට මිනීමැරුම් චෝදනාවකට තමයි හිරේ යන්න වෙන්නේ... ප්ලීස් දැන් නතර කරන්නකෝ... එයා නොදැනුවත්ව වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ... මං එයාට ඒක පැහැදිලි කරන්නම් ඔයා යන්න"
"යූරා ඩාලිං මං දන්නෑ ඔයාට කොහොමද මෙච්චර හොද හදවතක් තියෙන්නේ කියලා... මං මෝඩයෙක් වෙලා ඒකිව බැද ගත්තා ශික්"
මිස්ටර් ජෙයොන් අඩන ජන්කුක් දිහා තරහින් බලලා අහක බලාගත්තා...
"මං දැන් ඔයා ලග හනී... අපි මේවා පස්සේ කතා කරමු ඔයා යන්න ගිහින් ගමනට ඕන කරන දේවල් රෙඩිද බලන්නකෝ..."
යූරා ගොඩක් ආදරණීය විදිහට මිස්ටර් ජෙයොන් එක්ක කතා කරලා එයාව එහාට යවන ගමන් ජෙයොන්ට ඇහෙන්නම වගේ ටිකක් හයියෙන් ජන්කුක්ටත් කතා කරා...
"අපි යමු ජන්කුක් පැටියෝ..."
ජන්කුක්ව පාස් කරගෙන යූරා ගියේ ජන්කුක්ට එයාලගේ ඒ මැන්ශන් එකේ අයිතිය තිබුණු එකම කාමරය උනු බේස්මන්ට් එකට... ජන්කුක් යූරා පස්සෙන් අඩ අඩම ආවා... එයාගේ කම්මුල් වල අප්පගේ ඇගිලි පාරවල් ගොඩක් තදින් හිටලා ගොඩක් වේදනා දුන්නා...
"ඔහ් ලස්සන කාමරයක්නේ... ඔයාට මේක ඇතුලේ ගොඩක් සැප පහසුකම් එහෙම තියෙනවා වගේ- ඔහ් පාරේ නිදියන්න ඕන අයට ඇත්තටම මේ වගේ තැනක් සැප පහසු තැනක් තමයි..."
කැඩුනු ඇදක්, වගේම තවත් ජරාවට පත් වෙලා තිබුණු භාණ්ඩ වලින් පිරිලා තිබුණු නමුත් පිලිවෙලකට තිබුණු බේස්මන්ට් එක වටේ ඇහැ යැව්ව යූරා කියාගෙන කියාගෙන ගියා... නමුත් අවසානයේ යූරා එයාගේ ඇත්තම රූපේ එලියට අරගෙන ගොඩක් නරක විදිහට ජන්කුක්ට අපහාස කලා...
යූරා කලින් හොද විදිහට කතා කරලා දැන් කතා කරන විදිහේ වෙනස තේරුන ජන්කුක් ඔලුව උස්සලා එයාගේ කපටි කුඩම්මා දිහා බැලුවා... එයා කට කොනින් හිනා වෙලා ජන්කුක් දිහා බලාගෙන උන්නා...
"මොනාද උබ හිතුවේ? මේ මං උබ වගේ හිගන්නෙක්ට හොදින් කතා කරන්න, ආදරය කරන්න, අනුකම්පා කරන්න හැදුවා කියලද?"
"ඒ-ඒත් ඔම්-"
ජන්කුක් කතා කරන්න ගියත් යූරත් ජන්කුක්ගේ කම්මුලට පාරක් ගැහුවා... ජන්කුක්ගේ ඇස් වලට ආපහු කදුලු ඉනුවා... ජන්කුක් ඇයි මෙච්චර මෝඩ? එයා කුඩම්මා හොද වෙලා කියලා හිතන්න තරම් මෝඩ උනේ කොහොමද?
"කටවහපං හිගන ගෑනිගෙ හිගන කොල්ලා... උබේ ඔම්මා මේ මං නෙවෙයි අර මැරුනු හිගන ගෑනි කියලා මතක නැද්ද? උබට කාගෙ හයියක් ඇවිල්ලද ඔය වගේ ජරා කටකින් මට ඔම්මා කියන්න අයිතියක් ආවේ..."
යූරා එයාගේ ඇත්ත රූපයෙන් එලියට ඇවිත් යක්ෂාවේස වෙලා කෑ ගැහුවා... ජන්කුක් ගොඩක් බයෙන් පස්සෙන් පස්සට ගියා... එයාට ඇත්තටම යූරාව නරක කෙනෙක් විදිහට පෙනුනත් එයා හිතුවේ නෑ මේ තරම් නරක ඇතී කියලා... ඒකත් මේ තරම් හොදට රගපාන්න තරම්?
"උබ නිසයි මට තාමත් උබේ මහ ලොකු අප්පගේ දේපල මගේ පුතා ජීහාන්ගේ නමට ලියාගන්න බැරි උනේ... තාමත් උබ හිතන්නේ උබේ තාත්තා මේ දේවල් හිතලා කරනවා කියලා... එයා හරි මෝඩයි මං කියන හැම දෙයක්ම පිලිගත්තා... මෙච්චර දවසක් උබ ගුටි කෑව නම් ඒ සේරටම මුල උන්නේ මේ මං... උබේ අප්පව ටිකක් ඇවිස්සුවාම එයා තමුසෙට ගැහුවා, බැන්නා... මාව ඕනාවටත් වඩා විශ්වාස කරලා එයා ලොකුම මෝඩකම කරන්නේ... ඒත් තවමත් මට බැරි උනා උබට අයිති දේපල එයාගෙන් අරගන්න... මොකක් හරි හේතුවක් නිසා ඒ දේපල උබේ නමින් අයින් නොකරන්න ජන් කටයුතු කරනවා... ඒත් බලං ඉන්නවා තව ටික කාලයකින් මං ඒකත් කරගන්න හැටි..."
ජන්කුක් ඇස් ලොකු කරගෙන යූරා දිහා බලං උන්නා... යූරාගේ ප්ලෑන් එක අහපු ජන්කුක්ට ගොඩක් කලකිරුනා... එයාගේ අප්පා මෙච්චර දවසක් එයාට ගහලා තියෙන්නේ යූරා කියන කේලම් වලින් කියලා ජන්කුක්ට හිතුනේ නැත්තේ ඇයි? ජන්කුක් ගොඩක් අසරණ විදිහට මුකුත් කරගන්න බැරුව බලං උන්නා... එයාට පුලුවන් උනානම් මේ දේවල් අප්පට කියන්න... ඒත් යූරා වගේම ජන්කුක් පවා දන්නවා තමන්ට ඒ තරම් ධෛර්යයක් නෑ කියලා... ඒකමයි යූරා කිසිම බයක් නැතුව ජන්කුක්ට මේ දේවල් කියන්නේ... මොකද ඇත්තටම ජන්කුක් මේ දේවල් ගිහින් කිව්වත් එයාව විශ්වාස කරන කෙනෙක් නෑ කියලා යූරට විශ්වාසයි...
"එකක් මතක තියාගන්නවා... උබ වැඩිය නටාගෙන ආවොත් හරි, මේ දේවල් කාටහරි කියන්න උත්සාහ කලොත් හරි වෙන්නේ උබටත් උබේ ඔම්ම ගෑනිට උන වැඩේම වෙන එකයි... සමහරවිට උබේ සල්ලිකාර යාලුවන්ටත් ඒ දේම වෙන්න බැරි නෑ... ඒක නිසා පරිස්සමින් ඉන්න හොදද ජන්කුක් පැටියෝ..."
යූරා යන්න කලින් ජන්කුක්ගේ ලගට ඇවිත් එයාගේ දිග නියපොතු තියෙන අතකින් ජන්කුක්ගේ අතක් තදින් මිරිකන ගමන් ගොඩක් දරුණු විදිහට අනතුරු අගවලා බය උනු ජන්කුක් දිහා බලලා හිනා වෙන ගමන් එතනින් එලියට ගියා... සතුටක් ලැබෙයි කියලා හිතුවට ඒක ඒ තරම් ලේසියෙන් නම් ලැබෙන්නේ නෑ කියලා තේරුද්දී ජන්කුක් ගොඩක් පරක්කුයි...
_________________________________
මේ දවස් වල ඔයාලගේ comments වලට reply දාන්න මට බැරි වෙයි. ඒකට සමාවෙන්න❤
Bye
Sarangeo💚💜💙