ජන්කුක් ගෙදරටම පයින් ඇවිදගෙන ගියා... එයා ගේ ඇතුලට යද්දී දැක්කා එයාගේ කුඩම්මා යූරා, එයාගේ සල්ලිකාර යාලුවෝ වගයක් වට කරගෙන කයියගහනවා කියලා... ජන්කුක් හෙමීට පහල තට්ටුවේ තිබුණු එයාගේ කාමරයට යන්න ගියත් අවාසනාවක තරම එයාව එයාගේ කුඩම්මට අහු උනා...
"ජන්කුක් මෙහ එන්න..."
කුඩම්මා තමන්ට මීට කලින් මෙහෙම හොදින් කතා කරලම නැති හින්දා ජන්කුක් පුදුම උනා... එයා හැරිලා යූරාගේ මූණ දිහා බැලුවේ ඇත්තටම ජන්කුක් කියලා කිව්වේ එයාටමද කියලා හරියටම දැනගන්නයි... ඒත් කුඩම්මා තමන් දිහා බලාගෙන ඔලුවෙන් එන්න කියලා කියපු නිසා ජන්කුක් හෙමීට ඒ පැත්තට ඇවිදගෙන ගියා... ලිවින් රූම් එක ඇතුලට ඇවිදගෙන ගිහින් ජන්කුක් යූරා ලගින් හිට ගත්තා... ජන්කුක් එනකොට දැක්කට වඩා එතන ගෑණු අය ගොඩක් උන්නා... ම්ම් දහදෙනෙක් වගේ~
ඒ අයත් ගොඩක් පොහොසත් පවුල් වල අය කියලා එයාලගේ ඇදුම් වලින්, දාගෙන ඉන්න දේවල් වලින්, මේකප් වලින් ජන්කුක්ට තේරුනා... ඔව් කවදාවත් එයාගේ ආඩම්බරකාර කුඩම්මා දුප්පත් යාලුවෝ ආශ්‍රය කරන්නේ නෑ...
"මේ ඉන්නේ මගේ පුංචි පුතා, ජන්කුක්... මං එයාගේ ඔම්මා නොවුනත් මං එයාට සලකන්නේ මගේම දරුවෙක් වගේ..."
කුඩම්මා එයාගේ පෝසත් යාලුවන්ට තමන්ව අදුන්වලා දුන්න විදිහට ජන්කුක්ගේ කටත් බාගෙට ඇරුනා... 'එයාගෙම දරුවෙක් වගේ-' ජන්කුක්ගේ දන්නේ එයා එයාගේ පුංචි පුතාගේ අප්පට කේලම් කියෝලා දඩුවම් ලබාදෙන හැටි... ජන්කුක්ට නොතේරුනා නෙවෙයි එයාගේ කුඩම්මා එන්න යන පොට ඒත් එයාට ඒකට එරෙහි වෙන්නවත්, මෙතනින් පැනලා යන්නවත් බෑ... ජන්කුක් ඒක කරන්න බයයි සහ කරොත් එයා ඉවරයි...
"අනේ යූරා, එයා ගොඩක් කියුට්..."
යූරාගේ යාලුවෙක් උන එක්කෙනෙක් ජන්කුක්ගේ අතින් අල්ලලා එයාගේ පැත්තට ඇදලා ගත්තා... තව ටිකෙන් ඇන්ටිවත් පෙරලන් ජන්කුක් බිම පතබෑවෙනවා ඒ ඇදපු ඇදිල්ලට-
"එයා ගොඩක් කියුට්, අනේ ශෝයි..."
ජන්කුක්ගේ අසරණ මූණ ඒ ඇන්ටි එයාගේ අත් වලින් තලලා පොඩි කරලා දැම්මා... මීට වඩා හොදයි අප්පගෙන් ගුටි කෑවා නම් කියලා හිතුනත් දැන් මොනා කරන්නද කියලා හිතං ජන්කුක් උන්නා... ජන්කුක්ව යූරාගේ යාලුවෝ අතරේ සමූහ දූෂණයකට ලක් උනා කිව්වොත් හරී...
ජන්කුක් කියුට් කිය කිය එයාගේ මූණ රතු වෙනකං එයාලා ජන්කුක්ව මිරිකුවා... අවසානයේ ජන්කුක්ව අවසාන ඇන්ටීලා දෙන්නා ගාව නතර උනා...
ජන්කුක් ගොඩක් අසරණ විදිහට උන්නේ මොකද එයාගේ මූණ ඇත්තටම සියුමැලි නිසා ගොඩක් රතු වෙලා වගේම රිදෙන්නත් අරගෙන තිබුණා... ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්නයි තිබුණේ... තවත් දෙන්නෙක් ඉතුරුයි කියලා දැක්කාම ජන්කුක්ට සසර කල කිරුණා... ජන්කුක්ගේ වේදනාව දැක්ක යූරා කටකොනින් හිනා උනා...
ජන්කුක් හිතුවා වගේ ඒ ආන්ටිලා දෙන්නා ජන්කුක්ව මිරිකුවේ නෑ... ඒ වෙනුවට එයාලා ජන්කුක් එක්ක ගොඩක් ලස්සනට හිනා උනා... ජන්කුක් ලාවට හිනා උනත් එයාගේ කම්මුල් රිදෙන නිසා එයා ගොඩක් අමාරුවෙන් උන්නේ...
"යූරා මට වොශ්රූම් එකට යන්න ඕනා... ජන්කුක් බේබි ඔයාට පුලුවන්ද මට ඒක පෙන්නන්න?"
අර හොද ආන්ටිලා දෙන්නගෙන් එක්කෙනෙක් ජන්කුක්ගෙන් අහද්දී ජන්කුක් විතරක් නෙවෙයි යූරත් ටිකක් විතර කරබල උනා... ඒත් ඒක පෙන්නන්න ගියේ නෑ... භොකද යූරා දන්නවා ජන්කුක් හුග කාලෙකින් උඩ තට්ටුවට ගිහින් නෑ කියලා... ඒකට එයාට අවසර තිබුණේ නෑ... ජන්කුක් ඒකයි බේස්මනට් එකේ උන්නේ... ජන්කුක් වොශ්රූම් තියෙන තැන දන්නේ නෑ කියලා යූරට විශ්වාසයි...
"මමත් එන්නම්..."
අනිත් කෙනත් නැගිටලා ඉස්සර වෙද්දී ජන්කුක් එයාගේ කුඩම්මා දිහා බලලා ආපහු බිම බලාගත්තා... එයාගේ කුඩම්මා යූරා ජන්කුක්ට ඔරෝගෙන උන්නා...
"ජන්කුක් ඕන නෑ මං පෙන්නන්නම්..."
"ඒකට කමක් නෑ යූරා, මෙතන කට්ටියව දාලා එන එක හරි නෑනේ... අපිට ප්‍රශ්ණයක් නෑ ජන්කුක් බේබි එක්ක යන එක... ඔයා ඉන්න අපි ඉක්මනට එන්නම්"
එයාගේ වචන වලට යූරට විරුද්ධව යන්න පුලුවන් කමක් නැති නිසා එයා නැවතුනා... ජන්කුක් හෙමින් හෙමිනා පඩිපෙල නැගගෙන උඩට ගියා...
"කොහෙද පැටියෝ වොශ්රූම් එක තියෙන්නේ?"
පලවෙනියටම කතා කරපු ආන්ටී කතා කලා... ජන්කුක් කල්පනා කලා මොකද එයා අවුරුදු ගානකින් උඩ තට්ටුවට ගිහින් නැති නි එයාට ඇත්තටම මතකයක් නෑ ඒක ගැන... ජන්කුක් ඒක නොපෙන්වලා වටපිට බලලා ගිහින් දොරක් ලගින් නතර උනා... එයාට ලාවට මතකයි මෙතනයි වොශ්රූම් එක තිබ්බේ කියලා ඒත් ඇත්තටම ෂුවර් නෑ...
"මේකද?"
අනිත් ආන්ටී ඒක ඇරියත් ඒක කාමරයක්... ජන්කුක් බයෙන් ගැහෙන්න ගත්තා... ඒක දැකපු අනිත් දෙන්නා ජන්කුක් ගාවට ආවා... ඒ උන්නේ මීරා සහ සේහී කියන දෙන්නයි... ඇත්තටම එයාලා මිස්ටර් ජෙයොන්ටත් වඩා සල්ලිකාර බිස්නස්මන්ලගේ බිරිඳලා දෙන්නෙක්... ඒත් එයාලා ගොඩක් හිත හොද අය-
ජන්කුක්ට මතකයක් නෑ හරියටම වොශ්රූම් එක ගැන... එයා ඉස්සරහා කාමරයක් තියෙද්දී තවත් කලබල උනා... මීරා, සේරා දෙන්නා ජන්කුක් කලබල වෙලා ටිකක් පස්සට යද්දී බය වෙලා ජන්කුක් ගාවට ආවා...
"අනේ පැටියෝ ඇයි බයවෙලා? ඔයා අපි දෙන්නට බයයිද?"
මීරා ජන්කුක්ගෙන් ඇහුවා... ජන්කුක් ඉක්මනට නෑ කියන්න ඔලුව වනලා වටපිට බැලුවා... ආහ් එයාට ඇත්තටම මතක නෑ වොශ්රූම් එක මොන පැත්තෙද කියලාවත්-
"ඔයා අපිට බය වෙන්න එපා මැණික, අපි ඔයාට රිද්දන්නේ නෑ... ඇත්තටම මට ඕනා උනේ වොශ්රූම් එකට යන්න නෙවෙයි ඔයාව ඒ කට්ටිය ගොඩෙන් බේරගන්න... ඔයාගේ මූණ, ඒක ගොඩක් රිදෙනවද?"
ජන්කුක් බොරුවට නෑ කියන්න ඔලුව වැනුවා... සේහී ජන්කුක්ගේ මූණ සිනිදුවට අත ගෑවා... ඒ මූණ ගොඩක් සිනිදුයි, සේහී එහෙම සිනිදුවට අත ගාද්දී ජන්කුක්ට කෙනෙක්ව මතක් උනා... ඒ එයාගේ ඔම්මව-
"ඔයා ගොඩක් ලස්සනයි හරියට ඔයාගේ ඔම්මා වගේම..."
මීරා දිහා ජන්කුක් බැලුවේ පුදුමයෙන්... ජන්කුක් දැනන් උන්නේ නෑ එයාගේ ඔම්මව අදුරන අය ඉන්නවා කියලා... මොකද ජන්කුක්ගේ ඔම්මා සල්ලිකාර කෙල්ලෙක් නෙවෙයි ඒකයි බැන්දට පස්සේ ජෙයොන් ගොඩක් වෙනස් උනේ...
"දන්නවද ඔයාගේ ඔම්මටත් තිබුණේ ඔයා වගේම ගොඩක් සිනිදු හමක්... ඔහ් මතකද මීරා දවසක් ඔයා එයාගේ හම සිනිදුයි කියලා ටිකක් තදින් අල්ලලා දවසම එයාගේ කම්මුල් රෝස පාට වෙලා තිබුණා... ආහ් ඔයා වගේමයි එදත් ඔයාගේ ඔම්මා අපිට බොරුවට රිදෙනනේ නෑ කිව්වා... ඒත් අපි දැනගෙන උන්නා රිදෙනවා කියලා.. ඔයාගේ ඔම්මා වගේම ඔයත් ගොඩක් හොදයි ජන්කුක් පැටියෝ... අපි හිතුවේ නෑ අපිට එයා යද්දී එයා වගේම කෙනෙක්ව තියලා යයි කියලා..."
සේහී ගොඩක් වෙලා කතා කලා ජන්කුක්ගේ ඔම්මා ගැන... ජන්කුක් දැනගත්තා සේහී, මීරා කියන්නේ එයාගේ ඔම්මගේ යාලුවෝ කියලා... එයාලා ගොඩක් දුක් උනා ඔම්මා නැති එකට, එයාලා ජන්කුක්ට හොදින් කතා කලා... ජන්කුක්ට හිතාගන්න බෑ... යුනිවර්සිටි එකේදී එයාට දැන් ජින් හියුන්, ජූන් හියුන්, ජිමින් හියුන් තුන් දෙනෙක්ම ඉන්නවා ආදරෙන් කතා කරන්න... ආ එතකොට අර නපුරත් ඉන්නවා ඒත් එයා නපුරුයිනේ ඒක නිසා එයාව අතෑරලා දාමු... දැන් එයාට එයාගේ ඔම්මා වගේම ගොඩක් හොද ආන්ටිලා දෙන්නෙකුත් හම්බුනා... ජන්කුක්ට ගොඩක් සතුටුයි, එයාගේ නරක කාලය අවසන් වෙන්නද මේ යන්නේ?
"ඔයාට මොනවාහරි ඕන උනොත් ඩාලිං අපිට කියන්න ඕනා හොදද? දවසක ඔයා අපේ ගෙදරත් යමු... මං ඔයාට ඔයාගේ ඔම්මගෙයි අපෙයි පරණ මෙමරීස් පෙන්නන්නම්..."
ජන්කුක් සතුටින් ඔලුව වැනුවා... එයාට සේහී, මීරා දෙන්නගෙන්ම නලලට හාදු හම්බුනා... ඒවා එයාට දැනුනේ කාලෙකට කලින් එයාට නැති උනා කියලා හිතාගත්ත ඔම්මගේ හාදු වගේ... ජන්කුක්ට ඒක ගොඩක් දැනුනා...
"අපි දැන් පහලට යමු පැටියෝ... ඔයාගේ ඔම්මා නැත්නම් උඩට එයි එයාගේ පුංචි පුතාට අපි මොකද කරන්නේ කියලා බලන්න... කිව්වට තරහා වෙන්න එපා ඒත් මට ඔයාගේ දෙවනි ඔම්මව පේන්න බෑ..."
"මීරා, ඒ ලමයට ඕවා කියන්න එපා... මොනා උනත් ඒ ඒ ලමයගේ ඔම්මා..."
ජන්කුක් එයාගේ අලුත් යාලු ආන්ටිලා දෙන්නා දිහා පුදුමෙන් බලං උන්නේ... එයාලත් කුඩම්මට කැමති නෑ... ජන්කුක්ට සතුටක් දැනුනා...
"අපි යමු පැටියෝ..."
මීරා ආන්ටී ජන්කුක්ගේ අතින් අල්ලගෙන පඩිපෙල බැස්සා... එයාලා ආපහු කතා කර කර උන්න තැනට යන්න කලින් මගින් නැවතුනා...
"ඔයා ආපහු එතනට ආවොත් ආපහු එයාලා ඔයාට රිද්දයි... ඒක නිසා ඔයා දැන් කාමරේට යන්න"
සේහී ජන්කුක් කිව්වාම ජන්කුක් ඔලුව වනලා පිටිපස්ස හැරුනා... හැබැයි එයා නතර උනා... මොකද එයා දැන් බේස්මන්ට් එකට යනවා දැක්කොත් ආන්ටිලා මොකක්හරි හිතයි හෝ ප්‍රශ්ණයක් වෙයි... ජන්කුක් ඒක නිසා එහෙම්මම දකුණු පැත්තට හැරිලා කිචන් එක පැත්තට ගියා... මීරා, සේහී දෙන්නා එයාගේ යාලුවන් ගාවට ගියේ සතුටින්... එයාලට ගොඩක් සතුටුයි එයාලගේ පරණ යාලුවගේ දරුවව හම්බුන එකට... එයාලා මෙහෙට ආවෙත් ජන්කුක්ව බලන්නම තමයි...
___________________________________
තව එකක් දානවා...
Bye
Sarangeo💚💜💙