"ඇත්තටම මෙච්චර දක්ෂකමක් තියාගෙන ටීම් එකෙන් ගියපු එක අපරාදේ නැද්ද?"
"උබට මොකටද? කෝමත් උබට හොද මං වැටෙන තරමටනේ... හැමෝටම හොද මූණ දාගෙන උන්නට මං දන්නවා උබේ බොරු වෙස්මූණේ ඇත්ත තත්වේ- රගපාන එක නතර කරනවා ජිමින්..."
"ඩෑඩ්ලා කිව්ව දේ ඔයාට තදටම වැදිල වගේ.."
"ඇයි උබ කැමතිද ඒකට?"
"පිස්සුද උබට? සිරාවටම උබ මං ගැන හිතන්නේ එහෙමද?"
"කවුද දන්නේ උබට ඒක ඕන වෙලාද කියලා... මගේ යට කෑ ගහන්න වගේ-"
"හහ් උබේ යට- නෝ ටේහ්යුං ඒක උබේ දවල් හීනයක් තමයි... කවදාවත් නෑ දැන්වත් ඇහැරෙනවා ඕයි"
වෙන අයට ටේහ්යුං සහ ජිමින් බෝලෙට පොර බදනවා වගේ පෙන්නුවට ඇත්තටම බෝලේ ගන්නවට වඩා එයාලට කතා කරන්න දේවල් තිබුණා... දෙන්නගෙන් එක්කෙනෙක්වත් තවත් කෙනෙක්ට යටත් නොවෙන නිසා ඇත්තටම එතන කතාබහ ඒ තරම් සුහදශීලී නෑ... ජිමින්, ටේහ්යුං දෙන්නගේ කතාබහ සාමාන්‍ය එකක් උනේ කවද්ද? එයාලා කතාව පටන් ගන්නේ ගහගන්න ඔන්න මෙන්න එතකොට ඉවර කරන්නේ ගහගෙන...
"කවුද දන්නේ උබට එහෙම ආසාවල් තියෙනවද කියලා පාක් ජිමින්?"
"ඇත්තටම එහෙම ආසාවක් තිබ්බ නම් උබ වගේ හිතේ තියාගෙන නොයිද මං ඒක කරනවා... මොකද උබ වගේ මං බය නෑ කිම් ටේහ්යුං..."
බෝලය පැත්තකට විසික් වෙලා යද්දී ජිමින්, ටේහ්යුං දෙන්නා එකපාරටම පිට්ටනිය මැද ගහගන්න පටන් ගත්තා... නරඹන්නන්ගේ අත්පොලසන් නාදය මැද ටේහ්යුං, ජිමින් දෙන්නා ගහ ගද්දී එතනට දුවගෙන ආවේ නම්ජූන් වගේම ජින්...
ජිනුත්, නම්ජූනුත් දෙන්නා එකතු වෙලා වලිය මැදට පැනලා ටේහ්යුං ජිමින් දෙන්නව දෙපැත්තකට කරන්න ට්‍රයි කරත් ඒක අසාර්ථක උත්සාහයක් උනා... ඒත් ඒ වෙද්දී ග්රවුන්ඩ් එකේ යන වලිය ගැන ආරංචි වෙලා තිබුණු සෝප් ඩබලත් එතනට ආවා... ඊලගට හතර දෙනාම එකතු වෙලා වලිය නතර කරේ අරහෙන් මෙහෙන් එයාලටත් පාරවල් දෙක තුනක් වද්දගෙනමයි... අවසානයේ හැමදාම වගේ හය දෙනා හිටගෙන උන්නේ යුනිවර්සිටි එකේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහයි...
"ජිමින්, ජින්, නම්ජූන් ඔය තුන් දෙනා යුනිවර්සිටි එකේ වැදගත් නමක් තියාගෙන ඉන්න ලමයි විදිහට අනිත් අයට ආදර්ශමත් වෙන්න ඕනා ඒත් ඔයාලත් පිට්ටනියක් මැද මෙහෙම ගහගන්නවා... එතකොට ඔයාලා අනිත් ලමයින්ට දෙන ආදර්ශ මොකක්ද ආ? ඒ වගේම ටේහ්යුං, යුන්ගි, හෝසොක් ඔය තුන්දෙනා මොකක් මේ හැමදාම කරන වැඩ වල තේරුම? මේ ලමයින්වත් ඇදලා අරගෙන මෙහෙම මුලු යුනිවර්සිටි එකටම අගෞරව වෙන විදිහට හැසිරෙන්නේ ඇයි? ජිමින්, ටේහ්යුං ඔය දෙන්නගේ දෙමව්පියෝ මේ යුනිවර්සිටි එකේ ඕනර්ලා කියලා අමතක කරන්න වෙනවා මෙහෙම දේවල් දිගින් දිගටම උනොත්- ඒක නිසා මේක ලාස්ට් චාන්ස් එක කියලා හිතලා වැඩ කරගෙන යන්න... ඔය තුන්දෙනා අද කට් කරපු ලෙක්චර් දෙකේම නෝට්ස් complete කරලා ප්‍රොෆෙසර්ට දෙන්න ඕනා එහෙම නැති උනොත් දෙමව්පියන් එක්ක ආපහු එන්න පුලුවන්..." ප්‍රින්සිපල්ගේ දීර්ඝ දේශනාව අවසානයේ හය දෙනාම කරබාගෙන එලියට ආවා...
"බෝයිස් ඇත්තටම ඔයාලට බැයිද එක දවසක් හොදින් ඉන්න? මං කියන්නේ ඔය දෙන්න ඇත්තටම දන්නවද ඔය දෙන්නා ඇයි ඔච්චරටම තරහ කියලා? මං දන්නෑ උබල දෙන්නට මොනා වෙලාද කියලා බැලුවොත් ගහගන්න බලං ඉන්නේ... ආහ් එනවල යන්න දැන් ඔය තුවාල වලට බෙහෙත් දාන්න..."
ජින් එක්ක එකට එක කතා කරන්න පණ්ඩිත ටේහ්යුංවත්, බයනැති ජිමින්වත් ඉදිරිපත් උනේ නෑ... ඇත්තටම ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බැරි වැඩක්- ඒක නිසා පුලුවන් තරම් කරබාගෙන අහගෙන ඉන්නවා ඇරුනාම එයා එක්ක කට ගහන්න නම් යන්නෑ... ජින් හොද අයට angle කෙනෙක් වගේම නරක අයට දරුණු evil කෙනෙක්... ඒ බව දන්න හැමෝම වගේ එයත් එක්ක හොදින් ඉන්නවා... ජින් ජිමින්ගේ පැත්තේ කෙනෙක් උනාට එයා ටේහ්යුංට වගේම අනිත් දෙන්නටත් හොද යාලුවෙක්... අනිත් එක තමයි කොච්චර ගහ ගත්තත් මේ හය දෙනාගේම දෙමව්පියන් හොද යාලුවෝ කියන එක-
ජින් කට්ටියවම එක්කගෙන ආපහු සික් රූම් එක පැත්තට ගියා... අනිත් අය ආවේ නැතත් එයා එතනට යන්න උන්නේ මොකද ජිමින්, ටේහ්යුං දෙන්නගේ රණ්ඩුව ගැන දැනගත්ත වෙලේ එයා ජන්කුක්ව එතන තනියම තියලනේ ආවේ... ඉතින් ජන්කුක්ව මුණ ගැහෙන්න එයාට ලොකු උවමනාවක් තිබුණා... ජින් නොන්ඩි ගහන ජිමින්වයි, ටේහ්යුංවයි අතින් ඇදගෙන වේගෙන් වේගෙන් සික් රූම් එකට ගියත් දොර ඇරියාම එයා දැක්කා ඒ කාමරේ කවුරුත්ම නැති බව...
"කෝ එයා?" ඒක නම් ඇහුවේ ජින් නෙවෙයි ජිමින්... ජිමිනුත් කලින් ආව වෙලේ සිහි නැතුව ඉන්න ජන්කුක්ව දැක්කා වගේම ආපහු බලන්නත් එයාට ඕන උනා...
"දන්නෑ... එයා ගොඩක් අමාරුවෙන් උන්නේ කොහේ ගියාද මන්දා..." ජින් කලබලකාරී විදිහට කිව්වා...
"මේ බලන්න ජින්, ඔයාට කවුරුහරි කෙනෙක් තෑන්ක් කරලා මේක තියලා ගිහින්... මොනා උනත් අත් අකුරු නම් මාරම ලස්සනයි නෙහ්-" යුන්ගි ජින්ට පොඩි නෝට් එකක් මේසේ උඩ තිබිලා අරගෙන දුන්නා... ජින් ඒක අතට අරගෙන කියෙව්වාම එයාට තේරුනා ඒක ජන්කුක් විසින් තමන්ට ලියලා ගියපු එකක් කියලා... ඒ වගේම එයාගේ ඇහැ ඊලගට ගියේ ජන්කුක්ගේ කකුලෙන් අයින් කරපු වීදුරු කටු තිබුණ ට්‍රේ එකට- හිතුවා වගේම ජන්කුක් යද්දී ඒවත් අරගෙන ගිහින් තිබුණා...
"එයා ගැහ හොයලා බලන්න ඕනා" ජින් තනියම එයාට කියාගන්න ගමන් ටේහ්යුං, ජිමින් දෙන්නට බෙහෙත් දැම්මා...
ඔය අතර ජින් තමන්ට ඉන්න කියලා ගියත් ජන්කුක් බය උනා ජින් එයාගෙන් පවුල ගැන වගේම තුවාලය ගැනත් ප්‍රශ්ණ කරයි කියලා... එයාට ඒවට උත්තර දෙන්න බැරි කමක් නෑ ඒත් ඒවා අනිවාර්යයෙන්ම මිස්ටර් ජෙයොන්ගේ කනට යනවා කියලත් ඉන් පස්සේ තමන්ට ආපහු වෙන්නේ මොකක්ද කියලත් හොදට දන්න ජන්කුක් ජින් එන්න කලින් එතනින් යන්න තීරණය කලා... ඒ වෙද්දිත් ජින් දුන්න කෑම එක කාලා ඉවර වෙලා උන්න ජන්කුක් එයාගේ බෑග් එකෙන් නෝට් කොලයක් අරගෙන එතන ටේබල් එකෙන් ජින්ට ස්තූති කරලා පොඩි සටහනක් දාලා අමාරුවෙන් ඇදෙන් බිමට බැස්සා...
ජන්කුක් ඇවිදින්න අමාරුයි ඒත් කරන්න දෙයක් නෑ... ජන්කුක් එයාගේ තුවාල කකුල් අද්ද අද්දම එලියට ආවේ ට්‍රේ එකේ දාලා තිබුණු වීදුරු කටුත් මතක් කරලා අරගෙනමයි... එයාට බෑ ආපහු පාරක් සතියක් කලුවර කාමරයක් ඇතුලේ ගත කරන්න... ජන්කුක් නොන්ඩි ගගහම පයින්ම එයාගේ අප්පගේ විශාල මැන්ශන් එකට ගෑටුවා...
ජන්කුක්ට හරිහමන් තේරුමක් නෑ ඇයි එයාගෙම අප්පා එයාට මේ විදිහට නපුරුකම් කරන්නේ කියලා... ඒත් එයා දන්නවා තමන් මේ ලෝකෙට ආවේ දුක් විදින්නමයි කියලා... ජන්කුක් ගේට් එකෙන් ඇතුල් වෙනකොට දකින්න ලැබුනේ ඒ තරම් හොද දෙයක් නෙවෙයි...
"එයා ඇවිත්-" ජන්කුක්ගේ කකුල් එතනම නතර උනා... තවත් අඩියක්වත් ඉස්සරහට තියන්න ජන්කුක් ඇත්තටම බය උනා... කවුද ආවේ?
ජෙයොන් මැන්ශන් එක ඉස්සරහා නතර කරලා තිබුනේ අලුත්ම වර්ගයේ BMW black colour කා එකක්... ඒක ඇතුලේ තියා එලියේවත් කවුරුත් පේන්න හිටියේ නැති උනත් ජන්කුක් දන්නවා ඒ ඇවිත් ඉන්නේ කවුද කියලා... අප්පා, මිස්ටර් ජෙයොන් ජන්කුක්ට කොච්චර වද දුන්නත් ජන්කුක් එයාගේ අප්පට බය වෙලා නෑ... ජන්කුක් හැම වෙලේම යටහත් පහත් ගතිගුණ පෙන්නන කෙනෙක් උනත් එයා කාටවත් බයට ඒ දේ කරේ නෑ... ඒත් ජන්කුක් එයාට බයයි...
ජන්කුක් පුලුවන් තරම් නෝමල් විදිහට ඉන්න උත්සාහ කලත් එයාව හොදටම ගැහෙන්න අරගෙන තිබුණා... පපුවේ සද්දේ පිටතට ඇහෙන තරම් වේගවත්ව ස්පන්ධනය උනා... ජන්කුක් ටික වෙලාවක් ගේට් එක ලගම ගත කරේ යථා තත්වයට පත් වෙන්න... මේ ගේට්ටුවෙන් එලියට දුවලා ගිහින් ආපහු කවදාවත් ඇතුලට නොයන්න තියේ නම් කියලා ජන්කුක්ට හිතුනා... ඒත් කවදාවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා ඒ මොහොතෙම ජන්කුක්ට තේරුනාම ජන්කුක්ගේ ඇස් වලට කදුලු ආවා...
ජන්කුක් දැක්කා උඩම මහලේ බැල්කනි එකට වෙලා එයා තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා... ඒ පුද්ගලයා ජන්කුක්ට අත වැනුවේ හිනා වෙලා... ඒ හිනාව අවංක, පිවිතුරු හිනාවක් නම් නෙමෙයි... ජන්කුක් බිමට ඔලුව හරවගෙන පිටිපස්ස දොරෙන් ඇතුල් වෙලා සාලය හරහා දුවගෙන ඇවිත් එයාට දීලා තිබුණු කාමරේට- බේස්මන්ට් එකට ගිහින් දොර වහලා දැම්මා... ජන්කුක්ගේ අවාසනාවට කලින් පාර කැඩුන ලොක් එක තවමත් හයි කරලා තිබුණේ නම් නෑ... එයා එයාගේ පුංචි පොත් මේසේ දොරට හරස් කරලා දොරට පිට තියාගෙන බිමින් වාඩි උනා...
ඒත් එක්කම වගේ එයාට තේරුනා දොරෙන් එහා පැත්තේ උන්න කෙනෙකුත් තමන් වගේම දොරට හේත්තු වෙලා බිමින් වාඩි උනා කියලා... ජන්කුක් තවත් දොර තද කරගත්තා... ජන්කුක්ගේ නලල දෙපැත්තෙන් හොදටම දාඩිය බේරෙනවා... එයා ගොඩක් බය වෙලා...
"ඔයා දන්නවද මීට අවුරුද්දකට කලින් මට යට උනු ජන්කුක්ට වඩා ඔයා ලස්සන වෙලා කියලා... ඩෑඩ් අර තරම් වද දීලත් මට හිතාගන්න බැරි ඇයි ඔයා මේ තරම්ම ලස්සන කියල? ඒ වගේම මාව මේ තරම් තදින් බැදලා තියාගන්න ඔයා මට මායාවක්වත් කලාද බේබී? දන්නවද ඔයා නැතුව මං එහේ ගොඩක් පාලුවෙන් උන්නේ... ඔයාව මතක් කරගෙන ගොඩක් දෙනෙක්ව ට්‍රයි කලත් ඒක වැඩක් උනේ නෑ... ම්ම් ඉතින් දැන් මං ඔයා ගාවට ආවනේ අපිට පුළුවන් කලින් වගේ ආදරෙන් ඉන්න- ලෑස්ති වෙලා ඉන්න ඉක්මනටම ඔයා මගේ මනමාලී වෙලා මගේ ගාවට එන්න..."
ජන්කුක්ගේ දොර එහා පැත්තේ ඉදන් ඒ කෙනා කියපු හැම දෙයක්ම ජන්කුක් අහගෙන උන්නේ කදුලු විතරක් වට්ටන ගමන්... මොකද ඇඩුවේ නැති උනත් ජන්කුක්ගේ සංවේදී හිතට ඒ වචන ගොඩක් බර වැඩි උනා... කදුලු වලින් ජන්කුක් ඒ pressure එක පිට කරත් එයාට අඩන්න ඕන උනේ නෑ, එයා ඇඩුවෙත් නෑ...
අනිවාර්යෙන්ම ලගදිම තමන්ට එදා වගේම දරුණු අත්දැකීමක් විදින්න වෙනවා කියලා දන්න ජන්කුක් බර හුස්මක් පිට කරලා ඊට එහායින් තිබුණු එයාගේ ඔම්මගේ පින්තූරේ දිහා බැලුවා... ඒක විතරයි එයාට ඔම්මගෙන් කියලා ඉතුරු උනේ-
"ඔම්මා ඔයා මෙතන ඉන්න එපා- මොකද එයා ආවොත් මට වෙන දේවල් දැකලා ඔම්මට දුක හිතෙයි... ඒක නිසා ඔයා දැනට මෙතනින් ඉන්න හොදද?" ජන්කුක් එයාගේ ඔම්මගේ පින්තූරය අරගෙන ලාච්චුව ඇතුලට දැම්මා...
__________________________________
ජන්කුක්ට මීට කලින් දරුණු කරදරයක් වෙලා තියෙනවා වගේ නේද?
Bye
Sarangeo💚💜💙