You are my vampire queen | Co...

Galing kay Kavee_N

17.9K 2.9K 3.5K

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත... Higit pa

😜Introduction😜
👑 Chapter 1 👑
👑 Chapter 2 👑
👑 Chapter 3 👑
👑 Chapter 4 👑
👑 Chapter 5 👑
👑 Chapter 6 👑
👑 Chapter 7 👑
👑 Chapter 8 👑
👑 Chapter 9 👑
👑 Chapter 10 👑
👑 Chapter 11 👑
👑 Chapter 12 👑
👑 Chapter 13 👑
👑 Chapter 14 👑
👑 Chapter 15 👑
👑 Chapter 16 👑
👑 Chapter 17 👑
👑 Chapter 18 👑
👑 Chapter 19 👑
👑 Chapter 20 👑
😜Author note😜

👑 Chapter 21 👑

804 140 176
Galing kay Kavee_N

🐰  ආ...රා... මං.... ඔයා...ව බේර... ගත්තා....

___________________________________

දැනටමත් කිම් සූ රජතුමා එක්කගෙන ආපු එයාගේ ආරක්ෂකයෝ වූජින්ගේ කට්ටියට පහර දෙන ගමන් හිටියේ. ටිකෙන් ටික පරාද වෙන්න පටන් ගත්තෙත් වූජින්ගේ කට්ටියමයි. කුකී නිසා කරපු හැමදෙයක්ම වතුරේ ගිය නිසා වූජින් හිටියේ පිස්සුවෙන් වගේ කේන්තියෙන්.

ඒත් කාටත් වඩා මෙතන කේන්ති ගිහින් තිබුණේ ආරාට. ආරාට රතු පාට හඳ එලිය වැටෙනවත් එක්කම වුණේ ආරාගේ බලය තවත් වැඩි වෙච්ච එක. ආරාගේ බලයට වූජින් එයාව බැඳලා දාලා තිබ්බ බැමි කෑලි කෑලි වලට කැඩිලා ගියා. කුකීට සිද්ද වුණ දේ නිසා තරහයි දුකයි ආරාව වට කරගත්තා. ආරාගේ ඇස් මීට කලින් කවදාවත් දිලිසිලා නැති තරමටම රතු පාටින් දිලිසුණේ ආරාගේ කේන්තිය අනිත් අයටත් පෙන්නන ගමන්.

අනිත් කට්ටිය කුකී ගාවට දුවගෙන යද්දී ආරා කුකීගේ පිටේ තිබුණු කිනිස්සත් ගලවගෙන වූජින් දිහාවට ඇදිලා ගියේ වූජින්ට ඇහිපිල්ලමක්වත් ගහන්න ඉඩක් නොතියා.

ආරා ආපු වේගෙටම තවත් ටික දුරක් වූජින්ව පිටිපස්සට ඇදිලා ගිය වූජින් නැවතුණේ පිටිපස්සෙන් ලොකු ගහකටයි ඉස්සරහින් ආරාටයි මැදි වෙලා. ආරාගේ අතේ තිබුණ කිනිස්ස වූජින්ගේ බෙල්ලට ලං වෙලා තිබුණේ.

💖  තමුසේ.... කොහොමද එහෙම කලේ
ඒ උබේ පුතා නේද...

පුතා වුණත් මොකද... ඒකා මගෙ දරුවෙක් වෙන්න බෑ. ඒකා මගෙ දරුවෙක් නම් තමන්ගේ අප්පාව අමතක කරලා කොහෙවත් ඉන්න කෙල්ලෙක්ව බේර ගන්නවද

💖  තමුසෙ වගේ එවුන් මේ ලෝකෙටම වැඩක් නෑ.... තමුසේ තවත් මෙහෙ ඉන්න ඕනි නෑ.

ඒ වෙලාවෙම ආරා එයාගේ ඇස් දෙකෙන් වූජින් කෑ ගහද්දී එයාගේ බලයන් ඔක්කොම උදුර ගත්තා. දැන් වූජින් කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් විතරයි. ආරා අනිත් පැත්ත හැරිලා ටික දුරක් ගිහිල්ලත් ක්ෂණිකව හිතට ආපු දෙයක් නිසා අනිත් පැත්ත හැරිලා අතේ තිබ්බ කිනිස්ස වූජින්ගේ පපුවට ඉලක්ක කරලා විසික් කලා. කිනිස්ස පපුවට වැදෙනවත් එක්කම වූජින්ගේ මුළු ඇඟම ගිනි ගන්න පටන් ගත්තේ කෑ ගගහා දඟලද්දීමයි.

💖  තමුසෙට හදවතක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා කිනිස්සක් පපුවට වැදුනට තමුසෙට රිදෙන එකකුත් නෑ. මේ කැලේ ඇතුලෙම තමුසේ අලු වෙලා යනවා.

ආරා ඉක්මනට දුවගෙන ආවේ අනිත් කට්ටිය හිටපු තැනට. ආරාගේ මුළු ඇඟම පණ නැතුව ගියේ ජුන්ගේ උකුල උඩින් ඔලුවත් තියාගෙන සිහිය නැතුව ඉන්න කුකීව දැක්කම. කුකීගේ මුළු ඇඟම ලේ වලින් නෑවිලා ගිහින්. අනිත් හැමෝගෙම ඇස් වලින් කඳුලු හෝ ගාලා කඩන් වැටෙද්දී ආරා ගිහින් කුකී ලඟ දණ ගහගත්තේ කුකීට කතා කරන ගමන්මයි. මේ දේවල් දිහා ජුන්ගේ අප්පත් ආරගේ ඔම්මා මින්හත් බලාගෙන හිටියේ අඬ අඬමයි.

💖  කුකී ඔප්පා...... අනේ නැගිටින්නකෝ... මට සමාවෙන්න.... මම නිසයි හැමදේම... අනේ නැගිටින්නකෝ.... ඔයා මාත් එක්ක තරහද

🐯  කුකී... ඔයාට බෑ අපිව දාලා යන්න....

🐥  අනේ නැගිටින්නකෝ කුකී.... ඔයා ඔය විහිලුවක් නේද කරන්නේ....

🌹  යුන්ගි ඔප්පා.... අනේ කුකී ඔප්පට නැගිටින්න කියන්නකෝ.... එයා අපිව බය කරනවා... මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයිනේ...

යූනා යුන්ගිව හොලව හොලව කෑ ගහද්දී යුන්ගිගේ ඇස් දෙකෙනුත් කඳුලු කඩන් වැටෙන්න පටන් ගත්තා.

🌻  කුකී ඔප්පට මුකුත් වෙලා නෑ... එයා... එයා.... නිකන් ඉන්නේ ඔහොම... එයා මට විහිලු කරනවා.... එයාට බෑ මාව දාලා යන්න.... එයා බොරුවට ඉන්නේ. එයා කිව්වා මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා... එයාට යන්න බෑ...

🐨  එයා දැනටමත් ගිහින්.... පිලිගන්න

නම්ජුන් කිව්වේ ඔහේ බලාගත්තු අත බලාගෙන....

💖  ඒක වෙන්න බෑ.... අනේ මට කරන්න කිසිම දෙයක් නැද්ද.... මට බැරිද මාව බේර ගත්ත කුකී ඔප්පව බේර ගන්න....
.
.
.
.
.
.
.

ආරා....

එකපාර ටිකක් සද්දෙන් ආරාට කතා කරපු ආරාගේ ඔම්මා දිහාවට හැමෝම හැරුණා.

ආරා.... ඉස්සර.... යූ ට තිබුණා මැරුණු කෙනෙක්ට පණ දෙන්න පුළුවන් බලයක්. ඒක එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. බැරිවෙලාවත්... ඒ බලය ඔයාටත් තියෙනවා නම්.....

ආරාගේ ඔම්මා කියපු දේ නිසා හැමෝටම අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා.

💖  මම කොහොමද ඒ බලය පාවිච්චි කරන්න ඕනි.

ඉස්සෙල්ලම ඔයාගේ අත් දෙක කුකීගේ පපුව උඩින් තියන්න. ඔයාට තේරෙන්නේ නෑ නේද කුකීගේ හදවත ගැහෙනවා...

💖  නෑ...

ඒක ගැනම හිතන්න... හදවතක් ගැහෙන සද්දේ ගැන හිතන්න. හදවත ගැහෙන විදිහ ගැන හිතන්න. කුකීට ජීවිතේ දෙන එක ගැන හිතන්න.

ආරා එයාගේ අත් දෙක කුකීගේ පපුව උඩින් තියලා ඇස් දෙක පියාගෙන ඒ දේවල් ගැන හිතුවා. ඒත් කිසිම වෙනසක් වුණේ නෑ.

💖  අනේ මුකුත් වුණේ නෑනේ....

🌼  ආරා තව එක පාරක් බලන්න...

සූහි කියපු නිසා ආරා තව පාරක් උත්සාහ කලා. කුකීගේ පපුව උඩ තියෙන ආරාගේ අත් දෙක ගැහෙන ගමන්ම ආරා පුළුවන් තරමින් උත්සාහ කලා. අන්තිමට ආරාගේ අතින් පිට වුණු නිල් පාටට හුරු සුදු පාට එලියක් කුකීගේ හදවතේ ඉඳන් මුළු ඇඟ පුරාම විහිදෙන්න පටන් ගත්තා.

🐻  ඒක හරියනවා......

🌺  ඔව්ව්ව්.... ඒක හරියනවා.... ආරා....
.
.
.
.
.
.
.

🐰  ආරා.....

ආරා යන්තම් ඇස් දෙක ඇරලා බලනකොට දැක්කේ එයා දිහා යන්තම් හිනා වෙලා බලන් ඉන්න කුකීව. දෙපාරක් හිතන්නේ නැතුවම කුකීව තද කරලා බදා ගත්තු ආරා මහ හයියෙන් අඬන්න පටන් ගත්තා...

🐰  මොකද මෝඩියේ අඬන්නේ... මේ මං හොඳට ඉන්නේ...

💖  මං හිතුවේ මට මගෙ කුකී ඔප්පව නැති වුණා කියලා...

🐰  නෑ නෑ.... මං යන්නෑ ඔයාව දාලා...

ඒත් එක්කම ආපු යූමිගේ අත ආරාව පැත්තකට ඇදලා දාලා යූමි කුකීගේ හුස්ම හිර වෙන්න තරම් තද කරලා බදාගත්තේ කුකී කෑගහනකොට...

🌻  ආයෙත් මාව ඒ වගේ බය කලොත් මම තරහා වෙනවා හරිද... කතා කරන්නේ නෑ මම ආයෙත්.... හූම්ම්....

යූමී නහයත් උඩට ඇද ඇද කියවන විදියට හැමෝටම හිනා...

ඒ අස්සේ නම්ජුන් ආරාව බදාගෙන එතන එක විකාරයක් නටනවා. අර තඩි ඇඟට අහු වෙලා හූනෙක් වගේ ආරා අමාරුවෙන් හුස්ම ගන්නවා.

💖  මේ.... ජුන් ඔප්පා.... මාව පොඩ්ඩක් අතාරිනවද.... මට හුස්ම ගන්න අමාරුයි වගේ.....

🐨  ආයෙත් මාව දාලා යන්න හදන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න.

💖  හරි.... මම පොරොන්දු වෙනවා...

ඒත් එක්කම නම්ජුන් ආරාව ඇදලු අරගෙන කිස් කරන්න පටන් ගත්තේ අනිත් හැමෝගෙම කෑ ගැහිලි අස්සේ....

🐥  මං කිව්වේ... ජුනී හියුනුයි ජින් හියුනුයි දෙන්නම එක වගේ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නෑ. මේ අපි වගේ පොඩි ලමයි ඉස්සරහා...

🐼  පොඩි හින්දා වෙන්නැති එදා කෙල්ලෙක්වත් හොඳට තුරුලු කරගෙන නිදාගෙන හිටියේ....

ජින් කියපු දේට ජිමිනා පසුබැස්සා. ඒ වෙලාවේ ඉඳන් කට පියාගෙන ඉන්න ජිමින් තීරණය කලා.

ඒ අස්සේ ආරා හිත හිතා හිටියේ මේ මෝඩ ගෙම්බා ඔම්මත් ඉස්සරහා මොනවා කරනවද කියලා.

🐨  මට දැන් ඔයා හිතන හැමදේම ඇහෙනවා ආරා හරිද....

💖  ඒක මාර වැඩක්නේ.... අසාධාරණයි

🐨  එහෙම තමා....

ඒත් එක්කම ආරා එයාගේ ඔම්මා පැත්තට හැරුණා....

💖  ඔම්මා.... ඔයා දැන් ඔයාගේ ඔප්පා එක්ක තරහා නෑ නේද

නෑ නෑ ආරා..... මම තරහ නෑ දැන් මගෙ ඔප්පා එක්ක..... ඔයාගේ ජුන් ඔප්පා ඊයෙම ඒ තරහා නැති කරලා දැම්මා.....

💖  ඊයේ......

ම්ම්ම්..... ජුන් මට හැම දෙයක්ම තේරුම් කරලා දුන්නා. එයා මට කිව්වා ඔප්පා ආරාව පරිස්සම් කරගන්න කරපු දොවලුත්. අනිත් කාටත් වඩා එයා තමයි එයාගේ අප්පව විශ්වාස කලේ....
ඉතින් මට ඕනි වුණා ඔප්පත් එක්ක කතා කරලා වුණ හැමදෙයක්ම හරියට දැනගන්න. වෙච්ච දේවල් දැනගත්තාම මට මහ දුකක් දැනෙනවා....

👑  මින්හා...... මං කිව්වනේ දැන් ඒ දේවල් ගැන අමතක කරන්න කියලා....

💖  අංකල්... ආයෙ ටේ ඔප්පට නපුරු වෙන්න එපා. එදා වෙච්ච දේවල්  ඔයාවත් ටේ ඔප්පාවත් කරපු දේවල් නෙවෙයි. ඒ දේවල් වලට වූජින්ට කරන්න ඕනි දේ මම කලා. දැන් ඔම්මයි අප්පයි සතුටින් ඇති....

ටේ දුවගෙන ඇවිත් එයාගේ අප්පව බදාගනිද්දී අනිත් කට්ටියත් ඔක්කොම එකගොඩේ බදාගත්තේ කට්ටියටම තිබ්බ සතුටටමයි.

................................................................................

After 2 years
Ara's pov

ඔව් මේ වෙලාවේ මම ඉන්නේ මාලිගාවේ  ගාඩ්න් එකේ තියෙන ලොකු ගහක් උඩ ඉඳගෙන ගහ මුල සිද්ද වෙන දෙයක් දිහා බලාගෙන.

හොබී ඔප්පා චන්යොන්ව කිස් කරනවා දැන් විනාඩි පහක විතර වෙලේ ඉඳන්. දෙන්නගෙන් කවුරුවත් දන්නෙ නෑ මම මේවා බලාගෙන ඉන්නවා කියලා. මම දැකපු හින්දා හොඳයි. වෙන කවුරුහරි දැක්කානම් එහෙම ලමා මනස දූෂණය වෙනවා.

මම රෑට ඔහේ ඉන්න වෙලාවට මේ ගහ උඩින් මතු වෙනවා. ගහේ උඩට නැග්ගහම මට පේනවා ලස්සනට දිලිසෙන තරු දෙකක්. ඒ දෙක හැමදාම එකම තැන තියෙනවා එක ලඟම... හරියට මගෙ ඔම්මයි අප්පයි වගේ...

💖  ඔම්මා..... අප්පා.... හෙට ජුන් ඔප්පා මගෙම වෙනවා..... නෑ මං එයාගේ වෙනවා... නෑ එක්කෝ දෙකම එකයි.

ඔම්මයි අප්පයි හිටියනම් කොච්චර සතුටුද මට... ඔයාලට එන්න බැරිවුණාට මං තරහා නෑ... මගෙ අනිත් ඔම්මා එයි.

මම මුළු රෑම එතන ඉඳන් එක එක ඒවා හිත හිත හිටියා.

🐨  ආරා දැන්වත් ගිහින් නිදාගන්නවකෝ.... හෙට උදේ නැගිටින්නත් ඕනි. ඔය මෙච්චර වෙලා හිතපු දේවල් මදෑ...

අන්තිමට ජුන් ඔප්පා මට කිව්වා. එයා  නිදාගන්න හදනවා ඇති. ඒත් ඉතින් මම හිතන ඒවා ඔක්කොම ඇහෙනවනේ. හොඳ වැඩේ.... ආවා මෙතන මං හිතන ඒවා අහගෙන ඉන්න.... කොහොම වුණත් මටත් දැන් නිදිමත නිසා මමත් ගිහින් ඉක්මනට නිදාගත්තා.

Next day morning❤
Author's pov

🌼  ආරා..... අදනම් තමුසේ නැගිට්ටේ නැත්තම් ඉවරයි ඈ.... යකෝ අද උබේ වෙඩිම....

💖  ඉතින්.... මොකක්ද කියන්නේ

🌷  මොකක්ද කියන්නේ කියලා අහන්නේ ඉක්මනට නැගිටිනවා තමුසෙව ලෑස්ති කරන්න ඕනි.

💖  ලෑස්ති වෙන්න දෙයක් නෑ ශෝටයි ටී එකයි ඇඳ ගත්තම හරි. ඒකට එච්චර වෙලා යන්නෙ නෑ. මට තා ටිකක් නිදා ගන්න දෙන්න ප්ලීස්....

🌸  යකෝව් ශෝටයි ටී එකයි ඇඳගෙන යනවා නම් අර අච්චර ලොකු ගවුමක් ගත්තේ මට අඳින්නද

💖  කැමති නම් ඇන්දට අව්ලක් නෑ. මං කිව්වේ නෑනේ ගන්න කියලා. ඔයාලානේ ගත්තේ.

🌹  නැගිටිනවා නැගිටිනවා ආරා

කට්ටිය ආරාව උස්සගෙන ගිහින් බාත්රූම් එකට තල්ලු කරලා දොර වැහුවා අන්තිමට.

💖  යකෝ මටවත් නැති උනන්දුවක්නේ මුන්ට තියෙන්නේ

මේ අස්සේ නම්ජුන්ගේ කාමරේ තිබුණෙත් පොඩි යුද්ධයක් නෙවෙයි. ඊයේ රෑ ආරා හිත හිත හිටපු දේවල් අහන් ඉඳලා නිදාගන්නකොට පාන්දර එක විතර වෙන්නැති.

🐼  නැගිටිනවා ජුනා... තමුන් ඊයේ රෑ මොනාද කලේ... ඔච්චර නිදිමත වෙන්න තරම්... කල්පනා කර කර ඉන්නැති.

🐨  ඔව් ජින් හියුන් ඊයේ රෑ ආරාට හිතන්න දේවල් ගොඩක් තිබුණනේ...

🐰  අනේ මන්දා ජුනී හියුන් හරිනම් ඔයයි ඔක්කොටම කලින් නැගිටින්න ඕනි අද

🐨  හ්ම්ම්....

🐼  හ්ම් හ්ම් ගාන්නේ නැගිටිනවා

💖  අනේ මෙච්චර ලොකු ගවුම් ඇඳන් යන්න බෑ අනේව්.... මේ කෙහෙල්මල පැටලිලා වැටුණොත් එහෙම මං කාට කියන්නද

(මේ තියෙන්නේ ආරා අඳින ගවුමලු🌝)

🌼  ඒකට කමක් නෑ... දැන් කට පියාගෙන ඉන්නවකෝ තමුන්ව ලෑස්ති කරනකම්

කොහොමින් කොහොමහරි කට්ටිය ආරාව හොඳට අන්දලා එතනින් ගියේ එයාලටත් ලෑස්ති වෙන්න ඕනි කියලා. කණ්ණාඩියෙන් තමන් දිහා බලපු ආරාට හිතුණේ එකම එක දෙයයි.

මොකක්ද ආරා ඔයාට මේ ඔයාගේ පාප මිත්තරයෝ කලේ.....

ටිකකින් ජින් ඇවිත් ආරාව එක්කගෙන ගියා. ආරත් පරිස්සමින් අඩිය තිය තිය ජින්ගේ අතේ එල්ලිලා ගියේ කොයි වෙලාවේ ඇදගෙන වැටෙයිද කියලා බයෙන්. ජින් ආරාව එක්කගෙන ඇවිත් ආරාගේ අත් දෙක නම්ජුන්ගේ අත් දෙක උඩින් තියලා හිනාවෙලා ගියා.

ඊට පස්සේ ආපු ජුන්ගේ අප්පා කතා කරන්න පටන් ගත්තා.

'අද ඉඳන්... නම්ජුන් ඔබ.... මේ රාජධානිය භාර ගන්න ඕනි. හැමදේකදීම සාධාරණව අවංකව කටයුතු කරන්න ඕනි. වැම්පයර් රාජධානිය බිඳ වැටෙන්න ඉඩ දෙන්නැතුව පාලනය කරනවා කියලා මට පොරොන්දු වෙන්න ඕනි.'

🐨  මම පොරොන්දු වෙනවා.

එහෙනම් මම ඔබ දෙදෙනාව වැම්පයර් රාජධානියේ නව රජතුමා හා රැජිණිය ලෙස නම් කරනවා.

එහෙම කියපු නම්ජුන්ගේ අප්පා එයාගේ ඔලුවේ තිබ්බ ඔටුන්න ගලවලා නම්ජුන්ට දැම්මා. සූහි අරගෙන ආව ලස්සන ඔටුන්නක් එයා අතින්ම ආරාට දැම්මා.

👑  මේක නම්ජුන්ගේ ඔම්මගේ ඔටුන්න.

💖  මම මේක පරිස්සම් කර ගන්නවා.

ආරාත් හිනාවෙලා කිව්වා. හොබී නම්ජුන්ට දීපු ලස්සන මුද්දක් නම්ජුන් ආරාගේ ඇඟිල්ලකට දැම්මා.

ඒත් එක්කම චන්යොන් දීපු මුද්දකුත් ආරා නම්ජුන්ගේ ඇඟිල්ලකට දැම්මේ වටේ පිටේ හිටපු හැමෝගෙම කෑ ගැහිල්ල මැද්දේ....

👑  අද ඉඳන් දෙන්නා හැමදාම සතුටින් ඉන්න.

ආරා නම්ජුන්ගේ ඇස් දිහා බලන් හිනාවෙවී ඉද්දී ආරාව ඇදලා ගත්තු නම්ජුන් ආරාගේ තොල් උඩින් එයාගේ තොල් තිබ්බේ හැමෝම කටවලුත් ඇරන් බලාගෙන ඉද්දී.....

එදා ඉඳන් එයාලා හැමදාම සතුටින් හිටියලු ලමයි🌝












ඉවරයි නේද🌝💔

දැන්වත් මාව මරන්න අතට ගත්තු අඬු මිටි පිහි තුවක්කු බෝම්බ බිමට දාන්න😂😂

මම එහෙම කරනවද වැම්පයර් බබූලා😌

නෑනේ

මං හොඳයි නේද😁

ඔයාලට ඉතුරු වෙච්ච පස්න තීනවද බබූලා😞

නෑ නේද... මං හිතනවා නැතුව ඇති කියලා.

අවසානය හොඳයිද මන්දා... ඕක තමා මගෙ හිතේ තිබ්බේ ඉතින්☺

මොනවහරි කියාගෙන යම්න🌚

මෙච්චර දවසක් වෝට් කමෙන්ට් කරපු අයට තැම්කූ😙😙😙😙😙😙

හෙට උදේ වෙනකොට ඕතරීගේ නෝට් එකක් තියෙයි ඒක අනිවාරෙන් කියවන්න ඈ😛

ටටා බායි❤👑

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

13.8K 2.7K 31
මට හිතෙන්නෙ මන් එයාට ලොකු වරදක් කරනවා කියලා.😔😔😔😔 මට බෑ එයාගේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න.
13.5K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020
2.5K 507 8
දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම්...
509 80 8
SMA වේදිකාවේ අන්තිම ඉදිරිපත් කිරිම එවකට ලෝකයක් හොල්ලලා තිබුණ BlackPink සංගීත කණ්ඩායම විසින් සිදු කරන ලදී.. " Bombayah " ලාලිසා මනෝබාන් අවසන් වරට තමන්...