𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒...

By IVYLxuxi

29.1K 4.9K 1.5K

"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනව... More

INTRO🚬
CHAPTER 01🚬
🔞CHAPTER 02🚬
CHAPTER 03🚬
CHAPTER 04🚬
🔞CHAPTER 05🚬
CHAPTER 06🚬
CHAPTER 07🚬
TRAILER🚬
CHAPTER 08🚬
CHAPTER 09🚬
CHAPTER 10🚬 TSFTNC💜
CHAPTER 11🚬
🔞CHAPTER 12🚬
CHAPTER 13🚬
CHAPTER 14🚬
CHAPTER 15🚬
CHAPTER 16🚬
CHAPTER 17🚬
Chapter 18🚬
CHAPTER 20🚬
CHAPTER 21🚬
CHAPTER 22🚬
CHAPTER 23🚬
CHAPTER 24🚬
CHAPTER 25🚬
CHAPTER 26🚬
🔞CHAPTER 27🚬
CHAPTER 28🚬 Finale
𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

CHAPTER 19🚬

555 116 50
By IVYLxuxi

"After a long time ..right Mr. Jeon Jungkook!!"

"Kim Young Dae?? තමුන්?" Jungkook ඒ mafia leaderව හඳුන ගත්තේය. Kim Young Dae යනු Jungkookගේ අතින් මිය යන්නට නියමිතව තිබියත් කෙසේ හෝ දිවි ගලවා ගත් අයෙක් විය. නමුත් ඔහු කෙසේද මේ සිටින්නේ Jungkook බව දැනගත්තේ?

"ඔව් මම තමයි. ඔය Wig එක ගලවලා දාන්න Jungkook. ඒක කැතයි ඔයාට" Young Dae එසේ කියමින් සිනාසුනේය. අවුරුදු විසි පහක් පමණ වූ ඔහු mafia leader කෙනෙක් වීමට ලාබාල වැඩි වුවත් ඒ ඔහුගේ පියාගෙන් ඔහුට ලැබුණ දායාදයයි. සාම්ප්‍රදායික Mafia leader ලාගේ පෙනුම ලාවට හෝ ගෑවී නොතිබූ අහිංසක පෙනුමක් හිමි ඔහු අන් සැමටත් වඩා භයානක විය. ඒ සුන්දර සිනහව යට සැගවුණු භයානකත්වය කොතෙක් දැයි කීමට ඒ භයානකත්වය සියැසින් දුටු කිසිවෙක් මෙලොව ඉතිරිව සිටියේ නැත.

"තමුන් කොහොමද මම Jungkook කියලා දැනගත්තේ?" Jungkook සැහැල්ලුවෙන් මෙන් තම Wig එක ගලවා විසි කළේ Young Daeට කට කොනින් සිනහවක් ද පාමිනි.

"මම mafia leader කෙනෙක් Jungkook. මේවා මට සුළු දේවල්. අනික මගේ පරණ යාළුවව මට අඳුරගන්න බැරිද!" Young Dae පෙරලා සිනහවක් පාමින් කීවේය. බැලූ බැල්මට යමෙකුට ඔවුන් දෙදෙනා සුහද පිළිසඳරක යෙදෙන බව පෙනුනත් එය එසේ නොවීය.

******

*Flashback*

2014/ 12/ 28

"Young Dae!! තමුන් මගේ යාලුවට අත තිබ්බේ වත් කොහොමද?" Jungkook Young Dae ගේ shirt collar එකෙන් අල්ලාගෙන කෑ ගැසුවේය.

"ඒකා අපේ එකෙක්. තමුසෙගේ යාලුවෙක් නෙවෙයි. උඹ ඒකාව තමන්ගේ පැත්තට නම්ම ගත්තා. ඌ ඒකට දඬුවම් විඳින්න ඕන" Young Dae ද Jungkookගේ කොලර් එකෙන් අල්ලා ගත්තේය.

"තමුසේ එයාට වද දෙනවා. එයාට කියලා වැඩ ගන්නවා. මේ අහගන්නවා!! දැන් එයා මගේ යාළුවා. තමුසේ ආයේ එයාට අත තියපු දෙන්කෝ!! මන් තමුසෙව මරලා දානවා"

Young Dae Jungkookට අත මිට මොලවා පහරක් එල්ල කළේය. ඒ පහරින් Jungkook විසි වී ගොස් බිම වැටුණි. එහෙත් ඔහු නැවත නැගිට Young Dae ට පහරක් එල්ල කළේය.

"නවත්තනවා!! Young Dae Jungkookට ගහන්න එපා!!" ඒ දෙදෙනාගේ අතර මැදට කෙනෙක් පැන ඔවුන් දෙදෙනාව දෙපසට කළේය. "මමයි එයාගේ යාලුවෙක් වුණේ. එයාගේ වැරැද්දක් නෑ. එයාට ගහන්න එපා"

"Jimin, තමුසේ අහකට යනවා. අද මං මූව මරලා දානවා!! මේකා මොකෙක්ද මගේ එකෙක්ව එයාගේ පැත්තට නම්ම ගන්න ආ!!"

Young Dae නැවතත් Jungkookට පහර එල්ල කරන්න උත්සහ කළත් Jimin Jungkook අසළින් එහාට වුණේ වත් නෑ. Young Dae අතින් ගුටි කෑවොත් Jungkook යනුවෙන් කිසිවෙකුත් මෙලොව ඉතිරි නොවන බව හොඳින් ම දැනසිටි Jimin එතනින් එහාට නොවුණේ තමා නිසා Jungkookට අනතුරක් සිදු වීමට ඉඩ තැබිය නොහැකි නිසා.

"තමුසේ මගේ එකෙක්ද නැත්නම් උගේ එකෙක්ද ආ!!"

"Jungkookගේ අනිවාර්යයෙන්ම!!" Jimin තවත් Jungkookගේ ඉදිරයෙන් හිට ගනිමින් කීවේය.

"Chim මෙතනින් අයින් වෙන්න...ඔයාට තුවාල වෙයි.."

Jungkook Jiminට Chim ලෙස කතා කරනු ඇසී Young Dae තරහව තවත් වැඩි විය. Young Dae ගේ හිතෙහි Jimin ගැන කැමැත්තක් තිබුණද ඔහු ඒ පිළිබඳ Jiminට නොකීවේ Jimin නිසැක වශයෙන්ම ඔහුව ප්‍රතික්ෂේප කරන බව ඔහු සිතූ නිසා. Mafia leader කෙනෙක්ගේ පුතෙකුට කැමති වෙන්නේ කවුද? එහෙත් Jimin Jungkook සමඟ කාලය ගත කරනු ඔහුට දරා ගත නොහැකි විය. Jimin Jungkook වෙනුවෙන් පෙනී සිටීම ඔහුට බලා සිටීමට අපහසු විය.

ඇති වූ ක්ෂණික කෝපය නිසා Youn Dae Jiminව වැරෙන් තල්ලු කර දැම්මේය. Jiminගේ නළල ඒ අසළ තිබූ පඩියක වැදී තුවාල විය.

"Jimin!!"

"Chim!!"

Young Dae සහ Jungkook දෙදෙනා ම එකවර කෑගසන්නට විය. නමුත් Young Dae එතනට යාමට අඩිය තියන්නට පෙර Jungkook ඉක්මන් විය. Jungkook Jiminව ඔසවාගෙන Jiminගේ තුවාල වලට බෙහෙත් දැමීමට ගියේ Young Dae Jungkook සහ Jimin දෙස කට අයාගෙන බලා සිටින අතරේදී මයි. එම දිනයෙන් පසුව Jungkook ට හෝ Jiminට Young Daeව සොයා ගත නොහැකි වූයේ Young Dae පාසලෙන් අස් වූ නිසාය. ඒ ඔහුගේ පියා වෙනත් මැර කල්ලි නායකයෙකු අතින් ජීවිතක්ෂයට පත් වූ නිසාවෙන්. ඒ කල්ලිය Young Dae සහ ඔහුගේ මව පසු පසින් ද පැන්නූ බැවින් ඔවුන් දෙදෙනාට ආරක්ෂාව පතා පැන යන්නට සිදු විය. එම පැන යන අතරතුරේදී Young Dae ගේ මව කල්ලියේ වෙඩි පහරකින් මිය ගියාය. කෙසේ හෝ යන්තම් දිවි ගලවා ගත් Young Dae වසර කීපයක් Seoul වලින් ඈත්ව නිහඬව සිට නැවත වසර කීපයකින් පසුව Seoul වලට පැමිණියේ තම පියාගේ සංවිධානය නැවත ගොඩ නැංවීමට. ඔහු පෙරදී පියාගේ මේ කටයුතු වලට විරුද්ධ වුවත් ඔහුට සිදු වූ දේවල් සමඟ ඔහුගේ මනස සංවිධානය භාර ගැනීමට පෙළඹුනි.

2018/ 05/06

Young Dae ගේ Company එකේ නිෂ්පාදනය කරන ආහාර වලට මත් ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට ඔහුට සහ ඔහුගේ company එකට එරෙහිව පැවරුණ නඩුවේ පළමු නඩු වාරය එදින පැවැත්වීමට නියමිතව තිබුණි. පැමිණිලි පාර්ශවය සඳහා පෙනී සිටියේ Jungkookය. උසාවිය ඉදිරියේ Jungkook ව දුටු විට Young Daeට දරා ගත නොහැකි කෝපයක් දැනුනද එවෙලේ ඔහු කිසිත් කළේ නැත. කෙසේ හෝ එදින Young Dae නඩුව ජයග්‍රහණය කළේ ඔහු සූක්ෂම ලෙස සාක්ෂි වෙනස් කොට තිබූ නිසා. නමුත් Jungkook දැනගත්තා ඔහු සාක්ෂි වෙනස් කර ඇතේ බව. ඔහු Young Dae ව හමු වීමට උසාවියෙන් එළියට ආවේය.

"තමුන් තාමත් ප්‍රශ්න වලින් පැනලා යන එක නවත්තලා නෑ නේද?" උසාවි පරිශ්‍රයෙන් Body guardsලා සමඟ එළියට යන Young Daeට Jungkook එසේ කෑගසා කීවේය. Jungkook දෙසට හැරුණු Young Dae ඔහු අසළට ටිකෙන් ටික ළං වූයේ මුහුණේ ලාවට ඇඳුනු සිනහවක් ද රඳවා ගෙන ය. ඔහු Jungkook අසළට ළං වනවිටම එතනට කෙනෙක් දුවගෙන ආවේය.

"Kookie..සොරි පරක්කු වුණාට..මං වාහනේ ආවේ එන්න යමු. මේ-" ඒ පැමිණියේ Jiminය. ඔහුට තම වාක්‍ය සම්පූර්ණ කරන්න ඉඩ නොලැබුණේ Young Daeව දැකීමෙනි. මේ තරම් අවුරුදු ගණනකට පසුවත් තවමත් Jimin Jungkook අසළම සිටිනු දැකීම Young Daeගේ පරණ තුවාල අලුත් කළේය.

"Young Dae!! තමුන් මොනවද මෙතන කරන්නේ?? ඉන්න- එතකොට මේ company එක තමුසෙගේද??" ජීවිතේ පළවෙනි වතාවට Jimin Young Dae ට තමුන්, තමුසේ කියන වචන වලින් කතා කළා. Jungkook හිතපු විදිහට Young Dae Jiminව පාවිච්චි කළේ නෑ. මොන ම විදිහකින් වත් නෑ. එයා කරපු කිසිම දේකට කොටින් ම Jiminව ගාවගත්තේවත් නෑ.

"මෙහෙම ද පරණ යාලුවෙක් දැක්කම එයාව පිළිගන්නේ? බදා ගන්නේ නැද්ද මාව?" Young Dae අවංකවම ඇසුවත් අවාසනාවකට Jiminට වත් Jungkookටවත් එය අවංක ඉල්ලීමක් ලෙස දැනුනේ නැත.

"තමුසෙ අත තියන්නේ නෑ Jiminට! තමුසේ වගේ ජරා මිනිහෙක් ගේ හුළඟක් වත් මන් වැදෙන්න ඉඩ තියන්නේ නෑ Jiminට. අන්න ඒක මතක තියාගන්නවා" Jungkook Young Dae අසළටම කිට්ටු වෙමින් කීවේය. Young Dae ගේ body guard ලා Jungkookට ගහන්න අඩිය ඉස්සරහට තිබ්බත් Young Dae ඔවුන් ව නවත්වා ඔවුන් පිටත් කර හැරියේය.

"තමුසෙට කලින් එයා මගේ යාළුවා. තමුන් ඇවිල්ලා ඔක්කොම විනාස කළා." Young Dae Jungkook ගේ shirt collar එකෙන් අල්ල ගත්තේය. "මන් තමුසෙව අද නං ඉවරයක් කරනවා!!"

Young Dae නිසා Jungkookගේ රෝගය මතු විය. Jungkookව ඉවරයක් කිරීමට තුන් හිතකවත් Young Daeට නොතිබුණේ ඉන් Jimin තවත් ඔහු ගැන අපහැදීමට පත් වන බව ඔහු දැන සිටි නිසා. ඒ නිසා ඔහු Jungkookගේ shirt collar එකෙන් අල්ලගත්තේ ද ලාවට මෙන්. එහෙත් Jungkookගේ කෝපය මැඩලීමට නොහැකි තරම් වර්ධනය විය. තම දෑතින් ම Young Dae ගේ බෙල්ලෙන් අල්ලා ගත් ඔහු Young Daeගේ බෙල්ල තද කරන්නට විය. ටිකෙන් ටික ග්‍රහණය දැඩි කළ Jungkook Young Dae ගේ හුස්ම නතර වන්නට ඔන්න මෙන්න වනතුරුම තද කළේය.

"Jungkook!! ඕක නවත්තන්න. එයා මැරෙයි..Jungkook!! Kookieee ඕක නවත්තන්න" Jimin Jungkook ගේ අතේ එල්ලී Jungkookව නවත්තන්න උත්සහ ගත්තේය. මහත් වෙහෙසකින් අනතුරුව අන්තිමේදී Young Daeගේ ගෙල අත්හරවන්නට Jiminට හැකි විය. ග්‍රහණය ලිහිල් වූ විගස Young Dae බිමට ඇදගෙන වැටුණේ ඔහුගේ සම්පූර්ණ ශක්තියම ඔහුට අහිමි වූ නිසා. Jimin Young Dae ගේ body guardsලා හට කතා කර Young Dae ව රැගෙන යන ලෙස කීවේය. ඔහුගේ body guards ලා ඔහුව එතනින් රැගෙන ගියේ ය.

එදින තමා Jungkookගේ ඉදිරියේ පැරදුනු නිසාත් Jimin Jungkook වෙනුවෙන් පෙනී සිටි නිසාත් සිතෙහි වෛරයක් උපදවා ගත් Young Dae Jiminගෙන් පලි ගැනීමට සිතුවේය. එම නිසයි ඔහු Jiminට තම ව්‍යාපාරය ගොඩනැංවීමට මුදල් ලබා දී ඔහු ලවා තම භාණ්ඩ ප්‍රවාහනය කරගෙන ඔහුව මානසිකව වැට්ටවීමට තීරණය කළේ. Jiminට පසුව ක්‍රමයෙන් Jungkookව තමාට හැකි තරම් උපරිමයෙන් වද දී ඉවරයක් කරන්නට Young Dae ඉටා ගත්තේය.

********

(Please play 잠시 안녕처럼Goodbye my Love by AILEE)

"තමුසේ නිසා මට Jiminව නැති වුණා!! එයා නිසයි මම ජීවත් වුණේ තමුන් එයාව උදුරගත්තා. තමුන් මම ජීවත් වුණු හේතුව උදුරගත්තා Jeon Jungkook!!" Young Dae තමාට හැකි උපරිම ශබ්දයෙන් කෑගැසුවේය. ඔහුගේ නෙතු අග රැඳී තිබු කඳුලු බිඳු රත් පැහැ ගැන්වී තිබූ කොපුල් මතින් රූරා වැටුණේ කෝපය සහ දුක යන හැඟීම් දෙකෙහිම සම්මිශ්‍රණයකිනි.

"තමුසේ එයාව පාවිච්චි කළා විතරයි. තමුන් හොඳ යාලුවෙක් නෙවෙයි!!" Jungkook කීවේය.

"තමුසේ..තමුසේ මොනවද දන්නේ යකෝ!! මන් එයාව මගේ එක වැඩකට වත් අරගෙන ගියේ නෑ. අඩුම ගානේ එයාට මම ඒවා කිව්වේ වත් නෑ. එයා එක්ක ඉද්දි විතරයි මට සැනසීමක් තිබ්බේ.. තමුන් ඒක මගෙන් උදුරගත්තා. දැන් අන්තීමේදී එයාව අතෑරලා තමුන් වෙන කෙනෙකුට ආදරය කරනවා!! තමුසෙයි මෙතන ඔක්කොම විනාස කළේ."

"ඇයි තමුන් එහෙනම් එයාව වැඩ වලට නොගත්තේ??"

"මොකද මන් එයාට ආදරේ කළා මිනිහෝ!! මගේ පවුල් පසුබිම නිසයි මම මගේ හැඟීම හංගගෙන හිටියේ"

Young Dae එසේ කීමෙන් පසුව Jungkookට තවත් කිසිවක් කියන්නට කටට නො ආවේය. Young Dae Jiminට ආදරය කරන්නට ඇතැයි කියා Jungkook ට නිකමටවත් සිතුනේ නැත. Young Dae Jiminව නැවත තමා අසළට ගන්නට එතරම් උත්සහ කළේ මේ හේතුව නිසා බව ඔහුට නිකමටවත් සිතුනේ නැත. 

"තමුන්ව මම මරලා දානවා!! තමුන් මගේ එකම සතුට උදුරගත්තා!!" එසේ කියමින් ඔහු Jungkook අසළට ආවේ තම කලිසම් සාක්කුවෙන් තම පිස්තෝලය ඇදලා අරගන්න ගමන්. එහෙත් Jungkook මදක් හෝ නොසෙල්වී එතනම සිටියේය. Young Dae පිස්තෝලය Jungkookගේ නලලින් තැබුවත් Jungkook එතනින් අඩියක් වත් සෙලවුණේ නෑ.

"නෑ..තමුන් ව එහෙම ලේසියෙන් මම මරන්නේ නෑ. තමුනුත් මම වගේ ම විඳවලා මැරෙන්න ඕන." Young Dae එසේ කියමින් Jungkookගේ නලලතේ තැබූ පිස්තෝලය Jungkookගේ බඩ මතින් තබා පිස්තෝලයේ trigger එක ඇද්දේය. මහ හඬක් නංවමින්  bullet එක Jungkookගේ බඩ පසාරු කරගෙන ඇතුලට ගියේ ඔහුගේ ලේ Young Dae ගේ ඇඳුමේ විසුරුවමින්.

වම් අතින් තම තුවාලය අල්ලා ගත් Jungkook බිමට පහත් වුණේ දණහිස් මතින් හිඳගනිමින්. නිදහස් අතින් පොලොව ස්පර්ශ කළ ඔහු බිමට නැමුණේ වේදනාව නිසා. ඔහු වේදනාවෙන් ඇඹරෙන ආකාරය Young Dae හැඟීම් විරහිතව බලා සිටියේය.

"Kim Young Dae!! Pistol එක බිම දාලා යටත් වෙන්න!!" Yeonjun team එකත් සමඟ එතනට පැමිණියේය. ඔවුන්ගේ පිටුපිසින් Taehyung, Yoongi සහ Jimin තිදෙනාද පැමිණ සිටියේය. ඔවුන් එතනට එන විටත් Jungkook සිහි මුර්ජා වී සිටියේය.

"Jungkook!!" Taehyung Jimin දෙදෙනාම එක පිම්මේ දුව ගියේ Jungkook ළඟටය. Young Dae Yeonjun ට යටත් වෙමින් Jimin Jungkook අසළ දණගසා ඉකි ගසන ආකාරය බලා සිටියේය. Yoongi පැමිණ Jiminගේ කරට අත දමා ඔහුව සනසන ආකාරය ඔහු බලා සිටියේය. එය දුටු ඔහුට තවත් Jiminව තමාට අයිති නැති බව පසක් විය. හැරත් Jiminට තව දුරටත් මුහුණ දීමට ශක්තියක් ඔහුට නොතිබිණ.

"Jimin, පළවෙනි සහ අවසාන වතාවට මට මේක කියන්න දෙන්න...මම කරපු දේවල් වලට සමාවක් නෑ. මම ඉල්ලන්නෙත් නෑ. ඒත් අහන්න..ඔයයි මට හිටපු එකම සතුට. ඒ සතුට වෙන කෙනෙක් උදුරගන්නවා බලන් ඉන්න මට බැරි වුණා. I love you Jimin. ආයේ මම ඔයාට වදයක් වෙන්නේ නෑ..." එසේ කියූ Young Dae පොලීසියේ අයව තල්ලු කර Yeonjun ගේ කලිසමේ තිබූ පිස්තෝලය ඇදලා අරගෙන තම නලලත මතින් තබා ගත්තේය. අවසන් වතාවට Jiminගේ සිනහ වන විට දිලිසෙන දෑස් දෙස බලා දෑස් පියාගත්තේ තම මුවගේ සිනහවක් රඳවා ගනිමිනි. Yeonjun ට සිතන්නට වත් කාලයක් ඉතිරි නොකර Young Dae trigger එක ඇද්දේය. ලේ විලක් මැද ඔහුව ඇදගෙන වැටුණේය. ඔහුගේ දෑසේ අග රැඳී තිබු කඳුලු බිඳුවක් කොපුල් මතින් ගලා විත් පොළවට වැටුණේ ය. Jimin සෙමින් Young Dae දෙසට ඇවිද ගියේය. ඔහු අසළින් දණගසාගත් ඔහු වෙවුලන දෑතින් තම ගෙලෙහි පැලඳ සිටි මාලය ගැලෙව්වේය.

'ආ..මෙන්න..'

'මේක මටද Young Dae?'

'ම්ම්..මටත් එකක් තියනවා ඔය වගේම'

Young Daeගේ ගෙලෙහි ද ඒ මාලය තවමත් තිබුණි. මොන තරම් තරහ තිබුණත් Young Daeට Jiminව අමතක කළ නොහැකි විය. Jiminටද තමාගේ මිතුරාව අමතක කරන්නට නොහැකි විය. Jimin තම මාලය Young Daeගේ අත මතින් තබා එය මිට මෙලෙව්වේය.

Taehyung එතන සිදුවූ කිසිවක් ගැන නිච්චියක් නොතිබිණ.

"Kookie!! යා!! Kookie!! මේ බලන්න Tae Tae ආවා.. අනේ ඇස් ඇරලා බලන්න..ඔයාගේ bear ආවා!! ඇ..ඇස් ඇරලා කියන්න ඔයා හොඳින් කියලා..Jungkook!!! හොඳ හිතින් නැගිටිනවා!!" Taehyung විලාප තියන්නට විය.

"Mr. Kim ambulance එකක් ආවා..ඉක්මනට Mr. Jeonව අරගෙන යමු."

Taehyung Jungkook ව ඔසවගෙන ambulance එක තිබූ තැනට දුවගෙන ගියේය. Jungkookව ambulance එකෙන් තබා ඔහුද ඊට නැග්ගේ Jungkookව තවත් තනියෙන් කොහෙවත් යවන්නට අකමැති වූ නිසා.

Jungkookව රෝහල් ඇඳක් මත තැබු Taehyung operation theatreඑක අසළට ම එනතුරු ආවේය. එහෙත් එතනින් එහාට යන්නට ඔහුට අවසර නොලැබුණි. Theatre එකේ දොර වැසෙන දෙස Taehyung කඳුලු පිරි දෙනෙතින් යුතුව බලා සිටියේය. දොර වැසුණු පසු ඒ අසළම වූ බිත්තියකට වාරු වී බිම ට පහත් වුණු ඔහු තම කෙස් වලින් අදිමින් හඬන්නට විය. එක්වරම theatre  එකේ දොර විවර විය.

"ඔයා මේ patient ගේ පවුලේ කෙනෙක් ද?"

"ඔව් doctor..එයාට කොහොමද දැන්??"

"මේකයි කළබල වෙන්න එපා. අපි ගොඩක් උත්සහ කරනවා එයාගේ ගොඩක් ලේ ගිහින් තියෙන්නේ. අනික එයාගේ blood type එක rare එකක්. AB negative එයාගේ blood group එක. Blood blank වල ඒ ලේ වර්ගේ ඉවර වෙලා. ඒ නිසා-" ඉතිරිය සම්පූර්ණ කරන්නට මත්තෙන් theatre එක දෙසින් ඇසුනු 'බීප්' ශබ්දය නිසා doctor ඇතුලට දුවගෙන ගියේය. Taehyung ද එදෙසට දුවන්නට උත්සහ කළද එතනට දුවගෙන ආ Yoongi සහ Jiminව ඔහුව වළකාගත්තේ ය.

"හරියන්නෑ වගේ doctor"

"Defibrillator එක ගේන්න ඉක්මනට..."

"Charge 280 J*!!"

"Jungkook!! මාව දාලා යන්න එපා!! Please!! Jungkook!!" Taehyung theatre දොර අසල වාඩි වී හඬන්නට පටන් ගත්තේය. Jiminගේ ද දෑසින් කඳුලු ගලා ගියේය. ඔහු විශ්වාස කළේ මේ සියල්ලක්ම ඔහු නිසා සිදු වූවාක් කියාය. Young Daeට එසේ වූයේ ද තමා නිසා බව ඔහු සිතුවේය.

"Kookie ඔයා කිව්වා සතියකින් එනවා කියලා. Kookie please කොහෙවත් යන්න එපා මට ඔයා නැතුව ඉන්න බෑ..."

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

මන් දන්නෑ..මන් මුකුත් කළේ නෑ..මං අහිංසකයි...🙂💔

Hey IVYISHES ❤❤

වචන හරියටම දෙදාහයි..දෙපාරක් delete වුණා මේ chapter එක. 🙂💔 ඒ නිසා මම ආයේ ලබන සඳුදට ඊළඟ chapter එකක් දෙන්නම්. 🙂❤

මට බනින්න එපා ඉතිම් දැම්...මම කිව්වනේ මම වගකීම ගන්නේ නෑ කියලා🙂💔 කතාවට comment කරන් යන්න ළමයි...5K readersලා ♡ මගේ Reader බබාලා හැමෝටම විස්කෝතුයි❤❤

Christmas gift for all my IVYISHES who are fans of Kim Young Dae or Joo Seok Hoon of Penthouse.🤗❤

*J- Jules

Data collected from the internet*

Continue Reading

You'll Also Like

52.7K 6.6K 22
NOUNS (ကျိန်စာသင့်ဝင်္ကပါ) BTS × OC * ကျိန်စာသင့်မကောင်းဆိုးဝါး နယ်မြေထဲ ရောက်ရှိသွားသော သူမနှင့် ကျိန်စာသင့် ကျောင်းတော်ကြီးထဲက Bangtan * သားကောင်မျ...
183K 32.5K 61
🐯 : 𝖬r.Jungkook...අපි කනකොට සද්ද කරන්නෙ නැ...ඒ වගේම කතා කරන්නෙත් නැ.. 🐰 : ඔහ් ඕකෙ..( but keeps talking ) 🐰 : ශා !! එළකිරිනේ !! 🐯 : එළකිරි...ආ..ම...
38.2K 6.8K 40
"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "
164K 25.7K 20
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."