𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒...

By IVYLxuxi

29.1K 4.9K 1.5K

"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනව... More

INTRO🚬
CHAPTER 01🚬
🔞CHAPTER 02🚬
CHAPTER 03🚬
CHAPTER 04🚬
🔞CHAPTER 05🚬
CHAPTER 07🚬
TRAILER🚬
CHAPTER 08🚬
CHAPTER 09🚬
CHAPTER 10🚬 TSFTNC💜
CHAPTER 11🚬
🔞CHAPTER 12🚬
CHAPTER 13🚬
CHAPTER 14🚬
CHAPTER 15🚬
CHAPTER 16🚬
CHAPTER 17🚬
Chapter 18🚬
CHAPTER 19🚬
CHAPTER 20🚬
CHAPTER 21🚬
CHAPTER 22🚬
CHAPTER 23🚬
CHAPTER 24🚬
CHAPTER 25🚬
CHAPTER 26🚬
🔞CHAPTER 27🚬
CHAPTER 28🚬 Finale
𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

CHAPTER 06🚬

1K 189 78
By IVYLxuxi

                     2ñÐ †rïål ⚖️

Ji Hoonගේ මිනීමැරුම සම්බන්ධ දෙවනි නඩු වාරය.

"සාක්ෂිකරු, ඔබ එදා Ji Hoonගේ කාමරේට ගියේ ඇයි?" Hyung Sik ඇසීය.
"....." Taehyung කිසිම උත්තරයක් දුන්නේ නෑ.

"සාක්ෂිකරු?" විනිසුරුවරයා එවර Taehyung ට කතාකලේය. එවිටයි Taehyung පියවි සිහියට පැමිණියේ. එතෙක් වේලා ඔහු හිටියේ මිනීමැරුම දිනයේ සිදු වූ දේවල් සිහි කරමින්ය.

Ji Hoonගේ ඝාතනය සිදු වූ දිනය....

"මට සමාවෙන්න සර්...මන්.. මන් දැනගෙන හිටියේ නෑ Hae in කියන්නේ සර්ගේ නංගී කියලා..."

"තමුන් මේ විදිහට ජීවිත කීයක් විනාශ කලාද යකෝ?? කොහෙද තමුන් video කරපු ෆෝන් එක ආ? පොලීසියට කියන්න ඉස්සරින් මට ඒ ෆෝන් එක දෙන්න"

"මන් ගාව නෑ.. ඔව් මන් ගාව නෑ ඒක"

"බොරු කියන්න ලෑස්ති වෙන්න එපා..මෙහාට දෙන්න කිව්වේ ඒ ෆෝන් එක" *Beep beep* "ආයිශ්! කවුද මේ වෙලාවේ!! Ah, yes Mr. Park? Ok. I'll come right now." Taehyung Jimin කතා කරපු නිසා එතනින් එන්න ආවා. හදිස්සියෙන් වගේ එලියට ගියපු නිසා එවෙලේ Ji Hoonගේ cabin එකට ඇතුලු වුණ කෙනාගේ මූණ Tae හරියට දැක්කේ නෑ.
.
.
.
Present day

"Ji Hoon...Ji Hoon කියන්නේ තිරිසනෙක්" Taehyungට වචන ගලප ගන්න පුලුවන් වුණ එකම වාක්‍යය වුණේ එච්චරයි. උසාවියට ඇවිත් හිටපු හැමෝමගෙම ඇස් පුදුමයෙන් ලොකු වුණා Taeගේ කතාවට. හැමෝම අතරේ යන්තමින් ඇති වුණ කසුකුසුව ඝෝෂාවක් බවට පත් වෙද්දී විනිසුරුවරයා ඔවුන්ව නිශ්ශබ්ද කලේය.

"උසාවියේදී වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න" Judgeගෙන්  Taeට අවවාදයකුත් ලැබුණා. ඉන්පසුවයි Prosecutorටට නැවතත් ප්‍රශ්න ඇසීමට අවසර හිමි වුණේ.
"එහෙම කියන්න හේතුව උසාවියට පැහැදිලි කර දෙන්න පුළුවන්ද ඔයාට?"

"මුලින් ම Ji Hoonගේ phone එක හොයාගෙන ඉන්න. එතකොට මම කියපු කාරණේ ඔප්පු වෙනවා"

"ඒ කියන්නේ ඔයාට ඔයා කියපු දේ ඔප්පු කරන්න සාක්ෂි නෑ? Your honour, මොහු උසාවිය නොමඟ යවන්න හදන්නේ. සාක්ෂි නැති කරුණු ඉදිරිපත් කරලා"

"සාක්ෂි? Your honour, he wasn't a good person. He ruined my sister's life. Who knows, how many lives he has ruined before he died?"

Yeonjun කොතරම් උත්සහ කලත් Ji Hoonගේ phone එක සොයාගත නොහැකි වීම පිළිබඳ ඔහු හිටියේ අවුලෙන්. ඒ phone එක හිතනවටත් වඩා වැදගත් කියලා එදා එයාට තේරුණා. සමහරවිට මේ මුළු අභිරහසම විසඳන යතුර එය වෙන්න පුළුවන්.

දැනට තිබෙන තොරතුරු අනුව ඒ phone එක ගොඩක් ම වැදගත් වගේ පෙනුනේ Taehyung ව වුණත්. Jungkook,Jimin, Heeseung තිදෙනා නිර්දෝෂී කියා මෙම සිද්ධියෙන් බැහැර කල නොහැකිය. Jiminට වැදගත් වූ යමක් එම දුරකථනයේ තිබුණා වෙන්නටත් පුළුවන්. Jungkook ට වැදගත් යමක් එහි තිබෙන්නටත් පුළුවන්. මෙවැනි කුඩා දෙයකින් Taehyung අපරාධකරු කියා නිගමනය කල නොහැකි වුවත් ඔහු දෙසටත් සාමාන්‍ය ජනතාව තම සැකය එල්ල කලේය.

'එයාද මේක කලේ එතකොට?'

'මට නං තාමත් හිතෙන්නේ ඒ Mr. Jeon කියලමයි.'

'Mr.Kim තමා Ji Hoon එක්ක ගොඩක් ම තරහින් හිටියේ.'

ඔවැනි කසු කුසු එදින දවස පුරාම Taehyung ට අසන්නට සිදු විය. උසාවියේ කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි වූ නිසා උසාවිය නැවතත් කල් ගියේය. Taehyung උසාවි ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන විටම දුවගෙන පැමිණි Jungkook ඔහුගේ අතින් අල්ලා ඔහුව නවතා ගත්තේය.

(Song recommendation-  Diphyelleia grayi by Jonghyun🥀)

Taehyung සමඟ ම ඔහුගේ වාහනයේ නැගී company එකට Jungkook ආවේය. එන අතරමග දී එකඳු වචනයක්වත් ඒ දෙදෙනා අතර හුවමාරු නොවුණත් ඒ නිහඬතාව එයාලගේ හදවත් වලට සහනයක්, කල්පනා කරන්නට වේලාවක්, කරුණු තරමක් දුරට හෝ තේරුම් ගැනීමට අවස්ථාව සලසා දුන්නේය. ගමන පුරාවටම Jungkook බලා සිටියේ Taehyung ගේ මුහුණ දෙසය. එක එක පැතිවලට විවධාකාර විදිහට පෙරලෙන මෙම මිනීමැරුමේ සැකකරුවන් දෙදෙනෙක් බවට පත් ව තිබූ Jungkook සහ Taehyung දෙදෙනා තමන්ගේ නිර්දෝෂී බාවය ඔප්පු කිරීම නොසලකා හැර මෙම අභිරහස තමා විසින් ම විසඳන්නට වෙහෙසීය. හැමෝගෙම සැකය එල්ල වෙද්දිත් තමා වෙනුවෙන් කතා නොකර අභිරහසේ සුල මුල ඔවුන් සොයන්නට තැත් කරන්නේ ඇයි? පෙරදී මිනිසුන් තමන්ගේ තරහව පාලනය කර ගත නොහැකිව මරා දැමූ Jungkook මේ මිනීමැරුම පිළිබඳ උනන්දු ඇයි?
Jungkook ගේ හදවත Taehyung නිසා වේගයෙන් ගැහෙන්නත් Taehyung ගේ හදවත Jungkook නිසා වේගයෙන් ගැහෙන්නත් හේතුව මොකක්ද... මොකක්ද ඒ දෙන්නාගේ හදවත් එයාලට හොරෙන් මේ හදාගෙන තියන බැඳීම.. මොකක්ද ඒකට කියන නම? සහෝදරත්වය? මිත්‍රත්වය... මොකක්ද මේ බැඳීමට කියන හරි ම නම? නමක් දෙන්න පුළුවන් වෙයිද? නැත්නම් නමක් නොදීම අතුරුදහන් වෙලා යාවිද...

Company එක ළඟටම එනකං ඒ දෙන්නා අතරේ කිසි කතාවක් වුණේ නෑ. Jungkook උසාවියෙන් එලියට යද්දී  Taehyung ළඟට දුවගෙන ගිහින් එයත් එක්කම වාහනේට නැගලා යන දිහා කෙනෙක් බලාගෙන හිටියා. ඒ Jimin. Jimin Jungkook දුවනකොට එයාගේ පස්සෙන් ගියත් Jungkook දැක්කේ Taehyungවම විතරයි. ගොඩක් වෙලාවට Jungkook Jiminව හරියට දැක්කේ නෑ. එකම එක පාරක්වත් Jungkook නැවතිලා Jimin දිහා හරියට බැලුවේ නෑ. ඉස්සරහටත් එයා Jimin ව දකින එකක් නෑ. Jimin එදා වගේම අදත්, අද වගේම හෙටත් Jungkookව ආරක්ෂා කරයි. යාළුවා විදිහට. නෑ සහෝදරයා විදිහට.

'කුකී..කමක් නෑ ඔයා මාව නොදැක්කට...හැමදාමත් මම ඔයා එක්ක'

Company එකේ car park එකේ වාහනේ නවත්තපු Taehyung වාහනයෙන් බැස්සේ Jungkook ටත් බහින්න යැයි කියමිනුයි. ඒත් Jungkook වාහනයෙන් බැස්සේ නෑ. Taehyung බැහලා Jungkook හිටපු පැත්තට එනකම් ම Jungkook බැස්සේ නෑ. Taehyung එතනට ආපු ගමන් දොර ඇර වාහනයෙන් බැසි Jungkook ගේ මුහුණ කෙලින් ම Taehyung ගේ මුහුණ ඉදිරිපිට විය. ඔවුනොවුන්ගේ නාසයන් එකිනෙක ගැටෙන තරමට ඔවුන් ලං වී තිබිණ. එකිනෙකාගේ හුස්ම මුහුණ වදින තරමට ඔවුන් ලං වී සිටියා. ඒ හුස්ම වල යමක් තවරා තිබුණා. එහෙත් ඒ කුමක් දැයි වටහා ගන්නට ඒ දෙදෙනාට නොහැකි විය. ඔවුන් අන් සැමටත් වඩා හොඳින් ම දන්නවා ඒ දෙන්නා කවුද කියලා. කොච්චර නොහිතා ඉන්න හැදුවත් ඒක ඇත්ත. සමහරවිට මේ අපරාධය කලේ Jungkook වෙන්න පුලුවන්. නැත්නම් Taehyung වෙන්න පුලුවන්. එහෙම වුණොත් ඒ දෙන්නාගේ හැඟීම් නම් නොලබාම මියැදේවී. නැවත පණ නොලබන ලෙසටම. Jungkook කලින් කල වැරදි Taehyung දැන ගත්තොත්? ඒවා සමාව දිය හැකි වැරදි නොවේ.

"ඔයා නෙවෙයි ඒක කලේ... මිනිස්සු මොනවා කිව්වත් මම ඒක දන්නවා Taehyung " Jungkook  Taehyung ගේ ගැඹුරු දෙනෙත දෙස බලමින් කීවේය. Taehyung එකිනෙහිම තම නලලත සෙමින්  Jungkookගේ නලලත මත තැබුවේ මුවඟට සිහින් සිනහවක් ගෙනය.

"Daddy.." Taehyung තම නලලත Jungkook ගේ නලලත මත තබාගෙන ම කීවේය.

"ආ.." Jungkookගේ මුවඟට ද එය සිහි වීම නිසා සිහින් සිනහවක් නැගුණි. "මට කොහෙන්ද එහෙම කියන්න අයිතියක්?" Taehyung එයට කිසිත් නොකියා Jungkook ව වැළඳ ගත්තේ ය. එය උණුසුම් වැළඳ ගැනීමක් විය. Jungkook හට Taehyung ගේ හද ගැස්ම හොඳින් ම ඇසුණි. Taehyung ගේ උණුසුම හමුවේ ඔහුට ආරක්ෂාවක්, හුරුපුරුදු හැඟීමක්, නමක් කියාගන්න බැරි අමුතු හැඟීමක් ඇති විය. Jungkook Taehyungගේ උණුසුමට ඇබ්බැහි වෙලා. අයිති නෑ කියලා දැන දැන ඒ උණුසුම Jungkook හොයන්නට වෙලා. ඒ උණුසුම හැමවෙලාවකම ඔහුව සන්සුන් කලා. Doctor Jungkookගේ ලෙඩේට කිව්ව ආදරේ කියන බෙහෙතද මේ? නැත්නම් වෙන මොකක් හරි ද? Taehyung Jungkook ව හෙමින් අත ඇරලා එයාගේ අත අල්ලගෙන company එක ඇතුලට ගියා.
උසාවියේ ඉඳලා company එකට ආපු Jimin car එක park කරන්න යනකොට එකිනෙකා වැළඳ ගෙන ඉන්න Taekook දෙන්නව දැක්කා. හිතට කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක් දැනුනත් Jimin හොඳටම දැනගෙන හිටියා Jungkook ව එයාට අයිති නෑ කියලා. පොඩි කාලේ ඉදලම Jimin Jungkook ගේ අවධානේ ගන්න මොනතරම් උත්සහ කලත් ඔහුගේ හිතේ සිටියේ වෙනත් අයෙක්. නිතරම Jungkook ඔහුව හෙව්වා. අදත් හොයනවා. ඒත් එයාගේ නමවත් Jungkook දැන ගෙන හිටියේ නෑ. ඒ හැම දෙයක්ම දැකලත් Jiminගේ හිත Jungkook ගාවට යන එක එයාට නතර කරගන්න බැරි වුණා.

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

Hey IVYISHES❤

Diphylleia grayi සිංදුව ලස්සනයි නේත??😭😭😭 Jiminව Jungkook ගේ යාලුවෙක් විතරක් කරන්නයි මුලින් මන් හිතන හිටියේ.. ඒත් මේ සින්දුව අහද්දී අදහස වෙනස් වුණා.🙂💔 මොකතේ කියන්නේ කුකී ව ජිමිනාට දෙන්නද? ඒත් කවුද අපරාධකාරයා?? ඒක හොයන්න අමතක වුණේ නෑනේ ඔයාලට?🙂🙂 හොයමු ඈ😉 ගොඩක් අය ඉක්මනට update දෙන්න කියලා ඉල්ලපු නිසා සහ මේකේ views අද වැඩි වුණ නිසා ඔයාලට තෑග්ගක් විදිහට හෙට දිහාවේ විතර දෙන්න තිබුණ කොටහ අදම දුන්නා🤗❤ ආයේ දෙන්නෑ මේකට views, comment මදි වුණොත්😒 comment කරනවා නේද උයාලා?☹️

IvyLxuxi 🥀

Continue Reading

You'll Also Like

148K 22.6K 39
(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬...
268K 47.2K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
563K 34.7K 69
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
82.2K 18.2K 46
~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්‍යො...