𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒...

Af IVYLxuxi

29.1K 4.9K 1.5K

"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනව... Mere

INTRO🚬
🔞CHAPTER 02🚬
CHAPTER 03🚬
CHAPTER 04🚬
🔞CHAPTER 05🚬
CHAPTER 06🚬
CHAPTER 07🚬
TRAILER🚬
CHAPTER 08🚬
CHAPTER 09🚬
CHAPTER 10🚬 TSFTNC💜
CHAPTER 11🚬
🔞CHAPTER 12🚬
CHAPTER 13🚬
CHAPTER 14🚬
CHAPTER 15🚬
CHAPTER 16🚬
CHAPTER 17🚬
Chapter 18🚬
CHAPTER 19🚬
CHAPTER 20🚬
CHAPTER 21🚬
CHAPTER 22🚬
CHAPTER 23🚬
CHAPTER 24🚬
CHAPTER 25🚬
CHAPTER 26🚬
🔞CHAPTER 27🚬
CHAPTER 28🚬 Finale
𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

CHAPTER 01🚬

2K 321 62
Af IVYLxuxi

ඔහු නමින් Jeon Jungkook. තමන්ගේ එකම සහ හොඳම මිතුරා වූ Park Jimin සමඟ ඔහුගේ company  එකට ගියේ Jimin ගේ company එකේ ඔහුට රැකියාවක් ලැබුණ නිසා. Company එකේ legal දේවල් handle කරන එක තමයි එයාගේ රාජකාරිය වී තිබුණේ. Jeon Jungkook යනු තරමක වෙනස් ගතිගුණ තිබූ අයෙක් විය. ඔහුට යමෙක් නිසා තරහ ගියහොත් ඔහුගේ තරහව කිසිවෙකු පාලනය කල නොහැකිය. අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා Jungkook අතින් මරණයට හෝ මරණීය තුවාල ලබනවා නිසැකය. එහෙයින් ඔහු සමඟ අනෙක් මිනිසුන් වැඩ කලේ බොහෝ ප්‍රවේශමෙනි. Jimin ඔහුගේ යාළුවා වූවත් ඔහුටවත්  තරහ ගිය වෙලාවට Jungkookව පාලනය කල නොහැකිය. නමුත් Jiminට ඔහුව තරමක් මෙල්ල කල හැකිය. මෙවන් තත්වයකදී Jungkook නීතිඥයවරයෙක් වීම අතිශයෙන් ම භයානක විය. ඔහු සමඟ Argue කල අනෙක් පස නීතිඥවරුන්ගෙන් බොහොමයක් දෙනා එම නඩු වාරයෙන් පසු නැවත නිවෙස් කරා ගියේ නැත.
Jimin Jungkook ව තමන්ගේ company එකේ lawyer හැටියට පත් කරගත්තෙත්  Jungkook ගේ තරහව තරමක් හෝ පාලනය කිරීමේ අටියෙනි. ඔහුගේ ඒ වෑයම කොතෙක් දුරට සාර්ථක වේ දැයි නොදන්නේ වුවද අඩුම තරමින් Jungkook නිතරම තමා අසළ හෝ රැඳී සිටීවි කියා Jimin විශ්වාස කළේය.

ඒ විදිහට Jimin ගේ company එකට වැඩට එන Jungkook පලවෙනි දවසේ company එක ආවේ Jiminගේ පිටිපස්සෙන් වැටී ගෙන පොඩි එකෙක් ගානටය. තරහ ගියපු වේලාවන් වලට බොහෝ දරුණු වුවද අනෙක් අවස්ථාවන් වලදී ඔහු හැසිරුනේ පොඩි එකෙකු මෙනි. Jungkook Jiminගේ පිටුපසින් Jimin ගේ cabin එක වෙත ගියේ මුලින් ම company එකට පැමිණි විගස තම cabin එකට වැදී වැඩ ආරම්භ කිරීම සාම්ප්‍රදාය නොවන නිසා. Jimin සමඟින් ඔහුගේ cabin එක ළඟට ගිය Jungkook Jiminට පසු පසින් cabin එකට ඇතුලු වුණේය. නිකමට මෙන් පසුපස හැරී බැලූ Jungkook ට Jiminගේ cabin එකට ඉස්සරහින් තිබූ cabin එකේ සිටි යමෙක් ව නෙත ගැටිණ. Jungkookට ඔහුගේ මුහුණ පෙනුනේ නැති වුවත් ඒ කෙනාගේ උඩුකය අනුව ඔහු කඩවසම් අයෙකු වියහැකි බව අනුමාන කලේය. ඔහු  කොතරම් උත්සහ කලද Jungkookට ඒ ඉස්සරහ cabin එකේ සිටි පුද්ගලයාගේ මුහුණ දැක බලාගත හැකි වූයේ නැත.

"යා Jeon Jungkook මොනවද ඔච්චර බලන්නේ?"

"මාර ලොකුයි නේ මේ company එක. ඔයාගේ සයිස් එකට ගැලපෙන්නේ නෑ"

Jungkook හිනා වෙවී එහෙම කියන ගමන් cabin එක ඇතුලේ තිබුණ sofa එක වාඩි වුණා.

ටික වෙලාවක සුහද කතා බහකින් පසුව Jungkook තමන්ගේ cabin එක සොයා ගියේ පළවෙනි දවස වුවත් වැඩ ආරම්භ කල යුතු බැවිනි. Jiminට Jungkookව ඔහුගේ cabin එක කරා රැගෙන යාමට අවැසි වුවද ඔහුට හදිසියේම වැඩක් වැටුණ නිසා එය කිරීමට නොහැකි වුණා. Jungkook තනිවම තමන්ගේ cabin එක සොයා ගියා. Jiminගේ cabin එකෙන් පිටතට එනවිට Jungkook ඉදිරිපස වූ cabin එක දෙස බැලුවේ මෙතෙක් වේලා ඔහුට බලාගැනීමට නොහැකි වූ ඉස්සරහ cabin එකේ හාදයා ව දැන්වත් දැක ගැනීමට තමාට පින තිබේදැයි සිතමින්. අවාසනාවක මහත! ඒ කඩවසම් උඩුකය cabin එකේ සිටියේ නැත.

"අයියෝ කොහෙද යකෝ මේ cabin එක?? මම මේ එකම තැන නේද මේ කැරකෙන්නේ!! දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැති තාරා හොට Jiminපසා මොකට මේ තරම් ලොකු office එකක් හදාගත්තද!" Jungkook Jiminගේ පවුලම මතක් කර කර තමන්ගේ cabin එක හොයන්න ගත්තේය. ඒත් Jungkook එකම තැන කැරකෙනවා මිසක් cabin එක නම් හම්බ වුණේ නෑ. Jungkook වටපිට බලමින් යන විට කවුදෝ කෙනෙක් Jungkook ගේ ඇඟේ හැපුනේය. ඒ මදිවට ඒ හැපුන පුද්ගලයාගේ අතේ තිබූ දුම් දමන coffee එක  සම්පූර්ණයෙන්ම පාහේ Jungkook ගේ ඇඟේ හැලින. එහි රස්නය නිසා Jungkookගේ ඇඟ පිච්චෙනවාක් මෙන් ඔහුට දැනුනා.

"මොන..." කියාගෙනම Jungkook හිස එසෙව්වේ තමන්ගේ ඇඟේ කෝපි එක හලපු එකාව එතනම ඉවරයක් කරලා දාන්න. ඉවරයක් කරන්න කියා හිස ඔසවමින් සිටියදී ඔහුගේ ඇස මුලින් ම ගැටුණේ ඒ පුද්ගලයාගේ උඩුකය දෙසට ය. ඒ උඩුකය දුටු Jungkook ගේ ඇස් උඩ ගියේ ඔහු එම උඩුකය කාගේද යනවග හඳුනා ගත් බැවිනි. Jungkook උපරිම වේගෙන් හිස ඔසවා ඒ පුද්ගලා දෙස බැලුවේ ඔහුගේ වාසනාව නැති වීමට මත්තෙන් ඔහුගේ මුහුණ දැක ගැනීමටය. හිස ඔසවා බැලූ ඔහුගේ ඇස් ගැලවී යාමට ඔන්න මෙන් විශාල වී ගියේ ඒ පුද්ගලයා ඔහු හිතුවාටත් වඩා කඩවසම් වීම නිසාවෙන්. මීට පෙර එක් අයෙකු හැර කිසිවෙකු ඔහුට මෙවැනි වූ හැඟීමක් ඇති කරවීමට සමත් වී නැත.
කුඩා කල ඔහුගේ මිතුරෙකු ඇරෙන්න මේ හැඟීම ඔහුට ඇතිකිරීමට සමත් පුද්ගලයෙක් මෙතෙක් Jungkookට හමුවී නැත. ඔහුගේ මිතුරා හිටි හැටියේ අතුරුදහන් වීමත් සමඟ Jungkook ගේ කුඩා කල සිට තිබූ මානසික ව්‍යාකූලත්වය උත්සන්න විය. හරියට ඒ යාලුවගේ නමක්වත් දැනගෙන නොහිටි නිසා Jungkookට ආපහු ඒ යාලුවව හම්බ වුණේ නෑ.

ඒ කෙනාගේ දෙතොල් රෝස පැහැති විය. එම දෙතොල් වෙනස්ම හැඩයක් විය. දිලිසෙන නහය, මුහුදක් මෙන් ගැඹුරු දෑස් දෙස Jungkookට ඕනෑතරම් වෙලා බලා සිටිය හැකි විය. එනමුත් ඔහුගේ දැහැන බිඳීගියේ ඒ කෙනාගේ කටහඬිනි. දෙඇස් මෙන් ම ගැඹුරු කටහඬක් තිබූ ඒ කෙනා සැබැවින් ම සරාගී බවේ ප්‍රතිමූර්තියක් බඳුය.

"අනේ සොරි සොරි! දෙවියනේ ඔයාගේ ඇඟ පිච්චිලා වගේ. එන්න මගෙත් එක්ක" කියමින් ඔහු Jungkookව ඇදගෙන යන්නට වූයේ Jungkook යමක් හිතාගැනීමටත් මත්තෙනුයි. වෙනදාට මෙවන් වූ අනතුරක් සිදු වූ පසු ඒ අනතුර සිදුකල තැනැත්තා ජීවත් වූයේ මිනිත්තු කිහිපයක් වුව මේ තැනැත්තා ඕනාවටත් වඩා වැඩි කාලයක් ජීවත් වනවා නේදැයි Jungkookට සිතිණි. එහෙත් කුමක් දෝ හේතුවකට මේ පුද්ගලයාට කිසිවක් කරගන්නට Jungkookට නොහැකි විය. ඔහු පසුපසින් සරංගලයක් සේ  Jungkook ඇදී ගියේ ඔහුගේ හිත මේ සරාගී පුද්ගලායා නිසා මත් වී සිටින අතරේදිමය.
"ඔය shirt එක ගලවන්න" ඉස්සරහ කැබින් එකේ කොටියා( කොටියා කිව්වේ එයාගේ පෙනුම නිසා) Jungkookට ඒ විදිහට කිව්වම Jungkook උඩ ගිහින් බිම වැටුණා.

"හැහ්?"

"ඔය shirt එක ගලවන්න. මන් බෙහෙත් දාන්න" එයා එහෙම කිව්වත් Jungkook ගල් ගිල්ලා සේ එතනම සිටීම නිසා එයාම Jungkookගේ shirt එක ගැලෙව්වා. Jungkookගේ ඇඟත් කොටියාට දෙවෙනි නොවූ එකක් විය. ඕනම කෙනෙක් ව වශී වෙන තරමේ සරාගී සිරුරකට ඔහු හිමිකම් කීවේය. Gym ගිහින් හදාගෙන තිබූ ඇඟෙහි abs මතින් ඒ කෙනාගේ අත එහෙ මෙහෙ සැරිසරන විට Jungkookට වෙනස් ම හැඟීමක් දැනෙන්න ගත්තේය. මොකක් ද මේ වෙන්නේ? මේ හැඟීම මොකක්ද?

"මම Kim Taehyung. ඔයා කවුද?" Taehyung බෙහෙත් ගල්වන අතරේ Jungkook ගෙන් ඇසුවේය.

"Jungkook. Jeon Jungkook." Jungkook  Taehyungගේ අත ඔහුගේ නිරුවත් උඩුකය පුරා එහෙ මෙහෙ යාමෙන් දැනුන හැඟීමෙන් පීඩිත වෙලා හිටියේ. Taehyung එක්වරම බෙහෙත් ගැල්වීම නවතා Jungkook දෙස බැලුවේය.

"ඔයා අලුතෙන් ද?"

"ම්ම්.. lawyer කෙනෙක් මම"  Jungkookගේ පිළිතුරෙන් සෑහිමකට පත් වූ Taehyung නැවත බෙහෙත් ගැල්වීම ආරම්භ කළේය. ඒ පහස නිසා Jungkook හොඳටම මත් වී සිටියත් බොහොම අමාරුවෙන් තමන්ව පාලනය කරගෙන හිටියේ එයා තවමත් Taehyung ව හරියට අඳුරන්නේ වත් නැති නිසා. Taehyung බෙහෙත් දාලා ඉවර කරලා Jungkook ගේ ඇඳුමත් අන්දවලා දුන්නේ Jungkook තවමත් මත් බවින් මිඳිලා නැති නිසා. ඒ  ගැඹුරු ඇස් වල Jungkook ගිලිලා.
"මම බෙහෙත් දාපු විදිහ ඔයාට ඕනවටත් වඩා දෙයක් කරලා වගේ" Taehyung Jungkookගේ යටිකය දෙස බලමින් කියපු දෙයට Jungkook ලැජ්ජාවෙන් මිරිකී ගියේය. දෙඅතින් තම යටිකය වසාගත් ඔහු Taehyung දෙස නොබලා cabin එකෙන් පිටතට යන්න සැරසෙන විට Taehyung Jungkookගේ වැලමිටෙන් අල්වා ඔහුව නවත්වා ගත්තේය.

"Cabin එකට යන හැටි දන්නේ නෑ නේද? යමු මම පෙන්නන්න" Taehyung Jungkook ගේ වැලමිටෙන් අල්ලගෙන Jungkookගේ cabin එකට එයාව එක්කගෙන ගියේ Jungkookගේ ඉස්සරහින් යමින්. ඔහුගේ වරදින් Jungkookට මේ ඇබැද්දිය වූ බැවින් Taehyung ඔහුව වසන් කරගෙන ගියේය. මෙතරම් දෙයක් සිදු වූ පසුත් Taehyung තමා අතින් මැරුම් නොකා නිරුපද්‍රිත ව සිටීම Jungkook ටම පුදුම සහගත විය.

"මේක තමයි ඔයාගේ cabin එක"
Taehyung Jungkookට cabin එක පෙන්වා එතනින් යන්නට ගියේය.

"ඇයි මට ඔයාට මුකුත් කරගන්න බැරි?" Jungkook Taehyung යන දිහා බලමින් ඔහු සිතුවේය. ඇත්තටම ඇයි මුකුත් කරගන්න බැරි. Love at first sight කියන එක Jungkook කොහෙත්ම විශ්වාස නොකරන්නාක්. මේක එහෙම දෙයකුත් නෙවෙයි නම් මොකක් ද?

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

Hey IVYISHES❤

Writing style එක වෙනස් නේද?? 😁🤣 මේ මම 'මේඝාංගනා' writing style එකට ඔයාලගේ ඇස හුරු කරවනවා... හිකි බක බක😂😂😂 ඒක තමයි මම ආසම පොත. දැන්ම දෙන්නෑ....
මේක හොඳ ද ළමයි?? අනේ ඉතින් මගේ පලවෙනි BL story එක මේ. වැරදි ඇති නොසෑහෙන්න. අඩුපාඩු මට පෙන්නලා දෙන්න හරිද? මේක වෙනස් කතාවක්. ඇත්තටම මේ plot එක එකපාරට මගේ ඔළුවට ආපු එකක්. Comment කරන්න කියලම මගේ කට රිදෙනවා. ඔයාලා ඉතින් comment vote කරන්නෑ නේ ඉතින්. 😔 පළවෙනි දවසම හෙන හෑල්ලක් කියවලා ඔයාලට මාව එපා කෙරෙව්වා නේ මං🙂💔 ඒ නං යන්නං ඈ❤

Ivy 🥀

Fortsæt med at læse

You'll Also Like

58.8K 7.8K 34
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක්...
19.1K 5.2K 31
ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන් ගේ නිර්මාණයක් වන හැඟීම් ජනනය කල හැකි රොබෝවරයා ජන්කුක් සමග ඔහුගේ නිර්මාතෘ ම ආදරයෙන් බැඳුනොත්? top V | taekook Cover credit g...
48.6K 12.2K 37
" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අ...
18.7K 3K 23
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...