RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ අහඹු හමුව...

331 106 33
By cHerRy_MinShi_

හොබී උදේ තනියම රෝහලේ වැඩ බලාගන්න පොරොන්දු වුණේ කුක් තවම ගමට ඇවිත් නැති නිසා.. ඉතින් උදේම අවදි වෙලා ලැහැස්ති වෙලා හොබී රෝහලට යන්න පිටත් වුණා.. රෝහල කට්ටු වෙද්දී උදේ මීදුම අතරින් හොබී දැක්කේ කෙනෙක් තමන් වෙනුවෙන් බලන් ඉන්න බවක්.. හරියට රූපය පැහැදිලි නැති නිසා හොබී විශේෂයක් නොකර ළඟට යද්දී දැක්කෙ ඒ වෙන කවුරුත් නෙමේ සේ-ජින් බව.. ටිකකින් හොබී ගෙ මූණේ ඇදුනෙ හිනාවක්..

' සුබ උදෑසනක් සේ-ජින්.. මම ඈතට දැක්කෙ නෑ ඔයා කියලා, සමාවෙන්න..'

හොබී හිස නවන ගමන් කතා කරා..

' ආහ්.. ඒකට කමක් නෑ ජීහු.. සුබ උදෑසනක්.. රෝහලට යන ගමන් ද..?'

' ඔව් සේ-ජින්.. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් හමු වේවි කියලා..'

' මමත් ජීහු.. ඉතින් ඔයාට පරක්කු වෙන්නෙ නැත්නම් අපි ටිකක් කතා කරමුද..? '

' ඔව්.. අනිවාර්යයෙන්ම.. යමුද ඇතුලට...'

' කමක්--'

'නෑ නෑ ප්‍රශ්නයක් නෑ.. මම විතරයි අද වැඩට ආවේ.. '

' ස්තූතියි ජී-හු.. '

හොබී සේ-ජින් එක්ක රෝහල ඇතුළට ගියා.. මොකද හදිස්සියේ එළියේ අදුරන කවුරුවත් හමු වුණොත් ප්‍රශ්නයක් වේවි කියලා හිතුනු නිසා..

සේ-ජින් ට එක්ක විවේක ගන්න කුටියට ගිය හොබී පැත්තක තිබුණු ඇදුම් රඳවනයක එල්ලලා තිබුණු කබාය අරන් සීතල ට ඇඳපු ඇදුම අයින් කරලා සුදු පාට කබාය ඇඳ ගත්තා..

සේ-ජින් හොබී ගෙ හැම හැසිරීමක් දිහාම බලාගෙන හිටියේ බොහොම කැමැත්තෙන්.. බීටා හෙදියක් ගෙනැත් පසෙකින් තියපු තේ පෝච්චිය අරන් හොබී උණුසුමට තේ කෝප්ප දෙකක් හදාගෙන ඇවිත් සේ-ජින් ට පිළි ගන්වන්න වුණා..

' ස්තූතියි ජී-හු.. ඉතින් මේ දවස්වල මොකද කරන්නෙ..'

හොබී ත‍් සේ-ජින් ලඟින් ඉඳගෙන කතාබහ කරන්න පටන් ගත්තා..

' රෝහලේ වැඩ ඇරෙන්න විශේෂ දෙයක් නෑ සේ-ජින්.. ඔයාට කොහොමද..'

හොබී ලස්සනට හිනා වෙන ගමන් කතා කරා..

' මම හොඳින් ඉන්නව ඔමේගා.. මට ඔයාව හුඟක් මතක් වුණා.. '

සේ-ජින් එහෙම කියද්දී හොබී ටිකක් රතු වුණා..

' ඔහ්.. ඇත්තටම මටත් ඔයාව මතක් වුණා.. මම හිතුවෙ ආයේ සීත කාලේ ඉවර වෙනකම් අපි හමු වෙන එකක් නෑ කියලා.. '

' ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන අපේ පැත්තේ දවසක.. මට හුඟක් දේවල් තියේ මේ ලස්සන ඔමේගා ට පෙන්නන්න.. '

සේ-ජින් හරිම ආදරණීය විඳියට කියද්දී හොබී කම්මුල් පිම්බෙන විඳියට හිනා වුණා..

' අනිවාර්යයෙන්ම.. '

හොබී කතා බහ කරන අතරේ දැක්කේ සේ-ජින් ගෙ එක අතක තිබුණු ටිකක් ගැඹුරු තුවාලයක්.. හොබී ඉදිරියට නැඹුරු වෙනා ගමන් සේ-ජින් ගෙ අත හෙමින්අරන් තමන්ගේ උකුල උඩින් තියා ගත්තා.. ඒත් සේ-ජින් ට තවම වැටහීමක් නෑ හොබී මොකක්ද කරන්නෙ කියලා.. හොබී සේ-ජින් ගෙ ඇදුමෙ අත උඩට නමලා තුවාලය තියන තැන හොඳින් නිරාවරණය කර ගත්තා.. ටිකකින් තමයි සේ-ජින් ට තේරුනේ හොබී මොකක්ද කරේ කියලා..

' අපොයි ලූනා.. මේ මොනව කරන්න ගිහින්ද..?'

තුවාලය උරහිස වෙනකම් පැතිරිලා තියෙන විඳිය දැක්කම හොබී ට කියවුණා..

' අහ්.. සීත කාලේ පුහුණුවිම් වලදී ටිකක් තුවාල වුණා..'

' ටිකක්..? මේ ටිකක් ද..? මේක වෙලා දැන් සති හතරකට වැඩි නේද..? තව හොඳ වෙලත් නෑ.. බෙහෙත් දාලාත‍් නෑ.. '

සේ-ජින් පුදුමෙන් බලන් හිටියේ හොබී කලබල වෙලා තියෙන විඳියට.. ඒකට එයා කැමති වුණා..

' ඔයා කොහොමද කියන්නේ සති හතරකට වැඩි කියලා..? '

' දැන් මම කවුරු වගේද පේන්නේ.. '

හොබී අත් දෙක දෙපැත්තට විහිදන ගමන් කිව්වා.. සේ-ජීන් දෙන්න ඕන උත්තරයක් දැනගෙන හිටියේ නෑ.. ඒ කියන්නෙ හොබී අදහස් කරේ මොකක්ද කියලා තේරුනේ නෑ..

' අඅ..ම්ම්.. මම දැකපු ලස්සනම ඔමේගා වගේ පේන්නේ.. '

සේ-ජින් බොහොම බැරෑරුම් විදිහට උත්තර දෙද්දී හොබී හයියෙන් හිනා වුණා..

' අයියෝ නෑ නෑ ඇල්ෆා.. මම ඇහුවේ මොනව කරන කෙනෙක් වගේද කියලා..'

හොබී හිනාවෙලා හුස්ම අල්ලන් අමාරුවෙන් කිව්වා..

' ම්ම්.. වෛද්‍ය ශිෂ්‍යයෙක්..? '

' අන්න හරි.. එතකොට මට පුළුවන් තුවාලයක් දිහා බලලා ඒක වෙලා කොච්චර කල් ද කියන්න..'

' ආහ්.. දැන් නේ තේරුනේ.. සමාවෙන්න.. '

සේ-ජින් ලැජ්ජාවෙන් ඔලුව අතගාන ගමන් උත්තර දුන්නා..

' හරි හරි.. ඒකට කමක් නෑ.. මම බෙහෙත් දාන්නම්.. ඔයා කැමති නම්..? '

' ඔහ්.. බොහොම ස්තුතියි ඔමේගා.. '

සේ-ජින් මහා ලොකු දෙයක් හම්බුනා වගේ සතුටු වුණා..

' එහෙනම් ටිකක් ඉන්න.. මම බෙහෙත් අරන් එන්නම්.. '

හොබී නැගිටලා බෙහෙත් ටික පිළියෙල කරන් එන්න ගියාට පස්සේ සේ-ජින් කුටියේ තනි වුණා.. ඒ එක්කම සේ-ජින් දැක්කෙ හොබී ගෙ අතේ තිබුණු මුතු වැලක් මේසය උඩ තියනව.. සේ-ජින් ඒක අතට අරගෙන සාක්කුවට දාගත්තෙ හොබී මතක් වෙන වෙලාවට තියාගන්න.

ටිකකින් හොබී බෙහෙත් වර්ග පිළියෙල කරගෙන කුටියට ආවේ සිනහමුසු මූණෙන්..

' කෝ දෙන්න බලන්න අත..'

හොබී සේ-ජින් ලඟින් ඉඳ ගෙන සේ-ජින් ගෙ අතේ තිබුණු තුවාලය හොඳින් පේන විදියට අත් උඩට කරලා රඳවලා තුවාලය වටේ උණුසුම් වතුර පොඟවලා තිබුණු කපු රෙදි කෑල්ලක් අරන් පිරිසිදු කරා..

හොබී ගෙ අත්වල ස්පර්ශ වෙන සේ-ජින් ගෙ තරමක් අදුරු හම මස් පිඩු එක්ක බොහොම ආකර්ෂණීය පෙනුමක් ගත්තා.. හොබී ඒකට ආස කරා..

' මට හිතාගන්න බෑ ඇල්ෆා මේ තරම් නොසැළිකිලමත් වුණේ කොහොමද කියල..'

' ඇයි.?'

' නෑ වෙන කෙනෙක් නම් මේකට බෙහෙත් ටිකක් වත් දාගන්න උනන්දු කරනවනේ.. ඔයා හුඟක් හිතුවේ නැතත් මේක උඩු දුවලා සමහරවිට මුළු අතම නැතිවෙන්න වුණත් ඉඩ තිබ්බ..'

' කොහොමහරි දැන් මගේ ඔමේගා මට බෙහෙත් කරනවනේ.. ඒක ගැන මට සතුටුයි.. '

සේ-ජින් නොදැනුවත්ව එහෙම කියවුණා වුණත් එහෙම කියවුණ එක ගැන සතුටු වුණා.. ඒත් හොබී නම් හොඳටම පුදුම වුණා..

' ඔයාගෙ..? '

' ඔව් මගේ.. කැමතිනම් මගේ වෙන්න.. '

සේ-ජින් හොබී ගෙ ඇස් දිහා කෙලින් බලන් කතාකරන හැටියෙන් හොබී බොහොම අපහසුවෙන් හිටියේ.. ඒ නිල් ඇස් දකින්න හොබී ටික දවසකට කලින් හීන මැව්වත් දැන් ඒ ඇස් කෙරේ පිළිකුල් හැගීමක් දැනුනේ හදිසියේ යුන්ගිට තමන් බොරුකාරයෙක් වෙන්න අනවශ්‍ය බව මතක් වෙලා.. හොබී නොදැනුවත්වම සේ-ජින් ගෙ තුවාලය ටිකක් ඉද්දුනා..

' ස්ස්ස්ස්.. ආහ්.. ජී-හු..'

සේ-ජින් හදිසියේ ඇතිවූනු වේදනාව නිසා කෙඳිරි ගෑවා..

' අහ්.. අනේ සමාවෙන්න සේ-ජින්.. මම හිතල කරේ නෑ..'

' නෑ නෑ ඔමේගා.. ඒක ප්‍රශ්නයක් නෑ..'

හොබී ටිකක් තරහින් සේ-ජින් ගෙ තුවාල වලට බෙහෙත් දැම්මෙ... ලොකු වෙළුම් පටියක් අරන් උර වටේ ඔතලා අතත් වෙළුම් කරේ සීතලට ඔරොත්තු දෙන්න..

' දැන් හරි ඇල්ෆා.. පරිස්සම් වෙන්න තුවාල සනීප වෙනකම්.. '

හොබී තුවාලය දිහා බලන් උත්තර දුන්නා.. හොබී අතින් කෙනෙක් සුව වුණාම හොබී ලොකු සතුටක් ලැබුවා හැම වෙලාවකම.. ඒ නිසා හොබී රෝහලේ වැඩ කරන්න හුගක් කැමතියි..

සේ-ජින් දැන් හොඳින්ම හිතන් ඉන්නේ හොබී තමන් ගැන වද වෙන නිසා හොබී තමන්ට කැමති කියලා..

' ඔමේගා ජී-හු.. මට ඔයාගෙන් අහන්න දෙයක් තියනව..'

' මොකක්ද සේ-ජින්..?'

හොබී සේ-ජින් ට පිටුපාල ඉඳන් තමන් දැන් ටිකකට කලින් අතේ දාගෙන හිටපු මුතු වැල හොයන ගමන් උත්තර දුන්නා..

සේ-ජින් හොබී ගෙ කොන්ඩේ හුස්ම වදින නොවදින ගාණට ලං වෙලා හිටිය බව හොබී දැක්කේ නැති නිසා හොබී නොදැනුවත්වම අනිත් පැත්ත හැරෙන කොට සේ-ජින් ගෙ කම්මුලක‍ තමන්ගේ මූණ ස්පර්ශ වුණා..

' ඔමේගා ජී-හු.. කැමතිද මගේ ඔමේගා වෙන්න..'

සේ-ජින් යෝජනා කරා.. හොබී ට ඒත් මතක් වුණේ යුන්ගි උදේ තමන් පිටවෙන්න කලින් සිප ගත් හැටි වගේම ආදරෙන් බලන් උන්නු හැටි.. ඒ මතක මේ මොහොතට වරදකාරී හැගිම් ගොඩක් එක්ක හොබී ට පිළිකුල් වුණා..

' සේ-ජින්..? අම්.. හ්හ්හ්.. මම හිතන්නෙ-'

' ඒකට කමක් නෑ මගේ ඔමේගා.. හිතලා උත්තරයක් දෙන්න.. මම බලන් ඉන්නවා..'

සේ-ජින් හොබී ගෙ උත්තරයට කලින් කතා කරේ ප්‍රතික්ෂේප වෙන්න බය වුණු නිසා.. හොබී ගෙ අතක් සිප ගත්ත සේ-ජින් හොබී ගෙ තොල් වලට නැඹුරු වෙන්න කලින් හොබී පිටිපස්සට වුණා..

' ඇල්ෆා සේ-ජින්.. ආහ්.. බලන්න වෙලාවත් ගිහින් හොඳටම.. මම දැන් රෝගීන් බලන වෙලාව.. එහෙනම් අපි පස්සෙ හමුවෙමුකො..'

හොබී ට සේ-ජින් ඉක්මනින් යවන්න ඕන වුණු නිසා බොරුවක් කිව්වා..

' අනිවාර්යයෙන්ම මගේ ලස්සන ඔමේගා.. ඉක්මනින් හමුවෙමු.. මම යන්නම්..'

'හොඳයි.. '

සේ-ජින් හොබී ට ස්තුති කරලා එලියට ගිය ගමන් හොබී අත් දෙක වතුරේ ඔබා ගත්තා..

' ඊව්.. '

සේ-ජින් සිප ගත්ත අත තදින් අතුල්ලන ගමන් හොබී හොඳටම ඇඬුවා.. හේතුවක් නැතුවම.. එක්කෝ ඒ සේ-ජින් ප්‍රතික්ෂේප කර නිසා නැත්නම් යුන්ගි ට බොරු කරන නිසා.. එක්කෝ දෙකටම.. හොබී ට ඕන වුණා ඉක්මනින් යුන්ගි හමුවෙන්න.. මොකද තමන් ඉන්න හැගිම් නොදැන වුණත් යුන්ගි හරිම සන්සුන්ව තමන්ගෙ ප්‍රශ්න වලට විසදුම් දෙන නිසා.. නැත්නම් හිත හදන නිසා.. හොබී ට 'තමන්ගේ' කියන හැගීම දැනුන තැනක් තිබුනානම් ඒ යුන්ගි ගෙ උණුසුම විතරක්ම වුණා..

එදා දවසේ ඉවර කරන්න තිබුණු වැඩ ඔක්කොම වගේ හැරීම කලකිරීමෙන් ඉවර කරපු හොබී හවස් අදුර වැටෙන්න කලින් ගෙදර ගියේ ඉක්මනින් යුන්ගි හමුවෙන බලාපොරොත්තුවෙන්..

හොබී කලින් හිතුවත් සේ-ජින් ළඟ තමන්ට වුවමනා කරන ආදරේ තියනවා කියල අද එකපාරටම හොබී වෙනස් විඳියට හැසිරෙන්න අරන් තිබුණා.. ඒ නිල් ඇස් වල කාන්තිය අද හොබී දැක්කෙ මහ විකාරයක් වගේ.. තමන් බලාපොරොත්තු වුණු ස්පර්ශය හොබී ට ගෙනාවෙ පිළිකුලක්..

හොබී ගෙ ඔමේගා ස්වරූපය තදින්ම සේ-ජින් ව ප්‍රතික්ෂේප කරන බවක් තමයි පේන්න තිබුනේ..

පුරුදු විඳියට දොර අගුල ඇරගෙන ගෙට ගිය හොබී ඉක්මනින් පිරිසිදු වෙලා සැහැල්ලු උණුසුම් ඇදුමක් ඇදගෙන ආවේ මුලින්ම හොබී ළඟ වෙන සුවඳක් තිබුනොත් යුන්ගි කලබල වෙන නිසා..

යුන්ගි හොබී බලාපොරොත්තුවෙන් තමන්ගේ කාමරේ බලන් හිටියේ පොතක් කියවන ගමන්..

හොබී දුවගෙන ඇවිත් යුන්ගි ගෙ උකුලට පැන්නේ යුන්ගි ගෙ බෙල්ල තදින් බදා ගන්න ගමන්..

' හොබී..? ඇයි මේ..? මොකක්හරි ප්‍රශ්නයක් ද..'

යුන්ගි හොබී ගෙ පිටට තට්ටු කරන ගමන් අතේ තිබුණු පොත වහලා පැත්තකින් තිබ්බ.. හොබී එක්ක ඇදෙන් ඉඳ ගත්තා යුන්ගි හොබී ගෙ ඇග වටේ අත් යවලා තදින් වැළද ගත්තෙ හොබී ඒකට කැමති නිසා..

' යුන්ගි.. ඔයාව හුඟක් මතක් වුණා මට.. හුගාක්.. '

හොබී කඳුළු පිහිදාන ගමන් උත්තර දුන්නා..

' මටත් මගේ ඔමේගා හුඟක් මතක් වුණා. හරි දැන් ඇල්ෆා ඉන්නවනෙ.. අඩන්න එපා.. මම කැමති නෑ මගේ ඔමේගා අඩනවට.. ම්ම්..'

' යුන්ගි මම හැමදෙයක්ම අපිළිවෙළට දකින්නේ.. මට තේරෙන්නෙ නෑ.. මම දන්න එකම දේ මම වැරදි කියන එක විතරයි.. '

' ඔයා හිතින් හිතන විඳිය අපිළිවෙළ ඇති.. ඒත් ඔයා ගැනම අවතක්සේරු කරන්න එපා හොබී.. සමහරවිට ඔයා වැරදි නැති වෙන්නත‍් පුළුවන්.. ඔයා වැරදි කියලා හිතෙන තැනට ඔයා පත් වෙලා ඇති.. ඒත් පසුවට පසුතැවෙන දේවල් වලට පෙලඹෙන්න එපා.. ම්ම්.. තේරුණා ද..? '

' හ්ම්.. තේරුණා.. අහන්න ඔයා මාව දාල යනවද කවදාහරි..? '

හොබී යුන්ගි ගෙ මුණ අත් දෙකින් අල්ලන් තමන්ගේ මුණ ළඟට කිට්ටු කරන් ඇහුවේ කඳුළු පිරිලා දිලිසෙන ඇස් වලින් බයෙන්..

' ඒ මොකටද..? එහෙම යන්නේ නෑ.. '

යුන්ගි හිනා වෙන ගමන් හොබී ගෙ කොන්ඩේ අවුල් කරා..

' ම්ම්.. එහෙනම් කමක් නෑ... '

හොබී ආයේ යුන්ගි ගෙ බෙල්ල වටේ අත් යවලා තුරුල් වුණත් යමක් අමතක වුණා වගේ කෙලින් වෙලා යුන්ගි ව තදින් සිප ගත්තා.. දුකක් නොදැනෙනකම් සිප ගත්තා.. හොබී ඒ මොහොතට විතරක් අවධානය දුන්නෙ යුන්ගි ගෙ ස්පර්ශයට.. ඒ ආදරේට.. සේ-ජින් ගෙ නිල් ඇස් වෙනුවට යුන්ගි ගෙ ගැඹුරු තද කළු ඇස් තමන් ගෙ හිත ඉල්ලන බව හොබී ගෙ ඔමේගා ගෙ ප්‍රතික්ෂේපයෙන් තොර ස්පර්ශයන් හමුවේ හොබී තේරුම් ගන්න උත්සාහ කරා..

ආයෙත් යුන්ගි කියන මාතෘකාව ඇතුලේ හොබී කොටු වුණා.. එහෙම කොටු වෙලා ඉන්න තාක් අනවශ්‍ය විඳියට හිත කලබල වෙන්නේ නැති එකට හොබී කැමතියි... එතනින් එහා ආදරයක් නොහොයා ඉන්න එක හොබී ගෙ මුරණ්ඩු හිත යම්තාක් දුරකට තේරුම් ගත්තා.. ඒත් සමහර කල යුතු දේවල් එක්ක තමන් තවමත් අසරණ නිසා ඉදිරිය ගැන හිතන්න හොබී බය වුණා..

ටික වෙලාවක් යනකම් යුන්ගි ගෙ උණුහුමින් ගිලිලා හිටිය හොබී හිත නිදහස් කියලා හැගීමක් දැනෙනකම් අවදියෙන් හිටියත් මොහොතකින් හොඳ නින්දකට වැටුණා..

හොබී දිහා බොහොම ආදරෙන් බලන් හිටිය යුන්ගි හොබී පරිස්සමින් ඇදෙන් තියලා දැල්වෙන ඉටි පහන් කීපය නිමල නින්දට ගියේ යම්තාක් හිතේ දුකක් තියාගෙන.. මොකද තමන්ගේ ඔමේගා ට තමන් විශ්වාස නෑ කියලා යුන්ගි ගෙ හිත කිව්ව නිසා.. හොබී තමන්ගේ ප්‍රශ්න කවදාවත් යුන්ගි එක්ක කියල තිබුනෙ නෑ..

යුන්ගි නොපෙන්නුවා වුණත් ඒකට යුන්ගි ගෙ හිත රිදුනා..


































































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Hello cherries... 🦊🦊🦊

කොහොමද ඉතින්..😊✨ Chap එක හොඳද..?
මරණ තර්ජන එල්ල වුණු අසරණ සේ-ජින් වෙනුවෙන් විනාඩි අරික් කාලක නිශ්ශබ්දතාවයක් 🙂හිකිස්.. මැර readers.. 😂

මම ගොහින් එන්නම් එහෙනම්.. 🌹🌺

Thanks for reading.. Love your votes and comments.. 🌟🌟🌚🌚

📌STAY SAFE..

cherry_minshi_
Luv urself🌼🍃

Continue Reading

You'll Also Like

398 132 16
"උද්ධච්ච මිනිහා!!!".....
6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
3.7K 983 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...
14K 1.9K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...