stubborn love (Yizhan ff...

By Rukshikakalhari

124K 21.8K 4.1K

ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක් More

හැදින්වීම......✒️✒️
පළමුවන දිගහැරුම
දෙවන දිගහැරුම
තුන්වෙනි දිගහැරුම
හතරවන දිගහැරුම .......
පස්වන දිගහැරුම ...........
හයවන දිගහැරුම
හත්වන දිගහැරුම ......
අටවන දිගහැරුම .....
නවවන දිගහැරුම ....
දසවැනි දිගහැරුම ..........
එකොලොස් වන දිගහැරුම .......
දොළොස් වන දිගහැරුම .......
දහතුන්වෙනි දිගහැරුම ................🌹
දාහතර වෙනි දිගහැරුම ..........
පහලොස් වන දිගහැරුම .......
දාසය වන දිගහැරුම .....
දාහත්වන දිගහැරුම ........
දහ අටවන දිගහැරුම
විසිවන දිගහැරුම .....
විසි එක්වන දිගහැරුම ....
විසි දෙවනි දිගහැරුම .....
විසිතුන්වෙනි දිගහැරුම .....
විසිහතර වන දිගහැරුම .......
විසිපස් වන දිගහැරුම ......
විසිහය වෙනි දිගහැරුම .....
විසිහත් වන දිගහැරුම .....
විසි අටවන දිගහැරුම ......
විසි නවවන දිගහැරුම ......
තිස්වන දිගහැරුම ........
තිස් එක්වන දිගහැරුම .........
තිස් දෙවැනි දිගහැරුම .......
තිස්තුන් වෙනි දිගහැරුම .......
තිස් හතරවෙනි දිගහැරුම .......
තිස් පස්වෙනි දිගහැරුම .........
තිස් හයවෙනි දිගහැරුම .....
තිස් හත්වෙනි දිගහැරුම .....
තිස් අටවෙනි දිගහැරුම ................
තිස් නවවෙනි දිගහැරුම ........
හතලිස් වෙනි දිගහැරුම ......
special note
හතලිස් එක්වෙනි දිගහැරුම .......
හතලිස් දෙවැනි දිගහැරුම
හතලිස් තුන්වැනි දිගහැරුම ......
හතලිස් හතරවෙනි දිගහැරුම ........
අවසන් දිගහැරුම ..............

දහනව වන දිගහැරුම ........

2.4K 474 133
By Rukshikakalhari


ශාන් පිටව ගිය පසු යීබෝ යලිත් බැරෑරුම් ලෙස ඔෆිස් කාමරයේදී ශාන් පැවසු දෙය පිළිබඳව කල්පනා කරන්නට පටන් ගත්තේය ..

' ඒ කියන්නෙ පපා අංකල් එක්ක මොකක්ම හරි වැදගත් වැඩකට ගිහින් තියෙන්නෙ ... ඒත් මොකක්ද ... හ්ම්ම්ම් මම අද රෑට බලන්නම්කො මොකක්ද කියලා.. ඕපන් කරගන්න බැරුවුනොත් හැක් කරනවා.... "

සවස් වරුවම යීබෝ ෆයිල් වල වැඩත් සමඟ ගෙවූ අතර පහට පමණ ශාන් යලිත් හෙමින් හෙමින් කාමරයට පැමිණියේ හොර බළලෙකු මෙනි...

"මොකෝ බනී...."

කරමින් සිටි වැඩය නවතා ශාන්ව ලඟට ඇදගෙන තුරුලු කරගනිමින් ඇසුවේය ..

" සල්ලි ටිකක් ඕන..."

යීබෝගෙ උණුසුම විදිමින්ම ශාන් පැවසුවේය ....

" හ්ම්ම්.... ඒපාර මොකකටද....ආයෙත්...."

",නෑ නෑ නෑ..    ඔට්ටු ඇල්ලුවේ නෑ ..."

යීබෝ සෙමින්  ශාන්ගේ ටීෂර්ට් එකට යටින් දෑත් යවා ඔහුගේ උදරය සහ පිට පිරිමදින්නට පටන්ගත්තේය ... ඒ ස්පර්ෂයෙන් කිතිකැවී ගිය ශාන් මදක් ඇඹරුනේ ලැජ්ජාවෙන් මුහුණත් රතුකර ගනිමිනි.....

" එහෙනම් ...."

එවර යීබෝ ශාන්ගේ ගෙල මතට තොල්පෙති තබා සිපගන්නට විය...

" මැඩම් යූ සාලේ ඉන්නවා..."

එය කෙදිරීමකි ....

" ඉතින්..."

" මට සල්ලි දෙන්න... "

" මෙහෙම විනාඩි දහයක් ඉන්න දුන්නොත් සල්ලි දෙනවා...."

" ආ.... මාව සල්ලි වලටද අල්ලන්න හිතං ඉන්නෙ.. එහෙනම් මම මීට වඩා ගනං උස්සන්න ඕන...."

ශාන් යීබෝගෙන් මිදෙන්නට උත්සාහ දරමින් බොරු තරහක් මවාගනිමින් පැවසුවේය ....
ඒත් සමගම ටීෂර්ට් එක යට තිබුනු එක් අතකින් යීබෝ ශාන්ගේ පපුවේ සියුම්ම ස්ථානයක් තරමක් තදින් නමුත් හෙමින් මිරිකුවේය..

" ආයි...... අනෙ...බෝදි......"

" මට ඔයාව සල්ලි වලට අල්ලන්න ඕනෙ නෑ මැණික ...  මෙහෙම ඉන්න දෙන්න මගෙ මහන්සිය යනකල්..."

යීබෝ යලිත් ඒ ගෙල මත හාදු තවරමින් කෙදිරුවේය...

" මට හේතු අහන්න ඕනෙ නෑ... ලොකර් එකෙන් සල්ලි අරගන්න... දැන් එළියට යන්නද හදන්නෙ. ."

" කඩේට විතරයි යන්නෙ.. පූස්ලගෙ කිරි ඉවරයි ... ඒවා ගන්නනේ සල්ලි ඉල්ලුවේ..."

ශාන් ඉතින් හුරතල් වෙමින් පවසන විට යීබෝට සිනා පහල විය...

" පූස් ලගෙ අම්මද ඔයා බනී ... එහෙනම් මේ පැත්තට හැරිලා මටත් කුක්කු ටිකක් දීලා යනවද...."

ශාන් ඉක්මනින් යීබෝගෙන් මිදී ඈතට ගියේය .. යීබෝට සිනාව නවත්ව ගන්නටම බැරිවිය...

" යන්න නරකයා... මං යනවා යන්න.  ආය එන්නෙ නෑ  .   ඔන්න..."

ශාන් මේ පවසන්නේද සිනාසෙමිනි...

මුදල් රැගෙන යීබෝට ඇදකරමින් ශාන් පිටව ගියේය...  මෙතෙක් වේලා තිබුනු පීඩනය ඉවත්වී සැනසීමක් හිතතුලට පැමිණ ඇතිබව යීබෝට අවබෝධ විය...

',ඔයා තමයි මගෙ සතුට , සැනසීම , හැමදේම මගෙ බනී..... හරියට සීතල සුලගක් වගේ එකපාරටම ඇවිත් මුලු ගතම නිවලා යන....'

යීබෝ යලිත් ඔහුගේ කාර්‍ය්ය වෙත සිත යොමුකලේය ....

🌙 🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

සියල්ලෝම නින්දට ගියපසු යීබෝ පියාගෙ ඔෆිස් රූම් එකට යන්නට සූදානම් විය.. ඒත් සමගම ඇමතුමකි..

"My bunny 🐰 "

යීබෝගෙ මුවඟට සිනහවක් නැඟුනි....

නිදියන්න හදනවා ඇත්තෙ කෝලම යැයි සිතමින් වීඩියෝ ඇමතුම ඔන් කලේය....

" ආ... පූස් අම්මා ... කියන්න ..."

ශාන් ඇදමත මුනින් අතට දිගාවී තිරයට මුහුණ ලංකරගෙන සිටිනු දුටු යීබෝට මේ මොහොතේ දිවගොස් ඔහුව තුරුලු කරගන්නට සිතුනි...

" යන්න බෝදී.... මම කට් කරනවා දැන් ඔන්න...."

කටත් උල් කරගෙන මේ කෝලම් ඉතින් දැන් වැඩිපුරත් එක්කය...

" කට් කලොත් ඕනෙ දෙයක් වෙන්න කියලා ඕං මම ඔතන ඉදී තව තත්පර දහයකින්...."

ඒ මුහුණේ කපටි සිනහවක් ඇදෙනු යීබෝ දුටුවේය ..

" එහෙනම් කට් කරන්නද..."

" අනේ... අනේ... හොර පූසා වගේ හිටියට තියෙන කැත හිත....."

ශාන් කේන්ති මුහුණක් මවාගෙන යලිත් කතාකලේය ...

" ඔයා තාම වැඩද බෝදි... හැබැයි ආය ලෙඩවුනොත් එහෙම මම තරහම තරහා වෙනවා.... නිදියන්නකො දැන් වත්...."

යීබෝට ඉතින් මේ සැනසීම වෙන කොහෙන් වත් නැත....

" හරී.... ඔන්න මාත් එහෙනම් මේ පණ්ඩිත බනී කියන නිසා නිදියනවා හොදේ.....  හතට එන්නෝනේ... බනී..... මේ අහන්නකො...."

" හ්ම්ම්ම්ම්...."

",හෙට තද නිල්පාට අත්දිග කමිසයක් අදින්න හොදේ ...."

" ඇයි ඒ.... "

" මට ඕනෙ නිසා .. අදිනවනේ...."

" හ්ම්ම්ම්...."

"එහෙනම් ගුඩ් නයිට් මගෙ බනී මැණිකට...."

" ගුඩ් නයිට් ....."

ශාන්ගේ ඇමතුම අවසන් කර යීබෝ පපාගේ ඔෆිස් කාමරයට වැදුනි... ඉන් පසුව එය ඇතුලතින් වසා යලිත් කම්පියුටරය ඕපන් කර ෂියාඕ X  මෙහෙයුම දියත් කලේය.. ඔහු මේ වනවිට ෂියාඕ ගේ දුරකතන අංකය , හැදුනුම්පත් අංකය , නම, ෆැමිලි නේම් එක සියල්ල ඇතුලත් කරත් පලක් නොවීය අවසානයේ ශාන්ගේ උපන්දිය ඇතුලත් කලේය.. යීබෝගෙ දෑස් දිලිසවමින් එය ඕපන් විය... නමුත් එහි ඇති දත්ත එකින් එක පරීක්ෂා කරන විට යීබෝගෙ දෑස් මතින් කඳුලු කඩාවැටෙන්නට පටන් ගත්තේය... විටෙක හඩමින්ද විටෙක කොපයෙන් වෙව්ලමින්ද යීබෝ එහි සියලු දත්ත ඔහුගේ ලැප් එකට save කරගත්තේය....

"බනී ඒ කියන්නෙ ඔයා ...... "

ශාන්ගේ දෑත් මිට මෙලවුනි.... කෝපයක්ද වේදනාවක්ද යන සියල්ල එක්ව එකවර හදවත පෙලන්නට විය...

",මගෙ බනී....... ඔයා....  කොච්චර දුක්වින්දද මැණික.... ඔයාගෙ මමාටත් අයිති දෙවල් වලින් අපි සැප විදිනකොට.... මගෙ මැණික ...... "

යීබෝ දැන් ඉකිගසමින් හඩයි....

එහි එක් තොරතුරක් මත යීබෝගෙ දෑස නතර විය.. එය ෂියාඕ විසින් වන්ග් හට එවන ලද ඊමේල් පණිවිඩයකි.... අනතුරට සතියකට පෙර.....

" සර්... ෆයිල් එක ආරක්ෂිතයි.... ඒක මෙහෙන් පිටකලා.. මම C වල ඒක පරිස්සමෙන් තිබ්බා...."

එයට වන්ග්   විසින් පිළිතුරක් ලෙස යවා ඇත්තේ...

" Grade job "

ලෙස පමණි....

යීබෝට දැන් ගැටලු රාශියකි... ශාන්ගේ ගැටලුව තරමක් හෝ විසදී ඇතත් මේ ෆයිල් එක අනිවාර්යයෙන් මේ අනතුර පිටුපස ඇති බවට යීබෝ තරයේ විශ්වාස කරන්නට විය......

' හොදයි මම හොයාගන්නම්... මිස්ටර් හියුන්ග් , ෂූයෑන්ග් ලෑස්තිවෙලා ඉන්න මට විතරක් නෙවෙයි මගෙ වස්තුව බනීගෙත් පපාට කරපු දේට වන්දි ගෙවන්න.... මේ ඔක්කොම සාක්ෂි එකතු කරලා මම උඹලව අල්ලගන්නම් එතකල් නටන්න... මගෙ අක්කගෙ හස්බන්ඩ් උනත් මගෙන් කිසිම සමාවක් නෑ.... කොහොමත් අන්තිමට හියුන්ග් උඹට පාරට බහින්න වෙනවා...... "

‍යීබෝට දැන් නින්දක් නොමැත... ඔහුට දුවගෙන ගොස් ශාන්ව තුරුලට ගෙන මේ සියල්ල පැවසීමට අවැසි විය. නමුත් ඒ සිතුවිල්ල සැනින් මැඩගෙන ඔහු මෙසේ සිතුවේය.....

' නෑ... ඔයා මේවා දැනගන්න ඕනෙ නෑ ... මම හැමදේම විසඳුවම ඔයාට කියන්නම්... මගේ ලඟම ඔයාව තියාගෙන මම බලාගන්නවා... මේ හැමදේම කරන්න  වෙන්නෙ බොහොම සීරුවට.... නැත්නම් මගේ ජීවිතයට විතරක් නෙවෙයි බනීගෙ වගේම යූඊ ගේ ජීවිතයත් අනතුරේ වැටෙනවා......"

කල්පනා කරමින් පාන්දර වනතුරු සිටි යීබෝ අවසානයේ නින්දට වැටුනේ ශාන් ට තව තවත් හදවතින් බැදෙමිනි....

🌞 🌞🌞🌞🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

උදැසන හත වනවිට ලස්සනට සූදානම් වී ශාන් පැමිණියද මැඩම් යූ පමණක් කෑම කාමරයේ අසුන්ගෙන සිටිනු දුටු ශාන් කලබල විය 

" good morning  මැඩම් යූ... සර් මාව දාල ගියාද...."

මැලවුණු මුහුණින් එසේ අසන ශාන්ව දුටු මැඩම් යූට සිනා නැගුනි...

" සර් මාව අමතක කරලා ගියත් ඔයාවනම් දාලා යන්නෑ.... අන්න අද තාම නිදි.... ගිහින් ඇහැරවගෙන එන්න ඔයාගෙ සර්ව...."

ශාන්ට පුදුමට... කිසිම දිනයක මෙසේ දවල් වනතුරු නිදා නොගන්නා යීබෝට මේ කුමක් සිදුවීද... ඔහු ඉක්මනින් උඩුමහලට දිවගියේ අසනීපයක් දෝයි බිය වෙමිනි....

ශාන් එසේ යනදෙස බලාසිටි යූ සැනසුම් සුසුමක් හෙලුවේය ... ඇය යීබෝ ගේ  මේ තනිකම සමග නපුරුකමින් ගෙවූ ජීවිතය ගැන නිතරම දුකින් සහ වේදනාවෙන් පසුවිය... නමුත් ශාන් හා මිතුරුවූ පසු දැන් ඒ මුහුණෙහි නිතරම සුන්දර සිනහවක් පවතිනු යූ දකි.... ඉතින් ඇය ඒ වෙනසට බෙහෙවින් සතුටු වූවාක් මෙන්ම ශාන්ට ඇති සෙනෙහසද තව තවත් වැඩිවිය....

ශාන් හෙමින් කාමරයට තට්ටුකල නමුත් ප්‍රතිචාරයක් නොමැත... ශබ්ද නොනැගෙන සේ දොර විවර කරගෙන ඇතුල්වී බලන විට ගුලිවී තවමත් තද නින්දේය.. ශාන් විනාඩි කීපයක්  ඒ මුහුණ අසලටමවී බලා සිටියේය.. පසුව කපටි සිනහවක් සමගින් හෙමින් ඒ රෝසපාට දෙතොල් මත දෙතොල් තබාගෙන නිසොල්මන්ව සිටින්නට විය .... දැණුනු උණුසුම සහ තොල් මතට දැනුනු සීතල නිසාවෙන් හෙමින් දෙනෙත් හැර බැලූ යීබෝ දුටුවේ ශාන්ගේ කාන්තිමත් දෑස් ඔහුගේ දෑස් දෙසටම ඇලී තිබෙන අයුරුයි......  එලෙසින්ම අතක් ශාන්ගේ ගෙල වටා යවා ඒ දෙතොල් තව තවත් ග්‍රහණයට හසුකර ගත්තේ දැණුනු අපමණ සෙනෙහස නිසාවෙනි ....... මද වේලාවක් එසේ සිට ශාන් ඔහුගෙන් මිදී පසෙකට විය.....

" අපිට නීති දාන අපේ බොසාට අද මොකක්ද දන්නෑ නේද උනේ.... හතත් පහුවෙනකල්ම නිදි...... "

ශාන් සිනහසෙමින් යීබෝගෙ කොන්ඩය අවුල් කරමින් පැවසුවේය ....

යීබෝ තමන්ගේ පපුව ශාන්ට පෙන්වමින් මේ පවසන්නේ එහි හිස තබාගන්නා ලෙසටයි....

" කෝලං නවත්තලා වොෂ් දාගෙන පහලට එන්න... මැඩම් යූ බලාගෙන ඉන්නවා breakfast ගන්න...."

කියාගෙන ඉක්මනින් කාමරයෙන් ඉවත්වී පහත මාලයට යන්නට ගියේ තවත් එහි රැදුනොත් අද දහයටවත් යන්නට නොහැකි වන බව දන්නා නිසාවෙනි....

මතුසම්බන්ධයි .......................

📚 Ru shi ------------------------------------------------------------

🌹 ඔන්න ගෙස් කරපු අයට මං ගානෙ 🍭  එක එක දෙනවා පාස්වර්ඩ් එක බනීගෙ බර්ත්ඩේ එක..... 😊

🌹 මොකද හිතෙන්නෙ ශාන් බෝගෙ කවුද....🤔

🌹 කතාව කියවලා වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න සුදූලා...

🌹

Continue Reading

You'll Also Like

122K 22.6K 74
මං ඔයාට අයිතියි කියන එකේ තේරුම මොකක්ද ????
13.2K 2.5K 28
පොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට න...
13.7K 2.9K 36
...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..ම...
575K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...