Stubborn love .................🌹🌹🌹🌹🌹🌹
හයවන දිගහැරුම .................................
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
සුපුරුදු පරිදි උදෑසනින් අවදිවූ යීබෝ ජොගින් වලින් පසු මිදුලේ එහා මෙහා හෙමින් ඇවිදින්නට වූයේය.පැය බාගයකටත් වඩා වැඩි වේලාවක් එසේ සිටි ඔහු අතේ බැද තුබුනු ඔරලෝසුවෙන් වෙලාව බැලුවේය .. හයයි තිස් පහයි ... ඔහුට ඉබේම ශාන් සිටිනා කාමර දෙස බැලුනි... යංග් අංකල් නම් එහි සිට මුලුතැන්ගෙය දෙසට යනු දුටුවත් ශාන්ගේ කාමරය තවමත් නිසොල්මන් ය...
යීබෝට නොදැනුවත්ව ම ඔහු ඒ කාමරය අසලට පැමිණ සිටියේය ... මදක් විවෘත වී තිබුනු ජනේලයෙන් ඇතුල බැලූ ඔහු දුටුවේ හාවකු මෙන් ගුලිවී නිදා සිටින ශාන් වයි....එළිවී ඇති බවක් වත් තමුන් හයයි තිහට එන්නට කියූ බවකවත් වගක්වත් නැතිව ඔහු සුවසේ නින්දේය... යීබෝට තරහක් වෙනුවට කට කොනට සිනහවක් නැගුනි ..
' බලමුකො එයා කීයටද මං ලඟට එන්නෙ කියලා... '
යීබෝ හෙමින් හෙමින් මුලුතැන්ගෙය පසු කරන විටම ඔහුට මමාගේ කටහඩ ඇසුනි ..
" අනේ යංග් ගිහින් ශාන්ට ඇහැරවන්න කම්මැලියා වගේ නිදි ඇති... අනේ දැන් චූටිපුතා පැටියට උදෙන්ම බනී... ඉක්මනින් යන්න... වතුර ටිකක් ගහලා හරි ඇහැරවන්න.. පව් කොල්ලට සල්ලි නුදුන්නොත් බඩගින්නෙ දවසම..."
යීබෝට යලිත් සිනහවක් නැගුනි...
" හොද පැටියා.. ආදෙන්කො අද..."
😌😌😌😌
"ශාන් ශාන් .... නැගිටින්න බලන්න හතයි වෙලාව..."
යංග් කෑගැසූ හඩින් උඩගොස් බිමට වැටුනු ශාන් ඇදෙන් පැන නානකාමරයට වැදුනේ ක්ෂනයකින් ය.. විනාඩි පහට දහයට නාගත් ඔහු අතට අහුවුනු යමක් හැදගෙන සපත්තු පසුව දාගන්නට සිතාගෙන බංගලාව දෙසට දිවයන්නට විය... නාගෙන පැමින වැරැන්ඩාවට වී යීබෝ මේ සියල්ල බලාගෙන සිටියේය .. ඔහුගේ කාමරයට ( උඩුමහලේ ) ශාන්ගේ කාමරය සහිත කුඩා නිවස හොදින් දර්ශනය වේ... කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව දුවගෙන විත් මුලුතැන්ගෙයට ශාන් ඇතුල්වනු යීබෝ දුටුවේය ....
පසුව ඔහු ඇදුම් කාමරයට ගියේ සූදානම් වීමටයි...
මේ අතර ශාන් මුලුතැන්ගෙය පසුකරගෙන පඩිපෙලද නැග අවසන් ය... වෙලාව නම් විනාඩි හතලිහක් ප්‍රමාදවී තිබුනි.. කමක් නැත යාලුවන්ගේ පිහිටෙන් හෝ බඩකට පුරවගන්නට පුලුවන් බැව් ඔහු සිහිකලේය.. සියලු දෙවියන් ( එහෙම ඉන්නවද දන්නෑ චීනේ. 😊) සිහිකල චාන් යීබෝ සර්ගේ දොරට තට්ටුවක් දැම්මේය.....
" කවුද "
" මම ශාන් "
" එන්න "
ශාන් දියෙන් ගොඩදැමූ මාලුවකු මෙන් කාමරයට ඇතුල්වනු දුටු යීබෝගෙ මුවඟට සිනහවක් නැගුනත් ඔහු එය පිට නොකලේය....
"වෙලාව කීයද දැන් "
" හතයි දහයයි... " ශාන් බිම බලාගෙන මුමුණන්නට විය ..
" මං කීයටද එන්න කිව්වේ...."
" හයයි තිහට ....."
" ඇයි පරක්කුවුනේ... නිදහසට කරුණු තියෙනවද .. ."
කන්නාඩි මේසය අසල සිටගෙන අත් ඔරලෝසුව පළදින ගමන් යීබෝ ඇසීය... ඔහුට දැන් කන්නාඩියෙන් ශාන්ව හොදින් පෙනේ..හදිස්සියට නාගෙන හිසවත් හොදින් පිහදාගෙන නැති ඒ මුහුණ යීබෝගෙ පපුවේ ගැස්ම යලිත් වෙනස් රටාවකට මාරුකලේය....ශාන් තවමත් බිම බලාගෙන අසරණව සිටිනු දුටු යීබෝට මහත් දුකක් දැනුනද මේ මුරන්ඩු කම් වලට තරහක්ද නැතුවා නොවෙයි..
" නැද්ද ...."
තරමක් උස් හඩින් යීබෝ ඇසුවේ ඔහුගේ පපුවේ ගැස්මත් වසාගැනීමටයි....
" මොනවද "
ශාන් එක්වරම ඇසීය..
" නිදහසට කරුනු නැද්ද ..."
" පෝන් එකේ බැටරි බැහැලා එලාම් එක වැදුනෙ නෑ. "
ශාන් කටට ආපු බොරුවක් අතෑරියේය..
" හැමදාමත් ඔහොමද"
" න්...නෑහ්..."
ශාන්ට නම් දැන් සියල්ල එපාවී මෙනි.. සල්ලි නෙවෙයි මුකුත් එපා කියා රෙදි ටිකත් අකුලගෙන යන්නට ඔහුට සිතුනි..
" අර ලාච්චුව ඇරලා අවශ්‍ය ගාන අරගන්න ... "
ශාන්ගේ ඇස් දෙක පමණක් නොව කටත් එක්වරම විවරවිය...
" ඇහුනෙ නැද්ද මම කියපු එක...අර ලාච්චුව ඇරලා අවශ්‍ය ගාන අරගෙන පහලට එන්න කෑම කන්න..."
එසේ කියමින් එහි යතුර ශාන්ගේ අතින් තබා...
" ඔය යතුර ලඟ තියාගන්න ... අවශ්‍ය වෙලාවට ඇවිත් සල්ලි අරගන්න .මේක මගෙ කාමරේ යතුර මේක ඔය ලාච්චුවේ යතුර. මම නැති වෙලාවක් උනත් ගැටලුවක් නෑ...."
යීබෝ පඩිපෙල බැස තනියම සිනහවෙමින් පහත මාලයට පිවිසියේ..
ශාන් තවමත් හුන් තැනම ගල් ගැසී බලා සිටින්නට විය ...
" එක්කො මං තාම නිදි වත්ද....."
ශාන් තම මුහුණට තට්ටුවක් දමාගත්තේය..
හෙමින් හෙමින් එම ලොකර් එක ලඟට ගිය ශාන් එහි යීබෝ පෙන්වූ ලාච්චුව යතුරින් විවර කලේය.. බන්ඩල් වශයෙන් වෙන වෙනම සල්ලි විශාල ප්‍රමාණයක් එහි තිබෙනු දුටු ශාන්ට හීන් දාඩියත් දැම්මේය.
"ෂුවර් එකට මාව චෙක් කරන්න හදන්නෙ... මම හොරෙක්ද බලන්න වෙන්නැති... කැමරාවක් වත් හයිකරලා ඇති මේ අවට... "
ශාන් තමන්ටම කියා ගනිමින් අවශ්‍ය මුදලටත් වඩා අඩුවෙන් රැගෙන එය වසා දමා යතුරත් රැගෙන පහලට ආවේ ගැහෙන හදවතින් යුතුවයි..
මුලුතැන්ගෙයට යන්නට ගියත් කෑම කාමරයේ යීබෝ සහ මැඩම් යූ සිටිනු දුටු ඔහු එහි නතරවිය ... මැඩම් යූ සිනාසෙමින් ශාන්දෙස බලාසිටි අතර...
" ඈ මැණික ඔහොම ඇදගෙනද කොලේජ් යන්නෙ.. කෙල්ලෙක්වත් බලන එකක් නෑ අද...."
සිනාසෙමින් පැවසීය... ශාන් ඇඹරෙන්නට විය...
" වාඩිවෙලා කන්න..."
ඒ යීබෝගෙ හඩයි... මැඩම් යූ පවා නිතරම ශාන්ට මේසයට එන්න යැයි ඇවිටිලි කලද ශාන් කිසිම දිනයක එයට එකඟ වූයේම නැත.... යීබෝගෙ ඒ වදන් වලට ශාන් පමණක් නොව මැඩම් යූද පුදුම විය... නමුත් යීබෝ යලිත් තරමක් උස් හඩින් එයම පැවසීය....
" වාඩිවෙලා කෑම කන්න...."
ශාන් පිහිටක් බලාපොරොත්තුවෙන් මැඩම් යූ දෙස බැලුවේය.. ඇයත් ඔලුවෙන් වාඩිවෙන්න යයි පැවසූවේ වෙන කරන්නට දෙයක් නැති නිසාවෙනි.......
"මම කුස්සියට ගිහින් කන්නම්..."
ශාන් හෙමින් පවසමින් එතනින් යන්නට සූදානම් විය..
" ඇයි කවුද කෑම මේසෙ ඉදගෙන කන්න එපා කිව්වෙ . මමා ඔයාද..."
"මම කොච්චර කියනවද එන්න කියලා මාත් එක්ක කෑම ගන්න.. එන්නෑනෙ.."
මැඩම් යූ ඉක්මනින් යීබෝ ඉදිරියේ නිර්දෝෂී විය....
"තව පාරක් මට කියන්න බෑ.... "
මෙතෙක් වෙලා යීබෝ කතාකලේ ආහර ගන්නා අතරතුර ඒ දෙස බලාගෙනමය... නමුත් දැන් ඔහු ඔලුව ඔසවා ශාන් දෙස බැලුවේ නම් දවා හලු කරන බැල්මකිනි..
ශාන් ක්ෂනයකින් යීබෝට මෙහා පුටුව ඇද වාඩිවිය...
"ෂූයී ආන්ටි මේ ශාන්ට ප්ලේට් එකක් ගේන්න.. "
කවදාවත් කොලේජ් යාමට පෙර ශාන් උදෑසන ආහාරය ගන්නේ නැත.. අඩුම තරමින් කිරි එකවත් බොන්නේ නැත . අද ඉතින් කරන්නට දෙයක් නැත...' වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්න කිව්වා වගේ දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ' ශාන් එසේ සිතමින් අපහසුවෙන් හෝ සැන්ඩ්විච් එකක් කන්නට ගත්තේ මැඩම් යූ දෙස බලමිනි..
ඇය සිනාව වලක්වා ගන්නට සෑහෙන්න වෙහෙසක් දරනු ශා දුටුවේය ...
"උදේට හැමදාමත් මේ වෙලාවට කෑම මේසෙට එන්න ඕනෙ හැමදාම තෙරුනාද..."
" හ්ම්ම්.."
ශාන්ට මේ කිසිවක් සිතාගැනීමට නොහැකිය .. නීති දාහක් පමණ දමා තමන්ව සිරකරන්නට හදන බව ඔහුට සිතුනි.
🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️
" මොකෝ චාන්ගා මූඩ් ගහලා... එනවා සෙල්ලම්කරන්න යන්න...."
යූ බින්...........
ශාන් යාලුවන් සමග ග්‍රවුන්ඩ් එකට ආවද ඔහුගේ සිතේ තිබුනේ උදේ සිදුවීමය..
" නෑ නෑ බින් මගෙ ඇඟට හරි මදි .. මෙතනින් ඉන්නම් ඔයාලා සෙල්ලම් කරන්න....."
" ඇයි චාන්ගා.. බෙහෙත් මොනවත් ගන්න යමුද. "
" අනේ එහෙම අමාරුවක් නෑ අනේ...ටිකක් ඉන්නං මෙහෙම .. "
" හරි හරි.. මුගෙ මේ සර් කාරයා ආව දවසේ ඉදන් මූ අවුලෙන්.. "
සියල්ලෝම ග්‍රවුන්ඩ් එකට ගියපසු ශාන් යලිත් කල්පනා කරන්නට විය .
" එයා දැක්කම මට බයක් හිතුනට දකින්න ආසාවකුත් හිතෙනවා.. මට රැව්වට ඒ අස්සෙ වෙන මොකක්දෝ තියෙනවා වගෙත් පේනවා... හයහමාරට ආවෙ නැත්නම් සල්ලි දෙන්නෑ කියලා ලොකර් එකේ යතුරම දෙනවා.... කෑම මේසෙ වාඩිවෙලා කන්නත් කියනවා... මට තේරෙන්නෑ මේ මොනවත්... ඇයි එයා එහෙම කරන්නෙ... මට කෑගහලා බැන්නනම් දුකක් නෑ...."
යලිත් ලෙක්චර්ස් ආරම්භවූ නිසාවෙන් සියල්ලෝම සෙමිනා හෝල් එකට ගියේය...
වැන්ග් කම්පැනි .......
" යීබෝ සන් ...අද බෝඩ් මීටින් එක වෙලාවෙ ඔයා එකපාරටම මිස්‍ටර් හුසේන්ට දොස් කියපු එක වැරදී.... ඒ මිනිස්සු මේකෙ පරණ වගකීම් දරන මිනිස්සු...."
හියුන්ග් යීබෝගෙ ඔෆිස් එකට පැමිණ ඔහු ඉදිරියේ ඉදගමින් හෙමින් නමුත් තරමක් බැරෑරුම් ලෙස පැවසීය..
" හියුන්ග් අංකල් .. එක්ස්පීරියන්ස් එක තිබුනනම් මෙවගේ මිස්ටේක් වෙන්නෙ නෑනේ... මට මේකෙ වැඩකරන අය කවුද කින්ද මන්ද අදාලම නෑ.. එයාගෙ පෝස්ට් එකට පැවරිලා තියෙන වැඩේ විතරක් හරියට කරානම් ගැටලු නෑනේ .."
මෙතෙක් වේලා හිරකරගෙන හිටපු කේන්තිය ඔහු හියුන්ග් ඉදිරියේ පිටකලේය... යීබෝ සමග වැඩකිරීම සිතූ තරම් පහසු නොවන බව මේ දින දෙකට හියුන්ග් ට මෙන්ම ඔහුගේ චක් ගෝලයන්ටද තේරී ඇත්තේය... පළවෙනි තුරුම්පුව අදින්නට තවත් කල් නොගත යුතු බව හියුන්ග් යීබෝගෙ ඔෆිස් එකෙන් පිටවන අතරම කල්පනා කලේය..
ආයතනය පාලනයෙන් ගිලිගී ඇතිබව මව පැවසූවද එය මෙතරම් අවුල් ජාලයක් වී ඇතැයි යීබෝ කිසිවිටෙකත් සිතුවේ නැත... තම පියා විසින් අඩියෙන් අඩිය ගොඩනැංවූ මෙය දෑස් ඉදිරියේ කඩාවැටෙනු බලා සිටීමට යීබෝට කිසිම උවමනාවක් නැත...
🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗
යීබෝ සවස හතරහමාරට පමණ බංගලාවට පැමින කාරය යාඩ් එකෙන් දමා ඉතාමත් වෙහෙසකරවූ මනසකින් නිවසට ඇතුලුවිය...ඔහු මේ පැයකට පමණ කලින් පැමිණියේ උදේ පටන් දැනුනු පීඩනය නිසාවෙනි.... නිවසට ඇතුලුවී ඉහල මාලයට නගින්නට සූදානම් වූ යීබෝට මුලුතැන්ගෙය දෙසින් මහා විශාල සිනා හඩවල් සහ කෑගැසීම් ඇසෙන්නට විය... ඔහුහෙමින් හෙමින් ඒ දෙසට ඇවිද ගියේ හිතේ නැගුනු කෝපයක්ද සමගිනි...........
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මතුසම්බන්ධයි ...............
📚 Ru shi........................... --------------------------------------------------------------------
🌹 මොනවා වෙයිද ඉතින් ඊලඟට...
🌹 යීබෝ ඇයි ශාන්ට එහෙම සලකන්නෙ 🤔
🌹 වෝට් එකක් දාලා අදහසත් කියාගෙන යන්න.. මුල් කොටස් නිසා කතාව බෝරිංද .......
🌹 ආය හෙට දෙන්නම්.......