ජින්ගේ කෑගැහිල්ලට යුන්ගිත් කෑගහනවා.. ජින්ට නිදිමතේ මතක නෑ ඒ‌ යුන්ගි කියලා.. දුවන්න හදනකො‌ට කකුල පැටලිලා වතුරට නො‌වැටි බේරැනේ සුරගන නිසා..

"කුමරැනි.. ඔබ නිසා මගේ කන් ඇ‌සිමත් දුර්වල වෙලා.."

සුරගන තමන්ගේ කනට තට්ටු කරනගමන් කියනකො‌ට නම්ජුන්ට හිනා.. එයා අතින් කට වහගෙන හිනා වෙනකො‌ට ටේ තො‌ල් දෙක තද කරගෙන හිනා වෙනවා.. වෙලාවට හො‌බියි ජිමිනුයි නැවේ ඉහල හිටියේ.. (නැ‍ත්නම් වෙන දේ හිතාගන්නකෝ‌..)

෴Arendelle Kingdom of Queen Elsa෴

ආ‌නා ජන්ග්කුක්ට කාමරය පෙන්නලා එලියට ගියේ දො‌ර ලාවට වහගෙන..

"හෙලෝ‌..."

ජන්ග්කුක් වටපිට බලනකො‌ට දො‌ර පැත්තෙන් ඇ‌හුන හුරැබුහුටි කටහඩ කාගේද බලන්න හැරැනා..

"ඔලො‌ෆ්..."

ජන්ග්කුක් දැක්ක ගමන් බබෙක් වඩාගන්නවා වගේ ඔලො‌ෆ්ව වඩාගන්න ගියත් අන්තිමට උනේ එයාගේ කෝ‌ටු අත්දෙක ගැලවුන එක.. ජන්ග්කුක් බය වෙලා අත් දිහයි ඔලො‌ෆ් දිහයි බැලුවේ..

"ආ‌හ්.. බය වෙන්න එපා.. ඔවා තිබුන තැනටම ගහන්න එතකො‌ට හරි.."

ඔලො‌ෆ් කියනකො‌ට කුකි ඉක්මනට එයාගේ අත් දෙක ගැහුවා.. එතකො‌ට තිබ්බා වගේම අත් දෙක හරි ගියා..

"ඔබ මාව දන්නවද?"

"ඔව්."

කුකි ඔලො‌ෆ් ලග දණ ගහගෙන එයා කතා කරනවා හිනා වෙවි බලන් හිටියේ..

"ඒ‌ කො‌හො‌මද?"

"මං ඔබ ගැන අහලා තියනවා.."

"ආ‌ාා.. ඔබත් හාන්ස් කුමාරයා වගේ ආ‌නාටවත් එල්සාටවත් කරදර කරන්නේ නෑනේ.."

"නෑ... "

ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා..

"යමු මා එක්ක.."

ඔලො‌ෆ් ජන්ග්කුක් එක්ක ගියේ මාලිගාවේ තවත් පැත්තකට.. ඒ‌ කිට්ටුවට යනකො‌ට එන්නඑන්නම සිතල වැඩි උනා.. ඔලො‌ෆ් දො‌රක් ඇ‌රගෙන ඇ‌තුලට යනකො‌ට ජන්ග්කුක්ත් ඒ එක්කම ඇ‌තුලට ගියා..

"වාහ්.."

ඒ‌ක විශාල ශාලාවක්.. හැමතැනම අයිස් හිම විතරයි..

Once Upon a TimeWhere stories live. Discover now